විද්‍යාව හා බුදු දහම බ්ලොග් අඩවියට පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමි. හිතවත, සියලු ආගම් එකයැයිද, සියල්ලෙන්ම කියැවෙන්නේ හොද නරක පමණක් යැයිද, අපායත් දෙව්ලොවත් ඇත්තේ මෙලොව යැයිද අඥාන මිනිසුන් විසින් වහසි බස් දොඩනු අප අසා ඇත. සියලු දේ විද්‍යාවෙන් මනින්නටත් විද්‍යාව, වන්දනා කිරීමටත් විද්‍යාව යන වචනයෙහි තේරුමවත් නොදත්තෝ උත්සාහ කරති. පාලුගෙයි වළං බිදින ලෙසින් ආගම දහම ගැන කිසිවක් නොදත් අ‍නෙක් මිනිසුන් මුව අයා බලාසිටිමින් ඔවුන් වීරයන් කරති. පොත පතක් කියවා අබ ඇටයක් තරමින්වත් මනස වර්ධනය කරගත්තවුන් සිටීනම් මෙවන් අනාර්ය වූත් අනර්ථ වූත් කතිකාවන් නොකරති. විද්‍යාව යනු බුදු දහම ඉදිරියේ හිමාලය අසල ඇති අබ ඇටයක් තරම්වත් නොගිණිය හැකි ශිල්පයක් බව දහම අවබෝධ කරගත්තෝ දනිති. යමක් විද්‍යාවෙන් ඔප්පු නොවන්නේ විද්‍යාව දුර්වල නිසා මිස බුදු දහමේ අඩුවක් නිසා නොවේ. එහෙත් පහත් මානසිකත්වය ඇත්තන්ට සත්‍යය දැනගනු වස් මෙවන් වෙබ් පිටුවක් නිර්මාණය කලෙමි. බුද්ධිමත් ඔබද මෙ කියවා සත්‍යය දැකගන්න. මෙහි ඇත්තේ උපුටාගත් ලිපිය. එය උපුටා ගත් ස්ථානය ඒ ඒ ලිපිය අවසානයේ පැහැදිලිව සටහන් කර ඇත. විද්‍යාව හා බුදු දහම සම්බන්ධව ලියැවුන ලිපි එක්තැන් කිරීම මෙහි අරමුණ වේ.

Thursday, March 15, 2012

විද්‍යාව, තාක්ෂණය සහ කාර්මීකරණය

බුදුදහම සියළු සත්ත්වයන්ගේ පෞද්ගලික මෙන්ම සමාජගත දුක් පිළිබඳ විග්‍රහයක් හා විසඳුමක් වශයෙන් හඳුන්වනු ලැබේ. “මහණෙනි, මම දුකත් දුක නැති කිරීමත් යන කරුණු දෙක උගන්වමි” යි බුදුරජාණන් වහන්සේ විසින්ම වදාරා ඇත්තේ එහෙයිනි. චතුරාර්ය සත්‍යයෙන්ඉදිරිපත් වන්නේ ද පූර්වෝක්ත කරුණ ම ය. මෙහි දී පුද්ගලයාගේ සන්තානගත දුක හෙවත් සසර දුක පමණක් නොව සමාජගත දුක පිළිබඳව ද උද්‍යොගයක් දක්වා තිබීම වැදගත් වෙයි.

සත්ත්වයා‍ෙ/් සසර දුක පිළිබඳ විග්‍රහයෙහිදී සහ විසඳුමේ දී බුදුසමය අසහාය බව පිළිගත යුතුව තිබේ. සංසාරය පිළිබඳ යථා තත්ත්වය බුදුසමයෙහි තරම් මැනවින් විවරණය කරන වෙනත් දහමක් ගැන සිතිය නොහැකි තරමි. සංසාර දුකෙහි මහා නිදානය තෘෂ්ණාව බව පැහැදිලි කර එම තෘෂ්ණාව සමුලෝත්පාටනය කරන නිරාකූල ප්‍රතිපදා මාර්ගය බුදුසමයෙහි නිර්දේශ කර තිබේ.

සමාජ දුක පිළිබඳ සාකච්ඡාවේ දී නූතන මිනිසා හමුවෙහි බුදුසමය සමග ම එක්වන තවත් ආකර්ශණී ය මාර්ගයක් ලෙස විද්‍යාව දැක්විය හැකිය. ලෝකය පිළිබඳ ඉන්ද්‍රීය ගෝචර සාධක විග්‍රහාත්මක ව අධ්‍යයනය කිරීම මගින් විද්‍යාව මිනිසා හමුවේ දැනුම් සම්භාරය පදනම් කරගෙන මිනිස් දුක අඩු කිරීමේ ප්‍රයත්නයක් වශයෙන් තාක්ෂණය බිහිවෙයි. මිනිසුන්ගේ බෞතික පරිසරය වඩාත් සුව පහසු එකක් බවට පත්කර යන්ත්‍ර සූත්‍ර බහි කර ජීවිතය පහසු කරන්නේ තාක්ෂණය මගිනි. තාර්මීකරණයද තාක්ෂණික ඥානය හේතුවෙන් සිදුවන්නකි. මිනිසුන්ගේ පාරිභෝග භාණ්ඩ නිෂ්පාදනය මහා පරිමානයෙන් සිදු කිරීම සඳහා කර්මාන්තශාලා ඇති කරමින් සමාජයක් කෘෂිකාර්මික ස්වරූපයේ සිට කාර්මික ස්වරූපයට පත්වීම සමාජ විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබන්නේ කාර්මීකරණය නමිනි. කාර්මීකරණයෙහි අනිවාර්ය ලක්ෂණ වශයෙන් මිනිස්සු කර්මාන්තශාලා අසල වාසයට පැමිණෙති. එහෙයින් නාගරික ජීවිතයක් හා ජනගහන විපුලත්වයක් ද ඇති වෙයි. තමන්ගේ ම ආදායමක් ලැබීම වෙනුවට ස්වාමි පක්ෂය වෙතින් වැටුපක් ලබා ජීවත්වීමේ ක්‍රමයට මිනිස්සු හුරු වෙති.

විද්‍යාව, තාක්ෂණය හා කාර්මීකරණය එකිනෙකා අත්වැල් බැඳ ගනිමින් වර්තමාන මිනිසුන් වෙත සම්ප්‍රාප්ත වී ඇත්තේ වෙනත් සියළු දේට වැඩි බලපෑමක් ඔවුන්ගේ ජීවිත වෙත ඇති කරමිනි. ආගම හා සම්ප්‍රදායික ඥානය විද්‍යාව සමග ගලපා ගන්නට බැරි වන විට විද්‍යාවේ පැත්ත ගැනීම නූතන මිනිසාගේ සිරිතයි. භෞතික විද්‍යාව ඉන්ද්‍රීය ගෝචර දත්ත මත රඳා පවත්නා නිසා සත්‍යය ලෙස පිළිගන්නා ඔවූහු අධිභෞතික විද්‍යාව (ඉන්ද්‍රීය ගෝචර නොවන දේ පිළිබඳ සංකල්ප) අර්ථශූන්‍ය වෙතැයි පවසති. තාක්ෂණය ආශිර්වාදයක් සේ ගනිමින් කාර්මීකරණය මගින් පහසු මිලට බොහෝ භාණ්ඩ ලබාදීම තුළින් ජීවිතයේ ඇතිවන ගුණාත්මක වර්ධනය අගය කරති. මෙහි තෙරුම මේ හැම එකක්ම අනිවාර්යයෙන් ම යහපත් බව නොවේ. නූතන මිනිසා ඒවායේ ඇති උපයෝගාත්මක භවය හේතුවෙන් ඒවාට දැඩි අගයක් පිරිනමන බවය. විද්‍යාව, තාක්ෂණය හා කාර්මීකරණය රජයන සමාජයක් තුළ සාම්ප්‍රදායික ආගම් බලවත් අභියෝගයකට මුහුණ පා සිටින බව පෙනේ. ඊට හේතුව බොහෝ ආගම්වල විශ්වාස පාරභෞතික වීම හා ග්‍රාමීය ජීවිත රටාවන් මත රැඳ වූ සාරධර්ම (Values) හා ප්‍රතිමාන (Norms) යෝජනා කිරීම ය. බුදුසමය සම්බන්ධයෙන් මෙම කරුණ බලපාන්නේ කෙසේද?

බුදුදහම ආකල්පය විසින් විද්‍යාව සමග බෙ‍ෙහවින් සමීපවන බව මෙහි දී මුලින්ම සටහන් කරගත යුතුව පවතී. පරම්පරාගත කරුණු හුදු අමූලික ශ්‍රද්ධාවෙන් පිළිගැනීම බුදුසමයෙහි අනුමත නොවෙයි. පරම්පරාගත ඥානය යෝනිසෝ මනසිකාරයෙන් හෙවත් විධිමත් නිරාකූල චින්තනයෙන් පරීක්ෂා කර බැලීම බෞද්ධ ක්‍රමයයි. පූර්ව විනිශ්චයයන්ගෙන් තොරව තමන් විසින්ම දැන-දැක(ජාතං පස්සං) තහවුරු කර ගන්නා දේ (සයං අභිඤඤා සච්ජිකත්වා) පමණක් සත්‍ය වශයෙන් ප්‍රතිජානනය කරන බුදුදහම විමර්ශනය හා පරීක්ෂණය දිරි ගන්වයි. එහෙයින් විද්‍යාවෙහි ඉදිරි ගමනට බුදුදහම බාධාවක් නොවේ. වර්නර් හයිසන්බර්ග් නම් විද්‍යාඥයා පවසා ඇත්තේ ජපානයේ විද්‍යාත්මක ගවේෂණ මෙතරම් උසස් මට්ටමින් සිදුවීමට හේතුවූයේ බුදුදහම ඒවාට බාධා නොකිරීම බවයි. එමෙන් ම විද්‍යාව ද බුදුදහමට බාධාකර නොවන්නේ බුදුදහමෙහි එන බොහෝ ඉගැන්වීම් විද්‍යාත්මක චින්තනය හමුවේ වඩාත් පැහැදිලිව අවභෝධ වන හෙයිනි. “බුදුදහම විවෘත වූයේම බබළයි. සඟවනු ලැබ නොබබළයි”  යන පැරණි බෞද්ධ කියුම පරිද්දෙන්ම විද්‍යාත්මක ලෙස විග්‍රහ- විවරණ කරමින් කළහැකි ඉගැන්වීම් විශාල ප්‍රමාණයක් බුදුදහමේ එයි. විද්‍යාව විසින් හෝ තර්කය විසින් හසුකර ගත නොහැකි  දෙයක් වශයෙන් බුදුදහමෙහි දැක්විය හැක්කේ නිර්වානය පමණි. එය තර්කයෙන් බැසගත නොහැක්කකි. විද්‍යාවෙහි පරීක්ෂණ ක්‍රම ඉක්මවා පවත්නා නිර්වාණය සියළු භෞතික ධර්ම සමිතික්‍රමණය කොට පවත්නකි. එහෙත් එය දෙවියන් වහන්සේ මෙන් ලෝකෝත්තරව පවතිමින් ලෞකික ජීවිතයට බලපාන පදාර්ථයක් නොව සියළු  ලෞකික දුක්ඛයෙහි නීරෝධය යි. එහෙයින් එය වෙනත් ආගම්වල පාරභෞතික සංකල්පවලට වඩා වෙනස් බව කිව යුතුය. භෞතික ලෝකයේ නියාමයන් විග්‍රහ කරන විද්‍යා ව ම ඒ සම්බන්ධ කිවයුතු කිවහැකි කිසිවක් තිබිය නොහේ. එය විද්‍යාවේ  ක්ෂේත්‍රය කෙරෙහි බලපෑම් කිරීමේ යෙදෙන්නක් නොවන හෙයිනි.

නිර්වානය හැරෙන්නට ඉන්ද්‍රීය ගෝචර ලෝකයේ ස්වභාවය සම්බන්ධයෙන් බුදුසමය ඉදිරිපත් කරන ඉගැන්වීම් සමූහය විද්‍යාව ට  ද පොදු ක්ෂේත්‍රයෙහි රැ‍ඳෙයි. හේතුඵල සම්බන්ධය පිළිබඳ බෞද්ධ මතය වූ පටිච්චසමුප්පාදය මීට හොඳ නිදසුනකි. එයින් ඉදිරිපත් කෙරෙන්නේ ලොව පවත්නා ඉන්ද්‍රීය ගෝචර වස්තූන් ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතා පිළිබඳ සාපේක්ෂකත්වය යි. ඒකහේතු-ඒකඵලවාදය වෙනුවට ප්‍රත්‍ය සාමග්‍රීය පදනම් කරගත් ඉදප්පච්චයතාව නම් වූ ගැඹුරු සංකල්පය බුදු සමයෙහි ඉගැන්වෙයි. එම සංකල්පයෙහි විද්‍යාත්මක බව අවිවදනීය ය. එමෙන්ම සියළු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යත්වය  පිළිබඳ බෞද්ධ ඉගැන්වීම දිනෙන් දින වඩාත් ඔප් නැංවෙන්නේ විද්‍යාවේ ප්‍රගතිය මගින් ම ය. ආත්මයට දැක්විය හැකි සනාතන අවිපරිණාමී, පරිපූර්ණ පදාර්ථයක් ලෞකික කිසිවක නොමැති බව ද විද්‍යාව විසින් සනාථ කර ඇත. සියල්ල දුක් බව විද්‍යාව විසින් ප්‍රකාශ නොකළ ද බොරු කළ නොහැක. විද්‍යාත්මක චින්තන ක්‍රමය ගරු කරන දාර්ශනිකයෝ මිනිසාගේ ජීවිතයෙහි ඇති නිසරු බව අතෘප්තිදායක බව පසක් කර සිටිති. එහෙයින් විද්‍යාව සමග සතුරු වන්නට බුදුදහමට අවශ්‍යතාවයක් නොමැත. එය විද්‍යාවට වඩා විද්‍යාත්මක වූ දහමක් සේ හැඳින්විය හැක්කේ අන්ධ භක්තිය රජ කළ යුගයක විද්‍යාත්මක ආකල්පය රජ කරවන්නටත්, සනාතන සත්‍යයන් ප්‍රකට කරන්නටත් සමත් වූ හෙයිනි. ඒ තථාගතයන් වහන්සේ ගේ සර්වඥතා ඥානයෙන් බෞද්ධයනට ලැබුණු අමූල්‍ය අනූපම ධර්ම දායාදය බව කිව හැක.

විද්‍යාව පදනම් කරගෙන වැඩුණු තාක්ෂණය හා කාර්මීකරණය නිසා මිනිසුනට බොහෝ යහපත සිදු වී තිබීම සම්බන්ධයෙන් බුදුදහමට අන්ව ප්‍රීති විය හැකි බව ද කිව යුතුය. බුදුදහමේ ඉගැන්වෙන “ශිල්ප ඥානය මංගලයකි. පතිරූප දේස වාසය මංගලයකි” වැනි ඉගැන්වීමක් ඇසුරෙන් එසේ කිවහැකි නමුදු නූතන විද්‍යාඥයන් හා තාක්ෂණිකයන් විසින් ලෝකයට උදාකර ඇති භයානක තර්ජන හා කාර්මීකරණයේ ප්‍රතිඵල වශයෙන් උදා ව ඇති සමාජ ප්‍රශ්න සම්බන්ධයෙන් බෞද්ධයනට ප්‍රීතිවිය නොහැක. බුදුදහම උගන්වන්නේ ඥානය නිරතුරු ව ම කාරුණික ව භාවිතා කළ යුත්තක් බව ය. මිනිසුන් ප්‍රඥාවන්තයන් මෙන් ම කරුණාවන්තයන් ද විය යුතුය. විද්‍යාඥයන් තම නුවණ යොදවා කර ඇති ඇතැම් නිශ්පාදන අද මානව වර්ගයාගේ විනාශය ඉක්මන් කරන්නට හේතුභූතව තිබේ. මෙබඳු අවාසනාවන්ත ඉරණමකට මිනිසා මුසුණ පා ඇත්තේ විද්‍යාව හා තාක්ෂණය සාර ධර්මවලින් තොරව භාවිතයේ යොදවා ඇති හෙයිනි. විද්‍යාව නම් සාරධර්මවලින් තොරව කේවල ශාස්ත්‍රීය විලාසයෙන්ම පැවැත්විය යුත්තක් බව විද්‍යාඥයෝ සිතූහ. එහෙයින් ඔවුන් අතින් සිදුවී ඇති විනාශය බරපතල ය. සිදුවන්නට ඇති අනාගත විනාශයන් වලකාගන්නට නම් විද්‍යාඥයන් හා නිශ්පාදකයන් ඉක්මනින් ම සාරධර්ම කෙරේ සිත් යොමු කළ යුතු ව තිබේ.

විද්‍යාඥයන් සාරධර්ම ප්‍රතික්ෂේප කළේ ඔවුන් හමුවේ පැවති සාම්ප්‍රදායික ආගම්වල සාරධර්ම පාරභෞතික සංකල්පයක් වූ මැවුම්කරු විසින් පැණවූ නියමයන් හා සම්බන්ධ කර තිබුණු හෙයිනි. ඉන්ද්‍රීය ගෝචර ප්‍රත්‍යක්ෂයන් මත රැඳ වූ මානවවාදී ආචාර ධර්මයන් ඔවුනට ප්‍රිය විය හැකි ව තිබුණු නමුත් මැවුම්කරු පිළිබඳ මිත්‍යා සංතල්පය ප්‍රතිත්ෂේප වනු සමග ම ආචාර ධර්ම ද ප්‍රතික්ෂේප වෙතැයි සිතූ ‘හෙයින්දෝ ඔවූහු මානව භක්තියෙන් තොරව විනාශකාරී ලෙස ක්‍රියා කළහ. එහි ප්‍රතිඵල අතිශයින් ම අනර්ථදායක වූ බව පැහැදිලි කරුණකි. බුදු දහම තම ආචාර ධර්ම තහවුරු කරන්නේ පාරභෞතික සංකල්ප ගෙනහැර පාමින් නොවේ. මානව වාදයටත් වඩා පුළුල් වූ ජීව හිතවාදයක් මත ලෝකයේ සකල ජීව වර්ගයා ම ජීවත්වීමට කැමති බව හා මරණයට, දඬුවමට අකැමති බව දක්වමින්, තමා ජීවියකු වශයෙන් තමාට වෙනත් අය කරනවාට අකමැති කිසිවක් තමන් අන් අයට නොකිරීම මගින් සමස්ත ජීව සංහතියට ම නිර්භය ව සතුටින් විසිය හැකි තත්ත්වයක් උදා කරන්නට බුදුසමය වෑයම් කරයි. විද්‍යාඥයනට මෙම පදනම පිළගැනීමෙහි ලා බාධාවක් ඇති විය නො හැක. ආගමික පක්ෂපාතීත්වයක් එහි ලා අනවශ්‍යය ය. එසේ වුව ද විද්‍යාඥයාට ගැලපෙන ආගම බුදුදහම බව පැවසීමෙහි ලා අපට පැකිලෙන්නට කිසිදු හේතුවක් නොමැත.

දරු උපත හා බුදුදහම

පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
මහනුවර අස්‌ගිරි මහා විහාරවාසී


දරුවකු මවුකුසයෙහි පිළිසිඳ ගැනීම හා මවුකුසයෙන් බිහිවීම පිළිබඳව දුරාතීතයේ විසූ මිනිසුන්ට තිබුණේ සීමිත දැනුමකි. ඒ පිළිබඳ සිද්ධි දාමය ඔවුන් තේරුම් ගත්තේ නිර්මාණවාදය සමග ගැලපීමෙනි. ලොව සියල්ල මවනු ලබන සර්ව බලධාරි දෙවියන් වහන්සේ හෝ මහා බ්‍රහ්මයා විසින් දරු උපත සිදුකරන බව ඔවුහු සිතූහ. දෙවියන් විසින් හෝ මහා බ්‍රහ්මයා විසින් දෙන ලද යන අදහසින් දේවදත්ත බ්‍රහ්මදත්ත වැනි නම් දරුවන්ට යොදන්නට පවා ඔහුqවු පෙළඹුණහ. ශිව ලිංග පූජා පැවැත්වීම ද දරු උපතට දේවත්වය ආරෝපණය කරගැනීම නිසා ඇතිවුණ සිරිතකි. දරුවන් පතා අදිසි දෙවිවරුන් යෑදීමේ පුරුද්ද අදත් ජන සමාජයෙහි දක්‌නට ලැබේ.

දරු උපත අදිසි බලවේගයක මැදිහත් වීමෙන් සිදුවන දෙයක්‌ ලෙස ආදි යුගයේ මිනිසුන් තුළ පැවැති විශ්වාසය තරමක්‌ වෙනස්‌ වුණේ බුදුරදුන් ලොව බිහිවුණු යුගයේ භාරතයේ විසූ දාර්ශනිකයන්ගේ පැහැදිලි කිරීම් හේතුවෙනි. ඒ අනුව මවු කුසක දරු ගැබක්‌ හටගන්නේ ස්‌ත්‍රි- පුරුෂ දෙදෙනාගේ එක්‌වීමෙන් පමණක්‌ නොව කර්මය, පුනරුත්පත්තිය, ආත්මය වැනි ශක්‌තීන්ගේ ද බලපෑමෙනි. ඒ පිළිබඳව ගැඹුරු හා පුළුල් විග්‍රහයන් ආගමික සම්ප්‍රදායන් මගින් ඉදිරිපත් කර ඇත. සත්ත්වයා නිර්මාණය වන්නේ ජීව හා ද්‍රව්‍ය මූලයන් එක්‌වීමෙනි. සත් - අසත් වශයෙන් වෛදික ග්‍රන්ථවල ද, ප්‍රකෘති - පුරුෂ වශයෙන් සාංඛ්‍ය දර්ශනයේ ද, නාම - රූප යනුවෙන් උපනිෂද් ග්‍රන්ථවලද දැක්‌වෙන්නේ එම කාරණයයි. බුදුදහම ද සත්ත්වයාගේ නිර්මාණය විග්‍රහ කරන්නේ නාම - රූප පදනම් කරගෙනය. ස්‌කන්ධ, ආයතන ආදිය පිළිබඳ ගැඹුරු විස්‌තරය ද එයට ඇතුළත් ය.

මේ ජීවිතය හටගන්නේ කෙසේද? එය නිර්මාණය කළේ කවුද? යන ප්‍රශ්නයට පිළිතුරක්‌ සංයුත්ත නිකායේ සේලා සූත්‍රයෙහි දැක්‌වෙයි. එම ප්‍රශ්නයට පිළිතුරු සපයන සේලා භික්‌ෂුණිය මෙම ජීවිතය තමන් විසින් නිර්මාණය කර ගන්නා ලද දෙයක්‌ නොවේ. අනුන් විසින් සාදන ලද්දක්‌ ද නොවේ, එය හේතු මුල්කරගෙන හටගත්තකි, හේතු බිඳීමෙන් නැතිවන්නකි යනුවෙන් පවසයි. මිනිස්‌ ජීවිතය දේව නිර්මාණයකි යන අදහස ඒ අනුව බුදුදහමෙන් ප්‍රතික්‌ෂේප කර ඇත. තුරු ලතාවන්ගේ හට ගැනීම පිළිබඳ බෞද්ධ මතය ද සේලා සූත්‍රයෙහි දැක්‌වෙයි. කෙතක වපුරන ලද බීජ පොළොවෙහි සාරය ද, ජලය ද උරා ගෙන අංකුරයක්‌ බවට පත්වන බව සේලා භික්‌ෂූණිය පවසයි. බීජයක්‌ තිබුණ පමණින් එය පැළයක්‌ බවට පත්වන්නේ නැත. ඒ සඳහා පොළවේ පස්‌ සහ ජලය වුවමනා වෙයි. එම හේතු එක්‌වීමෙන් බීජය වැඩෙයි. ලෝකයේ සෑම දෙයක්‌ම හටගන්නේ මෙම හේතුඵල න්‍යායට අනුවයි. යමක්‌ හටගන්නේ ඒ සඳහා බලාපන මූලික හේතු එක්‌තැන් වීමෙනි. එම හේතු නොමැති විට ඵලය හටගැනීමක්‌ සිදු නොවෙයි. දරු උපතකට මෙන්ම තුරු ලතා ආදිය හටගැනීමට පදනම් වන මෙම හේතුඵල න්‍යාය හෙවත් පටිච්ච සමුප්පාදය බුදුදහමේ සඳහන් ගැඹුරු ඉගැන්වීම්වලින් එකකි. මවුකුස තුළ නාමරූප (පටිසන්ධි විඤ්Æණය සහ භෞතික ශරීරය) අංකුරය හටගන්නා අයුරු මහායාන ආර්ය ශාලිස්‌තම්යක සූත්‍රය විස්‌තර කරන්නේ මෙසේය. මවුකුසේ පිළිසිඳ ගන්නා නාමරූප අංකුරය තමන් විසින් කරන ලද්දක්‌ නොවෙයි. අනුන් විසින් කරන ලද්දක්‌ ද නොවේ. තමන් හා අනුන් විසින් කරන ලද්දක්‌ ද නොවේ. මැවුම්කරුවකු විසින් කරන ලද්දක්‌ ද නොවේ. කාලය සමග පරිණාමය වූවක්‌ ද නොවේ. ප්‍රකෘතියෙන් හටගත් දෙයක්‌ද නොවේ. එක හේතුවකින් පමණක්‌ ඇතිවූවක්‌ ද නොවේ. හේතුවකින් තොරව ඇතිවූවක්‌ද නොවේ. මවුකුස තුළ නාමරූප අංකුරය උපදින්නේ විකල නොවූ හේතූන් රාශියක්‌ එක්‌වීමෙනි.

දීඝ නිකායේ සෝණදණ්‌ඩ සූත්‍රයේ දැක්‌වෙන අන්දමට මේ සිරුර මවුපියන්ගේ එක්‌වීමෙන් හා සතර මහා භූතවලින් හට ගත්තකි. ඒවා දරු උපතකට බලපාන භෞතික හේතු වශයෙන් දැක්‌විය හැක. ඒ අනුව මවුකුසක දරුවකු හට ගැනීම සඳහා මවුපියන්ගේ ලිංගික සබඳතාවයත්, පඨවි (තද ගතිය), ආපෝ (ජලය මෙන් වැගිරෙන දේවල්) තේජෝ (උණසුම), වායෝ (වාතය) යන සතර මහා භූතයන්ගේ එක්‌වීමත් බලපායි. දරු උපතකට පාදක වන ප්‍රධාන කාරණා තුනක්‌ මජCධිම නිකායේ මහා තණ්‌හා සංඛය සූත්‍රයෙහි සඳහන් වෙයි. 1 මවුපිය දෙදෙනාගේ එක්‌වීම 2 දරු ගැබක්‌ හටගැනීමට සුදුසු ශාරීරික තත්ත්වයක්‌ මවු කුසෙහි තිබීම 3 උපතක්‌ බලාපොරොත්තු වන ගන්ධබ්බයකු එළඹ සිටීම යන මූලික කරුණු සම්පූර්ණ වූ විට දරු ගැබක්‌ ඇතිවෙයි. මවුකුසයේ සකස්‌ වීම ගැන මහා තණ්‌හා සංඛය සූත්‍ර අටුවාව විවරණයක්‌ ඉදිරිපත් කර තිබේ. මවගේ කුසයෙහි දරුවකු පිළිසිඳ ගන්නා අවකාශයෙහි ලොකු ලේ ගඩුවක්‌ සැදී බිඳී වැගිරෙයි. මවුපියන්ගේ එක්‌වීමෙන් සත්දිනක්‌ ගතවන තුරු පිරිසිදු වූ අවකාශයෙහි දරුවකු පිළිසිඳ ගැනීමට ඉඩ තිබේ. එම කාලය තුළ මවගේ අත ඇල්ලීම, හිස හා සිරුර පිරිමැදීම වැනි දෙයකින් වූවද දරුවකු පිළිසිඳ ගන්නා බව අට්‌ඨ කතාවෙහි සඳහන් වෙයි. දරු උපතක්‌ පතන සැමියා බිරිඳ කෙරෙහි ආදරය දැක්‌වීම වැදගත් බව මෙයින් පෙනේ. උපතක්‌ අපේක්‌ෂා කරන ගන්ධබ්බ යන වචනයෙන් අදහස්‌ වන්නේ ප්‍රතිසන්ධි විඥනයයි. සර්වාස්‌තිවාදී බෞද්ධ සම්ප්‍රදායට අයත් අභිධර්ම කෝෂයේ ගන්ධර්ව යන වචනයට අන්තරාභවිකයා යන අර්ථය දී ඇත. මරණය සිදු වූ පසු නැවත මවුකුසයක පිළිසිඳ ගන්නා තුරු භවයෙහි සැරිසරන විඥන ශක්‌තිය එයින් අදහස්‌ කෙරේ. එය ආත්මයට වෙනස්‌ වූවකි. කරණියමෙත්ත සූත්‍රයේ සම්භවේසී යනුවෙන් දැක්‌වෙන්නේ සත්ත්වයකුගේ ගන්ධබ්බ අවස්‌ථාවයි. උපතක්‌ බලාපොරොත්තුවෙන් සිටින ගන්ධබ්බයා කෙරෙහි ද මෛත්‍රිය පතුරුවන ලෙස එම සූත්‍රයේ උපදෙස්‌ දී ඇත. ඒ අනුව සලකන විට මිනිස්‌ කළලයක්‌ ගබ්සාවට ලක්‌කිරීම බුදුදහමට පටහැනි ක්‍රියාවකි.

සංයුත්ත නිකායේ ඉන්දක සූත්‍රයෙන් හා එහි අටුවාවෙන් ද දරු ගැබක වර්ධනය පිළිබඳ විස්‌තර දැනගත හැක. මේ සිරුර ලැබෙන්නේ කෙසේද? ඇට සහ අක්‌මාව පැමිණෙන්නේ කොහින් ද? මවුකුස ලැග ගන්නේ කෙසේද යනුවෙන් ඉන්දක අසන ප්‍රශ්නවලට බුදුහිමියෝ පිළිතුරු දෙති. පළමුව කළල රූපය හටගනියි. එය සිදුවන්නේ කම්ම, චිත්ත, සෘතු, ආහාර යන කරුණු හේතුවෙනි. කළලයෙන් අබ්බුදය හටගනියි. (එය මස්‌ සේදූ ජලය බඳුය.) තුන්වන සතියෙහි අබ්බුදය පේසි අවස්‌ථාවට පත්වෙයි. සිව්වන සතියේ දී තද ස්‌වරූපයට පත්වන කළලය ඝන නමින් හැඳින්වෙයි. අනතුරුව අත් පා සහ හිස හටගන්නා තැන් උස්‌ව (ගැටිති මෙන්) වැඩෙයි. සති එකොළහකට පසු චක්‌බු, සෝත, ඝාණ ජිව් හා පහළ වෙයි. මව ගන්නා ආහාරයන්ගේ රස ඕජාව පෙකණිය මගින් දරුවා උරාගනියි. මුල්වලින් ගන්නා රසෝජාවෙන් ගසක්‌ වැඩෙන්නා සේ මවුකුසෙහි සිටින දරුවාගේ රූප කලාප වැඩෙයි. ඒ හටගන්නා රූප කලාපයක්‌ පවතින්නේ ඉතා කෙටි කාලයකි. නමුත් ඒවා නැවත වැඩෙන්නේ කලාප වශයෙන් තෙගුණ වෙමිනි. ඒ අනුව සත්වන මාසය වන විට බිළිඳු සිරුරේ සියලුම අංග සම්පූර්ණ වෙයි. එබැවින් සත් මසින් දරු උපත් සිදුවිය හැක. මවුකුසේ මුලින්ම හටගන්නා කළලය ගිතෙල් බඳුනක බහා ගත් එළුලොමක්‌ යටිකුරු කළ විට වැගිරෙන තෙල් බිඳක්‌ පමණ වෙයි. දරුවකුගේ ස්‌ත්‍රි, පුරුෂ භාවය තීරණය වන්නේ දරු ගැබ ඇතිවන අවස්‌ථාවේදීය. දරුවකුගේ පිළිසිඳ ගැනීම ගැන සූත්‍ර දේශනාවල සඳහන් ඇතැම් කරුණු පැහැදිලි කිරීමේ දී අටුවාචාරීන් දක්‌වන අදහස්‌වල වෙනස්‌කම් පවතියි.

දරු ගැබක්‌ ඇති නොවීමට හෙවත් වඳ බවට බලපාන හේතු කීපයක්‌ සමන්තපාසාදිකා විනය අටුවාවේ දැක්‌වෙන්නේ මේ අයුරිනි. දරු ගැබ් හටනොගන්නා ස්‌ත්‍රියක්‌ නොමැත. දරු ගැබ රඳවා ගත නොහැකි ස්‌ත්‍රිය වඳ ස්‌ත්‍රියක්‌ ලෙස හැඳින්වෙයි. සෘතුභාවයට පත් ස්‌ත්‍රි කුසෙහි පිළිසිඳ ගැනීම සිදුවන නමුත් කළලය රඳන්නේ නැත. වඳ ස්‌ත්‍රියක ලෙස හැඳින්වෙන නැතැත්තියගේ ගැබෙහි මඳ වූ කුසලයකින් පිළිසිඳ ගන්නා තැනැත්තා අකුසල විපාකයන්ට මුහුණ දෙයි. එයින් පීඩාවට පත්වන ඔහු වැනසෙයි. පිළිසිඳ ගැනීමක්‌ සිදුවූවත් දරු ගැබ ර¹ නොපැවැතීමට හේතුවන කරුණු දෙකක්‌ ඇත. එය සිදුවන්නේ වාතය නිසා හෝ ප්‍රාණීන් නිසාය. වාතයෙන් ගැබ වියළී කළලය අතුරුදන් වෙයි. ප්‍රාණීහු කළලය කා දමති. වාතයෙන් හෝ ප්‍රාණින්ගෙන් සිදුවන කළල විනාශය වැළැක්‌වීමට බෙහෙත් කළ යුතුය. එවිට දරුගැබ පිහිටන බව සමන්තපාසාදිකාවේ සඳහන් වෙයි. අණ්‌ඩජ, ජලාබුජ, සංසේදජ හා ඕපපාතික වශයෙන් සත්ත්වයන් උපත ලබන ස්‌ථාන හතරක්‌ ගැන ම-Cධිම නිකායේ මහා සීහනාද සූත්‍රයේ දක්‌වා ඇත. මිනිසුන් උපදින්නේ ගර්භාෂය මුල්කරගත් ජලාබුජ සත්ත්වයකු වශයෙනි. නමුත් සුවිශේෂ සිදුවීම් කීපයක්‌ පිළිබඳ නිදසුන් ත්‍රිපිටකයේ ඇත.

දරුවකුගේ උපතට බලපාන භෞතික සාධක සම්බන්ධයෙන් ආගම්වලට මෙන්ම විද්‍යාවට ද එතරම් ගැටලුවක්‌ නොමැත. නමුත් මවුකුසේ සිටින දරුවකුට ජීව ශක්‌තිය හෙවත් ප්‍රාණය ලැබෙන්නේ කෙසේද යන ප්‍රශ්නයට එමගින් පැහැදිලි පිළිතුරක්‌ ලැබෙන්නේ නැත. බොහෝ ආගම් ඒ සඳහා මැවුම්කරුවකුගේ පිහිට ලබාගනියි. ඒ අනුව ප්‍රාණය පිඹීම මැවුම්කරු විසින් සිදුකරනු ලබන්නකි. එහෙත් ගන්ධබ්බ හා ප්‍රතිසන්ධි විඥනය සංකල්පය ඔස්‌සේ බුදුදහම එම ප්‍රශ්නයට පිළිතුරු සපයයි. උපත ලබන්නට බලාපොරොත්තු වන ගන්ධබ්බයා යනුවෙන් දැක්‌වෙන්නේ උත්පත්ති විඥනයයි. එය භෞතික තත්ත්වය ඉක්‌ම වූ අරූපී දෙයකි. තෛතරීය ආරණ්‍යයක වැනි හින්දු වේදාන්ත ග්‍රන්ථයන්හිද ගන්ධර්ව යන වචනයෙන් දරු ගැබට ඇතුළුවන ජීව ශක්‌තිය හඳුන්වා ඇත. එහෙත් එයින් කියෑවෙන්නේ ජීවිතයෙන් ජීවිතයට නොවෙනස්‌ව ගමන් කරන ආත්මයකි. පුනරුත්පත්තිය යනු දිරාපත් නිවස වෙනුවට නව නිවසක්‌ සකස්‌ කර ගැනීමකි. දිරාපත් ඇඳුම ඉවත් කර අලුත් ඇඳුමක්‌ අදින්නාක්‌ මෙන් ආත්මය දිරාපත් සිරුර අත්හැර අලුත් සිරුරක්‌ සොයාගැනීමකි. ජීවිතයෙන් ජීවිතයට නොවෙනස්‌ව යන ආත්මයක්‌ ඇත යන වෛදික ඉගැන්වීම් බුදුදහම පිළිගන්නේ නැත.

සිදුහත් බෝසතුන් බුදුබවට පත්වීමෙන් පසු දෙසූ "අනේක ජාති සංසාරං" යනාදී උදන් වැකියෙන් කියෑවෙන අන්දමට ජීවිතය නමැති නිවෙස ඉදිකරනු ලබන්නේ තණ්‌හා නමැති ගෙවල් සාදන්නා විසිනි. බුද්ධඝෝෂ ආචාර්යයන් විශුද්ධි මාර්ගය පොතේ දක්‌වන අන්දමට දරු උපතක්‌ ඇතිවීමට කර්මය, විඤ්Æණය හා තණ්‌හාව මුල්වෙයි. කර්මය කුඹුර යි. විඤ්Æණය බීජය යි. තණ්‌හාව ජලයයි. මෙම කාරණZය මහායාන සම්ප්‍රදායට අයත් ආර්ය ශාලිස්‌තම්භක සූත්‍රයේ තවත් විස්‌තරාත්මකව සඳහන් වෙයි. කර්මය නමැති කුඹුරේ විඤ්Æණ නමැති බීජය වපුරණු ලබන්නේ අවිද්‍යාව විසිනි. මේ පැහැදිලි කිරීම්වලින් පෙනෙන්නේ භෞතික ස්‌වභාවය ඉක්‌ම වූ නවීන විද්‍යාවට හසුනොවන කරුණු ද දරු උපතකට බලපාන බවයි.

මවුකුසෙහි කළලය හටගන්නා ආකාරය පිළිබඳ ඉස්‌ලාම් ආගමිකයන්ගේ අල් කුරාණයේ කරුණු ඉදිරිපත් කර ඇත්තේ මෙසේය. අපි මැටිවල සාරයෙන් මිනිසා මැවීමු. ඉන්පසුව අපි ඔහු කිසියම් ස්‌ථානයකට ස්‌ථිරව හා තදින් සවි වූ බිඳුවක්‌ කළෙමු. පසුව අපි එම බිඳුව අලකා
(Alaqah) බවට පත් කළෙමු. ඉන්පසු අපි "අලකා" මුද්ගා (Mudghah) බවට පත්කළෙමු. (අල් කුරානය 23) මෙහි "අලකා" යන වචනයෙන් 1 කූඩැල්ලා aleach..... 2 එල්ලෙන බීජයක්‌ drop of seed රුධිර කැටිය Colt blood යන අර්ථ දෙයි. මවුකුසේ මුලින්ම ඇතිවන කළලය කූඩැල්ලා වැනිය. එය ගැබ තුළ ඇලී පරපෝෂිත කූඩැල්ලකු මෙන් මවගේ රුධිරයෙන් යෑපෙන බව එයින් අදහස්‌ කෙරේ. ඝන ලේ කැටියක ස්‌වරූපයෙන් සැදුන කළලය බීජයක්‌ ලෙසින් එල්ලී පවතියි. ඒ අනුව කළලයේ මුල් අවස්‌ථාව හැඳින්වෙන "අලකා" යන්නට යොදන තේරුම් තුනම ගැලපෙයි. අල් කුරානයේ දැක්‌වෙන "මුද්ගා" (Mudghah) යන අරාබි වචනයේ තේරුම් හපන ලද ද්‍රව්‍ය යන්නයි. ලේ කැටියක්‌ මෙන් තිබුණ කළලයේ වර්ධනය එයින් දැක්‌වෙයි. එහි ඇත්තේ මස්‌ වැදැල්ලක "Lump of Flesh" ස්‌වරූපයකි. දත්වලින් සපන ලද චුයින්ගමයක්‌ පිටතට ගෙන බැලුවොත් කොඳු නාරටියක හැඩයට දත් පෙළ වැඳී ඇති අයුරු දැකිය හැක. මුද්ගා අවස්‌ථාවේ කළලය ද එබඳුය. කුරානයේ එන මෙම විස්‌තරය අගයමින් ටොරොන්ටෝ සරසවියේ මහාචාර්ය කිත් එල්. මුවර් මානවයාගේ වර්ධනය The developing human නමින් ශාස්‌ත්‍රීය ලේඛනයක්‌ ඉදිරිපත් කර ඇත.

මවුකුසක හටගත් කළලය හඳුන්වන්නට නවීන විද්‍යාව යොදන්නේ ඉදිමුම යන අදහස දෙන Eපඉරදහද යන ලතින් වචනය යි. මුල් සති කීපය තුළ කළලයේ ශෛල දෙගුණ සිව් ගුණ වශයෙන් බෙදෙමින් වර්ධනය වන බව කළල විද්‍යාව පෙන්වා දෙයි. පුරුෂ ජන්මානු සහ ස්‌ත්‍රි ආර්තවානු මැද පියවි ඇසට නොපෙනෙන නියුක්‌ලිස්‌ නමින් හැඳින්වෙන නූලක්‌ වැනි දෙයක්‌ පවතියි. ඒ ඇතුළත තිබෙන වර්ණදේහ සෑදී තිබෙන්නේ පබළු වැලක්‌ මෙන් බැඳුණ ජාන එක්‌වීමෙනි. මෙම ජානවල තිබෙන දෙමවුපියන්ගේ පරම්පරානුගත ගති ලක්‌ෂණ දරු කළලයට එක්‌වි වෙයි. ඒ අනුව මවුපිය දෙපාර්ශ්වයට ම අයත් ජානවල ගති ලක්‌ෂණ දරුවකු තුළ පිහිටයි. පරම්පරා දෙකක්‌ යනු විශාල ජන කොටසකගේ ජාන එකතුවකි. ඒ නිසා දෙමවුපියන් තුළ නොපෙනෙන පරම්පරාගත විවිධ ගති ලක්‌ෂණ සහිත ජානයන්ය. ඒ හේතුවෙන් උපදින දරුවන්ගේ කායික දුබලතා ඇතිවන බව විද්‍යාවෙන් සොයාගෙන ඇත. ඒ නිසා සමීප ඥතීන් අතර විවාහයට වෛද්‍ය විද්‍යාව අනුබල නොදෙයි. රුබෙල්ලා එන්නත ලබාදෙන්නේ ජාන මගිනි. ගලා එන ආබාධිත තත්ත්වයන් වැළැක්‌වීමටය.

බුදුදහමේ දැක්‌වෙන රූප කලාප පරිණාමය නවීන විද්‍යාව සඳහන් කරන කළලයේ ශෛල බෙදී යැමට සමානය. බුදුදහම සඳහන් කරන අන්දමට පටිසන්ධි විඤ්Æනය සමග බැඳුණු කර්ම ශක්‌තිය මවුකුසේ හටගන්නා කළලයට සම්බන්ධ වෙයි. ඇතැම් ශාරීරික දුබලතා ඇතිවන්නේ ඒවායේ බලපෑමෙනි. එහෙත් බුදුදහම මවුකුසේ සිටින දරුවකුගේ සියලු සකස්‌වීම් කර්මය ට හෝ විඤ්Æණ ශක්‌තියට පවරන්නේ නැත. අඹ ඇටයකින් අඹ පැළයක්‌ම හටගැනීම , මවුකුසකින් මිනිස්‌ දරුවකුම බිහිවීම වැනි කරුණු නියාම ධර්මයන්ට අනුකූලව සිදුවන බව බුදුදහමේ විස්‌තරය කර ඇත. බුදුදහම බීජ නියාමය මගින් පෙන්වා දෙන්නේ ජානවල ක්‍රියාකාරිත්වය යි. ආරය වශයෙන් හැඳින්වෙන්නේ පරම්පරාවෙන් පිහිටන ගති ලක්‌ෂණයන්ය. ඒවා පැවැතෙන්නේ ජාන මගිනි. පුද්ගලයකු රහත් බවට පත්වූවන් කායික වශයෙන් ආරයෙන් පැවතෙන ගති සිරිත් ඔහු තුළ ඉතිරි වන්නට පුළුවන. ඇතැම් විට පෙර භවයට සම්බන්ධ ගති ලක්‌ෂණද පෙර පුරුදු වශයෙන් පවතියි. බුදුදහමේ දක්‌වෙන පාරමිතා පිරීම වැදගත් වන්නේ සසරේ ඉදිරි ජීවිතවල ගුණ යහපත් පුද්ගලයකු වීමට ඒවා බලපාන බැවිනි.

නවීන විද්‍යාව දරු උපත ගැන සියලු දේ විස්‌තර කරන්නේ භෞතික හේතු සාධක පදනම් කරගෙනය. දරු උපතකට බලපාන කර්ම ශක්‌තිය හා පටිසන්ධි විඤ්Æණය වැනි ආගමික ඉගැන්වීම් නවීන විද්‍යාව පිළිගන්නේ නැත. ප්‍රතිසන්ධි විඥනය හා කර්මය දරු උපතකට බලපාන බවට බුදුදහම ඉදිරිපත් කරන කරුණු පිළිගැනීමට අපහසු බවට මාර්ටින් වික්‍රමසිංහ මහතා විස්‌තරාත්මකව කරුණු ඉදිරිපත් කර ඇත. ඒ මහතා පිළිගන්නේ දරු උපතකට බලපාන භෞතික හේතු පමණි. භවකර්ම විකාශය නමැති පොතේ එම විස්‌තරය ඇතුළත් වෙයි.

මවුපිය පරපුරේ තිබෙන කායික හා මානසික ගති ලක්‌ෂණ රෝගාබාධ ජාන මගින් දරුවන්ට උරුම වන බව පිළිගත හැක. නමුත් මවුකුසයෙන් බිහි වූ පසු පරිසරයෙන් දරුවකුට උරුම වන දේවල් සහජ හැකියාවන් වශයෙන් ඇතැම් දරුවන්ගෙන් මතුවන්නේ කෙසේද? යන්නට පිළිගත හැකි පිළිතුරක්‌ නවීන විද්‍යාවෙන් සපයා නැත. එපමණක්‌ නොව පුනර්භවය, කර්ම සිද්ධාන්තය හා පටිසන්ධි විඥනය නොපිළිගන්නා ආගම්වලට ද එයට පිළිතුරු දීමට නොහැක. ඔස්‌ටියෝපොරසිස්‌ රෝගය ගැන විශ්වවිද්‍යාලයන්හි වෛද්‍යවරුන්ට දේශන පවත්වන හය හැවිරිදි මෙක්‌සිකානු දරුවකු ගැන 2005 අප්‍රේල් මස වාර්තා විය. කිසිම අකුරක්‌ නොවරදවා සතිපට්‌ඨාන, ධම්මචක්‌කපවත්තන වැනි සූත්‍ර කටපාඩමින් කියූ ධම්මරුවන් නම් දරුවෙක්‌ මහනුවර සිටියේය. තමා බුද්ධඝෝෂ අටුවාචාරින් සමග පැමිණි මුදිතඝෝෂ භික්‌ෂුව බව ඔහු පැවසුවේ තුන්හැවිරිදි වියේදී ය. පූර්ව ජන්මයන් පිළිබඳව පර්යේෂණ පවත්වන ඉයන් ස්‌ටීවන්සන් මහාචාර්යවරයා ද මෙම දරුවා හමුවීමට පැමිණියේය. කිසිදු පෙරහුරුවක්‌ නොමැතිව ගී තනුවලට අනුව සංගීත භාණ්‌ඩ වාදනය කරන, උපත ලබා කෙටි කලකින් විදේශීය භාෂාවන් කතා කරන බිළිඳු දරුවන් ගැන ද අසන්නට ලැබේ. දරුවකුට මෙවැනි හැකියාවන් ලැබෙන්නේ කෙසේද එය සිදුවන අන්දම විග්‍රහ කළ හැක්‌කේ මිනිසාගේ සාංසාරික පැවැත්ම හා කර්මය පිළිගන්නා දහමකට පමණි.

බුදු දහමින් සනාථ වන විද්‍යාව........

රිය මිතුරනේ අද කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ ඉතාමත් සිත් ඇදගන්නා සුළු මාතෘකාවක් සමිබන්ධයෙනුයි. විද්‍යාව හා බුදුදහම සසදා බලන්න් කවුරුත් පාහේ කැමති බැවි අප දන්නා කරුණක්. නමුත් මෙම ලිපිය ලිවිමේ පරමාර්ථය වන්නේ එය නොවෙයි. එසේ සසඳා බැලීමෙන් පසු අපි විසින් ඇති කර ගනු ලබන අවබෝධයයි මෙහි දී වැදගත් වනුයේ.

මෙම ලිපිය තරමක් ගැඹුරු විද්‍යාත්මක කරුණු උපයෝගී කර ගනිමින් සාක්චිඡා කරන බැවින් අවම වශයෙන් උසස් පෙළ රසායන විද්‍යාව හදාරා නැති අයෙකුට තෙරුමි ගැනීම තරමක් අපහසු වන්න්ට පුළුවන්. ඒ නිසා හැකි පමණ සරලව බොහෝ දෙනෙක්ට තේරුමි ගත හැකි වන පරිදි මේ පිළිබඳව විමසා බැලිමටයි මේ සුදානම.

එහෙනමි අද මේ කථා කරන්නට සූදානමි වන්නේ ඔබගේත් මාගේත් ශරීරය පිළිබඳවයි. අපගේ ශරිරිය විනිවිද දකින්නටයි මේ සූදානමි වන්නේ.

අතීතයේ එක්තරා දිනයක දී ඔබගේ මවත් පියත් ශාරීරිකව සමිබන්ධවීමේ ප්‍රතිඵලයක් වශයෙන් පියාගේ ශුක්‍ර සෛලයක්, මවගේ පැලෝපීය නාලයේ තුල වූ ඩිමිබ සෛලයක් සමඟ සමිබන්ධ වූවා. ශුක්‍ර සෛලයේ මුහුණත වූ විචිඡේදකාරී වූ රසායන ද්‍රව්‍ය (එන්සයිම) මගින් මවගේ ඩිමිබ සෛලයේ වූ පටක ජීරණය කර ප්‍රවේණි ද්‍රව්‍ය ඩිමිබ සෛලය තුලට ඇතුලු කරණු ලැබුවා. ඉන්පසුව යුක්තානුව වශයෙන් හදුන්වනු ලබන මේ තනි සෛලය, පැලෝපිය නාලයේ සිටම බෙදි බෙදී, බෙදී බෙදී සෛල රාශියක් ඇති සයිගොටයක් බවට පත්ව, මවගේ ගර්භාෂය දක්වා ගමන් කර ගර්භාෂ බිත්තියේ රෝපණය වූවා. මේක කළලය වශයෙනුයි හදුන්වන්නේ, මේ කළලය සෛල රාශියක් බවට පත් වෙලා මාස 9 ½ ක් පමණ මවගේ ගර්භාෂය තුල තිබිලා අතිතයේ එක්තරා දිනයක ඔබ මෙලොව එලිය දුටුවා. පස්සේ මවි කිරි බීලා, වෙනත් පිටිකිරි ආදිය, බත් මාලු, එළවලු ආදිය කාල ඔබ අද සිටින තත්වයට පත් වුනා. අද ඔබ සිටින තත්වය කියන්නේ ඔබ දැන් කණ්නාඩියක් ඉදිරියට ගියාම පේන රූපය තමයි ඔබ කියන්නේ මේ තමයි මම අද සිටින තත්වය කියලා.

දැන් ඔය කියපු සිද්ධිය අපි පින්තූර වලින් පහදා ගන්නයි ලෑස්තිවන්නේ. මේ රූප බලන්නේ හේතුවක් ඇතිවයි.






(01)



(02)


(03)


(04)

දැන් මේ විදියට මේ වර්ධනය වුනේ තනි සෛලයක්. මේ තනි සෛලයේ තිබුනතාක් යමි ද්‍රව්‍යත්, මේ ඔබේ ශරිරයේ යමිතාක් ද්‍රව්‍ය තියෙනවානමි ඒවා සමාණයි. ඔබ පිටින් ගන්න ආහාර වල තියෙන්නේත් ඔය සෛල වල තිබුණ දේවල්ම තමයි.

(05)


(06)

එය තමයි බුදු රජානන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ බොහෝ තැන් වල මේ ශරිරිය ගැන විස්තර කරනකොට මාතාපෙත්‌තිකසම්‌භවස්‌ස ඔදනකුම්‌මාසූපචයස්‌ස අනිච්‌චුච්‌ඡාදනපරිමද්‌දනභෙදනවිද්‌ධංසනධම්‌මස්‌ ස කියා මෙහි අර්ථය වන්නේ මවි පියන්ගේ ස්වභාවය ලැබුවාවු, එළුවලු බත් මාළු වලින් හැදෙන්නාවු, ඇලිමි, පිරිමැදිමි කල යුත්තාවු, අනිත්‍යට යන්නාවු, බිඳී විනාශ වන්නාවු මේ කය කියන එකයි.




මේ කරුණ කිවිවේ මේ ශරිරිය සෑ දී තිබෙන්නේ සෛල වලින්ය කියන කරැණ කාට හරි නොතේරෙනවා නමි ඒක තෙරෙන්න. මේ ශරිරයේ ඇති අවයවයන් සියල්ලක්ම අස්ථි පවා සෑදී තිබෙන්නේ සෛලවලින්. මේ සෛල අපේ ඇසට වෙන්වෙන්ව පෙන්නේ නැත්තේ අපේ ඇසේ ඇති නොමග යවන සුලු ස්වභාවය නිසා. නමුත් අප ඇසට වඩා තිවෘර වූ අන්වික්ෂ වැනි උපකරන මඟින් නිරීක්ෂනය කිරිමේ දී මෙ ශරිරය පෙනේරයක් මෙන් සෛලවලින් සකස් වී ඇති බව දැක ගන්නට පුළුවන්. මිට අමතරව කෙස් ගස්, ලොමි ගස්, නිය, දත් වැනි කොටස් නිර්මාණය වි තිබෙන්නේ විවිධ ප්‍රෝටින් වර්ග වලින් හා කැල්සියමි වැනි රසායනික ද්‍රව්‍යන්ගෙන්.




දැන් සූදානමි වන්නේ මිනිස් සෛලයක් දෙස අවධානය යොමු කරන්න. ශරිරය දෙස අවධානය යොමු කලාම එකේ හම, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හර්ධය, අක්මාව, අගන්‍යාසය, දලබූව, පෙනහළු, අතුනු, අතුනු බහන්, නොපැසුන ආහාර, පැසුන ආහාර, හිස් මොළය ආදියත් පිත , සෙම, සැරව, දහඩිය, රුධිරය ආදි ආපෝ කොටස් වලිනුත් සමන්විතයි. මේ සියල්ලම නිර්මාණය වෙලා තියෙන්නේ එක්කෝ සෛලවලින්, එසේත් නැත්නමි රසායනික ද්‍රව්‍යන්ගෙන්.



දැන් අපි සුදානමි වන්නේ මේ සෛලයක් දෙසට අවධානය යොමු කරන්න. මිනිස් සිරුරේ මේ විදියට අවයව තියෙනවා වාගේ සෛලයක් ඇතුලෙත් විවිධ අවයව තියෙනවා. මෛට කොනඩ්‍රියා, ගොල්ජි දේහ, ලයිසෝ සොම ආදි සෛලිය ඉන්ද්‍රියන් තිබෙනවා. ඒවා මේ රූප සටහනින් ඔබට දැක ගන්නට පුළුවන්.





දැන් අපි මේ සෛලයේ වන ඉන්ද්‍රියන් සියල්ලමත් කොටස් කරලා බලන්නයි යන්නේ. මෙසේ බලන විට මේ සෛලය තුල වන සියලුම ඉන්ද්‍රියන් නිර්මාණය වෙල තියෙන්නේ රසායනික ද්‍රව්‍යන්ගෙන්, යමි යමි අනුවලින්, උදාහරණයක් කියනවා නමි ඩී.එන්. ඒ අනුවක් ගත්තොත් ඒක නිර්මාණය වෙලා තියෙන්නේ ඩිඔක්සි රයිබොස් සීනි වලින්, භශ්ම කාන්ඩයකින් හා ඇමයිනෝ ඇසිඩි කාණ්ඩයකින්. මේ සංයෝගයන් සියල්ලත් බිඳ හෙලුවාම අපිට ලැබෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් ආදී අයන.








එතකොට ඔබ දැන් මේ මුලු ශරිරය දෙසම බැලුවොත් ඔබට පෙනි යා යුතු කරුණ වන්නේ. මේ මුළු ශරිරයම අයන ගොඩක් කියන කතාවයි. එහෙමත් නැත්නමි අණු ගොඩක් කියන කතාවයි, ඊට ඉහලින් සෛල තුල තියෙන ඉද්‍රිකාවන් ගොඩක් විදියටයි, ඊට ඉහලින් තියෙන සෛල ගොඩක් විදියටයි, ඊට ඉහලින් තියෙන, අවයව ගොඩක් විදියටයි, ඊට ඉහලින් තියෙන, ශරිරය කියන මේ අපේ ඇස රැවටී සිටින දෙය විදියටයි




දැන් අපි තවත් ටිකක් ඉදිරියට යනවා. දැන් මේ අනු කියන දේවල් අයණ කියන දේවල් දෙස බලන්නයි අපි සුදානමි වන්නේ. සාමාණයෙන් අනු අයන ඇද දක්වන ඉලෙක්ට්‍රෝන අකෘතියක් තිබෙනවා. ඒකට අනුව හයිඩ්‍රන් අනුව අදින්නේ මේ රූපයේ දක්වා ඇති ආකාරයට. එතකොට විද්‍යාඥයින් කාලයත් සමග කල්පනා කලා මේ අණු අයන මෙහෙම පවතින්නේ කොහොමද කියන කරැණ. එතකොට එයට විද්‍යාවෙන් පැහැදිලි කිරිමක් ඉදිරිපත් කලා. ක්වොන්ටමි විද්‍යාව පාදක කරගෙන. මෙතන ඇත්තටම ඇති අණුවක් වත් අයණයක් වත් නෑ. මෙතන තියෙන්නේ ශක්තිය පදනමි කරගෙන සිදුවන ක්‍රියාදාමයක් පමණයි.


උදාහරණ විදියට කිවිවොත් අනු පවතින්නේ පහත පරිදි අවකාශයේ යමි ඉලොක්ට්‍රෝන වලාවක් අකාරයට. වලාවක් කිවිවට එතන නිස්චිතව පවතින දෙයක් නෑ. ශක්තියක් වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ ශක්තිය තුල එයටම අනන්‍ය වුත් අවේනික වූත් ලාක්ෂනික ස්වභාවන් තිබෙනවා. ඒවා කිසි කෙනෙකුට වෙනස් කරන්නට බැහැ. ඒවා පවතින්නේ ඒවා විසින්මයි.





දැන් බලන්න ඔබේ ඔය රූපය දිහා මේ විදියට බලනකොට කෝ දැන් රෑපයක්. එතන තියෙන්නේ අතොරක් නැතිව ක්‍රියාත්මක වන ශක්තියක් පමණයි. කිසිම සටහනක් එහි නෑ. මොකක්ද මේ ශක්තිය පඨවි, ආපෝ, තේජෝ, වායෝ.

තේජෝ ධාතුවෙන් පටන් ගමු. තේජෝ ධාතුව කියන්නේ උනුසුමි බව හෝ සිසිල බව දනවන ශක්තිය. ඒක තේජෝ ධාතුව කියලා ව්‍යවහාර කරනවා. ඔබ ශරිරයට අත තබා බලන්න උනුසුමක් හෝ සිසිලසක් දැනේවි. මේ දැනෙන් උනුසුම හෝ සිසිලස වන්නේ ඔබ ශරිරයේ ඇති ඉලෙක්ට්‍රොන වලාවන් මගින් ඇති කරන සමිප්‍රයුක්ත තේජෝ ධාතුවයි. දැන් අපි තේරුමි ගත්තනේ මෙතන ශරිරයක් කියලා ඇත්තටම කියන්න දේයක් නෑ කියලා. මේ තියෙන්නේ තේජෝ ධාතුව. මේ ඉලොක්ට්‍රෝන වලාවන් නිරන්තර චලනයක් දක්වනවා.ඉතා අධික වේගයකින්. එතකොට ඒක තමයි මේ වායෝ ධාතුව කියන්නේ, එතකොට මේ ඉලෙක්ට්‍රෝන වලාවන් එකක් එකකට ඇද ගන්නා ස්වභාවයක්, ඇලෙන ස්වභාවයක් තිබෙනවා. දැන් රසායනික ප්‍රතික්‍රියා සිදුවිමේදී ඉලෙක්ට්‍රෝන උද්දීපනය වීමෙන් තමයි සංයෝග නිර්මාණය වෙන්නේ. මෙසේ මේ ඇලෙන ස්වභාවය තමයි ආපෝ ධාතුව කියන්නේ. එතකොට, ඔය සෑම සංයෝගයකම තද බව ඇති කරන කොටසක් තියෙනවා ප්‍රෝටොන රුස්වි ඇති කොටස මේක චිත්‍ර වල නියශ්ඨිය කියලා බොලයක් ඇන්දට එහෙම නියශ්ඨියක් ඇත්තටම නෑ. එකත් ශක්තියක් පමණයි. නමුත් ඒ ශක්තියේ ස්වරූපය දෘඩ බවින් යුතු වීමයි. මේ තමයි පඨවි බව නැත්නමි තද බව. අපිට මේ විදියට අයණයක් තුල, අණුවක් තුල මේ ලක්ෂන 04 දකින්නට පුළුවන්.




මේ විදියට බලන විට ඔබට දැන් ‍පෙනී යන්නට ඕන. මොකද්ද මේ ඇත්තටම ශරිරය කියන්නේ ශක්තියක් විතරයි නේද කියන කාරණාව. ඇත්තටම මේ ඇස අපව මොනතරමි නමි රවටලාද කියන කාරනාව. අපිව මොඩ කරලා තියෙන තරම. ඉතිං අපි දැන් තේරුමි ගත්තා මේ ශරිරය කියන දේ බෙදාගෙන බෙදාගෙන ගියාම පරමාර්ථ වශයෙන් ලෙබෙන්නේ මේ තද බව, ඇලෙන බව, සැලෙන බව, හා උනුසුමි සිසිල් බව කියන දේ පමණක් කියා. දැන් මේ ලොකේ යමිතාක් රූප තියෙනවා නමි. මේ හැම රූපයක්මත් ඔය විදියට බෙදන්න පුළුවන් ගස් වැල් වගේ සෛල වලින් හැදුන දේවල් වගේම ගඩොල්, තිරැවාණා ගල් වගේ දේවලුත් රසායනික සංයෝග, කැල්සියමි කාබනේටි, ඩොලමයිටි, කැල්සලයිටි ආදී දේවල්, මේවත් ශක්තින්ම තමයි. ඒවයේ තියෙන්නෙත් ඔය කියපු පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන දේවල්ම තමයි. දැන් පෙනෙන්නට ඕන මේ මගේ කියන මේ රූපයෙයි ඔය ගස් ගස් පර්වත, මේස , ප්ලාස්ටික් වගේ අනිත රූපවලයි වෙනසක් නැති බව. ඔක්කොම එකයි.



දැන් කියන්නේ බොහොම වැදගත් කරුනක්. දැන් අපි මුලින්ම කලේ අපි ඉපදුන හැටි බැලුවා. තාත්ගේ සෛලයයි, අමිමගේ සෛලයයි, එකතු වෙලා තනි සෛලයක් හැදුනා. ඒ සෛල බෙදි බෙදී සෛල ගොඩක් වුනා. ඒක විවිධ අවධි පසුකරලා මනුස්ස ස්වරූපයට පත් වුනා. මේ මනුස්සයා, ළදරැවියේ ඉදලා විවිධ අවධි වලට පත් වුනා. මෙහෙම මේ සන්තතිය වෙනස් වෙමින් යන හැටි අපි දැක්කා. ඔය එක අවස්ථාවක් වත් අපට නවත්තන්නට බැරි විදියට අතිතයට එක් වුනා. ඒ සෑම අවස්ථාවකම විපරිනාමයට බදුන් වුනා. දැන් මේ ශරිරය බෙද බෙදා ගිහින් අපි හොයාගත්තා මේ ශරිරයේ පරම, ඉතාම කුඩා අනුව. ඒකේ ස්වභාවය තමයි මේ මුලු ශරිරයේම තියෙන්නේ. ඒක එක මොහොතක් වත් එක විදියකට තියෙන්නේ නෑ. ඒක වෙස්වන සුළුයි. ඒ තමයි විපරිනාමය, ඒ ශකිතිය සෑම විටකම අනිත්‍යට යනවා. ඒක තමයි අනිත්‍යය. මේ වෙනස් වන ශක්තියේ මොකක්ද ඔබට මම කියල, මගේ කියලා, සදාකාලිකව පවතින දෙයක්ය කියලා. ගන්නට තියෙන්නේ ඒ තමයි අනාත්මය. ඔබේ උපත සිදුවුන ආකාරයේ සිට, ඔබට කුමක්ද ඔබට ඕන විදියට පවත්වන්නට පුළුවන් වුනේ? ඒක තමයි අනාත්මය. මේ අනිත්‍ය වු අනාත්ම වු ක්‍රියාදාමයට අවිදයාවෙන් ඇලීම නිසා ඔබට ලැබෙන එකම දෙය තමයි දුක කියන්නේ. දුක නැති කරන්නේ අනිත්‍යය හා අනාත්මය දැකීම තුලින්.




ඔබ හිතන්නේ ඔබට මේ කිවිවේ මොකක් කියලාද? එක් අතකින් මෙය චතුධාතු ව්‍යවස්ථාන භාවනාව. අනිත් අතින් මෙය අනිත්‍ය දුක්ඛ, අනාත්ම්ය දැකිම. මේ ඔබට විද්‍යාව හා ගලපා ඇතිවූ ඥානය සංඥා මාත්‍රයක් පමණයි. විදර්ශනා භාවනාව තුලින් විද්‍යාවෙන් අපි මේ පහදා ගත් දේ ඇසට පෙනෙනේනා සේ මේ ශරිරයේ රූප බිදි බිදි, බිදි බිදී යන ආකාරය දකින්නට පුළුවන්. මෙසේ බිදි බිදි යන රූපය දෙස බලා ඉන්නා විට ඔබටම ප්‍රත්‍යක්ෂ වශයෙන් හැඟියන අවස්ථාවක් එනවා මොකක්ද මේ රූපය තුල මගේ කියලා මම කියලා ගන්නට තියෙන්නේ. මේක මහා මායාවක් නේද කියන කරුණ අන්න ඒ හැගිමත් සමඟ ඔබට පුළුවන් වෙනවා මේ රූපය නිවා දමන්නට. රූප නිරොධයක් අත් දකින්නට. නිවනට මුල් පියවර තබන්නට.

ඉතිං මේක නිකං කරන්නට බැහැ. ඒ සඳහා සුදුසුම ස්ථාන තියෙනවා. එබදු ස්ථානයකට ගොස් විදර්ශනා භාවනාවක් ක්‍රමවත්ව හැදෑරීම තුලින් පමණයි එය කරන්නට පුළුවන් වන්නේ.

ඉතිං ප්‍රිය මිතුරනේ මෙම ලිපිය සකස් කරන්නට වසර ගණනාවක් ආපස්සට අතිතයේ උගත් දෑ ආවර්ජනය කරන්නට සිදුවුවා. බොහොම සරලවයි ඉදිරිපත් කලේ. මේ ගැන හිතන්න හිතන්න ඔබේ අවභෝධය තව තවත් පුළුල් වේවි. මේ සරල මඟ පෙන්විමක්.

සැමට පහමුම ප්‍රතිපදාවෙන් නිවනම වේවා!
තෙරුවන් සරණයි!


http://www.elakiri.lk/forum/showthread.php?t=1216556
Free HTML Blog 4u