විද්‍යාව හා බුදු දහම බ්ලොග් අඩවියට පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමි. හිතවත, සියලු ආගම් එකයැයිද, සියල්ලෙන්ම කියැවෙන්නේ හොද නරක පමණක් යැයිද, අපායත් දෙව්ලොවත් ඇත්තේ මෙලොව යැයිද අඥාන මිනිසුන් විසින් වහසි බස් දොඩනු අප අසා ඇත. සියලු දේ විද්‍යාවෙන් මනින්නටත් විද්‍යාව, වන්දනා කිරීමටත් විද්‍යාව යන වචනයෙහි තේරුමවත් නොදත්තෝ උත්සාහ කරති. පාලුගෙයි වළං බිදින ලෙසින් ආගම දහම ගැන කිසිවක් නොදත් අ‍නෙක් මිනිසුන් මුව අයා බලාසිටිමින් ඔවුන් වීරයන් කරති. පොත පතක් කියවා අබ ඇටයක් තරමින්වත් මනස වර්ධනය කරගත්තවුන් සිටීනම් මෙවන් අනාර්ය වූත් අනර්ථ වූත් කතිකාවන් නොකරති. විද්‍යාව යනු බුදු දහම ඉදිරියේ හිමාලය අසල ඇති අබ ඇටයක් තරම්වත් නොගිණිය හැකි ශිල්පයක් බව දහම අවබෝධ කරගත්තෝ දනිති. යමක් විද්‍යාවෙන් ඔප්පු නොවන්නේ විද්‍යාව දුර්වල නිසා මිස බුදු දහමේ අඩුවක් නිසා නොවේ. එහෙත් පහත් මානසිකත්වය ඇත්තන්ට සත්‍යය දැනගනු වස් මෙවන් වෙබ් පිටුවක් නිර්මාණය කලෙමි. බුද්ධිමත් ඔබද මෙ කියවා සත්‍යය දැකගන්න. මෙහි ඇත්තේ උපුටාගත් ලිපිය. එය උපුටා ගත් ස්ථානය ඒ ඒ ලිපිය අවසානයේ පැහැදිලිව සටහන් කර ඇත. විද්‍යාව හා බුදු දහම සම්බන්ධව ලියැවුන ලිපි එක්තැන් කිරීම මෙහි අරමුණ වේ.

Wednesday, January 11, 2012

මානව විද්‍යාව හා බුදු දහම Anthropology & Buddhism


බොහෝ අය සත්‍යය යෑයි සිතන දේ තුළ සත්‍යය විද්‍යමාන නොවේ. සත්‍ය යෑයි අසත්‍යයම පුදන ලොවක නොයෙක්‌ ලෙස රැවටෙමින් ජීවත් වීම මිනිසුන්ට විශාල ආශ්වාදජනක කටයුත්තකි. සමහරු සත්‍යයට ගරු කිරීමට තබා ඒ පිළිබඳ සිතීමටද මැලි වෙති. පුහුදුන් මනසක ස්‌වභාවය විචිත්‍රවත් ලොව ලොලීව ග්‍රහණය කර ආත්මාදී ලෙස උපාදානය කරගැනීමයි. සන්සුන් සිතින් දිවි ගෙවීම බොහෝ කායික හා මානසික රෝග වැළැක්‌වීමට උපකාරී වේ. ඒ සඳහා සිය සිරුරේ සත්‍යය ස්‌වභාවය ඇවිදින මළසිරුරකට සමාන බව නිවැරැදිව අවබෝධ කරගැනීම වැදගත්ය.

මෙලොව සත්‍ය ස්‌වභාවය සලකතහොත් මිනිසුන් වනාහී ඇවිදින මළසිරුරු බඳුය. සෑම අයෙකුම මළසිරුරකි. එම මළසිරුරේ ඇස්‌, කන්, නාසා, දිව, සම, මොළය හා හදවත විවිධ සංවේදන දැනෙන ස්‌ථාන වේ. ඇසින් රූප පෙනෙයි. කනින් ශබ්ද ඇසේ. නාසයෙන් විවිධ ගන්ධ ආඝ්‍රාණය වේ. දිවෙන් රස දැනේ. සමෙන් ස්‌පර්ශය විඳී. මොළ ක්‍රියාකාරිත්වය මගින් සංජානන ග්‍රහණය කරයි. හදවත හැඟීම්වල උත්පත්තිගත ස්‌ථානයයි. නමුත් සත්‍ය නම් මේවායේ පවතින ඉන්ද්‍රීය ගෝචර ස්‌වරූපය මිස වෙන කිසිවක්‌ නොවේ. මෙය මෙසේ සරලව පැවසූ මුත් එය ගැඹුරු කරුණකි. අවබෝධ කිරීම දුෂ්කරය. මේ පිළිබඳව හොඳින් සිතා සිහිනුවණින් විචාර පූර්වකව නිරීක්‌ෂණය කිරීමට උත්සුක වීම මගින් මඳ වශයෙන් හෝ මේ පිළිබඳ අවබෝධයක්‌ ඇති කර ගැනීමට හැකියාව ඇතිවනු ඇත. මෙලොව මිනිසුන් හෝ සත්වයන් වශයෙන් සලකනු ලබන සෑම සිරුරකම අභ්‍යන්තර ව්‍යqහය නිර්මිතව ඇත්තේ ඉහත සඳහන් කළ ඉඳුරන් අතරින් සියල්ල හෝ කිහිපයක්‌ එක්‌වීමෙනි. ප්‍රාථමික ජීවියකු වශයෙන් සැලකෙනුයේ එම ජීවියාට අයත් ඉඳුරන් ප්‍රමාණය හා එම ඉඳුරන් මගින් ලබාගත හැකි අවම තත්ත්වයේ සංජානනවල ස්‌වභාවය සලකා බලා ඒ අනුවය. දියුණු ජීවියකු ලෙස සැලකෙනුයේ ඉහත සඳහන් කළ ඉඳුරන් සියල්ලම ඇති හා එකී ඉඳුරන් මගින් ලබාගත හැකි දියුණු සංජානනවල ස්‌වභාවය අනුවය. මේ අනුව සත්ව ලෝකය තුළ මානවයා වඩා දියුණු තත්ත්වයේ ජීවියකු සේ සැලකේ.

සංඥවේ විවිධ ප්‍රභේද

මනස දියුණු කර සිය සත්‍යය ස්‌වභාවය නියම ලෙස වටහාගත හැක්‌කේ මානවයෙකුටම පමණි. තමාගේ කය මළසිරුරක ස්‌වභාවයක්‌ ගන්නා බව සිහි නුවණින් සලකා ප්‍රඥව ටිකෙන් ටික හෝ වර්ධනය කර ගැනීමට උත්සාහ දරනවා නම් බොහෝ මානසික ආතතිවලින් මිදී සිත සුවපත් කරගත හැක. සෑම මානසික ආතතිssssssssssssයක්‌ම ඇතිවනුයේ සිය කයේ යථා ස්‌වරූප පිළිබඳ ඇති නොවැටහීම නිසාය. කය හා කය කේන්ද්‍ර කරගෙන ඉඳුරන් මගින් ලබන සංජානන සත්‍යය යෑයි ඊට වසඟව එබඳු සංජානන විඳීමේ ලොල්වීම නිසා අවිද්‍යාව හා තෘෂ්ණාව හටගනියි. අවිද්‍යාව ඇතිවීමට ප්‍රධාන හේතුව සත්‍යය ස්‌වභාවය මුළා කරවන යමක්‌ විචාර පූර්වක සේ විනිවිද දැකීමට ඇති මානසික නොහැකියාවයි. සත්‍යය දැකීමේ හැකියාව ඉබේ ඇති නොවේ. එය අභ්‍යාසය තුළින්ම වඩවා ගත යුතු චිත්ත ශක්‌තියකි. කුසලතාව ලෙස සැලකෙන්නේද එයයි. අවිද්‍යාව දුරු කරන මානසික අභ්‍යාසය කුසලයක්‌ වනුයේ එහෙයිනි. මේ බණ කීමක්‌ නොවේ. විද්‍යාත්මක චින්තනයක ස්‌වභාවය පැහැදිලි කිරීමට කිසියම් ප්‍රයත්නයක්‌ දැරීමකි. අවබෝධය පිණිස මඟපෙන්වීමකි.

ඇසින් රූප දකිද්දී සැබවින්ම දකිනුයේ රූපයේ සැබෑ ස්‌වරූපය නොව ඇස මගින් මවා පෙන්වන චිත්‍රයකි. එසේම කණ මගින් ශබ්ද අසද්දී සැබවින්ම අසනුයේ එම ශබ්දවල සැබෑ ස්‌වරූපය නොව කණ මගින් මවන චිත්‍රයයි. දිවෙන් රස විඳිද්දී සැබවින්ම රසය යෑයි සිතනුයේ දිව මගින් මවා පෙන්වන රසයේ හැඩ තලයයි. නාසයෙන් ගන්ධය ආඝ්‍රාණ ලබද්දී සැබවින්ම ගන්ධ යෑයි සිතනුයේ නාසය මගින් මවා පෙන්වන ගන්ධයේ හැඩයයි. සමින් ස්‌පර්ශ ලබන විට එම දැනෙන බව සැබෑවක්‌ නොව සම මගින් මවාපාන දැනීමක්‌ පමණි. මොළයට වැටහෙන සංජානන සැබෑවක්‌ නොව මොළයට ලැබෙන සන්නිවේදන ග්‍රහණය කර මවාපාන ස්‌වරූපයකි. හදවතට දැනෙන හැඟීම් සැබෑවක්‌ නොව විවිධ ආවේදන හදවත වින්දනය කර මවාපාන හැඩතලයක්‌ පමණි. තමාට ක්‌ෂණිකව ධර්මය දේශනා කරන සේ අයෑදි බාහියදාරුචීවරිය තෙරුන්හට බුදුන් වහන්සේ ලබාදුන් ඔවදන තුළ අන්තර්ගත ධර්මයේ සැබෑම හරය නම් මෙයයි.

මළසිරුරක අයිතිය සිතට දැනෙනුයේ ඒ මළසිරුර නිසා ආශ්වාදයක්‌ ලබන හෙයිනි. මේ ආශ්වාදය අඛණ්‌ඩ ලෙස ලැබීමට ඇතිවන ආශාව නිසා සසර පවතී. ගඳ ගසන අපවිත්‍ර දෙයින් තැනුණු මළසිරුරකින් විඳිය හැකි ඉන්ද්‍රීය ආශ්වාදයට ලොල්වීම නිසා මරණින් පසු නැවත නැවතත් එබඳු මළසිරුරුවලටම ප්‍රවේශ වී උපත සිදුවේ. කාමලොව යනු ඉඳුරන් ඇසුරෙන් විඳීම්වලට ලොල් බව නිසා නැවත නැවත සසර උපත ලබන ස්‌වරූපයයි. එහි ඕලාරික තලය මනුෂ්‍ය ලොවයි. සියුම් තලය කාමාවචර දේව ලෝකයයි. මිනිස්‌ ලොවදී විදර්ශනා භාවනා වඩා සිත කෙළෙස්‌ අවම කරගැනීමේ ප්‍රතිඵලය මෙබඳු කාමාවචර දේවලෝකවල උත්පත්තියට හේතු වේ. මළසිරුරු පිළිබඳ සම්පූර්ණයෙන්ම කළකිරීමට පත්ව සිතින් කාම සංඥව යටපත් කිරීම එනම් ලෞකික ධ්‍යාන මට්‌ටම්වලදී මෙන්ම කාමසංඥව මුළුමණින්ම අහෝසි වන අනාගාමී මාර්ග පළ අවස්‌ථාවලදී බ්‍රහ්මලෝකවල උත්පත්තිය ලබයි. බ්‍රහ්ම ලොව කාමසංඥව යටපත් කර ඇත. එක්‌කෝ මුළුමණින්ම නැත. කාම සංඥව අනාගාමී මාර්ග ඵලයෙන් දුරු කළ උතුමන් සුද්ධාවාස බඹලොව උපදී. සමහර උතුමෝ අනාගාමීව සුද්ධාවාස බඹලොව ඉපිද එහිදී අර්හත් මාර්ග ඵලය ලබා පිරිනිවීමට පත්වෙති. කාම සංඥවේ වුවද සියුම් හා රළු වශයෙන් ප්‍රභේද පවතී. සමහරුන්ගේ කාමාශාව අඩුය. ඇතැමෙකුගේ ඉතා උත්සන්නය. මධ්‍යම ප්‍රමාණයේ අයද වේ. කාමාවචර දේවලෝකවල දෙවියන්ගේ කාම සංඥව මිනිසුන්ගේ මෙන් රළු නැත. මිනිස්‌ ලොව මානවයන් සිය කාමපරිලාභය සංසිඳුවා ගනුයේ එක්‌ මළසිරුරක්‌ තවත් මළසිරුරක්‌ හා සංසර්ගයේ යෙදීමෙනි. අශිෂ්ට, අශික්‌ෂිත හා අසම්මත සේ එහි නොයෙදීම හා පවුල් සංස්‌ථාව තුළ පිළිගත් ආචාර ධර්ම පද්ධතියක්‌ අනුව එහි යෙදීම පංචශීල ප්‍රතිපදාවෙන්ද අනුමත කර තිබේ. නමුදු මේ වනාහී ආචාර ධර්මවල පරම නිෂ්ටාව නොවේ. ඇතැම් අයගේ සිත් මීටත් වඩා ඉතාමත් සියුම් ය. කාමාවචර දේවලෝකවල දෙවියන්ගේ සිත් මෙබඳුය. ඒ අය අතර කායික සංසර්ගයක්‌ ඇත්තේම නැත. නමුදු මිනිස්‌ ලොව අයෙකු මළසිරුරක්‌ තවත් මළසිරුරක හා රමණය කර ලබන ආශ්වාදයට වඩා ඉතා විශාල ආශ්වාදයක්‌ කාමාවචර දෙවිවරු එසේ නොයෙදී ලබති. දෙවිවරු ප්‍රතිවිරුද්ධ ලිංගික අය අතර ඔවුනොවුන් පිළිබඳ සිතීම, දැකීම, සිනාසීම, කතාබහ යනාදී කරුණු මගින් මිනිස්‌ ලොව ලිංගික සංසර්ගයට වඩා දැඩි ආශ්වාදයක්‌ ලබන අතර එහි ගොරෝසු, කැත, ඕලාරික බව අඩුය. ඇතැම් සියුම් දේ වචන මගින් නිසි සේ පැවසීමට අපහසුය. මක්‌නිසාද යත් වචන නිපදවා ඇත්තේ මිනිස්‌ ලොව අත්දැකීම්වලට ගෝචර වන ලෙස බැවිනි. ඒ නිසා සියුම් අදහසක්‌ තව අයෙකුට පැවසීමේදී වචනවල නිශ්චිත අර්ථවල සීමාවට එපිට දේ නිසි සේ පැවසීම දුෂ්කරය.

ධර්මාවබෝධය හැඳිනීම දුෂ්කරය

එමනිසා භාෂාවේ භාවිත වන වචනවල අන්තගාමීව එල්ලී සිටීම සත්‍යාවබෝධයෙහිලා හානිකර වේ. සත්‍ය අවබෝධයට අවශ්‍ය වනුයේ වචන හරඹයක්‌ නොවේ. භාෂාව, ව්‍යාකරණ අනවශ්‍ය බවක්‌ද මෙයින් අදහස්‌ නොවේ. එම සියලු දේ අවශ්‍ය වනුයේ මානව සන්නිවේදනයේදී මෙවලමක්‌ සේ භාවිතය සූකර වනු සඳහාය. භාෂා විශේෂඥයෝ වෙනම සිටිති. විෂය විශේෂඥයෝ වෙනම සිටිති. ඔවුනොවුන් ඔවුනොවුන්ගේ විෂය පථවලදී ප්‍රවේශම් සහගත වීම ඉතා අවශ්‍යය. සමහරු අනුන් නිවැරැදි කිරීමේ අනුකම්පා සහගත ෙච්තනාවෙන් නොව සිය පාණ්‌ඩිත්‍යය ප්‍රකට කිරීමේ පුහුදුන් ෙච්තනාවෙන් මඬින ලද සිතින් යුතුවම අත්තුක්‌කංසනය හා පරම්භවනය කරනු පෙනේ. දැනුම ප්‍රඥව නොවේ.

දැනුම ප්‍රඥව නොවෙතත් දැනුම ප්‍රඥව බවට පත්කරගත හැකිය. ඒ අනුන් කෙරෙහි දයාවන්තව කල්පනා කිරීමෙනි. දයාවන්ත සිතකට නොකළ හැකි දෙයක්‌ නැත. සිය සිරුර ආත්මීය බවින් වියුක්‌ත මළසිරුරක්‌ බව වැටහීම දයාවන්ත බව උත්පාදවීමට හා වර්ධනය වීමට ප්‍රධාන හේතුවකි. මිනිස්‌ ලොව තුළ වුවද මෙලොවදී හෝ වෙනත් භවවලදී විදර්ශනා භාවනා වඩා පළපුරුදු අය සිටිති. ඔවුහු මිනිසත් බව ලබා සිටියද මිනිස්‌ ලොව ඇතැමෙකු ළඟ ඇති සේ අධික කාම පරිලාභ දක්‌නට නොලැබේ. මින් ඇතැමෙකු මිනිස්‌ ලොව සාමාන්‍ය පිළිගත් සම්ප්‍රදායකට ගරු කිරීමක්‌ ලෙස ආවාහ විවාහාදියට ඇතුළත්ව විසුවද සියුම් වූ කාම සංඥ සහිත අය වේ. මෙබඳු උසස්‌ ආකල්ප ඇති තව සමහරු හුදකලාව විසීම ප්‍රිය කරන බව දක්‌නට ලැබේ. අපේ සමාජයේ ඇති එක්‌ නරක පුරුද්දක්‌ නම් මිනිසුන් දෙස වපරැසින් බැලීමයි. නරක පුද්ගලයා දෙස මෙන්ම ගොඩාක්‌ හොඳ පුද්ගලයා දෙසද සමාජය බලන්නේ වපර ඇසිනි. මෙපමණ හොඳ මිනිසුන් සිටිය හැකිද යන සැකය ඔස්‌සේ මෙලෙස කටයුතු කරන බව පෙනේ. බුදුරදුන් ජීවමාන කාලයේදී විසූ පුරාණ හා ඉසිදත්ත යන පුද්ගලයන් දෙදෙනාම මෙබඳු උසස්‌ ආකල්ප සහිත අයයි. ඔවුන් දෙදෙනාම විදර්ශනා වඩා සකෘදාගාමී මාර්ග ඵල ලාභී වූ අයද විය. මින් එක්‌ අයකු විවාහකයකු වූ අතර අනෙකා බ්‍රහ්මචාරීව විසීය. එක්‌තරා උපාසිකාවක්‌ මේ දෙදෙනා පිළිබඳවම වැරැදි වැටහීමක්‌ ඇති කරගෙන සිටි අතර මේ පිළිබඳ ආනන්ද හිමියන්ට දැන ගැනීමට ලැබී එය බුදුරදුන්ට දැන්වීය. බුදුරදුන් මේ දෙදෙනාටම කාමාවචර දේව ලෝකයේ ඉපදිය හැකි බව වදාළේය. එහිදී උපාසිකාව දැරූ මතය වැරැදි බවද පෙන්වා දිනි. පුද්ගලයා ප්‍රමාණ කොට නොසිතිය යුතු බවද බුදුරදුන් දක්‌වන ලදී.

සෑම පුද්ගලයෙකුම මෙලොව ජීවත් වනවා යන්නේ සැබෑ අරුත නම් මළසිරුරු සමූහයක්‌ එක්‌වී විවිධ චර්යා සිදු කිරීමයි. ජෛව ප්‍රජාව යනු සිරුරු සමූහයක්‌ යනු වෙන යමක්‌ නොවේ. සියලු සිරුරු අතරෙහි සිය සිරුර වෙන්කර හඳුනාගත නොහැකි තරමට මිශ්‍රව දැකිය හැකි නම් බොහෝ දුරට සක්‌කාය දිට්‌ඨ§ය අඩුය. ආත්මාර්ථකාමී බව ඇතිවීමට තමා යන දැඩි දෘෂ්ටිය තුළ සිරුරු දැඩිව ග්‍රහණය කර තමාගේ යන ආකල්පයේ දැඩිව ගිලා බැස විසීම හේතු වේ. සත්‍යය දැකීමට නම් තමාගේ යන ආකල්පයෙන් මිදී සිරුරින් නික්‌ම පිටතවිත් විශ්වය පුරා විහිද ව්‍යාප්ත වන සේ සිතිය යුතුය. මළසිරුර රැසක්‌ විවිධ ජෛව ක්‍රියා පවත්වමින් මෙලොව වාසය කරන විටකදී, ඒ සමස්‌තය අතරින් තමා යනුවෙන් එක්‌ මළසිරුරක අයිතිවාසිකම හිමිකම නොපවරාගෙන දිවි ගෙවීම සැබෑ යථාර්ථයයි. මෙලෙස ජීවත් වන විට යම් කිසි කෙනෙක්‌ තමාට පරුෂ වදනින් බැණ වැදුනත්, පහර දුන්නත් එය තවත් එක්‌ මළසිරුරකට සිදු කරන දෙයක්‌ ලෙස පමණක්‌ පෙනේ. යම්කිසි හෙයකින් තියුණු සැතකින් ගෙල සිඳ දිවි තොර කරයිද එවිට මළසිරුරකට සිදුවන සිදුවීමක්‌ පමණක්‌ ලෙස කිසිදු මානසික ආතතියක්‌ රහිතව එම සිදුවීම විඳ දරා ගැනීමට පුද්ගලයාට හැකි වේ. නමුත් වේදනාව දැනේ. මෙහිදී සිදු වනුයේ ආකල්ප පරිවර්තනයක්‌ මගින් සියලු මානසික ආතති දුරු කිරීමකි. රහතන් වහන්සේ නමක්‌ අටලෝ දහමේ විවිධ සිදුවීම්වලදී නොසැලී සිටිනුයේ මෙබඳු මානසික අකම්පිත බවක්‌ උරුමකරගෙන ඇති නිසාය.

ඇතැමෙකු සිතන්නේ රහතන් වහන්සේ යනු තවත් එක්‌ වි-ජාකරුවෙකු, ඉන්ද්‍රජාලිකයකු සේ අහසින් ගමන් කරන අමුතු දෑ කරන්නෙකු ලෙසයි. ඒ පුහුදුන් අයට ලොකු දේවල් සේ පෙනෙනුයේ එවැනි පුහු මනස්‌ගාත ලාමක දේ වන බැවිනි. නමුදු සැබෑ ස්‌වභාවය නම් සත්‍යාවබෝධය ලද්දා ඉන් උද්දාමයට පත් නොවන ශාන්ත ස්‌වරූප වන බවයි. පුහුදුනෙකුට කිසි දිනෙක රහතන් වහන්සේ නමක හෝ ඒ මාර්ගයට පිළිපන් අයෙකු නිසි සේ හැඳිනගත හැකි නොවේ. නියම මඟ දැක දැකත් එය නියම මඟ සේ නොසැලකීම පුqහුදුන් ස්‌වභාවයයි. නිවනට ලේසි කෙටි මං නැත. සත්‍යය දකින්නට කම්මැලි නම් කිසි දිනෙක එය අවබෝධ කළ නොහැක. බොහෝ ලස්‌සනට සුවදායී සේ පෙනෙන මඟ නියම මZඟ නොවේ. සිතන්නටත් කම්මැලි සිතෙන දුෂ්කර මාර්ගය නියම මඟයිs. මෙලොව සෑම දෙයක්‌ම සැකසී ඇත්තේ සසර සිඳ දමන්නට නොව සසර තව තවත් තහවුරු කිරීමටය. එමනිසා නියම මඟ දුෂ්කර යෑයි කම්මැලිකම් සිතීම ස්‌වභාවිකය. බුදු, පසේබුදු, රහතන් වහන්සේලාටද එවැනි මානුෂික හැඟීම් ඇති නොවුණා නොවේ. නමුත් ඉන් අධෛර්යයට පත් නොවී නිවන් මඟ අතහැර දැමීමට උන්වහන්සේලා ක්‍රියා කළේ නැත. සම්මා සම්බුදුවරු තමන් ලද අවබෝධය අනුන්ටද ලබාදී සසර කතරින් එතෙර වන්නට මාර්ගය පෙන්වා වදාළහ. බුදු දහම නිර්මලව තවම පවතී. මඟ සොයා ගන්නට වෙහෙස වීමටද වුවමනා නොවේ. එසේ තිබියදීත් එමඟ යන්නට මන්දෝත්සාහිවීම මෝඩකමකි.

මාර්ගඵල ප්‍රඥව ගැඹුරුය

සමහරු මෛත්‍රී බුදුරදුන්ගේ සසුන දක්‌වා නිර්වාණාවබෝධය කල්දමනු දක්‌නට ලැබේ. එහෙත් තමන් කිසිම දෙයක්‌ නොකර බුදුරදුන්ට පමණක්‌ වි-ජා බලයකින් තමන්ව නිවන් දැක්‌විය හැකි යෑයි යමෙකු කල්පනා කරතොත් එය විශාලම මෝඩකමකි. බුදුවරු කෙතෙක්‌ දහම් දෙසුවද අවබෝධය ලැබෙනුයේ තමාගේ උත්සාහය තිබියහොත් පමණි. හැන්ද කෙතෙක්‌ සූප ව්‍යාංඤ්ජනවල බහා තැබුවද එහි රසය නොහඳුනන්නාක්‌ මෙන් අනුවණයා කෙතෙක්‌ කාලයක්‌ නුවණැති අය ආශ්‍රය කළද සදහම් රස නොලබන බව ධම්මපදයේ සඳහන්ය. එසේම දිව අග තැබූ පමණින් සූප ව්‍යාංඤ්ජන රස හැඳිනීමට සමත් වන්නාක්‌ මෙන් පණ්‌ඩිතයා සුළු කලකින් වුවද සදහම් රස මැනවින් හඳුනා ගැනීමට සමත් වන බව එහිම දැක්‌වේ. ටිකින් ටික වුවද බිඳුවෙන් බිඳුව එක්‌වී මහ සයුර සැදෙන්නාක්‌ මෙන් සදහම් අවබෝධය ලබා කෙළෙස්‌ මළ දුරු කළ හොත් කෙදිනක හෝ සම්පූර්ණයෙන්ම සිත පවිත්‍ර කළ හැකි වේ. ඊට උත්සාහය අවශ්‍යය. පාරමිතා පිරීම නම් නිරන්තර අභ්‍යාසය මගින් අවශ්‍ය සුදුසුකම් හා කුසලතා සම්පූර්ණ කර ගැනීමට වෑයම් කිරීමයි.

මානව ආකල්පවල වෙනසක්‌ සිදු නොකර චින්තන පසුබිම උසස්‌ තලයකට පත්කළ නොහැක. මිනිසුන් තුළ මුල්බැස ඇති සෘණාත්මක ආකල්ප ඉවත් කිරීමට විශාල වෙහෙසක්‌ ගත යුතුය. එම සෘණාත්මක ආකල්ප සසරෙහි දිගු කලක්‌ තිස්‌සේ පුරුදු පුහුණු කරන ලද ඇතැම් සාවද්‍ය චින්තන රටා නිසා ඇති වූවක්‌ බව සැලකිය යුතුය. ආකල්පවල මෙකී වෙනස සිදුකළ යුතු වනුයේ ගැඹුරු මානසික තලයකදීය. සාමාන්‍ය මානසික තලය නම් ඇල්ෆා අවස්‌ථාවයි. මේ ඇල්ෆා අවස්‌ථාවේ මනස පවතින්නේ කලබලකාරී අවස්‌ථාවේය. ගැඹුරු නින්දේදී මනස බීටා තරංග අවස්‌ථාවට පත් වේ. එසේම සාමාන්‍ය භාවනානුයෝගී ඒකාග්‍ර මානසික අවස්‌ථාවේදීද පවතිනුයේ මෙකී බීටා තරංග අවස්‌ථාවයි. ටීටා තරංග අවස්‌ථාව යනු ඊටත් වඩා ගැඹුරු තරංග අවස්‌ථාවකි. ගැඹුරු සමාධි මට්‌ටමකදී මනසින් මෙබඳුq තරංග නික්‌මේ. මෝහන නිද්‍රd අවස්‌ථාවකදී සිත නිශ්චල වුවද යම් යම් භෞතික කාර්යයන් අණදීම මගින් කළ හැකි වුවද සිතේ බලය එබඳු දේකට පමණක්‌ සීමා කළ නොහැක. විදර්ශනා භාවනාවේදී සිතේ ඇතිවන ක්‌ෂණික ගැඹුරු සමාධිය චතුත්ථි ධ්‍යානයේදී තරම් ප්‍රබලය. එබඳු විටෙක විදර්ශනා භාවනාවේදී සිහිය හා අඛණ්‌ඩ නිරීක්‌ෂණය මගින් මාර්ග ප්‍රඥව අවධි කරගත හැක. එක්‌ වරක්‌ මාර්ග ඵල ප්‍රඥව ඇති වූවාට පසු නැවත එය චිත්ත සන්තානය හැර නොයයි. මාර්ග ඵල ප්‍රඥව ලෝකෝත්තරය. මෙලොවට අයත් වෙනස්‌ වන බව එහි නැත. එනිසා කෙළෙසුන් ගෙන් මිදුණු සිත අකම්පිතය.


දර්ශනපති
සුජිත් නිශාන්ත හේවගේ


http://www.divaina.com/2010/06/27/siya05.html

No comments:

Post a Comment

Free HTML Blog 4u