විද්‍යාව හා බුදු දහම බ්ලොග් අඩවියට පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමි. හිතවත, සියලු ආගම් එකයැයිද, සියල්ලෙන්ම කියැවෙන්නේ හොද නරක පමණක් යැයිද, අපායත් දෙව්ලොවත් ඇත්තේ මෙලොව යැයිද අඥාන මිනිසුන් විසින් වහසි බස් දොඩනු අප අසා ඇත. සියලු දේ විද්‍යාවෙන් මනින්නටත් විද්‍යාව, වන්දනා කිරීමටත් විද්‍යාව යන වචනයෙහි තේරුමවත් නොදත්තෝ උත්සාහ කරති. පාලුගෙයි වළං බිදින ලෙසින් ආගම දහම ගැන කිසිවක් නොදත් අ‍නෙක් මිනිසුන් මුව අයා බලාසිටිමින් ඔවුන් වීරයන් කරති. පොත පතක් කියවා අබ ඇටයක් තරමින්වත් මනස වර්ධනය කරගත්තවුන් සිටීනම් මෙවන් අනාර්ය වූත් අනර්ථ වූත් කතිකාවන් නොකරති. විද්‍යාව යනු බුදු දහම ඉදිරියේ හිමාලය අසල ඇති අබ ඇටයක් තරම්වත් නොගිණිය හැකි ශිල්පයක් බව දහම අවබෝධ කරගත්තෝ දනිති. යමක් විද්‍යාවෙන් ඔප්පු නොවන්නේ විද්‍යාව දුර්වල නිසා මිස බුදු දහමේ අඩුවක් නිසා නොවේ. එහෙත් පහත් මානසිකත්වය ඇත්තන්ට සත්‍යය දැනගනු වස් මෙවන් වෙබ් පිටුවක් නිර්මාණය කලෙමි. බුද්ධිමත් ඔබද මෙ කියවා සත්‍යය දැකගන්න. මෙහි ඇත්තේ උපුටාගත් ලිපිය. එය උපුටා ගත් ස්ථානය ඒ ඒ ලිපිය අවසානයේ පැහැදිලිව සටහන් කර ඇත. විද්‍යාව හා බුදු දහම සම්බන්ධව ලියැවුන ලිපි එක්තැන් කිරීම මෙහි අරමුණ වේ.

Wednesday, January 11, 2012

විද්‍යාවන් නොපිරිහෙතියි කාට කිව හැකිද? මේ දියුණු යැයි කියන යුගය අමුතු යුගයක් නොවේ.


දිනක් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ හා එක්තරා ස්ථානයක රැඳී සිටි භික්ෂු සංඝයා අමතා, තමන් වහන්සේ ඉදිරියෙන් ඇදෙන ගෙරි වැලක් ( මෙතැන “ගෙරි” යනු සිංහළ බසෙහි “ගෙරියා” යනුවෙන් අමතන ගවයා නොව, දඹදිව බුද්ධ භූමි වල අදටත් ලක්ෂ ගණනින් එක්ව වෙසෙන කළු කුහුඹු වර්ගයකි..) පෙන්වා “මහණෙනි, මේ ගෙරි වැලෙහි සෑම ගෙරියෙකුම ( කුහුඹුවෙකුම ) අතීතයේ සක්විති රජෙකු වී සිට ඇත, යැයි පැවසූ සේක…සංසාරය යනු කුමක්දැයි සරල අදහසක් කෙනෙකුට එයින් ගත හැක…
එයින් අපට මෙලෙසද යමක් උකහා ගත හැක…ලක්ෂ ගණනක් කුහුඹුවන් සිටින කුහුඹු රැළක සියළු කුහුඹුවන් සක්විති රජුන් ලෙස මනුලොව ඉපිද සිටියා නම්, මේ තෙරක් නොපෙනෙන සංසාරයේ අතීත කල්ප කීයක, යුග කීයක, චක්‍රවර්තී රාජ්‍යයන් කෙතරම් තිබෙන්නට ඇත්ද?…ධනයෙන්, බලයෙන්, සමෘද්ධියෙන් ආඪ්‍ය වූ, ඒ, ඒ කාළයන්ට ලෝකයේම ආධිපත්‍යය හෙඹැවූ විභූතිමත් ශිෂ්ඨාචාරයන් කොපමණ තියෙන්නට ඇත්ද?…ඒවායේ විද්‍යාවන් සහ තාක්ෂණයන් කෙළෙසින් තියෙන්නට ඇත්ද…?..ඒ රජුන් සිට නැතිව ගියා සේම, යම් කළෙක ඒ ශිෂ්ඨාචාරද යටපත්වී, ඇද වැටී විනාශ වී යන්නට ඇති…එසේ නම් අද මේ පවතින ලෝක රටාවේ අධිපතියන්ව ඉන්නා, ඒ ශිෂ්ඨාචාරයන් බිහි කළ දේශයන් නොවැටෙතියි, ඒ අයගේ ක්‍රම වේදයන් යටපත් නොවෙතියි, විද්‍යාවන් නොපිරිහෙතියි කාට කිව හැකිද….? මේ දියුණු යැයි කියන යුගය අමුතු යුගයක් නොවේ….මින් පෙරත් මේ බුද්ධෝත්පාද මනුලොව මෙහෙම යුගයන් තිබී ඇත…භෞතික දියුණුව පමණක් ශීඝ්‍රයෙන් සිදු කර ගන්නා සෑම යුගයකම එක්තරා කඩඉමකදී පොදුවන ලක්ෂණ මෙම යුගයේත් පහළ වෙමින් පවතී…
2012 වසරේ යම් වෙනසක් සිදු වෙන්නේ නම් ඇතැම් විටෙක එවැනි ගමනක වෙනසක් සිදුවීම හෝ වෙනසකට මුල පිරීමක් සිදුවිය හැක…අවම වශයෙන් දිශානතියක් වෙනස් විය හැක…එහෙත් ලෝක විනාශයක් සිදුවන්නේ නැත...තණ්හා-පරිභෝජනය “ජීවත් වෙනවා” යන්නට එකම නිර්වචනය කරගත් අයට අනාගතයේ බොහෝ දුක් විඳින්නට සිදුවනු නොඅනුමානය… [ මෙම ලිපිය බලන්න http://sinhalabuddhist.com/2011/12/end-of-the-western-philosophy/ ]
බුදු සමයට අනුව නම්, මේ සියළු පෙරළි මැද ලෝකය “කල්පයක” විනාශය තෙක් දිගටම පවතිනු ඇත….එහි ජීවය වඳ වෙමින්, යළි ඇතිවෙමින්, මස්තකප්‍රාප්ත වෙමින්, විනාශ වෙමින්, පවතිනු ඇත…( කෙනෙකුට උවමනා නම් ඔය අස්සට එක යුගයකට හෝ කල්පයක ආරම්භයකට බටහිර විද්‍යාවේ පරිණාම වාදයද රිංගවා ගත හැක…ඒ පරිණාම වාදයත් අමූලික බොරුවක් නොවුණත්, එහිත් ඇති දෝෂය රේඛීය දැක්මකට සීමාව තිබීමයි…)..
මේ ලිපි බලන්න
බෞද්ධ පරිණාම වාදය බටහිර “වානරයන්” නිරුවත් කරන ආකාරය
http://sinhalabuddhist.com/2010/12/buddhist-theory-of-evolution/

බෞද්ධ පරිණාම වාදය බටහිර “වානරයන්” නිරුවත් කරන ආකාරය ( දෙවැනි පියවර )
http://sinhalabuddhist.com/2010/12/buddhist-theory-of-evolution-2/

කල්ප විනාශයකදී ලෝකයත් විනාශ වන අතර ( සප්ත සූරියග්ගමන සූත්‍රය මෙය මනාව පැහැදිලි කරයි.. http://sinhalabuddhist.com/2011/12/erabumaka-arambhaya/ )…එයින් හටගන්නා දූලි වලාවන් එලෙස පැවතී යළි මෙලොව හටගනී…එයද චක්‍රීයව සිදුවෙයි…


http://sinhalabuddhist.com/2011/12/loka-vinashaya-saha-kalpa-vinashaya/

No comments:

Post a Comment

Free HTML Blog 4u