විද්‍යාව හා බුදු දහම බ්ලොග් අඩවියට පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමි. හිතවත, සියලු ආගම් එකයැයිද, සියල්ලෙන්ම කියැවෙන්නේ හොද නරක පමණක් යැයිද, අපායත් දෙව්ලොවත් ඇත්තේ මෙලොව යැයිද අඥාන මිනිසුන් විසින් වහසි බස් දොඩනු අප අසා ඇත. සියලු දේ විද්‍යාවෙන් මනින්නටත් විද්‍යාව, වන්දනා කිරීමටත් විද්‍යාව යන වචනයෙහි තේරුමවත් නොදත්තෝ උත්සාහ කරති. පාලුගෙයි වළං බිදින ලෙසින් ආගම දහම ගැන කිසිවක් නොදත් අ‍නෙක් මිනිසුන් මුව අයා බලාසිටිමින් ඔවුන් වීරයන් කරති. පොත පතක් කියවා අබ ඇටයක් තරමින්වත් මනස වර්ධනය කරගත්තවුන් සිටීනම් මෙවන් අනාර්ය වූත් අනර්ථ වූත් කතිකාවන් නොකරති. විද්‍යාව යනු බුදු දහම ඉදිරියේ හිමාලය අසල ඇති අබ ඇටයක් තරම්වත් නොගිණිය හැකි ශිල්පයක් බව දහම අවබෝධ කරගත්තෝ දනිති. යමක් විද්‍යාවෙන් ඔප්පු නොවන්නේ විද්‍යාව දුර්වල නිසා මිස බුදු දහමේ අඩුවක් නිසා නොවේ. එහෙත් පහත් මානසිකත්වය ඇත්තන්ට සත්‍යය දැනගනු වස් මෙවන් වෙබ් පිටුවක් නිර්මාණය කලෙමි. බුද්ධිමත් ඔබද මෙ කියවා සත්‍යය දැකගන්න. මෙහි ඇත්තේ උපුටාගත් ලිපිය. එය උපුටා ගත් ස්ථානය ඒ ඒ ලිපිය අවසානයේ පැහැදිලිව සටහන් කර ඇත. විද්‍යාව හා බුදු දහම සම්බන්ධව ලියැවුන ලිපි එක්තැන් කිරීම මෙහි අරමුණ වේ.

Saturday, January 14, 2012

තාරකා විද්‍යාව යනු කුමක්ද?


පෘථීවි වායුගෝලයෙන් පරිභාහිර වස්තූන් හා පරිභාහිර සංසිද්ධීන් පිළිබද විද්‍යාවයි. තාරකා විද්‍යාව ප්‍රධාන කොටස් කිහිපයක් ඔස්සේ අධ්‍යයනය කළ හැකිය.


සාමාන්‍ය තාරකා විද්‍යාව
අප ජීවත් වන සෞරග්‍රහ මණඩලය, උල්කාපාත, ධූමකේතු, සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ පිළිබදව හැදෑරීම සිදු කරයි.

නිරීක්ෂණ තාරකා විද්‍යාව
රාත්‍රී අහසේ වස්තූන් නිරීක්ෂණය කරයි. දුරේක්ෂ භාවිතය, නිරීක්ෂණ වාර්තා සැකසීම, චන්ද්‍රයා සිතියම් ගත කිරීම, තරු රටා නිරීක්ෂණය සිදු කරයි. තාරකා විද්‍යාවේ අනෙක් අංශ සදහා නිරීක්ෂණ තාරකා විද්‍යාවේ සොයාගැනීම් වැදගත් වේ.



අභ්‍යවකාශ ගවේෂනය
රොකට් යානා, චන්ද්‍රිකා, අභ්‍යවකාශ යානා ආදිය මගින් විශ්වයේ නොයෙක් වස්තු අධ්‍යයනය කිරීම පිළිබදව සොයා බලයි. ඉතා සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතී.
රොකට් තාක්ෂණය
චන්ද්‍රිකා හා අභ්‍යවකාශයානා ගුවන් ගත කිරීම ගගනගාමීන් අභ්‍යවකාශය වෙත රැගෙන යාම යනාදී විශේෂ කටයුතු සදහා රොකට් තාක්ෂණය භාවිතා කරයි.


රේඩියෝ තාරකා විද්‍යාව
විශ්වයේ ඇති වස්තු රේඩියෝ තරංග ඔස්සේ අධ්‍යයනය කරයි. මිනිස් ඇසට හසු නොවන තරංග ආයාම ඔස්සේ නිරීක්ෂණ කටයුතු කළ හැකි බැවින් විශ්වයේ ඇති අභිරහස් ආදිය සොයා බැලීමට උපකාරී වේ. වර්තමානය වන විට විශේෂයෙන්ම පිටසක්වල ජීවය සම්බන්ධ පරීක්ෂන සදහා රේඩියේ තාරකා විද්‍යාව ඛෙහෙවින් උපකාරී වී තිබේ.


තාරකා භෞතික විද්‍යාව
තාරකා ඇතුළු විශ්වයේ වස්තූන් පිළිබදව භෞතික විද්‍යා ක්ෂේත්‍ර ඔස්සේ හැදෑරීම සිදු කරයි. ගැඹුරු මූලධර්ම වලින් පිරී පවතී.


තාරකා ජීව විද්‍යාව
විශවය තුළ ජීවය ආරම්භය, පරිණාමනය, පැතිරීම පිළිබදව අධ්‍යයන සිදු කරයි. ජීවයේ ආරම්භය හා පෘථීවියෙන් එපිට ජීවයක් පැවතිය හැකිද යන්න පිළිබදව සොයා බලයි.


විශ්ව න්‍යාය විද්‍යාව
විශ්වයේ උපත, පරිණාමනය, අවසානය ආදී වූ ගැඹුරු මූලධර්ම ආවර්ණය කෙරෙන විෂයකි.
 
     විශ්වය

විශ්වය වූ කලී චක්‍රාවාට අනන්ත ගණනකින් යුතු පද්ධතියකි. නැතහොත් මා හා මා අවට සියල්ල විශ්වයයි. විශ්වයේ උපත තවමත් අභිරහසකි.

නමුත් වසර 2600කට පෙර සම්බුද්ධත්වයට පත් වූ ගෞතම බුද්ධරාජයා විවධ සූත්‍ර දේශනා ඔස්සේ විශ්වය පිළිබද විවිධ කරුණු දේශනා කොට ඇත. බුද්ධ දේශනයට අනුව,


විවට්ට    - විශ්වය ප්‍රසාරණය ආරම්භ වීම හෙවත් විශ්වය ජීවයට සූදානම් වීම.
විවට්ටායි - විශ්වය ප්‍රසාරණය වෙමින් පවතින අවධිය හෙවත් ජීවයට සුදුසු, එමෙන්ම ජීවය පවතින කාලයයි.
(මෙම මතය තහවුරු කරමින් චක්‍රාවාට අතර දුර වැඩිවෙමින් පවතින බව නවීන තාරකා විද්‍යාව මගින් අනාවරණය කරගෙන ඇත.)
සංවට්ට    - විශ්වය සංකෝචනය ආරම්භ වීම හෙවත් ජීවය විනාශ වීම ආරම්භ වීම.
සංවට්ටායි - විශ්වය සංකෝචනය වෙමින් පවතින කාලය හෙවත් ජීවය විනාශ වෙමින් පවතින කාලයයි.

ඉහත කරුණු වලට අමතරව,
එක් සූර්යයකුගෙන් ආලෝකය ලබන ප්‍රදේශය නොහොත් එක් සෞරග්‍රහ මණ්ඩලයකට අයත් ප්‍රදේශය චූලනිකා ලෝක ධාතුව යි.

චූලනිකා ලෝක ධාතු දහසක් එක් වීමෙන් සහස්සී ලෝක ධාතුව නිර්මාණය වේ.



සහස්සී ලෝක ධාතුව × 2 = ද්වි සහස්සී ලෝක ධාතුව
සහස්සී ලෝක ධාතුව × 3 = ත්‍රි සහස්සී ලෝක ධාතුව
ඔබට බෞද්ධ මතයට අනුව විශ්වය, පෘථීවිය මත ජීවය වැනි කරුණු අධ්‍යයනය කිරීමට අවශ්‍ය නම් අග්ගඤ සූත්‍රය, රොහිතස්ස සූත්‍රය වැනි සූත්‍ර අධ්‍යයනය කරන්න.


  චක්‍රාවාට ( මණ්දාකිනි )

තරු පොකුරු දහස් ගණනක් එකතු වීමෙන් චක්‍රාවාට නිර්මාණය වේ. අධික ගුරුත්වාකර්ෂනය නිසා මෙම තරු පොකුරු එකට එක්ව පවතී. විශ්වයේ පවතින චක්‍රාවාට හැඩය අනුව ප්‍රධාන ආකාර 4කි. 1920 දී එඩ්වින් හබල් විසින් මෙම වර්ගීකරනය ඉදිරිපත් කරන ලදී.


ඉලිප්සීය ( ELLIPTICAL )



සර්පිලාකාර  ( SPIRALS )

    
යෂ්ටි සහිත සර්පිලාකාර  ( BARRED SPIRALS )


අක්‍රමවත්   ( IRREGULAR )



**  අප ජීවත් වන චක්‍රාවාටය ක්ෂීරපථය යි ( Milkey Way )  



එඩ්වින් හබල් ( November 20, 1889 – September 28, 1953 ) 

ඇමරිකානු ජාතික තාරකා විද්‍යාඥයෙකි. තාරකා විද්‍යාව සදහා අමිල මෙහෙවරක් කරමින් නව සොයාගැනීම් රැසක් තාරකා විද්‍යාවට දායාද කලේය. ඔහුට ගෞරව කිරීමක් ලෙස අභ්‍යවකාශයේ රදවා ඇති දුරේක්ෂය හබල් දුරේක්ෂය ලෙස නම් කොට ඇත




ක්ෂීරපථය ( Milkey Way )

විශ්කම්භය ආලෝක වර්ෂ 100 000 කි. පළල ආලෝක වර්ෂ 15 000 කි. වයස අවුරුදු  බිලියන 20 කි . තරු බිලියන 100 ක් අන්තර්ගතය. ඉහළින් බැලු විට සර්පිලාකාර හැඩයක් සහ පැත්තෙන් බැලු විට මුනින් අතට නවන ලද පිඟන් 2ක හැඩය ගනී. බර ප්‍රමාණය සූර්යයා මෙන් 2×10^11 කි.සූර්යයා ක්ෂීරපථය මධ්‍යයේ සිට ආලෝක වර්ෂ 30000ක් දුරින් පිහිටයි. සූර්යයා ඇතුළු තාරකා මණ්ඩල ක්ෂීරපථය වටා භ්‍රමණය වන අතර සූර්යයාට ක්ෂීරපථය වටා භ්‍රමණය වීමට අවුරුදු කෝටි 22ක් ගතවේ. හාර්ලෝ ෂෙප්ලි විද්‍යඥයා විසින් ක්ෂීරපථය පිළිබද බොහෝ තොරතුරු අනාවරණය කරන ලදී.(1917) 



          

** අපිට ආසන්නතම චක්‍රාවාටය ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටයයි.

ඇන්ඩ්‍රොමීඩා


පෘථීවියට ආසන්නයේම ඇති චක්‍රාවාටයයි. පෘථීවියේ සිට ආලෝක වර්ෂ මිලියන 2.5ක් ඈතින් පිහිටා ඇත. ඉතා කුඩා දුම් වළාවක් ලෙස සැප්තැම්බර් මාසය දක්වැ උතුරු අහසේ නිරීක්ෂණය කළ හැක. හැඩය සර්පිලාකාරය. (නමුත් ආනත බව නිසා හැඩය නිරීක්ෂණය තරමක් අපහසුය ) මෙම චක්‍රාවාටය පිළිබදව විද්‍යාත්මක තොරතුරු මුලින්ම අනාවරනය කරනු ලැබුවේ ජර්මන් ජාතික සයිමන් මාරියාස් විසිනි. 1920දී එඩ්වින් හබල් විසින් ඇන්ඩ්‍රොමීඩා ස්වාධීන චක්‍රාවාටයක් බව ප්‍රකාශ කරන ලදී. 


** ක්ෂීරපථය ස්ථානීය තරු පොකුර හෙවත් නම් තරු පොකුරට අයත් වේ. මෙහි චක්‍රාවාට 13ක් අන්තර්ගත වේ.

 
තාරකා

තමා තුළ සිදුවන න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියාවක් නිසා ශක්තිය විමෝචයනය කරන වස්තු තාරකා ලෙස හැදින්වේ.



සුදු වාමන තාරකාව 


අභ්‍යන්තර හරය වඩාත් සිසිල්, පෘථිවියේ ප‍්‍රමාණයට ආසන්න වශයෙන් සමාන පදාර්ථයෙන් හා ස්කන්ධයෙන් අඩු වයසට පත් වූ තරුවකි.




නියුට්‍රෝන තාරකා ( පල්සාර ) 


විශාල තාරකා තමන් සතු න්‍යෂ්ටික ඉන්ධන අවසන් වී බිද වැටුනු විට පල්සාර නිර්මාණය වෙයි. මේවායින් අධික ශක්තියක් විහිදේ.



කළු කුහර


ඈත අවකාශයේ වන ඉතා තීව‍්‍ර ගුරුත්වක්ෂේත‍්‍ර සහිත අකාශ වස්තු විශේෂයකි. ආලෝකයට වත් එම ක්ෂේත‍්‍ර වලින් මිදී යා නොහැකිය.



http://aduramedin.blogspot.com/2011/05/blog-post.html

No comments:

Post a Comment

Free HTML Blog 4u