විද්‍යාව හා බුදු දහම බ්ලොග් අඩවියට පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමි. හිතවත, සියලු ආගම් එකයැයිද, සියල්ලෙන්ම කියැවෙන්නේ හොද නරක පමණක් යැයිද, අපායත් දෙව්ලොවත් ඇත්තේ මෙලොව යැයිද අඥාන මිනිසුන් විසින් වහසි බස් දොඩනු අප අසා ඇත. සියලු දේ විද්‍යාවෙන් මනින්නටත් විද්‍යාව, වන්දනා කිරීමටත් විද්‍යාව යන වචනයෙහි තේරුමවත් නොදත්තෝ උත්සාහ කරති. පාලුගෙයි වළං බිදින ලෙසින් ආගම දහම ගැන කිසිවක් නොදත් අ‍නෙක් මිනිසුන් මුව අයා බලාසිටිමින් ඔවුන් වීරයන් කරති. පොත පතක් කියවා අබ ඇටයක් තරමින්වත් මනස වර්ධනය කරගත්තවුන් සිටීනම් මෙවන් අනාර්ය වූත් අනර්ථ වූත් කතිකාවන් නොකරති. විද්‍යාව යනු බුදු දහම ඉදිරියේ හිමාලය අසල ඇති අබ ඇටයක් තරම්වත් නොගිණිය හැකි ශිල්පයක් බව දහම අවබෝධ කරගත්තෝ දනිති. යමක් විද්‍යාවෙන් ඔප්පු නොවන්නේ විද්‍යාව දුර්වල නිසා මිස බුදු දහමේ අඩුවක් නිසා නොවේ. එහෙත් පහත් මානසිකත්වය ඇත්තන්ට සත්‍යය දැනගනු වස් මෙවන් වෙබ් පිටුවක් නිර්මාණය කලෙමි. බුද්ධිමත් ඔබද මෙ කියවා සත්‍යය දැකගන්න. මෙහි ඇත්තේ උපුටාගත් ලිපිය. එය උපුටා ගත් ස්ථානය ඒ ඒ ලිපිය අවසානයේ පැහැදිලිව සටහන් කර ඇත. විද්‍යාව හා බුදු දහම සම්බන්ධව ලියැවුන ලිපි එක්තැන් කිරීම මෙහි අරමුණ වේ.

Wednesday, January 11, 2012

යන්නේ කොහෙද මල්ලේ පොල් විද්‍යාව සහ නින්ද

යන්නේ කොහෙද මල්ලේ පොල් විද්‍යාව සහ නින්ද


ප්‍රිය මිතුරනේ, අද කතා බහ කරන්න බලාපොරොත්තු වන්නේ බොහොම කුතුහලය දනවන කරැනක් පිළිබඳවයි. ඒ තමයි නින්ද ඇතිවන ආකාරය හා සිහින දකින්නේ කොහොමද යන කාරනාව.



නූතන විද්‍යාව හා යන්නේ කොහෙද මල්ලේ පොල්

නින්ද උපන් දා සිටම අප දන්නා කරැණක් වුවත්, නින්ද ඇතිවන්නේ කෙසේද යන්න පිළිබඳව කෙනෙක් විමසා සිටියහොත් අපට කිමට සිදුවන්නේ එයට පිලිතුරැ සැපයීම නොව නින්දේ ලක්ෂණ, නින්දේ ස්වභාවය, නින්ද ගියාම දැනෙන දේ, නින්ද නොගියාම දැනෙන නොදැනෙන දේ, නින්ද යන්නැත්තං කරන්න ඔන දේ, නින්ද යන වේලාව වට පිටාව ගැන කථා බහ කිරිම විනා නින්ද යන්න ඇතිවන ආකාරය පිළිබඳව සියට සියයක් නිවැරදි විග්‍රහයක් කිරිමට නූතන විද්‍යාව අසමත්ව ඇත. එය එසේ වනවා පමනක් නොව අනාගතයටද නුතන විද්‍යාවට එය කිරිමට නොහැකි වනවා ඇත. එයට හේතුව විද්‍යාවේ දෝෂයක් නොව, නුතන විද්‍යාව සොයන මානයේ නින්ද යන්නය පිළිතුර සොයාගත නොහැකි විමයි. දැන් නූතන විද්‍යාව නින්ද ගැන කියන කරැණු ටිකක් සලකා බලමු. 



සත්ව ලෝකය පුරා නිරීක්ෂණයට ලක්වුණු නින්ද ස්වභාවික කායික විරාමයකි. එය සියලු ක්ෂීරපායී සතුන්ටත් කුරුල්ලන්ටත් උරගයින්ටත් උභය ජීවීන්ට හා මත්ස්‍යයන්ටත් පොදුය.මනුෂ්‍යයින්ටත්, අනෙක් ක්ෂීරපායී සතුන්ටත් අධ්‍යයනයට ලක් වූ මත්ස්‍යයන් කුරුල්ලන් කුහුඹුවන් හා පලතුරු මැස්සන් වැනි අනෙක් සතුන් සැළකිය යුතු පමණකටත් සිය පැවැත්ම සඳහා ක්‍රමවත් නින්දක් අවශ්‍යය. කෙසේ වුවත් එයින් පැහැදිලි වන්නේ කොටසක් පමණි. එසේම ඒවා දැඩි පර්යේෂණයට බඳුන් වී ඇත.

ක්ෂීරපායී සතුන්ගේ, පක්ෂීන්ගේ නින්දේ දී අක්ෂි චලනයේ මිණූම පුළුල් වූ කොටස් දෙකකට බෙදේ.

* වේගවත් අක්ෂි චලනය (Rapid eye movement) (REM) හා
*වේගවත් නොවූ අක්ෂි චලනය සම්බන්ධ නින්ද (Non – rapid movement) (NREM)

එක් එක් කොටසට පැහැදිලිව හඳුනාගත හැකි භෞතික විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක අංග ලක්ෂණ ඇත්තේය. නින්ද ඉදිරියට යන්නේ Rem චක්‍රවලින් හා ( REM = Rapid eye movement) NREM හි
පියවර හතරකිනි.

පියවරවල් / > 2>3>4>3>2> REM

නිදිපෙති වැනි ඖෂධ වර්ග හා මධ්‍යසාරය සහිත බීමවලට නින්දේ සමහර අවස්ථා යටපත් කළ හැකිය. (නින්ද අහිමිවීම බලන්න) විඥානය නැතිවීම මෙහි ප්‍රතිඵලය වන අතර එහි කායික ක්‍රියාකාරකම් ඉටු නොවේ.

‍රෙක්ස්ෂැෆන් සහ කාලෙස් (Rechtschaffen and Kales) 1968 දී පළමුවෙන් නින්දේ විවිධ අවස්ථා හැදෑරීම සඳහා මිණුම් දණ්ඩක් සැළසුම් කළේය. නිද්‍රාජනක ඖෂධ පිළිබඳ ඇමරිකානු ආයතනය 2007 දී මෙම අවස්ථා සැළසුම් කිරීම යාවත්කාලීන ක‍ළේය.
(සිංහල විකිපිඩියාවෙන්)

වැඩිදුර කියවීමි

වැඩිදුර කියවිමිද ඇතුළුව ඉහත කොටස් ‍කියෙවිවා නමි ඉහතින් නූතන විද්‍යාව හා යන්නේ කොහෙද මල්ලේ පොල්  යටතේ සඳහන් කරන්නට යෙදුනු කරැනු  ඔබට ප්‍රත්‍යක්ෂ වනවා ඇති.

එසේ නමි නින්ද ගැන නිවැරදි විග්‍රහයක් සොයා ගන්නේ කොහෙන්ද? 
නුතන විද්‍යාව සොයාගන්නා, සොයාගනිමින් පවතිනා මෙන්ම, තවම සොයා නොගත් බොහෝ කරැනු බුදු දහමින් ප්‍රකාශිතයි. බුද්ධ දර්ශනය තුලින් නින්ද හා නින්ද ඇතිවන ආකාරය පිළිබඳව පුළුල් වුත් බුද්ධි විශය වූත් පිළිතුරක් සොයා ගැනිමට ඔබට හැකිවනු ඇත. අද මේ සුදානම බුද්ධ දර්ශනයට අනුව නින්ද ඇති වන ආකාරය හා සිහින ඇතිවන්නේ කෙසේද යන්න පිළිබඳව විමසුමක් කිරිමටයි. මෙය පිළිබඳව ගැඹුරැ විග්‍රහයක් කරන්නට නමි අභිධර්මයේ සඳහන් කරැණු පුළුල්ව විස්තර කරන්නට සිදු වුවත්, මේ සුදානමි වන්නේ තරමක් පහසු හා ලිහිල් විග්‍රහයක් නමුත් ඌනතාවයකින් තොර විග්‍රහයක් ඉදිරිපත් කරන්නටයි.

මේ ගැන දැනගැනීමට කලින් දැනගත යුතු මුලික කරැණු කිහිපයක් ඇත. දැන් සුදානම ඒ පිළිබඳව සටහන් තබන්නටයි.

භවාංග චිත්තය.
සත්ත්වයෙක් නව භවයක උපත ලබනා කල, ඔහුගේ අතීත භවයේ මරණාසන්න චිත්තයන්‍ට අරමුණු වූ කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත යන තුනෙන් එකක් අරමුණු කොට, භවයේ පළමුවන සිත අතීත භවයේ කර්මයේ විපාක වශයෙන් උපදී.  ඒ සිත උපදීමත් සමඟම සත්ත්වයා උපන්නේය. නැතහොත් අභිනව භවයට පැමිණියේ යැයි කියනු ලබයි. අභිනව භවයේ උපදින්නාවු ඒ සිත අතීත භවය හා නව භවය සමිබන්ධ කරනා බැවින් ප්‍රතිසන්ධි චිත්තය යනුවෙන් හදුන්වනු ලබයි.

සිතක ආයුශ ඉතාම කෙටිය. එබැවින් එය උපන් සැනින් බිදී යයි.  එකක් මත එකක ගොඩ ගසා ඇති වස්තු සමුහයක පහලින් වු වස්තුවක් ඉවතට ඇදීමත් සමඟ වහා ඉහල වු වස්තුව එම ස්ථානයට පැමිනෙන්නාක් මෙන් ප්‍රතිසන්ධි චිත්තය නිරැද්ධ විමත් සමඟ එම සිත හා සර්වාකාරයෙන් සමාන වූ එම ප්‍රතිසන්ධි චිත්තය ගත් අරමුණම ගත් තවත් සිතක් එතනට පැමිණිමි වශයෙන් චිත්ත පරමිපරාවේ අතොරක් නොපෙනෙන ලෙස ඇතිවිම සිදුවෙයි. මෙසේ එම සිත් පරමිපරාව අන් සෑසම සිතක් උපදින අවස්‍ථාවේදීම ද පවතියි. මෙසේ අතොරක් නොමැතිව උපදිනා නාමරෑප පරමිපරාවන් භවය, සත්ත්වයා යනුවෙන් ව්‍යවහාර කරනු ලබයි. එම නාම රෑප පරම්මපරාවේ නොසිදි පැවැත්මට මෙම ප්‍රතිසන්ධි චිත්තයෙන් උපන් සිත් පරමිපරාව  අතිශයෙන් උපකාර වන බැවින් එය භවාංග චිත්තය යැයි හදුන්වනු ලබයි. එනමි භවයේ පැවැත්මට ඉවහල් වන සිත යන අර්ථය මෙයට ඇත. රැපාදී විවිධ අරමුනු ගන්නාවූ, විවිධ ක්‍රියාවන් සිදු කරන්නාවු අන් සෑම සිත්ක්ම භවංග සිත් පරමිපරාවෙන්ම නැග එන්නේය. අන් කරැණක් පිළබඳව සිත් නූපදින්නාවු සෑම අවස්ථාවක දීම මෙම භවාංග සිත් පරමිපරාව නොසිදී පවතියි. මෙම භවංග සිත් පරම්පාරව මූල චිත්තය යනුවෙන්ද, ප්‍රකෘත්ති චිත්තය යැයිද, ව්‍යවහාර වන අතර, විවිධ කරැණු පිළිබදව උපදිනා චිත්ත වීති වලට උප්පත්තිස්ථානය වන බැවින් මනෝ ද්වාරය යැයිද හදුන් වනු ලබයි.  (භවංග චිත්තය පිළිබඳ වැඩි විස්තර සදහා රේරැකානේ චන්දිවිමල හිමියන්ගේ අභිධර්මයේ මුලික කරැනු නමි ග්‍රන්තයේ 51-55 දක්වා පිටු කියවන්න)

දැන් සිහින පෙනිම හා නින්ද ගැන දැන ගැනීමට අවශ්‍ය මුලික කරැනු දන්නා බැවින් ඒ පිලිබඳව සලකා බලමු.

මොකද්ද මේ නින්ද කියන්නේ?
නින්ද කියන දේ ඇතිවන්නේ කෙසේද කියා නොදත්තා වුවත් නින්ද කියන දේ නමි අපි බොහොම හොදින් දන්නා කරැණක්. සෞඛ්‍ය සමිපන්න දිවියක් ගත කිරිම සඳහා ආහාර වලින් ලැබෙන පෝෂනය මෙන්ම දිනකට අවම වශයෙන් පැය 06 හෝ නින්දක් අවශය බව අපි කවුරැත් දන්නා කරැනක්. ඒ වගේම තමයි නිදාගන්න බැරිව ගිය දිනක, ශරිරයට ඇතිවන මහන්සිය තෙහෙටිටුව ගැනත් අමුතුවෙන් සඳහන් කරන්න වුවමනා නෑ. දවසේ වැඩ, කාර්‍යයන් අවසානයේ අතිවන ශරිරික විඩාව ඇති විටත්, බලවත් සිත් තැවුල් සිත් පීඩාවන් ඇති වූ විටත් හොද නින්දක් නිදාගෙන නැගිටිටහම ඒ අමාරැකමි තුරන් වෙලා යන බව අපි දන්නවා. නමුත් මොකද්ද ඇත්තටම මේ නින්ද කියන්නේ? මෙතරමි වැදගත් නින්ද ඇතිවන්නේ කෙසේද?

බුදු දහම නින්ද පිළිබඳව සපයන විවරණය දැන් සලකා බලමු.

(01) චිත්ත චෛතසිකයන්ගේ  ගිලන් බව, අලස බව, මැලි බව  හෝ ගමනාදී ඉරියවි පැවැත්වීම නිසා ඇතිවන තෙහෙටිටුව, ගිලන්වීම ආදිය නිසා ඇතිවන ශාරිරීක පීඩාව සන්සිඳවීම පිනිස හෝ ශරීරයට විවේක ගෙන දීම පිණිස නින්ද ඇති වන්නේය. (02) නින්දට පැමි‍ණිමේ දි මනෝද්වාරික චිත්ත වීථියක් ඉපිද, ඉන්පසු භවාංග පථනය වී ඔහු නින්දට පැමිණෙන්නේය. (03) නින්දට පැමිණිමේ දී කිසිවිට පංච ද්වාරික චිත්තවිථියකින් නින්නදට නොපැමිනේ. (04) නින්දෙන් පිබිදෙන විටද, පංචද්වාරික චිත්ත විථියකින් නොව මනෝ ද්වාරික චිත්තවිථියකින්ම පිබිදීම සිදුවේ.

දැන් මෙම දක්වන ලද කරැනු එකින් එක ගෙන සලකා බලමු.

(01) අලසබව, මැලිබව, ගිලන්බව හා ශාරිරීක පිඩා මෙහි චිත්ත චෛතසිකයන්ගේ  ගිලන් බව, අලස බව, මැලි බව  හෝ ගමනාදී ඉරියවි පැවැත්වීම නිසා ඇතිවන තෙහෙටිටුව, ගිලන්වීම ආදිය නිසා ඇතිවන ශාරිරීක පීඩාව සන්සිඳවීම පිනිස හෝ ශරීරයට විවේක ගෙන දීම පිණිස නින්ද ඇති වන්නේය. යන්න පිලිබඳව විශේෂයෙන් සඳහන් කල යුත්තක් නැත. මේ පිළිබඳව ඉහතින් ද සඳහන් කරන්නට යෙදිනි. මෙහි සිතේ අලස බව නමි සාමාණ්‍ය ව්‍යවහාරයේ කමිමැලි කම ලෙස දැක්විය හැක. මැලි බව නමි පසු බානා ස්වභාවයයි. ගිලන් බව නමි මානසික පිඩා සිත්තැවුල්, වෙහෙස  ආදියයි.මේවා සන්සිදුවිමට තමයි නින්ද ඇති වන්නේ.

(02) මනෝ ද්වාරික චිත්ත වි‍ථි යනු මොනවාද?

අපේ මේ ශරීරය භාහිර ලොකෙයේ සිදුවන සිදුවීමි පිළිබඳව සන්නිවේදනයන් ලබා ගන්නේ ඇස,කන, නාසය, දිව, ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියන්ගෙන් කියලා අපි දන්නවා. මෙම ඉන්ද්‍රියන්  මිනිසුන් නිවසක් තුලට ඇතුළු කරන දොරක් මෙන් භාහිර පරිසරයේ තොරතුරැ අපිට දැනුමි දෙන නිසා මේවා හදුන්වන්නේ ද්වාර කියලා. බුදු දහමේ මෙසේ ද්වාර සයක් විස්තර කරනවා. ඒ තමයි, (01)චක්ඛු ද්වාරය (02)සෝතද්වාරය (03)ඝානද්වාරය (04)ජිවිහාද්වාරය (05)කායද්වාරය (06)මනෝද්වාරය කියන මේ සය. මේ සදොරින් තමයි අපේ සිත් උපදින්නේ.කාර් රථයක තිරිංගය පෑගුවාහම, තිරංග තෙල් (බ්‍රේක් ඔයිල්) මගින් යමි ශක්තියක් සමිප්‍රේශනය වී, රෝද අසල ඇති තිරිංග පද්ධතිය තදවී වාහනය නතර වෙනවා වාගේ මේ ද්වාර සයේ අරමුනු ගැටුනාහම සිත් මාලාවක් උපදිනවා. කාර් රථයේ තිරිංගය පාදයෙන් තද කල අවස්ථාවේ සිට තිරිංග පද්ධතිය තද වීම දක්වා සිදුවන ක්‍රියාදාමය මෙන්.චක්ඛුද්වාරයේ නැතහොත් අසේ රෑපයක් ගැටුන මොහෙකත සිට, චිත් පරමිපරාවක් ඇතිවී නිරැද්ධවී යනවා. ඒ සිත් පරමිපරාව මගින් තමයි ඒ ගන්නා ලද අරමුණ තිරණය කර දිම නමි කාර්‍යය සිදු කර දෙන්නේ. මෙන්න මේ සිත් පරමිපරාවට කියන්නේ චිත්ත විථියක් කියලයි. මෙසේ ඇසෙන් නැතහොත් චක්ඛුද්වාරයෙන් ගන්නා ලද අරමුණක් අරඹයා ඇතිවු සිත් පරපුරක් හදුන්වන්නේ චක්ඛුද්වාර චිත්ත  විතියක් කියලයි. කන නාසය ආදියත් එහෙමමයි. ඉහතින් මනෝ ද්වාරය යනු කුමක්ද යන්න භවාංග සිත විස්තර කිරිමේදි දක්වන්නට යෙදුනා මනෝ ද්වාරික චිත්ථ විථියක් යනු මනසටම මනස අරමුණු විම බව ඔබට පැහැදිලි වනවා ඇති.


උදාහරණයක් ලෙස දැනට වසර කිහිපයකට කලින් ඔබ භාවිතා කරන ලද සුවඳවිලවුන් වර්ගයක් ගැන මේ මොහොතේ සිහිකරනා විට, එහි සුවඳ, වර්ණය ආදිය ඔබට නිවැරදි ලෙස සිහිකරගත හැක. නමුත් ඒ විලවුන් වර්ගය මේ වන විට භෞතිකව ඔබ සමිපයේ නැත එහි සුවද ඔබේ ඝානද්වාරයට දැනෙනු‍යේද නැත. නමුත් මනෝද්වාරයේ උපදින චිත්තවීථියක් මගින් ඔබට එම සුවද විදිය හැක. ඇසට අරමුණ රෑපය මෙන් (ආරමිමණය) මේ මනෝද්වාරය වු භවංග සිතට අරමුන ධමිමාරමිනයයි. ධමිමාරමිමණ යනු, ප්‍රත්‍යුත්පන්න වුත්, අතිත වුත්, අනාගත වුත්,සියළු චිත්ත, චෛතසික හා  කාලවිමුක්ත වු නිර්වාණයද මනෝද්වාරයට හමුවේ. (මේ පිළිබඳව වැඩි විස්තර සඳහා අමරදාස රත්නපාල දොස්තර මහතාගේ අභිධර්මාර්ථ ප්‍රදීපිකා 1 කාණ්ඩය චිත්ත විථි සංහ්‍රහය කියවන්න)

(03) සහ (04) කොටස්

මෙසේ නිදාගැනිමට සුදානමි වන විට මනෝද්වාරික චිත්ත විථියක් ඉපිදී, ඉන්පසු භවාංග සිත් දිගටම හට ගැනිමි වශයෙන් නින්දට පත්වේ. ‍අයෙක් නින්දේ පසු වේ නමි, ඔහුගේ ශුද්ධ භවාංග සිත් පමණක් ඇතිවන අතර. වෙනත් අරමුණු ඇති නොවේ. මේ අනුව නින්ද යනු භවාංග සිත් පමණක් ඇතිවෙමින් පවතින අවස්ථාවක් වෙයි. නින්දෙන් පිබිදිමෙදීද, එය මනෝද්වාරික චිත්ත විථියක්ම අරමුණු කරමින් පිබිදීම සිදුවේ.

මෙසේ මනෝද්වාරික චිත්තවිථියකින්ම පිබිදිම සිදුවෙයි නමි අයෙක් අතින් පයින් සොලවා පිබිදවිමේ දී තත්වය කෙබදු වෙයිද?
 අතින් පයින් සොලවන විට, ඔහුගේ නින්ද බිදිමට ලක් වෙයි. එනමි, මේතාක් වේලා  ඇතිවෙමින් පැවති ශුද්ධ භවාංග චිත්තපරමිපරාව තුලින් පංචද්වාරිකචිත්ත විථි ඇතිවිම ඇරබෙයි. මෙහිදී නිදාසිටි පුද්ගලයා කපිනින්දට පත්වෙයි. වදුරැනින්ද යනුවෙන් හදුන්වන්නේද මෙයයි. එන්මි නින්ද හා නොනින්ද අතර සිටින අවස්ථාවක්. එහිදි ඉන්පසු ඇතිවන මනෝද්වාරික චිත්ථවිතියයක් මඟින් නිදා සිටි පුද්ගලයා අවදිවිම සිදුවෙයි. අතින් පයින් ඇදිමෙන් කලේ මෙතෙක් පැවති ගැඹුරැ නින්ද කපිනින්දක් බවට පත්කොට අවදිවිම පහසු කිරිම පමණි.

නින්ද යනු කුමක්ද යන්න පිලිබඳව ඔබට දැන් යමි අවබෝධයක් ඇති යැයි සිතමි. ඒබැවින් ඊලඟ ලිපියෙන් කපිනින්ද, සිහින දැකිම හා සිහිනෙන් ඇවිදදීම, නන්දෙඩවීම සිදුවන්නේ කෙසේද යන්න සලකා බලමු.

මෙපිනෙන් පහසුම ප්‍රථිපදාවෙන් නිවනම වේවා!!
 
http://www.budurashmiya.net/2011/02/blog-post_27.html

1 comment:

Ven. Balangoda Dhammarathana said...

ඔබට බොහොම පින්....

Post a Comment

Free HTML Blog 4u