විද්‍යාව හා බුදු දහම බ්ලොග් අඩවියට පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමි. හිතවත, සියලු ආගම් එකයැයිද, සියල්ලෙන්ම කියැවෙන්නේ හොද නරක පමණක් යැයිද, අපායත් දෙව්ලොවත් ඇත්තේ මෙලොව යැයිද අඥාන මිනිසුන් විසින් වහසි බස් දොඩනු අප අසා ඇත. සියලු දේ විද්‍යාවෙන් මනින්නටත් විද්‍යාව, වන්දනා කිරීමටත් විද්‍යාව යන වචනයෙහි තේරුමවත් නොදත්තෝ උත්සාහ කරති. පාලුගෙයි වළං බිදින ලෙසින් ආගම දහම ගැන කිසිවක් නොදත් අ‍නෙක් මිනිසුන් මුව අයා බලාසිටිමින් ඔවුන් වීරයන් කරති. පොත පතක් කියවා අබ ඇටයක් තරමින්වත් මනස වර්ධනය කරගත්තවුන් සිටීනම් මෙවන් අනාර්ය වූත් අනර්ථ වූත් කතිකාවන් නොකරති. විද්‍යාව යනු බුදු දහම ඉදිරියේ හිමාලය අසල ඇති අබ ඇටයක් තරම්වත් නොගිණිය හැකි ශිල්පයක් බව දහම අවබෝධ කරගත්තෝ දනිති. යමක් විද්‍යාවෙන් ඔප්පු නොවන්නේ විද්‍යාව දුර්වල නිසා මිස බුදු දහමේ අඩුවක් නිසා නොවේ. එහෙත් පහත් මානසිකත්වය ඇත්තන්ට සත්‍යය දැනගනු වස් මෙවන් වෙබ් පිටුවක් නිර්මාණය කලෙමි. බුද්ධිමත් ඔබද මෙ කියවා සත්‍යය දැකගන්න. මෙහි ඇත්තේ උපුටාගත් ලිපිය. එය උපුටා ගත් ස්ථානය ඒ ඒ ලිපිය අවසානයේ පැහැදිලිව සටහන් කර ඇත. විද්‍යාව හා බුදු දහම සම්බන්ධව ලියැවුන ලිපි එක්තැන් කිරීම මෙහි අරමුණ වේ.

Saturday, January 14, 2012

බුද්ධ දර්ශනයට අනුව නපුංසකපුද්ගලයන් ද්වි ලිංගික පුද්ගලයන් හා මන්බුද්ධික පුද්ගලයන් උපත ලබන ආකාරය




 කලලයක් විකසනය වන ආකාරය අපේ තථාගතයානන් වහන්සේ වසර 2600 කට පෙර ඉතාමත් නිරවද්‍ය ලෙස දේශනා කලා. මින් පසු මාර්තෘකාව විය යුත්තේ තිරිසන් අපාය හා ප්‍රේතයන් පිළිබදව වුවත්, ඊට මත්තෙන් තව පොඩි විස්තරයක් ඉදිරිපත් නොකලහොත් ලිපිපෙලේ යමි උණතාවයක් ඇතිවනු ඇතැයි සිතමි. එබැවින් තේරැමි ගැනිමට හැකිවෙවායි පාර්ථනා කරමින් ඉතා ගැඹුරැ වු කරැණු කිහිපක් පිළිබදව සැකවින් විස්තරයක් ඉදිරිපත් කරමි. මෙම කරැණු කියවා ඔබට මෙම ධර්ම කොටස් අධ්‍යනය කිරිමට සිතෙන්නේ නමි, මාගේ ලිපිය සාර්ථක යැයි මම නිගමනය කරමි. 

ඒක නිසා අද කියන්න යන්නේ සත්ත්වයින්ගේ උපත ගැන බුදුදහම විස්තර කරල තියෙන්නේ කොහොමද කියලයි. ඒ වගේම ඒ ඒ සත්ත්වයන්ගේ පරමායුෂ ගැන බුදු දහමෙ දක්වලා තියෙන කරැණුත් මෙවා නුතන විද්‍යාව එක්ක කොතෙක් දුරට ගැලපිලා යනවාද කියන කරැණත් සාකච්චි කිරිම තමයි මෙ ලිපියේ හා ඉදිරි ලිපියේ අරමුණ වන්නේ.

කලින් පටිචිච සමුත්පාදය ගැන ලියපු ලිපියේ විඥාන පචිචයා නාමරැප ලෙස සදහන් කලා මතක ඇති. මෙ විදියට විඥානය නිසා රැපයන් ඇතිවෙන ඇතිවෙන ආකාරය සත්ත්ව යෝනි අනුව දක්වා තිබෙනවා. මෙ පිළිබදව ගැඹුරැ විස්තරයක් කරන්න ගියොත් කර්මජ රැප කලාප 09, චිත්තජ කලාප 06, සෘතුජ කලාප 04 හා ආහාර කලාපයන් දෙක සහිත රැප කළාපන් පිළිබදවත් කිමට සිදුවෙනවා. මෙ පිළිබදව තොරතුරැ අභිධර්මය පිටකයේ අන්තර්ගතයි. ඒ ගැන ගැඹුරට සලකාබැලිමක් නොකොට සත්ත්ව යොනි 04 පිළිබදව පමණක් සලකා බලමු.

බුදු දහම අනුව සත්ත්ව යොනි 04 ක් ඇති බව දක්වලා තියෙනවා.

01)අණ්ඩජ,
පක්ෂින්, සර්පයන්, සමහර මත්ත්සයින් (ආදි බිජුවටින් උපදින) ආදි බිත්තර තුලින් උපදින සත්ත්වයින් හැදින්වෙන්නේ අණ්ඩජ යනුවෙනි.









02)ජලාබුජ,
මවකගේ කුස තුල ගර්භාශයක් තුල වැදැ මසට සමිබන්ධව උපදින,මනුෂ්‍ය, ගවයින්, අලින් ආදි සත්ත්වයින් හැදින්වෙන්නේ මෙ නමිනි.







03)සංසේදජ,
මෙම සත්ත්වයින් පල්වු ජලය, කුණු මාලු , ආදියේ උපත ලබන බව දක්වා ඇත. මෙය ඉතා පැහැදිලි ලෙස තේරැමි ගත යුතු තැනකි. මෙයින් කියන්නේ කුණු මාලුවලින් සත්ත්වයින් උපදිනා බව නොවෙ. ස්වයං සිද්ධි ජනනවාදය බුදු දහම විසින් ප්‍රතික්ෂේප කරණු ලබන්නක්. බුදු දහම යනු හේතුඵලය විස්තර කරන්නක් මිස අහේතුකවාදි දර්ශනයක් නොවෙ. සාරිපුත්තයන්ට අස්වජි මහරහතුන් වහන්සේ බුදු දහම හා බුදු පියානන් වහන්සේ යනු කවරෙක්ද යන්න ඉතාමත් සංශේප ලෙස මෙන්ම පරිපුර්ණව දේශනා කරන ලද්දේ යේ ධමිමා හේතුප්පභවා.. යනාදි ගාථාව දේශනා කිරිමෙනි. එබැවින් මෙම සංසේදජ සත්වයින් යනු කවරහුද යන්න පැහැදිලි ලෙස තේරැමි ගත යුතුය.
මෙ සංසේදජ සත්ත්වයින් නමි, සමහර මැස්සන්, මදුරැවන්ගෙන් සමහරෙක්, සමහර පනුවන්, ඔවුන්ගේ කිට අවස්ථාව සෘජු ලෙසම බිහි කරන අවස්ථාවන් හා, බිත්තර මෙන් සැලකුවත් කිකිළි බිත්තර මෙන් කවචවත් නොවු ඒ කියන්නේ කටිටක් නැති අන්වික්ෂිය ව්‍යුහයන්මෙම පල්වු ජලය හා කුණුවු ද්‍රව්‍යයන් මත දමා යනු ලබයි. මෙම ව්‍යුහයන් පෝෂනය වනුයේ මෙම කුණුවි යන ද්‍රව්‍යයන්ගෙන් ලබාගන්නා සාරයෙනි. ඒ කුණුවු දව්‍යන් විසරණය හෝ අස්‍රැතිය මගින් අර සත්ත්වයින් දමා යන ව්‍යුහය තුලට ඇතුළුවිම නිසා අභ්‍යන්තර සත්ත්වයා පෝෂනය  ලබයි.  මෙම කුණු වු දව්‍යයන් නැත්තේ නමි මෙම සත්වයින්ට වැඩිය හැකි බවක්ද නැත. සංසේදජ සත්ත්වයින් යනු මොවුන්ය.

04)ඔපපාතික,
කැඩපතක් ඉදිරියට ගිය විට රැපය දිස්වන්නාක් මෙන්, සියලු අංගයන්ගෙන් සමිපුර්ණව පහලවිමි වශයෙන් උපදිනා සත්ත්වයින් මෙ නමින් හැදින්වේ. දිව්‍ය, භ්‍රහ්ම, අපායික සත්ත්වයින් උපදින්නේ මෙ ආකාරයෙනි. නමුත් බලවත් කර්මයන් නිසා මිනිසුන් අතරද සමහරෙක් ඔපපාතික ලෙස උපත ලබන බව දක්වා ඇත. චිංචි මානවිකාව හා අමිරපාලි යන අය උපත ලබා ඇත්තේ මෙ ආකාරයට ඔපපාතිකවයි. එය එසෙ වන්නේ කෙසේද යන්න පිළිබදව පුර්ණ අවබෝධයක් ලබා ගැනිමට රැප කළාප ගැන දැන ගත යුතුයි.
රැප කලාප
ඒ ඒ රැප කලාප පිළිබදව විස්තරයක් නොකොට මෙතනදි නමින් පමණක් දක්වනු ලැබෙ. බුදු දහමෙ හැදින්වෙන මෙ රැප කලාප, ලොව ඇති ඉතාම කුඩාවුත් එකට එක්ව පවතිනා දෙයයි. සත්ත්වයිගේ ශරිර හටගන්නේ මෙ රැප කලාප මගිනි. රැපයන්ට තනිවම ඉපදිය නොහැකි නිසා ඒවා උපදිනුයේ මෙ කලාපයන්ට සමිබන්ධ විමෙනි. මෙයින් පඨවි රැපය, ආපෝ රැපය, තේජෝ රැපය, වායෝ රැපය, වර්ණ රැපය ගණ්ධ රැපය, රස රැපය, ඔජා රැපය යන මෙම රැපයන් උපදිනුයේ එකක් අනිකක් හා ගැටි එකටය. මෙය විස්තර කර ඇත්තේ මොවුන් වෙන් කල නොහැකි ලෙස එකක් අනික ගිලගනිමින් උපත ලබන බවය.මෙම රැපයන් 8ට ඇති රැප කළාපයට කියනුයේ ශුද්ධ අශ්ඨ කලාප ලෙසයි. මෙම රැප අට සියළුම රැප කලාපයන් වල ඇත. මෙයින් මෙම රැප 08 ට ජිවිත රැපය, චක්කුප්‍රසාද රැපය, සෝත ප්‍රසාද රැපය, ඝාන ප්‍රසාද රැපය, ජිවිහා ප්‍රසාද රැපය, කාය ප්‍රසාද රැපය, ස්ත්‍රි භාව රැපය, පුරැෂ භාව රැපය, ලහුතා රැපය , කාය විඤඤත්ති රැපය, වචි විඤඤත්ති රැපය, වස්තු රැපය ආදි රැපයන් එක්විමෙන් කර්මජ රැප කලාප 09, චිත්තජ කලාප 06, සෘතුජ කලාප 04 හා ආහාර කලාපයන් 02 නිර්මානය වෙ. මෙලෙස කලාප වල රැප 09, 10, 11, 12, 13 බැගින් ඇත. රැප 13 කට වැඩි රැප කලාප ඇති වන්නේද නැත. (මෙ රැප කළාප පිලිබදව තේරෙන විස්තරයක් අභිධර්මයේ මුලික කරැණු හා අභිධර්ම මාර්ගය යනුවෙන් රේරැකාණේ ස්වාමින්වහන්‍සේ විසින් සමිපාදිත පොත් වල ඇත)
මෙලෙස මෙම රැපයන් සංයෝජනයෙන් සැදි කර්මජ රැප කලාප 09 පිළිබදව පමණක් ලිපිය තේරැමි යැම සදහා කරැණු කෙටියෙන් පහත දක්වා ඇත.(මෙහි ශුද්ධ අශ්ඨකයට රැපයන් 02 බැගින් එක්වි සැදෙන නිසා මෙම කලාප දශක යනුවෙන් ද නවයක් වන විට නවක කලාප ලෙසද හදුන්වයි)

01)චක්ෂුර් දශක කලාප
02)ශ්‍රෝත දශක කලාප
03)ඝාන දශක කලාප
04)ජිවිහා දශක කලාප
05)කාය දශක කලාප
06)ස්ත්‍රි භාව දශක කලාප
07)පුංභාව දශක කලාප
08)වස්තු දශක කලාප
09)ජිවිත නවක කලාප

මෙයින් සංසේදජ හා ඔපපාතික සත්ත්වයින්ට ප්‍රතිසන්ධියත් සමගම, චක්කු, ශ්‍රෝත, ඝාන, ජිවිහා, කාය, භාව හා වත්තු යන යන දශකයන් ප්‍රතිසන්ධි චිත්තයත් සමගම පහල වෙ.

මෙම සත්ත්වයින් අතරින් අණ්ඩජ හා ජලාබුජ සත්ත්වයින්ට ගර්භශායික යන නම දෙනු ලබයි (ගැබැක් තුල ශයනය කරණ) සංසේදජ හා ඔපපාතික සත්ත්වයින්ට මෙන් මෙම අණ්ඩජයන්ට හා ජලාබුජයන්ට දශකයන් රාශියක් ප්‍රතිසන්ධියත් සමග ලැබෙන්නේ නැත. ඔවුන්ට ලැබෙනුයේ කාය දශකය භාව දශකය හා වත්තු දශක යන දශක තුන පමණි. එයින් අදහස් වන්නේ උපතත් සමග ශරිරය, ස්ත්‍රි පුරැෂ භාවය හා හෘර්ධරැපය ඒ කියන්නේ සිත් පහල වන ස්ථානය පහල වන බවයි. එනමි ප්‍රතිසන්ධි මොහොතේ සිටම මිනිසුන්ට සිතිමෙ හැකියාව ඇත. මෙයින් චක්කු, ශ්‍රෝත, ඝාන, ජිවිහා යන දශකයන් 04 මවිකුස වැඩි කාලයක් සිටින සත්ත්වයින්ට ප්‍රමාද විද, කෙටි කාලයක් සිටින සත්ත්වයින්ට ඉක්මනින්ද පහල වන බව දක්වා ඇත.මෙයින්ද මිනිසුන්ට ප්‍රතිසන්ධියෙන් එකොලොස් වන සතියේ අවසාන දින එනමි 77 වන දින පහල වන බව දක්වා ඇත.මෙය මිනිසුන්ට හා තිරිසනුන්ට අදාල වෙ. කලින් ඉදිරි පත් කල "කළලයක් විකසනය වන යුරැ" ලිපිය කියෙවිවා නමි ප්‍රතිසන්ධියෙන් 77 වන දිනයේ ඇස්, කන් නාස් ආදිය ඇති වන බව දක්වා තිබිම තකතරමි නිවැරදිදැයි ඔබට තේරැමි යනු ඇත.

සත්ත්වයින් අන්ධ ගොළු, බිහිරි වන්නේ ඇයි?
සත්ත්වයින් අන්ධ, ගොලු හා බිහිරි වන්නේ ඇයිද යන්නටත් පිළිතුර මෙයින්ම පහදා දිය හැක. අහේතුක සත්ත්වයින්ට හා බලවත් කර්මයන් විපාක දිම නිසා ප්‍රතිසන්ධි මොහොතේ ප්‍රතිසන්ධි චිත්තය දුබල විම නිසා, චක්කු, ශ්‍රෝත, ජිවිහා යන දශකයන් නොලැබිම නිසා එන්මි එම දශකයන් ඇති නොවිම නිසා පිළිවලින් සත්ත්වයින් අන්ධ, බිහිරි, ගොලු වන බව දක්වා ඇත. ඝාන දශකය බලවත් කර්මයන් නිසා නොලැබි යාම සමිබන්ධයෙන් සදහනක් නැත. 

නපුංන්සක, ද්විලිංගික අය ඇති වන්නේ ඇයි?
ස්ත්‍රි හෝ පුරැෂ භාව දශක නොලැබි යන අය නපුංසක නමිවෙ.විද්‍යාවෙ ටර්නර් සහ ලක්ෂනය ලෙස හදුන්වන්නේ මෙයයි. මෙ අනුව දෙකම ලැබෙන අය එනමි ද්විලිංගික හෙවත් විද්‍යාවෙ ක්ලයින් ෆෙලිටර් සහලක්ෂනය යුනුවෙන් හදුන්වන්නේ මෙයයි. මිට අමතරව තවත් සහ ලක්ෂනයක් විද්‍යාවෙ ඇත එය හදුන්වන්නේ ඩවුන්ස් සහලක්ෂනය යනුවෙනි. මන්ද බද්ධික ත්ත්වයන් ඇතිවන්නේ මෙම ඩවුන්ස් සහ ලක්ෂනය ඇති විටයි.
කියවන්න

මන්බුද්ධික අය ඇති වන්නේ ඇයි?
මෙය බුදු දහම අනුව කුමක් විය හැකිද? මන්ද බුද්ධික තැනැත්තන්ගේ ශරිරය වර්ධනය විමද සිදුවෙ (ඒබැවින් ආහාරජ කලාපයන්ද ඇත),ස්ත්‍රි හෝ පුරැෂ ලිංගයක්ද ඔවුන්ට ඇත, එනමි ඔවුන්ගේ භාව දශකයන් ගේ හා ශරිරයක් ඇති නිසා කාය දශකයන්ගේද ගැටලුවක් නැත. ඔවුන්ගේ ඇස් කන් නාස් ආදියද ක්‍රියාත්මක වන නිසා එම දශකයන්ගේද ප්‍රශ්ණයක් නැතැයි සිතිය හැක. ඔවුන්ට සිතිමටද හැක. ඒ නිසා වත්තු දශකයේද ගැටලුවක් නැත. ඔවුන්ට දුක දැනෙනු සතුට දැනෙනු ද අප දැක ඇත්තෙමු. නමුත් ඒ සන්වෙදනයන් සදහා ඔවුන්ගේ ප්‍රතිචාරයන් අසාමාණ්‍ය බව අපි දැක ඇත්තෙමු. එබැවින් මොවුන්ගේ චිත්තජ රැප කලාපයන් ඇති නමුත් එහි යමි ගැටලුවක් ඇතිවා විය යුතුය.

මෙතනින් කියවන්න

එනමි මෙය සිතින් උපදින්නාවු රැප කලාප කොටස් 06 න් එකක හෝ කිහිපයක ඇති ගැටලුවක් විය යුතුයි. මෙ ගැන කථා කිරිමට එම රැප කොටස් 06 ද දැක්විමට සිදු වන නිසා නමි වශයෙන් පමණක් මෙහි ඒ කරැණු දක්වනු ලබයි.
01)ශුද්ධ අෂ්ඨක කලාපය.
02)කායවිඤ්ඤත්ති නවක කලාපය
03)වචිවිඤ්ඤත්ති දශක
04)ලහුතාදෙකා දශක
05)කායවිඤ්ඤත්ති ලහුතාදි ද්වාදශක
06)චවිවිඤ්ඤත්ති සද්ද ලහුතාදි තේරසක

මිනිසුන්ට කථා කිරිමට, ශරිරය මනා ලෙස පැවැත්විමට,ක්‍රියා කිරිමට හැකිවනුයේ මෙ චිත්තජ කලාපයන් නිසාය. මන්ධ බුද්ධක යනුවෙන් හදුන්වල අයවලුන්ටද ඇත්තේ මෙසේ ක්‍රියාකිරිමට නොහැකියාවයි. එසේ නමි ඔවුන්ගේ ගැටලුව ඇත්තේද මෙම චිත්තජ රැපයන්ගේ වියයුතුය.

මෙ මිනිසුන් සමිබන්ධවය. ඔපපාතික සත්ත්වයින් සමිබන්ධයෙන් තත්වය සැලකු විට මුලින් කියු පරිදි ඔපපාතික සත්ත්වයින් කුෂල හා අකුෂල කර්ම නිසා උපත ලබයි.මෙයින් සුගති හා දුගතින් වල උපන් අහේතුක (මෙතනදි කර්මය පිළිබදව දැනගෙන සිටිය යුතුයි. කර්මය නිසා සත්ත්වයින් උපත ලබන විට අහේතුක, ද්විහේතුක හා ත්‍රිහේතුක වශයෙන් ප්‍රතිසන්ධිය ලබයි ප්‍රතිසන්ධිය ගෙනදුන් කර්මය දුර්වල වු විට අහේතුක සත්ත්වයින් උපත ලබයි.නපුන්සක, අද ගොලු බිහිරින් ආදින්) සත්ත්වයින්ට චක්කු, ශ්‍රෝත, ඝාන, ජිවිහා යන දශකයන් 04ම නොලැබි යන බව දක්වා ඇත. සංසේදජ සත්ත්වයන් සමිබන්ධයෙන්ද තත්වය මෙසේය. මෙ කියුවෙ අපාය ලොක(ප්‍රේත ලොක,නිරය ලොක,අසුර ලෝක) හා දිව්‍ය ලොක(සදෙවි ලොව) වල උපතත් සමග ලැබෙන රැප පිළිබදවයි.

රැප ලොක අරැප ලොක ආදිය ගැන වැඩි විස්තරයක් තාම කියා නැති බැවින් එය පසුව සලකා බලමු.

විද්‍යාත්මක ඇසින් 
ඒසේනමි මෙ දශක, ද්වාදශක, තේරසක යන කළාපයන් විද්‍යානුකුලව මොනවා විය හැකිද? ජාන විද්‍යාව අනුව ගැහැනියක හා පිරිමියක උපදින ආකාරය අපි දනිමු. මවගේ ඩිමිබ සෛලයේ ඇති XX ජාන යුවල පියාගේ ශුක්‍රාණුවේ ඇති XY ජාන යුවල හා සංයෝජනයෙන් ගැහැනුන් හා පිරිමින් ඇතිවෙ. එනමි මවගේ එක් X ජානයක් පියාගේ XY ජාන බෙදිමෙන් පසු X ජානයක් හා බද්ධ විමෙන් ඇතිවන යුක්තානුවෙ හෙවත් මුල්ම සෛලයේ ප්‍රවෙණි ද්‍රව්‍යය XX වි නමි ඒ සෛලය බෙදි ඇතිවන සත්ත්වයා ගැහැණු දරැවෙකි. ඒ දරැවාගේ මුලු ජිවිත කාලය පුරාවටම ඉන්පසු ඇතිවන සියළුම සෛලයන්ගේ ලිංගික ජාන ලෙස ඇත්තේ මෙම XX ජානයි. මෙලෙසම XY ලෙස ජාන බැදිමෙන් පිරිමි දරැවෙකු බිහිවෙ.

මෙම ජාන බැදිමෙදි (හරියටම වදන මතක නැත මෙය සංරචනය විය යුතුය) සිදුවන විකෘති තාවයක් නිසා මවගෙන් ලැබෙන   X ජානය පමණක් ලැබි පියාගෙන් ලිංගික ජානය X හෝ Y නොලැබි කළලය විකසනය වුවහොත් මෙහිදි උපදින ළමයායාගේ ලිංගය නිර්ණය නොවෙ. නපුංසකයන් ලෙස හදුන්වන්නේ මොවුන්ය. මවගෙන් ලැබෙන XX ජාන දෙකම හා පියාගේ  Y ජානය යන 03ම සංයෝජනය වු විට ලිංගයන් දෙකම නිර්ණය වෙ. මෙ අනුව පැහැදිලි වනුයේ බුදු දහමට අනුව පුං භාව දශකය හා ස්ත්‍රි භාව දශක යනු මෙම ජානයන්හි අන්තර් ගත යමක් විය යුතුය බවය.

ජාන යනු මොනවාද?

ක සමාණ ඩි.එන්.ඒ පට දෙකක් සෙන්ට්‍රෝසොමයක් හා බද්ධ විමෙන් මෙම ජාන නිර්මාණය වි ඇත. එනමි පුං භාව දශකය යනු එක් ඩි.එන්.ඒ පටයක් විය යුතුයැයි අනුමාන කල හැක.

ඩි.එන්.ඒ. පට සැදි ඇත්තේ කෙසේද? ඩිඔක්සි රයිබෝස් සිනි කාණ්ඩ හා භෂ්ම හා අමිල කාන්ඩයන්ගෙනි. ජානයක මෙම ඩි.එන්.ඒ පටය වට කර තවත් සංඝටකයන් ඇත මෙවා සියල්ල මහා භුත රැප 04 න් සැදි ඇති බව පැහැදිලිය. ඊට අමතරව මෙහි වර්ණ ඝන්ධ රස ඔජාව යන රැපයන්ද ඇත. ඒ අනුව ජානයේ ශුද්ධ අශ්ඨක කළාපය ඇත. පුං භාව දශකය ඇති වනුයේ මෙම ශුද්ධ අශ්ටක කලාපයට ජිවිත රැපය හා පුංභාව රැපය එක්විමෙනි. එසේනමි මෙහි පුංභාව රැපය යනු මෙම පුරැෂ බව නිර්ණය කරන ජාන පටය විය යුතු බව පැහැදිලි වනු ඇත. මෙ බුදු දහමෙ ඩි.එන්.ඒ. පිළිබද විස්තරය විය යුතුය.

ගස් වලට පන තියෙනවාද?
මෙ අනුවම පැහැදිලි කර ගත යුතු තවත් කරැණක් ඇත. විද්‍යාවට අනුව සියලුම සත්ත්වයන්ගේ ශරිරයේ අන්තර්ගත වනුයේ DNA නමි ප්‍රවෙණි ද්‍රව්‍යයි. එනමි  ඔක්සි රයිබොස් සිනි කාණ්ඩය අන්තර්ගත වි ඇත. නමුත් සියලුම ශාක වල ප්‍රවෙණිද්‍රව්‍ය ලෙස ඇත්තේ RNA වෙ එනමි රයිබොස් සිනි කාණ්ඩය ඇතුලත් ප්‍රවෙණි ද්‍රව්‍යයි. මෙ අනුව ශාක හා සත්ත්වයින් අතර පැහැදිලි විභේධනයක් ඇත. බුදු දහමට අනුව ශාක වලට ජිවයක් නැ. හේතුව එහි ඇත්තේ රැප ස්කන්ධයක් පමණක් විමයි. නමුත් සත්ත්වයින්ට රැප ස්කන්ධයට අමතරව නාම ස්කන්ධයක්ද ඇත. මෙම කරැණ කිවෙ මාගේ මතයක් ප්‍රකාශ කිරිම සදහායි. මෙම බිලොගයේ කොහේ හෝ අයෙක් ක්ෂුද්‍රජිවින් සත්ත්වයින්ද කියා ඇසුවා මතකය. ක්ෂුද්‍රජිවින්ගෙනුත් ප්‍රවෙණි ද්‍රව්‍ය DNA අන්තර් ගත සත්ත්වයින්  හා RNA අන්තර්ගත සත්ත්වයින් මෙන් ව්‍යුහ ඇත. මෙ ආකාරයට මුලින් දැක්වු විභේධනයට අනුව RNA අන්තර්ගත ක්ෂුද්‍ර ජිවින් සත්ත්වයින්ට වඩා ශාක වනු ඇතැයි යන්න මගේ මතයයි. කෙසේ වුවත් සත්ත්වයින් විමට ජිවිත රැපය හා බද්ධ විමට අවශ්‍ය යමක් RNA වල නැතැයි මම සිතමි. බුදු දහමෙ සත්ත්වයාගේ ප්‍රමාණය දක්වා නැත. සත්ත්වයෙක් යනු මෙ ප්‍රමාණයට වඩා ලොකු ශරිරයක් ඇතියෙක් යැයි දක්වා නැත. මදුරැවාද සත්ත්වයෙකි. එනමි පංචස්කන්ධ ධර්මයකි. මදුරැවා

මැරිමද පවකි. අලියා මැරිමද පවකි. කුඹියාද සත්ත්වයකි. කුඹියාට වඩා කුඩා අන් පංචස්කන්ධ ධර්මයන්ද සත්ත්වයන් වෙ. නමුත් කර්ම දේශනයේදි විශාල ශරිර ඇති සත්ත්වයින් මැරිමෙන් මහා සාවද්‍ය වන අතර කුඩා සතුන් මැරිම අල්ප සාවද්‍ය බව දේශනා කර ඇත. ඒ කියන්නේ පොඩි සත්තු මරැවහම පව පොඩියි. ලොකු සත්තු මැරැවහම එයින් වෙන පව ලොකුයි කියන එකයි. නමුත් රැපස්කන්ධ පමනක් ඇති ගස් ගල් ආදිය සත්ත්වයින් නොවෙ. නමුත් සත්ත්ව ශරිරත් විඥාන ස්කන්ධයක් නැති රැප ස්කන්ධයක් පමණක් ඇති ශාක ශරිරත් යන මෙවා දෙකම සැදි ඇත්තේ මහා භුත රැප හා උපාදාන රැප යන පොදු රැපයන්ගෙන් නිසා මෙවායේ නිරන්තර සමාණතාවයන් ඇත. එනමි ශාක මෙන්ම සත්ත්වයින්ද වර්ධනය වෙ. හාක මෙන්ම සත්ත්වයින්ද වර්ගයා බෝ කරයි ආදියයි. නමුත් එවාට රැවටිම අඥාන ක්‍රියාවක් පමණි.

තවත් දෙයක්
කලින් ලිපියේ සදහන් කල පරිදි සත්‍රියගේ ලිංගින්ද්‍රියට මුදාහරින මිලියන 300 ක් පමණ වු ශුක්‍රාණු අතරින් ඩිමිබ සෛලය වෙත ගමන් කල හැක්කේ ශුක්‍රාණු 100 ගණනකට පමණි. මෙයින්ද ඩිමිබය තුලට ප්‍රවෙණි ද්‍රව්‍ය ඇතුලු කල හැකි වනුයේ එක් ශුක්‍රාණුවකට පමණි. එයින් අලුත් ජිවියාගේ මුල්ම සෛලය නිපදවනු ලබයි. කලින් කි නපුංසක ආදින් ගැන සැලකිමෙදි. මිලියන ගණනක් වන ශුක්‍රාණු තිබියදී, මෙලෙස විකෘති භාවයකට පාදක වන ශුක්‍රාණුවක් ඉක්මන් විම අහේතුකව සිදුවන්නක් විය නොහැක. බුදු දහමෙ මෙය විස්තර කරණුයේ කර්මය නමිණි. 

http://www.budurashmiya.net/2010/06/blog-post.html
 
 

2 comments:

Unknown said...

මේ කතාව සම්පූර්ණ වැරදියි. ශාක වල ප්‍රවේණික ද්‍රව්‍ය rna නොවේ.dna මයි. mulin vidyaawa haiyata hadaranna

Unknown said...

http://pasanrahula.blogspot.com/

Post a Comment

Free HTML Blog 4u