විද්‍යාව හා බුදු දහම බ්ලොග් අඩවියට පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමි. හිතවත, සියලු ආගම් එකයැයිද, සියල්ලෙන්ම කියැවෙන්නේ හොද නරක පමණක් යැයිද, අපායත් දෙව්ලොවත් ඇත්තේ මෙලොව යැයිද අඥාන මිනිසුන් විසින් වහසි බස් දොඩනු අප අසා ඇත. සියලු දේ විද්‍යාවෙන් මනින්නටත් විද්‍යාව, වන්දනා කිරීමටත් විද්‍යාව යන වචනයෙහි තේරුමවත් නොදත්තෝ උත්සාහ කරති. පාලුගෙයි වළං බිදින ලෙසින් ආගම දහම ගැන කිසිවක් නොදත් අ‍නෙක් මිනිසුන් මුව අයා බලාසිටිමින් ඔවුන් වීරයන් කරති. පොත පතක් කියවා අබ ඇටයක් තරමින්වත් මනස වර්ධනය කරගත්තවුන් සිටීනම් මෙවන් අනාර්ය වූත් අනර්ථ වූත් කතිකාවන් නොකරති. විද්‍යාව යනු බුදු දහම ඉදිරියේ හිමාලය අසල ඇති අබ ඇටයක් තරම්වත් නොගිණිය හැකි ශිල්පයක් බව දහම අවබෝධ කරගත්තෝ දනිති. යමක් විද්‍යාවෙන් ඔප්පු නොවන්නේ විද්‍යාව දුර්වල නිසා මිස බුදු දහමේ අඩුවක් නිසා නොවේ. එහෙත් පහත් මානසිකත්වය ඇත්තන්ට සත්‍යය දැනගනු වස් මෙවන් වෙබ් පිටුවක් නිර්මාණය කලෙමි. බුද්ධිමත් ඔබද මෙ කියවා සත්‍යය දැකගන්න. මෙහි ඇත්තේ උපුටාගත් ලිපිය. එය උපුටා ගත් ස්ථානය ඒ ඒ ලිපිය අවසානයේ පැහැදිලිව සටහන් කර ඇත. විද්‍යාව හා බුදු දහම සම්බන්ධව ලියැවුන ලිපි එක්තැන් කිරීම මෙහි අරමුණ වේ.

Wednesday, January 11, 2012

ලොව උපත සිදුවුයේ කෙසේද? නුතන මිනිසා ඇතිවු සැටි. 3 කොටස


ප්‍රිය මිතුරනේ, මෙම ලිපියෙන් ලොව විනාස වන තැන සිට ජීවය හටගන්නා ආකාරය ගැන බුදු දහමින් ප්‍රකාශිකය දක්වන බව සඳහන් කලා. මේ සුදානමි වන්නේ ඒ පිළිබඳව සඳහන් කිරිමටයි. ඊට මත්තෙන්, මින් පෙර ලිපි දෙකින් පළමු ලිපියෙන් ලොව ආරමිභය පිළිබඳව අද දිනය වන විට ඇති විද්‍යාත්මක මතයන් හා ආගමික මතයන් පිළිබඳව විස්තරයක් කලා ඔබට මතක ඇති. දෙවන ලිපියෙන් කරැණු දක්වා තිබෙන්නේ ඒම මතයන් වලට මිනිසුන් බැසගන්නේ කවර  හේතුන් නිසාද යන්න බුදුරජානන්වහන්සේ පාඨික සුත්‍රයේ දේශනා කර ඇති ආකාරයට අනුවයි. මෙම ලිපි කියවු ඔබට පහත කරැණු පහසුවෙන් තේරැමි යනවා ඇති.

නුතන විදයාව මඟින් තරයේ පිළිගනු ලබන්නාවු ලොව ජීවය ඇතිවිම පිළිබඳ වාදය වන්නේ ජීවය වෙනත් ස්ථානයකින් අප ලොකයට පැමිණියේය යන්න වේ. මෙම වාදය මගින් විස්තර කරනුයේ අභ්‍යාවකාශයේ කොතනක හෝ සිට පැමිණි ජීවි සෛලයන්/(සෛලමය) සත්ත්වයින් මඟින් වර්ථමාන ජීවින් සකස් වු බවය. එසේ වුවුද සෑම වාදයකටම පක්ෂ පිරිස් හා ප්‍රතිපක්ෂ පිරිස් ඇත.මෙම වාදයටද ප්‍රතිපක්ෂ පිරිස් සිටිති. ඔවුන් කියා සිටින්නේ කුමන ආකාරයකින් හෝ සෛලමය සත්ත්වයින් පෘථිවිය මතට පැමිණියාය යන්න පිළිගත්තද, නුතන මිනිසා එම සෛලයන් විකරණය විමෙන් හෝ විකෘතිවිමෙන් හෝ පරිණාමනය වීමෙන් හෝ ඇතිවු බව පිළිගත නොහැකි බවයි. එයට හේතුව වන්නේ පරිණාමය පිළිබඳව අධ්‍යනයේදී මෙසේ සෛලයක් සංකීර්ණ මිනිසෙකු බවට පත්විමට ගතවන කාලයට වඩා ඉතා කුඩා කාලයක් තුල නුතන මිනිසා බිහිව තිබිමයි. එබැවින් සමිපුර්ණ මිනිසාම වෙනත් ලොවක සිට පෘථිවිය ආක්‍රමණය කලේ යැයි ඔවුන් කරැණු ඉදිරිපත් කරති. කෙසේ වුවද,
නුතනයේ වඩාත්ම පිළිගත් මත දෙක වන්නේ මෙම මත දෙකයි. මේ සදහන් කලේ ජීවයේ උපත පිලිබඳව නූතන විද්‍යාවේ පිළිගන්නා කරැණු පිළිබඳව සරල විස්තරයක්. 

දැන් යොමු වෙන්න සුදානම, මිනිසාගේ ආරමිභය පිළිබඳව බුදු රජානන්වහන්සේ විසින් දේශනා කරන ලද කරැණු වෙතටයි. මේ ගැන සඳහන් වන්නේ දිග් සඟියේ 27 වන අග්ගඤ්ඤ සුත්‍රයෙයි. (කොටස් අඩු කොට සංශේප කර ඇත)


ලොව නැවත සකස් වීම
වාසිටිඨයෙනි, දිගු කලක් ගෙවීමෙන් කවදා හෝ මේ ලොව නැසෙන කාලයක් වෙයි. ලොව නැසෙන කල්හි සත්ත්වයෝ බෙහෙවින් අභස්සර බ්‍රහ්ම ලොව උපදිති. ඔවුහු ප්‍රීතිය ආහාර කර ගනිමින් වාසය කරයි. තම ශරීර ආලොකයෙන් තමාම බැබලෙයි. අහසේ යෙත් සුභස්ථායි වු ඔවුහු දිගුකලක් වෙසෙයි.

වාසිටිඨයෙනි, ඒ කාලයේ අදුර එකම අඳුරැ කඳකි. සඳ හිරැ නොපෙනේ. නැකත් තරැ රෑ දහවල් නොපෙනෙයි.දින සති මාස නොපෙනෙයි. සෘතු අවුරැදු නොපෙනෙයි ස්ත්‍රීන් පුරැෂයෝ නෙපෙනෙත්. සත්ත්වයින් "සත්තු" කියාම ව්‍යවහාර වෙත්. අනතුරැව වාසිටිඨයෙනි, දිගුකලකින් පසුව කිසියමි දිනක ජලය මත්තේ රස පොළව හට ගන්නා ලදි. යමිසේ උණු කල කිරි නිවෙන විට මත්තෙහි යොදය හට ගනිත්ද, එසේ එය පහල විය. එය පැහැපත්විය. සුවඳවත් විය. රසවත්විය. එය මනා ලෙස සැකසු ගිතෙල් යමි සේ ද, මනා ලෙස සැකසු වෙඩරැ යමිසේද, එබදුය පැහැපත්ය. පිළවුන් නැති මී වදයක් මෙන් රසවත්ය.

ඉක්බිති එක් කෑදර සතෙක් "පින්වත්නි මේ කිමක්දැයි කියා රස පොළව ඇඟිල්ලෙන් ගෙන රස බලන ඔහුට ආශ්වාදයක් ඇති විය. ඔහුට තෘශ්ණාවද ඇති විය.

සඳ හිරැ ආදිය පහළ වීම.
වාසිටිඨයෙනි, ඉක්බිති ඒ සත්තු රස පොළව ගුලිකොට ගන්නට පටන් ගන්නා ලදි. එවිට ඒ සත්ත්වයිනේ ශරිර ආලොකය අතුරැචහන් විය. ශරීරාලොකය අතුරැදහන් වූ විට සඳ හිරැ පහළ විය. සඳ හිරැ පහල වූ විට නැකත් තරැ පහළ විය.රෑ දහවල් ඇති විය. සති මාස ඇති විය. සති මාස ඇතිවු විට සෘතු අවුරැදු ඇතිවිය. වාසිටිඨයෙනි, මෙසේ මේ ලොව නැවත පහළ විය.

සත්ත්ව ශරීර දෘඩ වීම
වාසිටිඨයෙනි, ඉක්බිති ඒ සත්ත්වයෝ රස පොළව අනුභව කරමින් එයම කමින්,ආහාරයට ගනිමින් දිගු කලක් විසීය. වාසිටිඨයෙනි, යමිතාක් ඒ සත්තු රස පොළව අනුභව කරමින්, එය කමින්, එය ආහාරයට ගනිමින් දිගුකලක් වසන කල ඒ තාක් ඒ රස පොළව අනුභව කරන ඒ සත්ත්වයින්ගේ සිරැරැ රළු විය.පැහැයේ දුර්වර්ණතා ඇති විය.එහි දී ඇතැමි සතෙක් පැහැපත් විය. ඇතැමි සතෙක් දුර්වර්ණ විය. එහි යමි සතෙක් වර්ණවත්ද "ඔවුහු අපි මොවුන්ට වඩා පැහැපත්ය. මොවුන් අපිට වඩා දුර්වර්ණය" කියමින් දුර්වර්ණ සතුන් හෙලා දකිති. මානය, අතිමානය, ස්වභාව කොට ඇත්තාවු ඒ සත්ත්වයින්ගේ පැහැය පිළිබඳ අති මානය හේතුවෙන්, රස පොළව අතුරැදහන් විය. රස පොළව අතුරැදහන් වු විට ඒ සත්ත්වයින් රැස්ව "අහෝ රසය, අහෝ රසය" යැයි මැසවිලි කීය. දැනුදු මිනිස්සු යමි රසයක් ලද විට "අහෝ රසයි. අහෝ රසයි" කියති. එසේ කියනුයේ පැරණි මුලික වචනය සිහි කරමිනි. එනමුත් ඔවුන් එහි අර්ථය නමි නොදනිත්.

බිමි හතු පහල වීම
වාසිටිඨයෙනි, අස පොළව අතුරැදහන් වු විට ඒ සත්ත්වයින්ට බිමි හතු පහල විය. නයි හතු යමි සේ හට ගනිත්ද ඒ අයුරෙන්ම බිමි හතු පහල විය. එය පැහැපත්ද සුවදවත්ද රසවත්ද විය.මනා ලෙස සැකසු ගිතෙල් යමි සේ ද, මනා ලෙස සැකසු වෙඩරැ යමිසේද, එබදුය පැහැපත්ය. පිළවුන් නැති මී වදයක් මෙන් රසවත්ය.

වාසිටිඨයෙනි, ඉක්බිති ඒ සත්ත්වයෝ බිමිහතු අනුභව කරමින් එයම කමින්,ආහාරයට ගනිමින් දිගු කලක් විසීය. වාසිටිඨයෙනි, යමිතාක් ඒ සත්තු බිමිහතු අනුභව කරමින්, එය කමින්, එය ආහාරයට ගනිමින් දිගුකලක් වසන කල ඒ තාක් ඒ බිමිහතු අනුභව කරන ඒ සත්ත්වයින්ගේ සිරැරැ රළු විය.පැහැයේ දුර්වර්ණතා ඇති විය.එහි දී ඇතැමි සතෙක් පැහැපත් විය. ඇතැමි සතෙක් දුර්වර්ණ විය. එහි යමි සතෙක් වර්ණවත්ද "ඔවුහු අපි මොවුන්ට වඩා පැහැපත්ය. මොවුන් අපිට වඩා දුර්වර්ණය" කියමින් දුර්වර්ණ සතුන් හෙලා දකිති. මානය, අතිමානය, ස්වභාව කොට ඇත්තාවු ඒ සත්ත්වයින්ගේ පැහැය පිළිබඳ අති මානය හේතුවෙන්, බිමිහතු අතුරැදහන් විය.

බදාලතා පහලවීම
බිමි හතු අතුරැදහන් වු විට ඒ සත්ත්වයින්ට බදාලතා නමි වැල් වර්ගයක් පහල විය.(කලමිබුකා) විල්පලා යමි සේ පහල වේද, එසේම බදාලතා පහල විය.එය පැහැපත්ද සුවදවත්ද රසවත්ද විය.මනා ලෙස සැකසු ගිතෙල් යමි සේ ද, මනා ලෙස සැකසු වෙඩරැ යමිසේද, එබදුය පැහැපත්ය. පිළවුන් නැති මී වදයක් මෙන් රසවත්ය. ඉක්බිතිව ඒ සත්තු බදාලතා අනුභව කරන්නට පටන් ගත්හ.

වාසිටිඨයෙනි, ඉක්බිති ඒ සත්ත්වයෝ බදාලතා අනුභව කරමින් එයම කමින්,අාහාරයට ගනිමින් දිගු කලක් විසීය. වාසිටිඨයෙනි,යමිතාක් ඒ සත්තු බදාලතා අනුභව කරමින්, එය කමින්, එය ආහාරයට ගනිමින් දිගුකලක් වසන කල ඒ තාක් ඒ බදාලතා අනුභව කරන ඒ සත්ත්වයින්ගේ සිරැරැ තව තවත් රළු විය.පැහැයේ දුර්වර්ණතා ඇති විය.එහි දී ඇතැමි සතෙක් පැහැපත් විය. ඇතැමි සතෙක් දුර්වර්ණ විය. එහි යමි සතෙක් වර්ණවත්ද "ඔවුහු අපි මොවුන්ට වඩා පැහැපත්ය.මොවුන් අපිට වඩා දුර්වර්ණය" කියමින් දුර්වර්ණ සතුන් හෙලා දකිති. මානය, අතිමානය, ස්වභාව කොට ඇත්තාවු ඒ සත්ත්වයින්ගේ පැහැය පිළිබඳ අති මානය හේතුවෙන්, බදාලතා අතුරැදහන් විය. රස පොළව අතුරැදහන් වු විට ඒ සත්ත්වයින් රැස්ව අපට තිබුණ බදාලතා නැතිවිය කියා මැසවිලි කීය. දැනුදු මිනිස්සු යමි දුකක් ඇතිවු විට "අපට තිබු බදාලතාව නැතිවිය යැයි" කියති. එසේ කියනුයේ පැරණි මුලික වචනය සිහි කරමිනි. එනමුත් ඔවුන් එහි අර්ථය නමි නොදනිත්.

සයංජාත හැල් පහලවීම
වාසිටිඨයෙනි, බදාලතා අතුරැදහන් වූ විට ඒ සතුන්ට ඉබේ වැවුන, කුරැටු නැති, දහයියා නැති සුදු සුවඳවත් සහල් ඇටම ඵලදරන හැල් වී පහල විය. ඔවුන් ඉන් සවස අහරට යමි පමණක් ගනීද, පසුදා උදය වන විට එය ඒපමණට නැවත වැඩී පැසෙයි. උදේ ආහාරයට ඔවුන් ඉන් යමි පමණක්  ගනීද, සවස් වන විට එය නැවත වැඩී පැසෙයි. එහි අඩුවීමක් නමි නොපෙනෙයි. වාසිටිඨයෙනි, මෙසේ මේ සතුන් ඉබේ වැවුන හැල් අනුභව කරමින්, එය කමින්, එය ආහාරයට ගනිමින්, දිගුකලක් සිටියහ.

ලිඟු පහල වීම.
යමිතාක් වාසිටිඨයෙනි, ඒ සත්තු ඉබේ වැඩෙන හැල් අනුභව කරමින්, කමින්, අහරට ගනිමින් දිගු කලක් වාසයකරනා විට, එතෙක් ඒ සතුන්ගේ සිරැරැ බෙහෙවින් රළු විය. පැහැය විවර්ණවීමිද විය. අයෙකුට ස්ත්‍රී ලිංගයන්ද, අයෙකුට පුරැෂ ලිංගයන්ද පහල විය. ඔවුන් හැහැනුන් පිරිමින් නමි විය. ගැහැණියද බොහෝ වෙලා පිරිමියා දෙස බලා සිටී, පිරිමියාද බොහෝ වෙලා ගැහැණිය දෙස බලා සිටින්නට විය. බොහෝ වෙලා එකි නෙකා දෙස බලා සිටිනා ඔවුන්ට රාගය ඇතිවිය. සිරැරේ දාහය ඇතිවිය. ඔවුහු දාහය නිසා සංසර්ගයේ යෙදුනාහ.අනතුරැව වාසිටිටයෙනි, ඒ සත්තු ඔවුන් අතරින් සංස‍ර්ගයේ යෙදෙනවුන් දැක, පස් විසිකරත්, ඇතමෙක් අළු විසිකරත්, වසලිය නැහිය (මැරිය) කෙසේ නමි සතෙක් තවත් සතෙක්ට මෙබන්දක් කරයිද? යි කියත්. දැනුදු ඇතැමි ජනපදයක කුමරියක් විවාහ කර දෙන විට, අයෙක් පස් දමත්, අයෙක් අළු දමත්, අයෙක් ගොම දමා ගසත්, ඒ පැරණි මුලික වචනම සිහි කර එසේ කරතත් ඔවුන් එහි අර්ථය නමි නොදනිත්.

"වාසිටිඨයෙනි, එකල අධර්මය යැයි සමිමත දෙය මෙකල ධර්මය යැයි සමිමතය. වාසිටිඨයෛනි, එකල යමි සත්ත්වයෙක් මෙවුන්දමෙහි යෙදෙත් නමි, ඔවුහු මසක් දෙකක් යනතුරැ ගමකට නියමි ගමකට ඇතුළු වන්නට අවසර නොලබත්,

වාසෙටිඨයෙනි, එකල සත්තු බොහෝ වේලාවක් අසද්ධර්මයෙහි (එකල අසද්ධර්මය වු ලිංගික සංසර්ගයේ යෙදිම) යෙදෙන්නට විය. ඒ අසද්ධර්මය වසං කිරිමට ගෙවල් තනන්ට පටන් ගත්හ.

වාසිටිඨයෙනි, ඉක්බිති එක් කමිමැලි සතෙකුට මෙසේ සිතිනි. "සවස ආහාර සඳහා සවසටත්, උදේ ආහාර සඳහා ෑදේටත් හැල් ගෙන එමින් මම මෙසේ කුමට වෙහෙසෙමිද? එක වරම උදේ සවස ආහාරයට සෑහෙන්න හැල් ධාන්‍ය ගෙනාවේය. 

ඉක්බිති අනෙක් සතෙක්  ඒ අය වෙත ගොස් "යහව එන්න හැල් ගෙන ඒමට යුමුයි" කීය.මට අවශ්‍ය නැත මම උදේ සවස දෙකටම අවශ්‍ය හැල් ගෙන ලද්දෙමියි ඔහු කීය. වාසිටිඨයෙනි එවිට ඒ සත්ත්වයා අනිකා අනුගමනය කර උදේ සවස දෙකටම ප්‍රමාණවත් පරිදි හැල් එකවර ගෙන එන ලදි.එවිට තවත් සතෙක් ඕ වෙත පැමිණ එන්න මිත්‍රය හැල් ගෙන එන්නට යුයි කීය. එවිට ඒ සත්තවයා අවශ්‍ය නෑ මිතුර මම දින දෙකකට ප්‍රමාණවත් හැල් ගෙන එන ලද්දෙමියි කීය. "එයත් හොදයි මිතුර " යැයි කියමින් අනිකා දින 04 කට ප්‍රමාණවත් පරිදි හැල් ගෙන එන ලදි. ඔහු අනුගමනය කල අනිකෙක් දින 08 කට ප්‍රමාණවත් පරිදි හැල් ගෙන එන ලදි.මෙසේ ඒ සත්ත්වයින් හැල් ධාන්‍ය රැස්කර අනුභව කරන්නට වන් කල්හි එහි දහයියාද කුඩුද ඇතිවිය. තවත් කලකට පසු හැල් කැපූ තැන නැවත කරල් හට නොගන්නා ලදි. තැන තැන පදුරැ ලෙස පැල හටගති.

හැල් බෙදීම

වාසිටිඨයෙනි ඉක්බිති ඒ සත්ත්වයෝ රැස්ව මෙසේ කථිකා කලහ. "පින්වත්නි සතුන් අතර පහත් ගති පහල විය. අපි පෙර ප්‍රීතිය බුදිමින් ශරීරාලොකය ඇතිව අහසේ යමින් දිගු කලක් විසීමු. දිගු කලකට පසු ඒ අපට රස පොළව දියෙහි මතුවිය. ඒ අපි රස පොළව ගුලි කොට කන්නට පටන් ගතිමු. එවිට අපේ ශරීරාලොකය අතුරැදහන් විය. එය අතුරැදහන් වු විට සඳ හිරැ පහල විය. සඳ හිරැ පහල වු විට නැකත් තරැ පහළ විය. නැකත් තරැ පහල වු විට රෑ දහවල් පහල විය. සති මාස ඇති විය සෘතු අවුරැදු ඇතිවිය. අපි ඒ රස පො‍ළව අනුභව කරමින් දිගු කලක් වාසය කලෙමු.ඒ අපට පහත් ගති පහළ  වු නිසා රස පොළව අතුරැදහන් විය. එවිට බිමි හතු පහල විය. එය වර්ණවත් විය රසවත් විය සුවඳවත් විය. අපි ඒ බිමි හතු අනුභවයට පටන් ගන්නා ලදිමු. එවිට බිමි හතු අතුරැදහන් විය. එවිට බදාලතා පහල විය.අපි බදාලතා බුදුමින් දිගු කලක් විසීමු. ඒ අපට පහත් ගති පහල වීමෙන් බදා ලතා අතුරැදහන් විය. එවිට කුඩු නැති, දහයියා නැති, සුවදවත් ඉබේ වැවෙන හැල් පහල විය. මිනිසුන්ගේ පහත් ගති ඇතිවිම නිසා සහලේ කුඩු ඇතිවිය, දහයියා ඇතිවිය. කැපුවිට නැවත නොවැඩින. අඩුවු බව දිස් විය. හැල් පුදුරැ පදුරැ සේ වෙන් විය.අපි හැල් බෙදාගතහොත් යෙහෙකි. සිමා නියම කර ගමු. ඉක්බිති වාටිටිඨයෙන්,ඒ සත්තු හැල් බෙදාගත්හ සීමා තැබුහ.

පහත් ගති උග්‍ර වීම
වාසිටිඨයෙනි, මෙසේ කලකදී එක් කෑදර සතෙක් තම කොටස ඉතිරි කර නුදුන් අනික් කොටසක් ගෙන අනුභව කලේය. "අනිත් අය සොරා අල්ලා ගෙන, "යහළුව තම කොටස ඉතිරිකර ගෙන නුදුන් අනික් කොටසක් ගෙන අනුභව කල තෝ පහත්  වැඩක් කලෙහිය. යහළුව නැවත මෙබන්දක් නොකරව යැයි කීය".

වාසිටිඨයෙනි ඔහු හොදයි යහළුව කියා ඔවුන්ට උත්තර දුන්නේය.නමුත් දෙවනිවද ඒ සත්ත්වයා තමාගේ කොටස ඉතිරි කර අන් කොටසක් සොරෙන් ගෙන අනුභව කරන්නට විය. දෙවන වරද අනිත් සත්ත්වයින් පෙර සේම කි කල යහපතැයි ගිවිසගන්නා ලදි.

නමුත් ඕ තෙවනුවද සොරකම් කරන ලදි. එවිට අන්ත් සත්ත්වයින් ඕ අල්වාගෙන. යහළුව නුඔ නොදුන් දේ ගැනීමෙන් පහත් ක්‍රියාවක් කරන්නෙහිය. නැවත මෙබන්දක් නොකරවයි ඇතමෙක් ඔහුට අතින් ගැසීය. ඇතමෙක් කැට කැබිලිති වලින් ගැසීය. ඇතමෙක් දඩු මුගුරින් ගැසීය. වාසිටිඨයෙනි, එතැන් පටන් නුදුන් දේ ගැනිම හෙටත් සොරකම ඇතිවිය.ගැරහුම ඇතිවිය බොරැ කීම ඇති විය. පහර දීම් ඇතිවිය.

මහාසමිමිත රජ
වාසිටිඨයෙනි, ඉක්බිති ඒ සත්තු රැස්ව මෙසේ කථිකා කලහ. පින්වත්නි, සත්ත්යින් වෙත පහත් ගති පහල විය. නුදුන් දේ ගැණිම ඇති විය. ගැරහුම ඇතිවිය. බොරැකීම ඇතිවිය. දඩුවම ඇතිවිය. අපි ගැරහිය යුත්තාට සුදුසු සේ ගරහන, නින්දා කල යුත්තාට සුදුසු සේ නින්දා කරන, නෙරපිය යුත්තා සුදුසු සේ නෙරපන, එක් තැනැත්තෙකු සමිමත කර ගිනිමු. එසේ කිරිම වෙනුවෙන් අපි ඔහුට හැල් කොටසක් බැගින් දෙමුයි, කථිකා කලහ. ඔවුහු ඔවුන් අතරෙහි, රෑමත්,දැකුමිකළු, ප්‍රසන්න, තෙදවත් සත්ත්වයෙකු වෙත ගොස් මෙසේ කිය. පින්වත එන්න, ගැරහිය යුත්තාට සුදුසු සේ ගරහන්න, නින්දා කල යුත්තාට සුදුසු සේ නින්දා කරන්න. නෙරපිය යුත්තා සුදුසු සේ නෙරපන්න. අපි ඔබට හැල් කොටසක් දෙමුයි කිය.

"හොදයි යහළුවෙනියි" ඒ සත්ත්වයා ඔවුනට පිළිතුරැ දී නින්දා කල යුත්තාට සුදුසු සේ නින්දා කලෙය. ගැරහිය යුත්තාට සුදුසු සේ හැරහීය. නෙරපිය යුත්තා සුදුසු සේ නෙරපීය. ඔවුහු හැල් කොටසක් ඔහුට දිනි. වාසිටිඨයෙන්, මෙසේ මහාජන සමිමිතය ඇතිවුයෙන් "මහාසමිමතෝ, මහා සමිමතෝ යන පළමු වචනය පහල විය"

ක්ෂත්‍රියන් ඇතිවිම.

කෙත්වල අධිපතියා යන තේරැම යටතේ "ක්ෂත්‍රිය ක්ෂත්‍රිය" යන දෙවන වදන පහල විය. ධර්මයෙන් අනුන් පැහැපත් කරතියි යන අර්ථයෙන් "රජ රජ" යන තෙවන වචනය පහල විය.මෙසේ ක්ෂත්‍රිය පිරිසට පැරණි මුලික කරැනෙන් (සංඥා නාම) නාමයන් ඇතිවිය. එය ඇතිවුයේ ඒ සතුන්ටමය. අන්‍යන්ට නොවේ.සමාන වුවන්ටමය. එබදු නොවුවන්ට නෙවේ. ධර්මයෙන්මය අධර්මයෙන් නොව්. වාසිටිඨයෙනි මෙළොවත් පරළොවත් මේ ජනයාට ධර්මයම ශ්‍රේෂ්ඨය.

බ්‍රාහ්මණ පිරිස ඇතිවීම.
වාසිටිඨයෙනි ඒ සතුන් අතරම ඇතමෙක්ම මෙසේ සිතිනි. සතුන් අතර පහත් ගති පහල විය.නුදුන් දේ ගැනීම දිස්වේ,බොරැ කීම දිස්වේ, දඩුවමි දිස්වේ, ගැරහීම දිස්වේ. අපි මෙම පහත් අකුසල් බැහැර කරමු නමි මැනවැයි සිතා ඔවුන් එම අකුසල් බැහැර කරන ලදි. පහත් අකුසල් ධර්ම දුරැ කරන්නොය යන අර්ථයෙන් "භ්‍රාහ්මණ බ්‍රාහ්මණ" යැයි මුල් වදන ඇතිවිය. ඔවුන් වන පෙත් වල පන්සල් වඩා ධ්‍යාන වඩත්, නොඋයන, ධාන්‍ය නොකොටන, නොතමිබන ඔවුහු සවස් වරැවේ සවස කෑම සඳහාද, දහවල් වරැවේ දහවල් කෑම සඳහාද ආහාර සොයමින් ගමි නියමිගමිරාජධානි වලට යත්. ඔවුහු ආහාර ලැබ, නැවත වනපෙත් වල පන්සල් වල ධ්‍යාන වඩත්. මිනිසුන් මොවුන් දැක මෙය "ධ්‍යානයක ධ්‍යානයක" යනුවෙන් දෙවන වදන ඇතිවිය. ඒ සතුන් අතරම ඇතමෙක් පන්සල් වල ධ්‍යාන වඩනු නොහැකිව, ගමි නියමි ගමි අසලට අවුත් ග්‍රන්ථ කරමින් සිටිත්. මිනිසුන් මොවුන් දැක මෙසේ කියත්. දැන් මොවුන් ධ්‍යාන නොකරත්, ධ්‍යාන නොකරත් මෙසේ "අධ්‍යායක" නමි තෙවන වදන ඇතිවිය.

එකල පහත් යැයි සමිමත දෙයක් වී නමි අද එය ශ්‍රේෂ්ඨ යැයි සමිමතය.වාසිටිඨයෙන්, මෙසේ පුරාණ මුලික වචන වලින් මේ භාහ්මණ පිරිස ඇතිවිය. එය ඇතිවුයේ ඒ සතුන්ටමය. අන්‍යන්ට නොවේ.සමාන වුවන්ටමය. එබදු නොවුවන්ට නෙවේ. ධර්මයෙන්මය අධර්මයෙන් නොව්. වාසිටිඨයෙනි මෙළොවත් පරළොවත් මේ ජනයාට ධර්මයම ශ්‍රේෂ්ඨය.

වෛශ්‍ය පිරිස ඇතිවීම.

වාසිටිඨයෙනි එම සතුන්ගෙන්ම ඇතැමි සතෙක් මෙවුන්දමිහි යෙදෙමින්ම විවිධ කර්මාන්ත කලහ. මෙවුන්දමිහි යෙදෙමින් විවිධ කර්මාන්ත කෙරෙතියි යන අර්ථයෙන් ,"වෛශ්‍ය වෛශ්‍ය" යන වචනය ඇතිවිය. වාසිටිඨයෙන්, මෙසේ පුරාණ මුලික වචන වලින් මේ වෛශ්‍ය පිරිස ඇතිවිය. එය ඇතිවුයේ ඒ සතුන්ටමය. අන්‍යන්ට නොවේ.සමාන වුවන්ටමය. එබදු නොවුවන්ට නෙවේ. ධර්මයෙන්මය අධර්මයෙන් නොව්. වාසිටිඨයෙනි මෙළොවත් පරළොවත් මේ ජනයාට ධර්මයම ශ්‍රේෂ්ඨය.

ශුද්‍ර පිරිස ඇතිවිම.
වාසිටිඨයෙනි ඒ සතුන්ගෙන්ම ඇතැමි පිරිසක් රෞද්‍ර හැසිරීමි ඇත්තෝ වූහ. රැදුරැ හැසිරිමි ඇත්තොය. නපුරැ ආචාර ධර්ම, නපුරැ ආචාර ධර්ම යැයි කියා "ක්ෂුද්‍ර ක්ෂුද්‍ර" යැයි මුලික වචනය ඇතිවිය. වාසිටිඨයෙන්, මෙසේ පුරාණ මුලික වචන වලින් මේ ක්ෂුද්‍ර පිරිස ඇතිවිය. එය ඇතිවුයේ ඒ සතුන්ටමය. අන්‍යන්ට නොවේ.සමාන වුවන්ටමය. එබදු නොවුවන්ට නෙවේ. ධර්මයෙන්මය අධර්මයෙන් නොව්. වාසිටිඨයෙනි මෙළොවත් පරළොවත් මේ ජනයාට ධර්මයම ශ්‍රේෂ්ඨය.

ශ්‍රමණ පිරිස ඇතිවීම
අනතුරැව වාසිටිඨයෙනි ක්ෂත්‍රියයා ද තම ධර්මයට ගරහමින් (රජකමි හැර දා) ගිහිගෙයින් නික්ම මහණ වෙමුයි අනගාරිකව පැවිදි වන කාලයක් විය.
බ්‍රාහ්මණයා ද තම ධර්මයට ගරහමින්  ගිහිගෙයින් නික්ම මහණ වෙමුයි අනගාරිකව පැවිදි වන කාලයක් විය. වෛශයයා ද තම ධර්මයට ගරහමින්  ගිහිගෙයින් නික්ම මහණ වෙමුයි අනගාරිකව පැවිදි වන කාලයක් විය. ක්ෂුද්‍රයා ද තම ධර්මයට ගරහමින්  ගිහිගෙයින් නික්ම මහණ වෙමුයි අනගාරිකව පැවිදි වන කාලයක් විය. මේ සිවි පිරිසෙන් ශ්‍රමණ පිරිස ඇතිවිම විය.ඒත් මුලදි කි  ජනයාමය(සතුන්මය). අන්‍යන් නොවේ.සමාන වුවන්මය. එබදු නොවුවන් නෙවේ. ධර්මයෙන්මය අධර්මයෙන් නොව්. වාසිටිඨයෙනි මෙළොවත් පරළොවත් මේ ජනයාට ධර්මයම ශ්‍රේෂ්ඨය. 

මේ දක්වන ලද්දේ සත්ත්වයන් හා ශිෂ්ඨාචාරය ඇතිවිම පිළිබඳව බුදු දහමින් විස්තර කර ඇතියයි. මෙය මෙසේ සංශිප්ත වුවුද එය වසර 100 කින් 1000 කින් වුවුක් සේ නොසැලකිය යුතුය. බොහෝ කාලයක් වු සිදුවිම ලඝු කොට තථාගතයානන්වහන්සේ මෙසේ දේශනා කර ඇත.

මෙසේ මෙම ප්‍රවෘත්තිය තථාගතයානන් වහන්සේ දේශනා කලේ සත්ත්වයාගේ උපත සිදුවුයේ මෙසේය යැයි කීමට නොවේ. අග්ගඤ්ඤ සුත්‍රයේ මුල් කොටසේ සඳහන් පරිදි බ්‍රාහ්මණයන් අතරින් පැවදිවු වාසිටිඨ හා බාරද්වාජ නමි සාමණේරයන් වහන්සේ දෙනමට ඔවුන් ගේ බමුණු පිරිස, මහබඹුගේ මුඛයෙන් උපන් අප උසස් කුලය හැර දමා බමුණු  පුත්‍රයින් වූ නුඹලා බඹුගේ පයින් උපන් අපවිත්‍ර දීන මුඩු මහණුන්ගේ හීන කුලයට රිංගාගත්තේය යැයි කියමින් බැණවදිනා බැවි තථාගතයානන්වහන්සේට ඔවුන් දෙනම සැලකර සිටි විට , මෙම බ්‍රාහ්මණ ඇතුළු සිවි පිරිස ඇතිවු සැටි දැක්විම සඳහායි. 

මෙම බ්‍රහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ක්ෂුද්‍ර යන සිවි පිරිස ඒනමින් හැදිනුවුයේ නැතත් මොවුන් අදද එසේම විද්‍යාමානය.  තථාගතයානන්වහන්සේගේ ශ්‍රමණ පිරිස මේ මුල් සිවි පිරිසෙන් සමන්විතය.  මිනිසුන් වශයෙන් අපි සියල්ලෝම වෙනසක් නැති බැවි ඔබට දැන් පැහැදිලි වනු ඇත. අපි මුලික සත්ත්වයින්ගෙන් උපන් රෑප කාය උරැමකරගත්තෝම වෙමු.  මේ පිළිබඳව විද්‍යාත්මක විවරණයක් ඊලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
 
http://www.budurashmiya.net/2011/01/3.html

2 comments:

Wijitha said...

ඉතාමත් වටිනා ලිපියක්. ධර්ම දානය ලබා දුන් ඔබට පින්.

nishansaliya said...

ඉතාම වටිනා ලිපි පෙළක් ... මේ බ්ලොග් එකෙන් මම ගොඩක් දේවල් දැන ගත්තා! බොහොම පිං! තවත් ලියන්න ...

Post a Comment

Free HTML Blog 4u