විද්‍යාව හා බුදු දහම බ්ලොග් අඩවියට පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමි. හිතවත, සියලු ආගම් එකයැයිද, සියල්ලෙන්ම කියැවෙන්නේ හොද නරක පමණක් යැයිද, අපායත් දෙව්ලොවත් ඇත්තේ මෙලොව යැයිද අඥාන මිනිසුන් විසින් වහසි බස් දොඩනු අප අසා ඇත. සියලු දේ විද්‍යාවෙන් මනින්නටත් විද්‍යාව, වන්දනා කිරීමටත් විද්‍යාව යන වචනයෙහි තේරුමවත් නොදත්තෝ උත්සාහ කරති. පාලුගෙයි වළං බිදින ලෙසින් ආගම දහම ගැන කිසිවක් නොදත් අ‍නෙක් මිනිසුන් මුව අයා බලාසිටිමින් ඔවුන් වීරයන් කරති. පොත පතක් කියවා අබ ඇටයක් තරමින්වත් මනස වර්ධනය කරගත්තවුන් සිටීනම් මෙවන් අනාර්ය වූත් අනර්ථ වූත් කතිකාවන් නොකරති. විද්‍යාව යනු බුදු දහම ඉදිරියේ හිමාලය අසල ඇති අබ ඇටයක් තරම්වත් නොගිණිය හැකි ශිල්පයක් බව දහම අවබෝධ කරගත්තෝ දනිති. යමක් විද්‍යාවෙන් ඔප්පු නොවන්නේ විද්‍යාව දුර්වල නිසා මිස බුදු දහමේ අඩුවක් නිසා නොවේ. එහෙත් පහත් මානසිකත්වය ඇත්තන්ට සත්‍යය දැනගනු වස් මෙවන් වෙබ් පිටුවක් නිර්මාණය කලෙමි. බුද්ධිමත් ඔබද මෙ කියවා සත්‍යය දැකගන්න. මෙහි ඇත්තේ උපුටාගත් ලිපිය. එය උපුටා ගත් ස්ථානය ඒ ඒ ලිපිය අවසානයේ පැහැදිලිව සටහන් කර ඇත. විද්‍යාව හා බුදු දහම සම්බන්ධව ලියැවුන ලිපි එක්තැන් කිරීම මෙහි අරමුණ වේ.

Wednesday, January 11, 2012

ලොව උපත සිදුවුයේ කෙසේද? මවල නමි වෙන්න බෑ 2 කොටස

මිතුරනේ, මින් පෙර ලිපියෙන් ලොව උපත පිළිබඳව නූතන විද්‍යාත්මක මත මෙන්ම ඒවායේ අඩු ලුහුඩුකමි, විවේචනයන් පිළිබඳව සාකඡ්චා කරන්නට යෙදුනා ඔබට මතක ඇති. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ලොව ආරමිභය පිළිබඳව බුදු දහමේ කවරක් සඳහන් වන්නේද යන්න සලකා බැලිමටයි.
මේ ගැනත් සිතන්න
එම කරැණු ඉදිරිපත් කිරිමට මත්තෙන් අනිවාර්‍යයෙන්ම ප්‍රකාශ කල යුතු වැදගත්ම කරැණු කිහිපයක් තිබෙනවා. එනමි, මෙම බිලොගයේ ලිපි ඉදිරිපත් කිරිමේ දී ඒවා ඉදිරිපත් කරණු ලැබුවේ බොහොමත්ම ක්‍රමානුකූලව සිතා බලායි. ඒ මුල් ලිපි කියවා ඇති අයෙකු අග ලිපියකට පැමිණ "මෙසේ කියන්නේ කෙසේද" යනාදි ගැටළු මතු නොකිරීම සඳහායි. එබැවින් සෑම ලිපියකින්ම එම කරැණු අවධාරණය කිරිමට නොහැකි බැවින් . පහත ලිපි කිහිපයද කියවා බලන මෙන් ඔබට ඇරයුමි කරමින්, අද මාතෘකාවට යොමු විමටයි මේ සුදානම.
භාර්ගව පරිබ්‍රාජක හා සංවාදයක්
ලොකයේ උපත යන්න පිළිබඳව බුදුපියානන්වහන්සේ විසින් කුමක් දේ‍ශනාකොට ඇත්ද යන්න බොහොම වැදගත් කරැණක්. වරක් අපගේ බුදුපියානන්වහන්සේ මල්ලරට අනුපිය නමි නියමිගමෙහි වාසය කරන කාලයේ පෙරවරැවේ පිඩුපිණිස  හැසිරිමට කල්තිබු බැවින් භාර්ගව නමි පරිබ්‍රාජක ආරමයට වැඩම කල සේක. එහිදි භාර්ගව බුදුපියානන්වහන්සේ අතර ඇතිවු සංවාදයකදී 

භාග්‍යවතුන්වහන්ස, කලකට පෙර ලිඡ්චවී රජපුත්‍ර සුනක්ඛත්ත මා කරා පැමිණ "මම දැන් භාග්‍යවතුන්වහන්සේ අතහැර වෙන්ව වාසය කරමි" කීය. එය ඇත්තක්ද ස්වාමිනී යැයි ඇසීය. එවිට සුනක්ඛත්ත හා භාග්‍යවතුන් වහන්සේ අතර ඇතිවු සංවාදයක් බුදු රජානන්වහන්සේ භාර්ගව හට වදාල සේක (අවශ්‍ය කොටස පමණක් දක්වා ඇත)

භාර්ගවය, සුනක්ඛත්ත මා කරා පැමිණ " භාග්‍යවතුන්වහන්සේ මට ලෝකොත්පත්ති කථාව නොවදාරන නිසා මම ඔබවහන්සේ හැරයමියි මට පැවසීය"

එවිට භාග්‍යවතුන්වහන්සේ " සුනක්ඛත්තය මා ලඟ වාසය කරතොත් මම නුඹට ලොකෝත්පත්ති කථාව වාදාරමියි කියා මම කිවේද? එසේ නැතහොත් ලොකෝත්පත්ති කතාව වදාරන්නේ නමි මම භාග්‍යවතුන් වහන්සේ ලඟ සිටිමි යැයි නුඹ මට කීවේද?

එවිට නැත ස්වාමිනි යැයි සුනක්ඛත්ත පිළිතුරැ දින.

සුනක්ඛත්තය එවැන්නක් මා තට කිවේත් නැත. තා මට කීවෙත් නැත.ලොකෝත්පත්ති කතාව වදාලත් නොවදාළත් මා විසින් දේශනා කරන ලද ධර්මය පිළිපැදීමෙන් සත්ත්වයා නිසැකවම සසර දුකෙන් නිදහස් වේ.එසේ නමි ලොකොත්පත්ති කතාව දැක්වීමෙන් සත්ත්වයාට අත්වන ප්‍රයෝජනය කිමක්ද? එසේ තිබියදී "ලොකොත්පත්ති කතාව නොවැදෑරිම නිසා මම භාග්‍යවතුන්වහන්සේ හැර යමියි කිම කෙතරමි නමි අඤාන කියමනක් දැයි? භාග්‍යවතුන් වහන්සේ සුනක්ඛත්තට වදාල සේක.
මේ සිදුවිම ඇතුලත් වන්නේ දීඝ නිකායේ (24 වන පාඨික සුත්‍රයේයි)

බුදු දහමේ ලොකොත්පත්ති කථාවට ප්‍රමුඛ තැනක් නොදෙන්නේ ඇයි?
 
මෙයින් වැටහෙන වැදගත්ම කරැණ වන්නේ භාග්‍යවතුන් වහන්සේ ලෝකොත්පත්ති ප්‍රමුඛ කොට නොවදාලේ අන් කරැණක් නිසා නොව ඉන් සත්ත්වයාට වන්නාවු සෙතක් නොමැති බැවිනි. එසේම සසර දුකෙන් නිදහස් විමට අවශ්‍ය සෑම සියළු කරැණක්ම  මනා කොට උන්වහන්සේ දේශිතයි. ඒ බැවින් බුදුපියාණන්වහන්සේ දේ‍ශිත ධර්මරත්නය ස්වාක්ඛාතයි. අන් ධර්මයන් මෙන් යමෙකුගේ ආඥාවවක් හෝ බලකිරිමක් මත බුද්ධ දර්ශනය පදනමි නොවෙයි. එය අනුන් කියනු ඇසිමෙන් නොව  තමන් විසින්ම මාර්ගය පිරිමෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකිය හැකි බැවින් සන්දිටිඨිකයි. සතර මාර්ගයන් ඇතිකර ගැනිමට තරම් ධර්මානුප්‍රතිපදාව පිරිමෙන් සිත දියුණු කරගත් තැනැත්තන්ට එසැනින්ම ඵල දෙන ධර්මයක් වන බැවින් අකාලිකයි. එසේම කලකට බොරැ වි කලකට සත්‍යක් වන්නක් නොව සෑම කාලයටම වලංගු හා නිවැරදි වන බැවින් හා තාක්ෂනය විද්‍යාව සමඟ වඩ වඩා පැහැදිලි වන බැවින්ද අකාලිකයි. එසේම අන් ධර්මයන් මෙන් විශ්වාසය මත පදනම් විමෙන් තොරව එන්න ප්‍රථිපත්තිය පුරා ඔබම අත්දකින් කියා ඔනෑම අයෙකුට බියකින් සැකයකින් තොරව කිව හැකි බැවින් ධර්මය එහිපස්සිකයි. කෙතරමි අපහසුතාවයන් මතවුවද අතනොහැර දරා සිටිමටම සුදුසු ධර්මයක් වන බැවින් ඕපනායිකයි. වැදගත්ම කරැණ බුද්ධ දර්ශනයේ කියවෙන පරම සැනසීම බුදු රජානන්වහන්සේගෙන් හෝ අන් අයෙකුගෙන් ලැබෙන්නක් නොව, තමා විසින්ම බුදුරජානන්වහන්සේ විසින් පෙන්වන මාර්ගය අනුගමනය කිරීමෙන් මෙලොවදීම අත්දැකිය හැකි ධර්මයක් විමයි. එහි බලකිරිමි නැත. නුවනැත්තන් හට නිරතුරැව විවෘත මෙම ධර්මය ගැන බුදුපියානන්වහන්සේම දේශනා කලේ මේ ආකාරයෙන් ස්වාක්කාතෝ භගවතා ධම්මෝ යන පාඨයේ අර්ථය වන්නේ මෙයයි. එබැවින් ලොකොත්පත්ති කතාවෙන් ඇති වැඩක් නැති බව ඔබටත් දැන් පැහැදිලි වනු ඇත.

මිනිසුන් සිතා ඵලක් නැති දේ.
මිනිසුන් දෙවියන්ගේ පිහිට සොයනුයේ මිනිසුන්ට හැම දේම කරගත නොහැකි බැවිනි. මිනිසුන්ට හැම දේම නොවැටහෙන බැවිනි. එය සිසුවා ගුරැවරයාගේ උපකාරය මත උගන ගන්නා සේය. ගුරැවරයා උගත් සියළු දේ සිසුවාද දන්නේ නමි ඔහු ගුරැවරයෙකු මිස සිසුවෙක් නොවනු ඇත. මේ සමඟම තවත් වැදගත් කරැණක් සඳහන් කලයුතුයි. මේ කරැනු සඳහන් වන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ 8 වන අපණ්ණක වර්ගයේ 28 වන අචින්තෙය්‍ය සූත්‍රයේයි. එහි සදහන් පරිදි

"මහණෙනි, යමි දෙයක් සිතන තැනැත්තා උන්මාදයට ද දුකට පත්වන්නේද, ඔහුට සිතාගත නොහැකි වන්නේද,  නොසිතිය යුතුද වු කරැනු සතරක් වෙත්. කවර සතරක්ද යත්.

මහණෙනි, බුදුවරුන්ගේ බුද්ධ විෂය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි,   ධ්‍යාන ඇත්තහුගේ ධ්‍යාන විෂය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි,  කර්ම විපාකය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, ලෝක විශය නොසිතිය හැකිය. නොසිතිය යුතුය.මහණෙනි, මේ සතර නොසිතිය යුතුය.  මෙහි නොසිතිය හැකිය යනු සිතන්නට බැරිය යන්න නොවේ සිතා නිවැරදි නිගමනයකට සාමාණ්‍ය ජනයාට පැමිණිය නොහැකි බැවිනි. නොසිතිය යුතුය කිවේ සත්ත්වයින් දුකට, පිඩාවට හෝ උන්මත්තක භාවයට පත්වන බැවිනි. කැමැති පුද්ගලයන්ට සිතිමට එයින් භාධාවක් නැත.

එය අවිශයයි යන්නට හේතුව මුලින්ම ඇතිවුයේ කිකිළියද බිත්තරයද යන්නට පිළිතුරක් සොයන්නට යෑම මෙනි. කිකිළිය ද බිත්තරයද මුලින් ඇතිවුයේ යන්ට පි‍ළිතුරක් කෙ‍දිනක හෝ සොයන්නට බැරිවිට, ඒ දෙකින් එකක් යමෙක් මවන්නට ඇතැය සිතා සිත සනසාගන්නා මෙන්, ඇතමෙක් මැවුමිවාදය පනවන ලදි. එහෙත් එම මැවුමිකරැ ඇතිවුයේ කෙසේදැයි යමෙක් සිතා බැලිය යුතුයි. යමක් ඇති නමි, එහි මුලක් හෙවත් හට ගැන්මකුත් තිබිය යුතු යැයි යන  න්‍යාය මත සිතා ලොකයේ මුල සොයන්නට ගොස් ඔවුන් නොයෙක් මිත්‍යා මත ඇති කර ගැනිම මෙයට හේතුවයි.

ලොකෝත්පත්ති වංශ කථාව
මෙම ලොකෝත්පත්ති වංශ කථාව  බුදුපියානන්වහන්සේ දිඝ නිකායේ පාඨික සුත්‍රයේ වදාලා ඇත ‍(සංශෝධන සහිතව දක්වා ඇත)
භාර්ගවය, මම ලෝකෝත්පත්තිය පිළිබඳ වංශයත් දනිමි. එයින් මතු සර්වඥතාඥානය දක්වා සියල්ලත් දනිමි. එහෙත් මම අසවල් අසවල් දේ දනිමියි තෘෂ්ණා දෘෂ්ටි මානයන්ගේ වශයෙන් ඒවා නොගනිමි.

"භාර්ගවය, ඇතැම් මහණ බමුණෝ ඊශ්වරයා (දෙවියන්) විසින් ලොව මවන ලද්දේය, බ්‍රහ්මයා විසින් ලොව මවන ලද්දේයයි ඔවුන්ගේ ආචාර්ය පරපුරෙන් එන ලෝකෝත්පත්ති වංශ කථාව ප්‍රකාශ කරයි. මම ඔවුන් කරා පැමිණ මෙසේ කියමි. "ආයුෂ්මත්නි, මෙසේ ලොව මැවිම පිළිබඳව පිළිගැනිමට හේතු කවරේද?  ඔවුන්ට උත්තර දෙන්ට නොහැකි වෙත්. උත්තර දෙන්ට නොහැකි  ඔවුන් මාගෙන්ම අසත්.

මැවිම පිළිබඳ ආචාර්‍ය වාදය ඇතිවු සැටි.
 "ඇවැත්නි මෙබදු කාලයක් වන්නේමය. බොහෝදීර්ඝ කාලයක් ඇවෑමෙන් පසු යම් කිසි කලෙක මේ ලෝකය විනාශ වන්නේය. ලෝකය විනාශ වන කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර නම් බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නාහුය. ඔව්හු සිතින් උපදින්නාවූ ප්‍රීතිය අනුභව කරමින් ස්වකීය ශරීරාලෝක ඇතිව අහසෙහි හැසිරෙන්නෝව මනා කොට සිටින්නාහුව ඉතා දීර්ඝ කාලයක් වාසය කරත්. දීර්ඝ කාලයක් ඇවෑමෙන් මේ ලෝකය හැදෙන්නේය, ලෝකය හැදෙන කල්හි ශුන්‍යවූ බ්‍රහ්ම විමානයක් පහළ වන්නේය. එකල  එක්තරා සත්වයෙක් ආයුෂ ක්ෂය වීමෙන් හෝ පින ක්ෂය වීමෙන් හෝ ආභස්සර බඹ ලොවින් චුතව ශුන්‍යවූ බඹ විමනෙහි ඔපපාතිකව උපදින්නේය. හෙතෙම එහි සිතින් උපන් ප්‍රීතිය අනුභව කරමින් ශරීරාලෝකයෙන් යුක්තව අහස හැසිරෙමින් සුවසේ සිටින්නේ බොහෝ දිගු කලක් එසේ  සිටින්නේය. එහි හුදකලාව බොහෝ කලක් වසන ඔහුට නොඇල්මක් තැති ගැන්මක් උපදින්නේය. "ඒකාන්තයෙන් තවත් සත්වයෝද මෙහි එන්නාහු නම් ඉතා යෙහෙකැයි" මෙබදු සිතක් වන්නේය. එසේ ඇති කල්හී තවත් සත්වයෝද ආයුෂ ක්‍ෂය වීමෙන් හෝ පින ක්‍ෂය වීමෙන් හෝ ආභස්සර බඹ ලොවින් චුතව ශුන්‍යවූ බ්‍රහ්ම විමානයෙහි ඒ සත්වයා හා සහභාවයට පැමිණ උපදින්නාහුය. ඔව්හුද එහි සිතින් උපන් ප්‍රීතිය අනුභව කරමින් ශරීරාලෝකයෙන් යුක්තව අහස හැසිරෙන ස්වභාව ඇතිව යහපත්සේ සිටින්නෝ බොහෝ කලක් වාසය කරත්. (සිතින් උපන් ප්‍රීතිය ආහාර කර ගැනිම යන්නට දල අදහසක් සඳහා මෙසේ ‍තේරැමි ගත හැක. විශාල සතුටක් ඇතිවු විට ආහාර පාන ගැනිමට හෝ අවශ්‍ය නොවන කුසගිනි නොදැනෙන අවස්ථා ඔබ අත්දැක ඇතිවා විය යුතුයි)

එහි මුලින් උපන් සත්වයාට මෙබදු  සිතෙක් උපදියි. මම බ්‍රහ්මයා වෙමි. සියල්ල මැඩ පවත්වන්නාවූ මහාබ්‍රහ්මයා වෙමි. කිසිවෙකු විසින් නොමැඩිය හැකිවූ ඒකාන්තයෙන් තමන් වශයෙහි පවත්නාවූ ඊශ්වරවූ ලෝකය උපදවු ලොව මවන්නාවූ ශ්‍රේෂ්ඨවූ සත්වයන්ගේ පියා මම වෙමි. මා විසින් මෙ සත්වයෝ මවන ලදහ. ඊට හේතු කවරේද?  මට පෙරදවස්හි මෙබදු  සිතෙක්වීය, ඒකාන්තයෙන් තවත් සත්වයෝ මෙහි එන්නාහු නම් ඉතා යෙහෙකැයි මා සිතිය. ඒ අනුව මෙසේ මාගේ සිත්වූ පරිදි මේ සත්ත්වයෝත් මේ ආත්මභාවය ලදහ. යනුවෙන් වැරදි දෘශ්ටියක් ගන්නේය.

පසුව උපන් සත්ත්වයින් මෙසේ සිතන්නට වන්නේය. මේ පින්වත් බ්‍රහ්ම තෙමේ මහා බ්‍රහ්මයා  වන්නේය. සියල්ල මැඩ පවත්වන්නේය. කිසිවෙකු විසින් මැඩිය නොහැක්කේය. ඒකාන්තයෙන් තම ලෝක කර්තෘ වන්නේය. නිර්මාතෘවූද ශ්‍රේෂ්ඨවූද තමන් විසින් ජයගත්  සියලු සත්වයින්ගේ පියා වන්නේය. මේ පින්වත් බ්‍රහ්මයා විසින් අපිව මවන ලදි. ඊට හේතු කවරේද? මෙහි පළමුවෙන් උපන් මෙම බ්‍රහ්මයා අපි දුටුවෙමු. අපි උපන්නේ පසුවය.

ඇවැත්නි, එහි යම්  සත්වයෙක් පළමුව උපන්නේද ඒ සත්ව තෙමේ ඉතා දික් ආයුෂ ඇත්තෙක්ද වන්නේය.  ඉතා වර්ණවත් වූවෙක්ද වන්නේය. ඉතා ආනුභාව ඇත්තේද වන්නේය. යම් සත්ව කෙනෙක් පසුව උපන්නාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්ප ආයුෂ ඇත්තෝ වන්නාහ. ඉතා දුර්වලවර්ණයෝද වන්නාහ. ඉතා අල්පානුභාව ඇත්තෝද වන්නාහ. 

මෙ‍සේ කාලයාගේ ඇවෑමෙන් ඹබ ලොවින් චුතවී මිනිස් ලොව උපදින සත්ත්වයින් අතර එක් සත්ත්වයෙක්  ධ්‍යාන බාවනා කොට කලින් සිටි එක් ආත්ම භාවයක් පමණක් සිහි කිරිමේ නුවන ලබයි. එසේ කලින් සිටි ආත්ම බාවය දකිනා ඔහුට එහි සියළු යසෝමහිමයෙන් බැබලෙමින් එහි තවමත් සිටිනා මුලින් සිටි සත්ත්වයා හෙවත් මහා බ්‍රහ්මයා පෙනෙයි. එටිට
"මොහු නිසැකවම ලොව නිර්මාතෘවරයාය. මහා බ්‍රහ්මයාය. මැවුමිකරැය, ඊශ්වරයාය යන දෘශ්ඨිය ගන්නා මෙම තැනැත්තා මෙම මතය මිනිසුන් අතර ප්‍රකාශයට පත්කරයි. ලොව මැවිම පිළිබඳ ආචාර්‍යවාදය ඇතිවුයේ මෙසේය.

ක්‍රිඩා ප්‍රදූෂක දෙවියන්
 

භාර්ගවය ක්‍රිඩා ප්‍රදූෂක දෙවියන් මුල්කොට ගත් දේව නිර්මාණය පිළිබඳ ආචාර්‍ය වාදයක්ද ඇත. එය පිලිගන්නා ඇතැමි මහණ බමුණෙකු කරා යන මම එයට හේතු ඔවුන්ගේන් විචාරමි. එය නොදන්නා ඔවුහු එය මාගෙන්ම විමසති. ඔවුන්ට එය මම මෙසේ හෙලිකරමි. ක්‍රීඩා ප්‍රදූෂක නමි දේව කොටිඨාශයක් ඇත. ඔවුන් ඉතා අධික කාලයක් මෛතුන්‍ය සේවනය ඇතුළු අනෙක් කායික වාචසික ක්‍රිඩාවල නියැලී සිටියි.  බොහෝ වේලාවක් ක්‍රිඩාවේ නියැලීම නිසා ඔවුන්ට ආහාර ගැනිමි ආදියද අමතක වේ. මොවුන් අතර සිමාන්තිකව ක්‍රිඩාවේ නියැලෙන දෙවිවරැන්ද සිටිති. මෙසේ සිමාන්තිකව ක්‍රිඩාවේ නියැලිම නිසා ආහාර නොගැනිම මත දෙවිලොවින් චුතව ඔවුන් මිනිස් ලොව උපදියි.

මෙසේ චුතවී මිනිස් ලොව උපදින සත්ත්වයින් අතර එක් සත්ත්වයෙක් ධ්‍යාන බාවනා කොට කලින් සිටි එක් ආත්ම භාවයක් පමණක් සිහි කිරිමේ නුවන ලබයි. එසේ කලින් සිටි ආත්ම භාවය දකිනා ඔහුට එහි සියළු යශෝ මහිමයෙන් තවමත් වැජබෙන ක්‍රිඩා ප්‍රදුෂක නොවු දෙවියන් දැක "ඔවුහු සදාකාලිකය අන්‍යයෝ අනිත්‍යය" යන වැරදි දෘශ්ටිය ගෙන එය මිනිසුන්ට ප්‍රකාශ කරයි.

මනෝ ප්‍රදූෂක දෙවියන්
භාර්ගවය මනෝ ප්‍රදූෂක දෙවියන් මුල්කොට ගත් දේව නිර්මාණය පිළිබඳ ආචාර්‍ය වාදයක්ද ඇත. එය පිලිගන්නා ඇතැමි මහණ බමුණෙකු කරා යන මම එයට හේතු ඔවුන්ගේන් විචාරමි. එය නොදන්නා ඔවුහු එය මාගෙන්ම විමසති. ඔවුන්ට එය මම මෙසේ හෙලිකරමි. මනෝ ප්‍රදූෂක නමි දේව කොටිඨාශයක් ඇත. ඔවුන් ඉතා අධික කාලයක් ඔවුනොවුන්ගේ යස ඉසුරැ දෙස බලා සිට සිත දුෂ්‍ය කර ගනිති.මෙසේ සිත දුෂ්‍ය කර නොගන්නා දෙවි වරැන්ද ඔවුන් අතර ඇත. මෙසේ අදික ලෙස ඊර්ශ්‍යා ආදිය නිසා මනස දුෂ්‍ය විමෙන් ගත සිත ක්ලාන්තව.  ඇතමෙක් දෙවිලොවින් චුතව ඔවුන් මිනිස් ලොව උපදියි.

මෙසේ චුතවී මිනිස් ලොව උපදින සත්ත්වයින් අතර එක් සත්ත්වයෙක් ධ්‍යාන බාවනා කොට කලින් සිටි එක් ආත්ම භාවයක් පමණක් සිහි කිරිමේ නුවන ලබයි. එසේ කලින් සිටි ආත්ම භාවය දකිනා ඔහුට එහි සියළු යශෝ මහිමයෙන් තවමත් වැජබෙන මනෝ ප්‍රදුෂක නොවු දෙවියන් දැක "ඔවුහු සදාකාලිකය අන්‍යයෝ අනිත්‍යය" යන වැරදි දෘශ්ටිය ගෙන එය මිනිසුන්ට ප්‍රකාශ කරයි.

ලොව හේතු රහිතව ඉබේ හට ගත්තේ යැයි පවසන ආචාර්‍ය වාදය
භාර්ගවය ලොව හේතු රහිතව ඉබේ හට ගත්තේ යැයි පවසන ආචාර්‍ය වාදයක්ද ඇත. එය පිලිගන්නා ඇතැමි මහණ බමුණෙකු කරා යන මම එයට හේතු ඔවුන්ගෙන් විචාරමි. එය නොදන්නා ඔවුහු එය මාගෙන්ම විමසති. ඔවුන්ට එය මම මෙසේ හෙලිකරමි. අසංඥසත්ත්ව නමි සත්ත්වයින් සිටිනා හැඟීමෙන් තොර දෙවි ලොවක් ඇත.සංඥා ඇතිවු සැනින් ඒ දෙවිවරැ එම දෙවි ලොවින් චුත වෙති.

මෙසේ චුතවී මිනිස් ලොව උපදින සත්ත්වයින් අතර එක් සත්ත්වයෙක් ධ්‍යාන බාවනා කොට කලින් සිටි එක් ආත්ම භාවයක් පමණක් සිහි කිරිමේ නුවන ලබයි. නමුත් ඔහුට දැකිය හැක්කේ සංඥාව උපන් මොහොත පමණි. එබැවින් ඔහු තමා ඉබේ පහල වු සත්ත්වයෙක්ය යන දෘශ්ඨිය ගෙන ආත්මය ඉබේ පහල වන්නකැයි මිනිසුන්ට ප්‍රකාශ කරයි.

මේ දේශනය අවසානයේ භාග්‍යවතුන් වහන්සේ කෙරේ පැහැදුන භාර්ගව පරිභ්‍රාජක බුද්ධ ශ්‍රාවකයෙකු විමට අවසර ඉල්ලා සිටින ලදි.

නමුත් එහිදී තථාගතයානන්වහන්සේ වදාළා සිටියේ භාර්ගවය, අන්‍ය තිර්ථායතනයක ආචාර්‍යවරයෙකු වු තොපට බුද්ධ ශාවකයෙකු විම දුෂ්කරය. මා කෙරේ තොපගේ පැහැදිම පමණක් ප්‍රමාණවත් වන්නේය යන්න වේ.

බුද්ධ දර්ශනය තුල බලකිරිමී නෑ
බුදු රජානන්වහන්සේ ධර්මය ප්‍රකාශ කලේ ශ්‍රාවකයන් වැඩිකර ගැනිමට නොව සත්ත්වයින්ට නිවැරදි මඟ දැක්විමටය. අදද බෞද්ධ දර්ශනය තුල ශ්‍රාවකයන් වැඩි කර ගැනිමට කිසිදු උත්සාහයක් නැත. බෞද්ධ ප්‍රතිපදාව ධර්මය නොව එය බෞද්ධ දර්ශනය වන්නේ එබැවිනි. එය නුවනැතියන් සඳහාම පමණි. ඒ කීවේ අමතර කතාවක්.
වෘත්තයක ආරමිභයක් කියන්න බෑ
මෙසේ ලොව උපත පිළිබඳ වාද උපන් ආකාරය බුදුපියානන්වහන්සේ විස්තර කර ඇත. බුදු රජානන්වහන්සේ  "අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබිබා කොටි න පංඤ්ඤායති" යනුවෙන් මහණෙනි සංසාරය නොදක්නා ලද අග ඇතියකි. එහි පෙර කොන නොපෙනේ යනුවෙන් වදාල සේක. උන්වහන්සේ එසේ වදාලේ එහි කෙලවර නොපෙනෙන නිසා නොව එහි පටන් ගැන්මක් නැති බැවිනි. එනමි හේතුව නිසා ඵලයත් ඒ ඵලය නිසා ‍නැවත ‍හේතුන්ද ඇති විමෙන් ලොකය හා සංසාරය නොසිදි පවතිනවා මිස එහි මුලක් නොලැබිය හැකි බව තථාගතයානන් වහන්සේ දේශිතයි. මේ ලොකයේ පුරාණ බව අනමතග්ග සංයුක්තයේ ඇති සුත්‍රයන්ගෙන් දක්වා ඇත.

  1. කියවන්න.
  2. කියවන්න

අනාදිමත්කාලයක සිට බ්‍රමණය වන්නාවු වෘත්තාකාර පථයක මුල මෙතන යැයි අයෙකුට කිමට නොහැක්කා මෙන් මේ සංසාර චක්‍රරයේ මුල සෙව්ම වෙනුවට තථාගතයානන්වහන්සේ දේශනා කරන ලද්දේ එම වෘත්තාකාර පථය බිද දමනා ආකාරයයි. සංසාරයෙන් මිදිම එයයි.
ඊලඟ ලිපියෙන් ලොව විනාස වන තැන සිට ජීවය හටගන්නා ආකාරය ගැන බුදු දහමින් ප්‍රකාශිකය බලාපොරොත්තු වන්න.



http://www.budurashmiya.net/2011/01/2.html

2 comments:

Unknown said...

සත්‍ය විග්‍රහයක් දැන්ම ඇති අයට තේරුම් ගැනීම අපහසු නැත

Unknown said...

The King Casino Company - Ventureberg
It was kadangpintar born in https://octcasino.com/ 1934. The Company herzamanindir.com/ offers luxury hotels, If you don't have ventureberg.com/ a poker room in your house, then you'll find a poker room ford escape titanium in the

Post a Comment

Free HTML Blog 4u