විද්‍යාව හා බුදු දහම බ්ලොග් අඩවියට පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමි. හිතවත, සියලු ආගම් එකයැයිද, සියල්ලෙන්ම කියැවෙන්නේ හොද නරක පමණක් යැයිද, අපායත් දෙව්ලොවත් ඇත්තේ මෙලොව යැයිද අඥාන මිනිසුන් විසින් වහසි බස් දොඩනු අප අසා ඇත. සියලු දේ විද්‍යාවෙන් මනින්නටත් විද්‍යාව, වන්දනා කිරීමටත් විද්‍යාව යන වචනයෙහි තේරුමවත් නොදත්තෝ උත්සාහ කරති. පාලුගෙයි වළං බිදින ලෙසින් ආගම දහම ගැන කිසිවක් නොදත් අ‍නෙක් මිනිසුන් මුව අයා බලාසිටිමින් ඔවුන් වීරයන් කරති. පොත පතක් කියවා අබ ඇටයක් තරමින්වත් මනස වර්ධනය කරගත්තවුන් සිටීනම් මෙවන් අනාර්ය වූත් අනර්ථ වූත් කතිකාවන් නොකරති. විද්‍යාව යනු බුදු දහම ඉදිරියේ හිමාලය අසල ඇති අබ ඇටයක් තරම්වත් නොගිණිය හැකි ශිල්පයක් බව දහම අවබෝධ කරගත්තෝ දනිති. යමක් විද්‍යාවෙන් ඔප්පු නොවන්නේ විද්‍යාව දුර්වල නිසා මිස බුදු දහමේ අඩුවක් නිසා නොවේ. එහෙත් පහත් මානසිකත්වය ඇත්තන්ට සත්‍යය දැනගනු වස් මෙවන් වෙබ් පිටුවක් නිර්මාණය කලෙමි. බුද්ධිමත් ඔබද මෙ කියවා සත්‍යය දැකගන්න. මෙහි ඇත්තේ උපුටාගත් ලිපිය. එය උපුටා ගත් ස්ථානය ඒ ඒ ලිපිය අවසානයේ පැහැදිලිව සටහන් කර ඇත. විද්‍යාව හා බුදු දහම සම්බන්ධව ලියැවුන ලිපි එක්තැන් කිරීම මෙහි අරමුණ වේ.

Wednesday, January 11, 2012

ලෝක විනාශය

ප්‍රිය මිතුරනේ අද මේ සුදානමි වන්නේ මේදින වල බොහෝ ජනප්‍රිය මාතෘකාවක් පිළිබඳව සාකඡ්චා කිරිමටයි. එ තමයි ලෝක විනාශය. මින් පෙර ලෝක විනාශය පිළිබඳව යමි කරැණු අන්තර්ගත ලිපි කිහිපයක් අප විසින් සමිපාදනය කරන්නට යෙදුනෙමු. එම ලිපි පහතින් කියවීමට ඔබට හැකියාව ඇත.


බොහෝ දෙනා මේ වන විට උනන්දු වන ජනප්‍රිය මාතෘකාව වන්නේ 2012 වසරේ යමි කිසි අයුරකින් ලෝක විනාශයක් වේද නොවේද යන කරැණයි. 2012 ලෝක විනාශය පිලිබඳව කථා කරන්නන් ලොව විනාශවිම පිළිබඳව කථා කරන මුත්, එසේ ලොව විනාශ විම පිළිබඳව බියකින් කථා කරනු වස් ඒ පිළිබඳව බොහොම සතුටින් කථා කිරිම අප නිරික්ෂණය කර ඇත්තෙමු. මේ පිළිබඳව අපගේ අදහස වනුයේ. පිටතින් පෙනෙන්නට ඇතිය කුමක් වුවද ලොකය විනාශ විම සමිබන්ධයෙන් ඇතුලාන්තයෙන් බොහෝ දෙනෙක් සතුටින් පසුවන බවයි. හිස් ලුලු අත දිව යන තරඟකාරි ආර්ථික යෙන් මිරිකි පිඩිතව සිටින්නාවු මිනිසුන් මානසික සුවය පතා ලොව විනාශ වනවා නමි හොදය යැයි සිතිමේ වරදකුත් නැතැයි සිතමු. කෙසේ වුවද මේ සුදානමි වනුයේ ලෝක විනාශය පිළිබඳව භාග්‍යවතුන් වහන්සෙ දේශිත දේශනයක් ඔබ වෙත ඉදිරිපත් කිරිමටයි.

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා නගරය සමීපයෙහිවූ අම්බපාලී වනයෙහි වැඩ වසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහණෙනි,”  භික්‍ෂූන් ඇමතූ සේක. ස්වාමීනි,” යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රති වචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීමි රහිතයහ. මහණෙනි, යමි බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.

මහණෙනි, මේරු පර්වත රාජයා දිගින් යොදුන් අසූ සාර දහසෙකි. පළලින් යොදුන් සාර දහසෙකි. යොදුන් අසූසාර දහසක් මුහුදෙහි ගිලී සිටියේය. යොදුන් අසූසාර දහසක් මුහුදින් උඩට නැගී සිටියේය.

දුර්භික්ෂ සමයක්


මහණෙනි, මෙබඳු කාලයක් වන්නේමය. බොහෝ අවුරුදු ගණනකින්, බොහෝ අවුරුදු සිය ගණනකින්, බොහෝ අවුරුදු දහස් ගණනකින්, බොහෝ අවුරුදු ලක්‍ෂ ගණනකින්, වර්ෂාව නොවසියි. මහණෙනි, වර්ෂාව නොවස්නා කල්හි යමි  ඇට වර්ග ගස් වැල් ඖෂධ ජාති හා වන ප්‍රදේශයෝ ඇද්ද, ඒ සියල්ල වියලී යත්. නොපැළවෙත්.

දෙවන හිරැ පහල වෙයි
මහණෙනි, කවර කලෙක හෝ දීර්ඝ කාලයක් ඇවෑමෙන් දෙවෙනි සූර්‍යයයෙකුගේ පහළ විම සිදුවෙයි. දෙවෙනි සුය්ර්‍යයා පහළ වීමෙන් කුඩා ඇල, දොළ, වළවල් ඇද්ද, ඒවා සි‍ඳෙත්. වියලී යත්. නොවෙත්.

තෙවන හිරැ පහල වෙයි 
කවර කාලයෙක හෝ දීඝෟ කාලයක් ඇවෑමෙන් තුන්වෙනි සූර්‍යයෙකු  පහළ වෙයි, තුන්වෙනි සුර්‍යයා පහළ වීමෙන්  ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මහා ගංගා වෙද්ද, මේ ගංගාවෝ වියලී යත්. සි‍ඳෙත්. නොවෙත්. 

සිවිවන හිරැ පහල වෙයි 
මහණෙනි, කවර කාලයෙක හෝ දිර්ඝ කාලයක් ඇවෑමෙන් සතරවෙනි සූර්‍යයා පහළ වෙද, එබඳු කාලයක් වේමය. මහණෙනි, සතරවෙනි සුර්‍යයාගේ පහළ වීමෙන් යමි තැන්වලින් මේ මහා ගංගා ඇතිවන්නාහු නමි, ඊට හේතු වන මහා විල් වෙද්ද, එනමි, අනවතප්ත, සිංහප්‍රපාත, රථකාර, කර්ණමුණ්ඩ, ඡුද්දන්ත, මන්දාකිනී යන විල්හු වියලෙත්. සි‍ඳෙත්. නොවෙත්. 

පස්වන හිරැ පහල වෙයි 
මහණෙනි, කවර කාලයෙක හෝ දීර්ඝ කාලයක් ඇවෑමෙන් පස්වෙනි සූර්‍යයා පහළ වෙද, එබදු කාලයක් ද වෙමය. පස්වෙනි සුර්‍යයා පහළ වීමෙන් යොදුන් සියයකින් මහා සමුද්‍රයේහි ජලය පහළට බසිත්. යොදුන් දෙසියකින් මහා සමුද්‍රයේහි ජලය පහළට බසිත්. යොදුන් තුන්සියයකින් හෝ සාරසියයකින් හෝ පන්සියයකින් හෝ හයසියයකින් හෝ සත්සියයකින් හෝ මහා සමුද්‍රයේහි ජලය පහළට බසිත්. සත්තලක් (තල් ගස් සතක උසට) හෝ මහා සමුද්‍රයේහි ජලය ඉතිරි වෙයි. සය තලක් හෝ, පස් තලක් හෝ, සිවු තලක් හෝ, තුන් තලක් හෝ, දෙතලක් හෝ, එක තලක් පමණ හෝ මහා සමුද්‍රයේහි ජලය ඉතිරි වෙයි. මහා සමුද්‍රයේහි සප්ත පුරුෂ ප්‍රමාණ (පුරැෂයන් සතකගේ උසට) ජලය ඉතිරි වෙයි. පුරුෂ ප්‍රමාණ සයක් පමණ, පසක් පමණ, සතරක් පමණ, තුනක් පමණ, දෙකක් පමණ, එකක් පමණ, අර්ධ පුරුෂ ප්‍රමාණයක් හෝ කටිය පමණ, දණ පමණ, ගොප් ඇටය පමණ, ජල යටට බැස ගනියි. මහණෙනි, සරත් කාලයෙහි යමි සේ ලොකු වැහි බින්දු ඇති වර්ෂාව වසින කල්හි ඒ ඒ තැන්වල ගොන් කුරයන්හි පමණ ජලය සිටියේ වුවද, මහනෙනි, පස්වෙනි සූර්‍යාගේ පහළවීමෙන් ඇගිලි පුරුකක් තෙමෙන පමණකුදු සමුද්‍රයේහි ජලය නොවෙයි.
සවන හිරැ පහල වෙයි 
ඒ දීර්ඝ කාලයක ඇවෑමෙන් සවෙනි සූර්‍යයා පහළවෙද, මහණෙනි, එබදු කාලයක් වෙමය. මහණෙනි, සවෙනි සූර්‍යයාගේ පහළවීමෙන් මෙ මහා පෘථුවියද, මෙරු පර්වත රාජයාද දුමි නගත්. විශෙෂයෙන් දුමි නගත්. මනාකොට දුමි නගත්. මහණෙනි, යමි සේ කුඹල්කරුවාගේ වලං ඇසුරූ පෝරණුව මැටි ආලේප කළ පසුව පළමු පළමුව දිමි දමාද, මහණෙනි, එසේම, සවෙනි සූර්‍යයාගේ පහළවීමෙන් මෙ මහා පෘථිවියද, මෙරු පර්වත රාජයාද දුමි නගත්. විශෙෂයෙන් දුමි නගත්..

සත්වැනි හිරැ පහල වෙයි 
මහණෙනි, කිසියමි දීර්ඝ කාලයක ඇවෑමෙන් සත්වෙනි සූර්‍යයා පහළවෙද, මහණෙනි, එබඳු දීර්ඝ කාලයක් වෙමය. සත්වෙනි සූර්‍යයා පහළවීමෙන් මෙ මහා පෘථිවියද, මෙරු පර්වතයද ඇවිලෙයි. දැල්වෙයි. එකම ගිනි ජාලාවක් වෙයි. මෙ මහා පෘථුවියේද, මෙරු පර්වත රාජයාගේද, දැල්වෙන්නාවූ, ගිනි ගන්නාවු ඒ ගින්න වාතයෙන් විසුරුවන ලද්දේ බ්‍රහ්ම ලෝකය දක්වාද යයි. මහණෙනි, මෙරු පර්වතයේද, මෙ මහා පෘථුවියේද, දවනු ලබන, ඩැහැගෙන තිබෙන්නාවූ, විනාශ වන්නාවූ, මහත්වූ ගිනි කදින් මඩනා ලද, යොදුන් සියයක් පමණවූ ගල් කුඵ බිදි විනාශ වෙත්. දෙසියයක් යොදුන් පමණවූ ගල් කුඵ බිඳි විනාශ වෙත්. සාරසියයක් යොදුන් පමණ, පන්සියයක් යොදුන් පමණ ගල් කුඵ බිඳි විනාශ වෙත්. දවනු ලබන ගින්නෙන් ඩැහැගෙන තිබෙන මෙරු පර්වතයෙහිද, මෙ මහා පෘථිවියෙහිද අඵ නොපෙණෙයි. දැලි නොපෙණෙයි. මහණෙනි, ගිතෙල් හෝ තලතෙල් හෝ දවනකල්හි ගින්නෙන් ඩැහැගත් කල්හි යම්සේ අඵ නොපෙණේද, දැලි නොපෙණේද, මහණෙනි, දවනුලබන ගින්නෙන් ඩැහැගෙන තිබෙන මෙ මහා පෘථිවියේද, මෙරු පර්වතයේද, අඵ නොපෙණෙයි. දැලි නොපෙණෙයි. මහණෙනි, මෙසේම සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීමි රහිතයහ. මහණෙනි, යමි බඳුවූ මෙ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය. මහණෙනි, මෙ මහා පෘථිවියද, මෙරු පර්වතයද, ගින්නෙන් ඩැහැ ගන්නේයයි, විනාශ වන්නේයයි දැක්කවුන් හැර (සංස්කාරයාන් මනා කොට දැක්කවුන්| ආර්‍යයන් හැර) කවරෙක් සිතාද, කවරෙක් අදහාද.

මහණෙනි, පෙර වනාහි කාමයන්හි දුරු කළ ආශා ඇති තීර්ථක නායකවූ සුනෙත්‍ර නම් ශාස්තෘවරයෙක් විය. මහණෙනි, සුනෙත්‍ර නම් ශාස්තෘවරයාට නොයෙක් සිය ගණන් ශ්‍රාවකයෝ වූහ. සුනෙත්‍ර ශාස්තෘවරයා බඹලොව ගමන පිණිස සිය ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කරයි. මහණෙනි, බඹලොව ගමන පිණිස ධර්මය දේශනා කරන්නාවූ සුනෙත්‍ර ශාස්තෘවරයාගේ සියඵ ශාසනය ඔවුහු සර්වප්‍රකාරයෙන් දත්තෝ. කායයාගේ බිදීමෙන් මරණින් මතු සුගතිය නමිවු බඹලොව උපන්හ.

යමි කෙනෙක් සර්ව ප්‍රකාරයෙන් ශාසනය නොදත්තෝද, ඔවුහු කායයාගේ බිඳිමෙන් මරණින් මතු ඇතැමි කෙනෙක් පරනිර්මිත වසවර්ති දෙවියන් සමග උපන්හ. ඇතැමි කෙනෙක් නිර්මාණරතී දෙවියන් සමග උපන්හ. තවත් කෙනෙක් තුසිත දෙවියන් සමග උපන්හ. ඇතැමිහු යාම දෙවියන් සමග උපන්හ. ඇතැමි කෙනෙක් තවිතිසා දෙවියන් සමග උපන්හ. තවත් කෙනෙක් චාතුර්මහාරාජික දෙවියන් සමග උපන්හ. ඇතැමිහු ක්‍ෂත්‍රිය මහාසාර කුලයන් හා එක්ව උපන්හ. තවත් අයෙක් බ්‍රාහ්මණ මහාසාර කුලයන් හා එක්ව උපන්හ. ඇතැමි කෙනෙක් ගෘහපති මහාසාර කුලයන් හා එක්ව උපන්හ.

මහණෙනි, ඉක්බිති, සුනෙත්‍ර ශාස්තෘවරයාට මෙ අදහස විය. ශ්‍රාවකයන් හා පරලොව සම සම ගතීහු වන්නාහුද, මෙය වනාහි නුසුදුසුය. මම මත්තෙහි මෛත්‍රීය වඩන්නේ නමි ඉතා යෙහෙක කියායි. මහණෙනි, ඉක්බිති, සුනෙත්‍ර ශාස්තෘ තෙම සත් වසක් මෛත්‍රී සිත වැඩුවෙය. සත් වසක් මෙත් සිත වඩා, ලෝකය නැති වෙමින් හා ඇති වෙමින් පවත්නා කල්ප සතක් මෙ ලෝකයට නැවත නොආයේය.

මහණෙනි, ලෝකය විනාශවන කල්හි, ආභස්සර බඹලොවට පිවිසියේය. ලෝකය ඇතිවන කල්හි සූන්‍යවූ බඹ විමනක උපදියි. මහණෙනි, එහි බ්‍රහ්මයා වෙයි. මඩින්නන් විසින් නොමැඩිය හැකි, ඒකාන්තයෙන් යටතට ගත්, අධිපතිවූ මහා බ්‍රහ්මයා වෙයි. මහණෙනි, සතිස් වාරයක් වනාහි දෙවියන්ට අධිපතිවු ශක්‍රයා විය.

නොයෙක් සිය ගණන් වාරවල සත් රුවනින් යුතු ජනපදයන්ගෙන් සෑදුන සිවු දිවයිනක් දිනනසුඵ ධාර්මිකවූ, දැහැමි රජවූ සක්විති රජ විය. ඔහුට සූරවූ, විරවූ, අන්‍ය සේනා පරදවන මනා අග පසග ඇති පුත්‍රයෝ දහසකට වඩා වූහ. ඒ චක්‍රවර්ති රජ තෙම සාගරය කෙළවරකොට ඇති මෙ පෘථිවිය, දඩුවමින් තොරව, ආයුධ ආදියෙන් කරණ යුදවලින් තොරව, ධර්මයෙන් දිනා වාසය කළේය. මහණෙනි, ඒ සුනෙත්‍ර ශාස්තෘ තෙම වනාහි මෙසේ දීර්ඝායුෂ්කවූවත්, චිරස්ථායිවුවත්, නොමිදුනේ විය. ඉපදීමෙන්ද, ජරා, මරණ, ශෝක, පරිදේව වැළැපීම, දුඛ, දොමනස්ස, උපායාස සිත් තැවුල් දුක්වලින් නොමිදුනේය, දුකින් යුක්තවූයේයයි කියමි.

මහණෙනි, එයට හේතු කවරේද? සතර ධර්මයන්ගේ අවබෝධ නොකිරීමෙනි, ප්‍රතිවෙධ නොකිරීමෙනි. කවර සතර ධර්මයන්ගේද යත්?  ආර්‍ය ශීලය අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවෙධ නොකිරීමෙන්, ආර්‍ය සමාධිය අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවෙධ නොකිරීමෙන්, ආර්‍ය ප්‍රඥාව අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවෙධ නොකිරීමෙන්, ආර්‍ය විමුක්තිය අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවෙධ නොකිරීමෙන්ද යනුයි.
(අඞගුත්තර නිකාය, සත්තක නිපාතය, දෙවැනි පණ්ණාසකය, මහා වග්ගය, සත්තසුරියුග්ගමන සූත්‍රය)

ප්‍රිය මිතුරනේ, ලොකයන් ඇතිවෙයි වැනසෙයි, කිසිවෙකුටත් උවමනා පරිදි ඒවා ස්ව වශයෙන් පැවැත්විමේ හැකියාවක් නමි කවර කලකවත් නැත. ලොව විනාශ විමෙන් හෝ මරණයෙන් සියල්ල අළුත් වේ යැයි, සියල්ල යහපත් වේ යැයි සිතන්නේ කෙසේද? මේ සංස්කාරයන් ගේ යථා තත්වය අවබෝධ රකනා තෙක්, දිව්‍ය, භ්‍රහ්ම, මනුශ්‍ය භව මෙන්ම තිරියන්, ප්‍රේත, නේරයික, භවයන්ගෙන්ද මිදිමක් නමි කවර කලක වත් දැකිය හැකි නොවෙයි. ලොව විනාශ විම පිළිබඳව බිය වේ නමි එයින් වන දුක්ඛය එක් වරක් පමණි. නිමි නැති සසරේ භවයක් භවයක් පාසා විදින්නට වන දුක්ඛයන් හා සසඳා බැලිමේ දී එය ඉතා සුළු දුක්ඛයක්ම වන්නේය.

ලොක විනාශ දුක්ඛයට වඩා මහත් විනාශය වන්නේ, දුක්ඛය වන්නේ සංසාරයේ  විදින්නාවු දුක්ඛයයි. එබැවින් වහ වහා සසරෙන් මිදිමට කටයුතු කිරිමයි නුවනැති බව. මෙම ලිපිය සකස් කිරිම සිදු කලේ, මින් ඉදිරියේ වන්නාවු ලිපි කිහිපයක් සඳහා ඇරඹුමක් වශයෙනි. ඊලඟ ලිපියෙන් ලොකය යනු කුමක්ද? බලාපොරොත්තු වන්න.

No comments:

Post a Comment

Free HTML Blog 4u