විද්‍යාව හා බුදු දහම බ්ලොග් අඩවියට පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමි. හිතවත, සියලු ආගම් එකයැයිද, සියල්ලෙන්ම කියැවෙන්නේ හොද නරක පමණක් යැයිද, අපායත් දෙව්ලොවත් ඇත්තේ මෙලොව යැයිද අඥාන මිනිසුන් විසින් වහසි බස් දොඩනු අප අසා ඇත. සියලු දේ විද්‍යාවෙන් මනින්නටත් විද්‍යාව, වන්දනා කිරීමටත් විද්‍යාව යන වචනයෙහි තේරුමවත් නොදත්තෝ උත්සාහ කරති. පාලුගෙයි වළං බිදින ලෙසින් ආගම දහම ගැන කිසිවක් නොදත් අ‍නෙක් මිනිසුන් මුව අයා බලාසිටිමින් ඔවුන් වීරයන් කරති. පොත පතක් කියවා අබ ඇටයක් තරමින්වත් මනස වර්ධනය කරගත්තවුන් සිටීනම් මෙවන් අනාර්ය වූත් අනර්ථ වූත් කතිකාවන් නොකරති. විද්‍යාව යනු බුදු දහම ඉදිරියේ හිමාලය අසල ඇති අබ ඇටයක් තරම්වත් නොගිණිය හැකි ශිල්පයක් බව දහම අවබෝධ කරගත්තෝ දනිති. යමක් විද්‍යාවෙන් ඔප්පු නොවන්නේ විද්‍යාව දුර්වල නිසා මිස බුදු දහමේ අඩුවක් නිසා නොවේ. එහෙත් පහත් මානසිකත්වය ඇත්තන්ට සත්‍යය දැනගනු වස් මෙවන් වෙබ් පිටුවක් නිර්මාණය කලෙමි. බුද්ධිමත් ඔබද මෙ කියවා සත්‍යය දැකගන්න. මෙහි ඇත්තේ උපුටාගත් ලිපිය. එය උපුටා ගත් ස්ථානය ඒ ඒ ලිපිය අවසානයේ පැහැදිලිව සටහන් කර ඇත. විද්‍යාව හා බුදු දහම සම්බන්ධව ලියැවුන ලිපි එක්තැන් කිරීම මෙහි අරමුණ වේ.

Friday, January 13, 2012

පන්සිය පනස්‌ ජාතකයෙන් එහා....



මෙයට වසර 2600 කට පෙර අද වැනි දවසක සිදුහත් බෝසතාණන් වහන්සේ විසින් පසක්‌ කර ගන්නා ලද සම්බුද්ධත්වය මේ මහා විශ්ව සාගරය තුළත්, මේ විශ්ව සාගරයට ඔබ්බෙන් තවත් විශ්වයන් ඇතොත් ඒවායෙහිත් පහළ වූ ශාස්‌තෲවරයකු හෝ දාර්ශනිකයකු විසින් සාක්‍ෂාත් කරගන්නා ලද පරම සත්‍යයයි.

සසර කෙටි කර ගැනීම සඳහා ව්‍යවහාර කළ හැකි මේ උත්තම සත්‍යයේ සාරය පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන ථෙරවාදී බුqදු දහම පවත්වන එකම රට ශ්‍රී ලංකාව ලෙස හඳුන්වනු ලැබේ. දුක්‌ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍යය ඔස්‌සේ නිවන් මග සාක්‍ෂාත් කර ගත්a බුදුන් වහන්සේ තමන් පසක්‌ කරගත් ඒ ධර්මය නිර්ලෝභිවත් සරලවත් බෙදා දී මනුෂ්‍යයන් සංසාරයෙන් එතෙර කළහ.

මේ වෙසක්‌ සමයේ හැම තැනෙකම ධර්මයේ හරවත් බව පහදා දෙනු ලැබේ. ධර්මයේ හරය ඉතා ඉක්‌මනින් මනුෂ්‍ය සන්තානයට කාවැද්දීම බුදුන් වහන්සේගේ ක්‍රමය විය. අනවශ්‍ය දේ තේරුම් කර ගැනීම සඳහා කාලය වැය කරමින් සසර දීර්ඝ කර ගැනීමට තැත් කරන අය වැළැක්‌වීම උන්වහන්සේගේ ප්‍රතිපත්තිය විය. එහෙත් ඇවැසි තැනදී උන්වහන්සේ ශ්‍රාවකයන් ඉල්ලන දේ කියා දීමට මැලි වූයේ ද නැත. පන්සිය පනස්‌ ජාතක පොතෙන්ම බණ කියන ඉතිහාසයක්‌ ඇති මේ රටේ ජනයාට පන්සිය පනස්‌ ජාතක පොතේ නැති මේ කතාව උන්වහන්සේගේ එම ප්‍රතිපත්තිය පසක්‌ කරවන අලුත් අත්දැකීමක්‌ වනවා ඇත.

බුද්ධ කාලීන භාරතයේ "මාතු" නමැති මානවකයෙක්‌ ජීවත් විය. බුදුන් වහන්සේ බණ දේශනා කරන සෑම දවසකම සිය හිතවතුන් ද සමඟ ඡේතවනාරාමයට එන මාතු බණ ඇසීමට පුරුදුව සිටියේය.

බුදුන් වහන්සේ සමාධියට සමවැදී භාවනා සුවයෙන් සිටින තැන් සොයමින් මාතු සිය පිරිවර සමඟ ගියේය. සිරුරට අධික දුක්‌ දුන් කාලයේදී විජලනය වීමත් ආහාර නැතිව කාලය ගතකිරීමත් ඉතා හොඳින් ප්‍රගුණ කර සිටි බැවින් සමාධි සුවයට සම වැදී සිටින විට අඩුම ගණනේ එක දිගට දින දහයක්‌වත් එකම ඉරියව්වෙන් කල් ගතකිරීම උන්වහන්සේගේ සිරිත විය. එකල රාත්‍රි වඩුවෝ කඳන් ලී කුට්‌ටි ගෙන බුදුන් වහන්සේ දෙස බලමින් භාවනා කරන විලාසය කැටයම් කළහ. (මෙයට වසර 50 කට පමණ පෙර එවැනි සඳුන් ප්‍රතිමාවක්‌ චීනයෙන් හමුවිය. එය බුද්ධ කාලීන චීන බැතිමතෙක්‌ ඉන්දියාවෙන් චීනයට ගෙන යන ලද්දකි.)

බුදුන් දවස, උන්වහන්සේ අවට පරිසරය මෙසේ වෙද්දී දිගින් දිගටම බණ අසමින් කල් ගත කළ "මාතු" ඇතුළු පිරිස සසර දුකින් එතෙර වනු පිණිස ලෝභ, ද්වේෂ, මෝහ යනාදියෙන් විනිර්මුක්‌ත වන ලෙස දේශනා කෙරුණු ධර්ම පාඨ අසා විඩාපත්ව විශ්වය ගැන සෙවීමට කල්පනා කළහ. ඒ සිතුවිල්ල මත බුදුන් වහන්සේ හමු වූ මාතු තම අරමුණ උන්වහන්සේ ඉදිරිපිට තැබූහ.

විශ්වය තේරුම් ගැනීමට යැම මෝඩකමක්‌ බවත් නිවන් සාක්‍ෂාත් කර ගැනීම සඳහා වඩා කෙටි මාර්ග ඇති බවත් වදාළ බුදුන් වහන්සේ මාතුගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළහ.

එහෙත් මාතු නො දැමුණේය. විශ්වය තේරුම් ගැනීම ඔහුගේ පිපාසය විය. බුදුන් වහන්සේ විශ්වය තේරුම් කර නොදුනහොත් තමා ඇතුළු පිරිස ඡේතවනාරාමය ඉදිරිපිටට පැමිණ මියයන තුරු නිරාහාරව සිටින බව මාතු අවසානයේදී පැවැසීය.

එසේ නිරාහාරව සිටීමේ ප්‍රතිපත්තිය නිසා අනවශ්‍ය කැළඹීමක්‌ ඇතිවන බව බුදුහුද පසක්‌ කළහ. ඒ අනුව මතු දිනයක්‌ නියම කළ බුදුහු එදිනම ඡේතවනාරාමයට පැමිණෙන ලෙස මාතු ඇතුළු මානවකයන්ට දැන්වූහ.

බුදුන් වහන්සේ විශ්වය ගැන දේශනා කරන ධර්මය ලේඛනගත කිරීම සඳහා ගැල් පන්සිsයයකින් තල් කොළ ගෙන්වන ලදී. දහස්‌ ගණනක්‌ මේ දේශනාව ශ්‍රවණය කිරීම සඳහා ඡේතවනාරාමයට රැස්‌ වූහ. දේශනාව ඇරඹූ බුqදුන් වහන්සේ මුලින්ම විස්‌තර කරන්නට පටන් ගත්තේ විශ්වයේ ඇති කුඩාම අණුව වූ පරමාණුව ගැනය. එම අනුව කැබැලිවලට කඩා ඒ තුළ ඇති තවත් කුඩා අණු ගැන විස්‌තර කිරීමට තුන් මසක්‌ ගත වූ බව කියනු ලැබේ.

මේ කතාව එන්නේ ඊමාdය්s Eංචකැබ්එසදබි දබ ඹබසඩැරජැ නමැති ග්‍රන්ථයේ ය. එම ග්‍රන්ථය සකසන ලද්දේ පෙර කී බුද්ධ දේශනාව ලියූ තල්පත් ඉරුවලින් කොටසක්‌ ඉංගිරිසි බසට පරිවර්තනය කිරීමෙනි.

බුදුන් වහන්සේ දෙසූ සත්‍යය විද්‍යාත්මකය. ප්‍රායෝගිකය. අසම සමය. අකාලිකය


http://www.divaina.com/2011/05/17/editor.html

No comments:

Post a Comment

Free HTML Blog 4u