විද්‍යාව හා බුදු දහම බ්ලොග් අඩවියට පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමි. හිතවත, සියලු ආගම් එකයැයිද, සියල්ලෙන්ම කියැවෙන්නේ හොද නරක පමණක් යැයිද, අපායත් දෙව්ලොවත් ඇත්තේ මෙලොව යැයිද අඥාන මිනිසුන් විසින් වහසි බස් දොඩනු අප අසා ඇත. සියලු දේ විද්‍යාවෙන් මනින්නටත් විද්‍යාව, වන්දනා කිරීමටත් විද්‍යාව යන වචනයෙහි තේරුමවත් නොදත්තෝ උත්සාහ කරති. පාලුගෙයි වළං බිදින ලෙසින් ආගම දහම ගැන කිසිවක් නොදත් අ‍නෙක් මිනිසුන් මුව අයා බලාසිටිමින් ඔවුන් වීරයන් කරති. පොත පතක් කියවා අබ ඇටයක් තරමින්වත් මනස වර්ධනය කරගත්තවුන් සිටීනම් මෙවන් අනාර්ය වූත් අනර්ථ වූත් කතිකාවන් නොකරති. විද්‍යාව යනු බුදු දහම ඉදිරියේ හිමාලය අසල ඇති අබ ඇටයක් තරම්වත් නොගිණිය හැකි ශිල්පයක් බව දහම අවබෝධ කරගත්තෝ දනිති. යමක් විද්‍යාවෙන් ඔප්පු නොවන්නේ විද්‍යාව දුර්වල නිසා මිස බුදු දහමේ අඩුවක් නිසා නොවේ. එහෙත් පහත් මානසිකත්වය ඇත්තන්ට සත්‍යය දැනගනු වස් මෙවන් වෙබ් පිටුවක් නිර්මාණය කලෙමි. බුද්ධිමත් ඔබද මෙ කියවා සත්‍යය දැකගන්න. මෙහි ඇත්තේ උපුටාගත් ලිපිය. එය උපුටා ගත් ස්ථානය ඒ ඒ ලිපිය අවසානයේ පැහැදිලිව සටහන් කර ඇත. විද්‍යාව හා බුදු දහම සම්බන්ධව ලියැවුන ලිපි එක්තැන් කිරීම මෙහි අරමුණ වේ.

Saturday, January 14, 2012

බුදු රජානන් වහන්සේ ප්‍රතිහාර්‍ය

මින් පෙර ලිපියේ සදහන් කරන්නට යෙදුණු කරැණු ඔබට මතක ඇති. එනමි බ්‍රහ්මජාල සුත්‍රයේ දැක්වු පරිදිම බොහෝ දෙනා තථාගතයානන් වහන්සේ ගැන ප්‍රකාශ කරණුයේ උන්වහන්සේගේ ගුණ ගායනා කරණුයේ, ශිල මාත්‍රයකින් පමණි. නමුත් උන්වහන්සේම දේශනා කල පරිදි. එය උන්වහන්සේ  අවතක්සේරැ කිරිමක් නොවන්නේද?

නිර්වාණයට පත් උතුමෝ තමුන් පිළිඹදව ස්වයං වර්ණනා කරගන්නේ නැත. විශේෂයෙන් බුදුවරයානන් වහන්සේලා එසේ නොකරති. ඒ උන්වහන්සේලා එයින් බලාපොරොත්තු වන කිසිදු ලාභ සත්කාරයක් නොමැති බැවිනි. නමුත් එයින් අනන්ත අප්‍රමාන මිනිසුන්ගේ චිත්ත ප්‍රසාදය ඇතිවන්නේ නමි, හා එය වැඩ පිණිස වන්නේ නමි බුදුවරයානන් වහන්සේලා එය නියත වශයෙන්ම කරණු ඇත.

වර්ථමාන සමාජයේ බොහෝ දෙනාගෙන් විමසා සිටි විට  ඔවුන් බුදුපියානන් වහන්සේ දකිනුයේ තවත් එක් මනුෂ්‍යයෙක් වශයෙන් පමණි. ගිහියන් අතර තබා පැවිදි බොහෝ දෙනාද මෙසේ බුදුපියාණන්වහන්සේ ලඝු කොට සැලකිම වර්ථමානයේ සුලබ තත්වයක්. දැනට වසර 2500 කට පෙර බුදු රජානන් වහන්සේ ජිවමානව සිටි අවධියේ දීද මෙබදුම බුදුපියානන්වහන්සේ ලඝුකොට සැලකු බුදුපියාණන්වහන්සේ අවතක්සේරැවට පත්කල පිරිස් අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් විය. තාක්ෂණය කාලය වෙනස් වුවද සමාජයන්හි මුලික ලක්ෂණ පරමිපරාවෙන් පරමිපරාවට නොසිදි පවත්න්නක්. අදත් ඒ තත්වය එසේමය. බුද්ධ චරිතය, බුද්ධ විලාශය බුද්ධ ඤානය අභියෝගයට ලක්කරණ ගිහි පැවිදි බෞද්ධයෝ විශාල පිරිසක් වර්ථමානයේ සමාජයේ අරක්ගෙන ඇත. උන්වහන්සේ ඒදා මෙම දේශානාව කරන්නට ඇත්තේ අද වන් දවසක සිතපහදින්නාවු තැනැත්නන්ගේ සිත් පැහැදිම සදහාම විය යුතුයැයි මම සිතමි. ඒය කොටස් වශයෙන් මෙතැන් සිට මතු ඉදිරිපත් කර‍නු ලැබෙ‍මහා අන්ධකාරයක් මැදින් දිදුලන ශඩිවර්ණ ආලෝක ධාරාවක් මෙන්,ක්ලේශයන්ගෙන් බරිත අඤ්ඥාන සමාජයා විසින් වලලා දමන්නට උත්සහ දරන ඒ තථාගතයානන්වහන්සේගේ ස්වරැපය යලි යලිත් සැදැහැතියන්ගේ සිත් සතන්හි ජනිතකරවිමට සමත් සුත්‍රයක් ත්‍රිපිටකයේ මජ්ජිම නිකායේ අන්තර්ගතව ඇත. එම සුත්‍රයේ අපගේ තිලොගුරැ තථාගත සමිමා සමිබුදු රජානන් වහන්සේ, උන්වහන්සේ කවර ආකාරද යන්න පිළිබදව උන්වහන්සේ විසින්ම ශ්‍රි මුඛයෙන් දේශනා කර ඇත. මෙතැන් සිට එම ආශ්චර්‍ය වුත් ශ්‍රධ්ධාවර්ධක වුත් මහා සිහනාද සුත්‍රය කොටස් වශයෙන් ඉදිරිපත් කරණු ලැබෙ.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර නගරයෙන් පිටත බටහිර පැත්තේ පිහිටි වන ලැහැබෙහි වාසය කළහ. එකල්හි සුනකඛතත නමි ලිචිඡුවිපුත්‍ර තෙම මෙ ශාසනයෙන් ඉවත්ව ගොස් නොබෝකල් ඇත්තේ වෙයි. හෙතෙම විශාලාමහනුවර පිරිස්වල මෙබදු වචන කියයි.

ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩිවූ, ආර්‍ය භාවයක් ඇති කිරීමට සමර්ථ විශෙෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතම තෙම කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නාවූ ධර්මයක් දෙශනාකරයි. ඒ ශ්‍රමණ ගෞතමයන් විසින් යමි අර්ථයක් සදහා ධර්මය දෙශනා කරන ලද්දේද, ඒ ධර්මය තෙම ඊට අනුරූපව ක්‍රියා කරන්නහුගේ දුක් විනාශකිරීම පිණිස පවතී., කියාය: " එකල්හි අයුෂ්මත් ශාරිපුත ස්ථවිරයන් වහන්සේ පෙරවරු කාලයෙහි හැද පාත්‍ර සිවුරුගෙන විශාලාමහනුවරට පිඩු පිණිස පැමිණියෝය. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සුනක්ඛත්ත ලිචිඡුවිපුත්‍රයා විශාලාමහනුවර පිරිස් මැද , ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩිවූ, ආර්‍යභාවයක් ඇති කිරීමට සමර්ථ විශෙෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතමතෙමෙ කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නාවූ ධර්මයක්

දේශනා කරයි. ඔහු විසින් යමි ප්‍රයෝජනයක් සදහා ධර්මය දෙශනා කරන ලද්දේද ඒ ධර්මයතෙම ඊට අනුව ක්‍රියා කරන්නහුගේ දුක් විනාශකිරීම පිණිස පවතී, යයි මෙසේ කියන වචනය අසන්ට ලැබුණේය.

එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විශාලා මහනුවර පිඩුපිණිස හැසිර බතින් පිසූ පිණ්ඩපාතයෙන් වැළකුනේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණියේය. පැමිණ එකපැත්තක වාඩිවිය. එකපැත්තක උන්නාවූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙමෙ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළේය. ,ස්වාමීනි, සුනක්ඛත්ත නමි ලිචිඡවිපුත්‍ර තෙම මෙ ශාසනයෙන් ඉවත්වගිය නොබෝ කල් ඇත්තේවෙයි. හෙතෙම විශාලාමහනුවර පිරිස් මැද මෙබදු වචන කියයි. ,ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩිවූ, ආර්‍යභාවයක් ඇතිකිරීමට සමර්ථ විශෙෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතමතෙමෙ කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නාවූ ධර්මයක් දෙශනා කරයි. ඒ ශ්‍රමණ ගෞතමයන් විසින් යමක් සදහා ධර්මය දෙශනා කරන ලද්දේද ඒ ධර්මය තෙම ඊට අනුව ක්‍රියා කරන්නහුගේ දුක් නැතිකිරීම පිණිස පවතී, කියායි.

ශාරිපුත්‍රය, සුනක්ඛත්ත හිස් පුරුෂතෙම කෝප වන්නෙකි. ඔහු විසින් ක්‍රෝධයෙන්ම මෙ වචන කියනලදී. ශාරිපුත්‍රය, ඒ සුනක්ඛත්ත නම හිස් පුරුෂ තෙම තථාගතයන්ගේ අගුණයක් කියන්නෙමියි සිතා තථාගතයන්ගේ ගුණයක්ම කියයි. ශාරිපුත්‍රය, තථාගතයන් විසින් යමක් සදහා ධමෟය දෙශනා කරනලද්දේද ඒ ධර්මයතෙම ඊට අනුව ක්‍රියා කරන්නහුගේ දුක් නැති කිරීම පිණිස පවතී, යයි යමෙක් කියා නමි එය තථාගතයන්ගේ ගුණයක්මය.

ශාරිපුත්‍රය, සුනඛකත්ත නමිවූ ඒ හිස් පුරුෂයාහට මා පිළිබද ධර්මාවබෝධයක් නැත්තේය. මෙ කාරණයෙන්ද ඒ භාග්‍යවත් තෙමෙ අර්හත්ය, සම්‍යක් සමබුද්ධය, අෂ්ට විද්‍යාවෙන් හා පහළොස් චරණ ධර්මයෙන් යුක්තය, සුගතය, සියලු ලෝකය දන්නේය. තමන්ට වඩා උතුමි කෙනෙක් නැත. දමනය නොකළහැකි පුරුෂයන් දමනය කිරීමෙහි සාරථියෙකු වැනිය. දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නේය. බුද්ධය, භගවත්යයි මා පිළිබද දැනීමක් නැත්තේය.

ඉහත කී අරහං ආදි නවයක් වු බුදුගුණ සංශේපයෙන්
රහසත් පව් නො කොට
කෙලෙසරයනුත් දුරු   කොට
නිසි වූයෙන්      පුදට
අරහ යැයි නම කියති  මුනිඳුට

තුන් කල්හි ම     පැවැති
පදරුත සියල් ලොව   ඇති
අතැඹුල සෙ දැන  ගති
එයින් සම්මා සම්බුදුන  යෙති

විද්දැ නැණ අට   
පසළොස් සරණ ගුණය  
ඇතියෙන් එමුනි  සඳ
පිරුණු විජ්ජා චරණ නම්   ලද

යහපත් කොට යෙතැ  යි
සුන්දර කැනට සැපතැ  යි
සොඳුරු බසු කියතැ  යි
කියති ඒ මුනිරජුට සුගතැ යි

තුන් ලොව තතු     ලෙසට
දැන ගෙන නොදත්  මෙලොවට
දෙසුයෙන් නියම      කොට
ලෝකවිදූ යැයි කියති    මුනිඳුට

හැම ගුණයෙන්  නඳා
සම වැඩි සතකු        ඇමදා
දියතෙහි නැති    සඳා
අනුත්තර යැයි කියති   මුනිඳා

බඹ සුර යකුන්       තද
දමනය කර තමන්   ලද
සෙත් දී මුනිඳු      සඳ
පුරිසදම් සාරති නම්   ලද

බව කතරින්     එ‍තෙර
ලනුයෙන් සතන් හැම    වර
තිලෝගුරු මුනි         වර
වීය සත්තා නමින්   පුවතර

සිව්සස් සිය  නැණින්
දැන දැන්වීය   කුළුණින්
දුර ලයි    අනුවණින්
එ බදු නම් වීය ගුණ  පමණින්

බෙදුයෙන් දහම්    කඳ
බජනය කෙළෙන් ගුණ   කඳ
බග දහමින්       සසඳ
බැවින් බගවත් වීය    මුනිසඳ

විදාගම මහා මෛත්‍රෙය ස්වාමිපාදයන් විසින් රචිත බුදුගුණ අලංකාරයෙන්

ශාරිපුත්‍රය, සුනඛකත්ත නමි ඒ හිස් පුරුෂයාහට මා පිළිබදවූ මෙ ධර්මාවබොධයද නැත්තේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද නොයෙක් ආකාරවූ සෘද්ධි විධි විශෙෂයෙන් විදින්නාහ. කෙසේද? එක් කෙනෙක්ව බොහෝ දෙනෙක් වන්නාහ. බොහෝ දෙනෙක්ව එක්කෙනෙක් වන්නාහ. ප්‍රකට බවටද, අප්‍රකට බවටද පැමිණෙන්නාහ. භිත්ති සරසද, ප්‍රකාර සරසද, පර්වත සරසද අහසේ යමිසේද එසේ නොගැටෙමින් ගමන් කරන්නාහ. දියෙහි මෙන් පොළොවෙහිද කිමිදිමි, මතුවීමි කරන්නාහ. පොලොවෙහි මෙන් ජලයෙහිද නොකිදෙමින් යන්නාහ. පක්‍ෂියෙක් මෙන් අහසෙහි හිදගෙනම හිදීමෙන්ම: යන්නාහ. මහත් සෘද්ධි ඇති මෙ සද හිරු දෙදෙනද අතින් අල්ලන්නාහ. අතගාන්නාහ. බ්‍රහ්ම ලොකය දක්වා ශරීරයෙන් තමන්ගේ වසගයෙහි පවත්වන්නාහ.

ශාරිපුත්‍රය, සුනකඛත්ත නමි ඒ හිස් පුරුෂයාහට මා පිළිබධ මෙ ධර්මාවබොධය ද නැත්තේය. ඒ භාග්‍යවතුන්වහන්සේ මිනිස් කණ ඉක්ම සිටින්නාවූ පිරිසිදිවූ දිව කණින් දෙවියන් පිළිබදවූද මිනිසුන් පිළිබදවූද, දුරවූද, සමීපයෙහිවූද, දෙයාකාර ශබිදයන් අසයි.

ශාරිපුත්‍රය, සුනඛකත්ත නමි ඒ හිස් පුරුෂයාහට මා පිළිබදවූ මෙ ධර්මය දැනීමද නැත්තේය. භාග්‍යවතුන්වහන්සේ අන්‍යසත්‍වයින්ගේ ද අන්‍ය පුද්ගලයින්ගේද සිත තම සිතින් පිරිසිද දන්නාහ. රාග සහිත සිත රාග සහිත සිතයයි දන්නාහ. රාගරහිතසිත රාගරහිත සිතයයි දන්නාහ. හැකිලුණු සිත හැකිලුණු සිතයයි දන්නාහ. විසුරුණු සිත විසුරුණු සිතයයි දන්නාහ. මහත් බවට පැමිණි සිත මහත් බවට පැමිණි සිතයයි දන්නාහ. මහත් බවට නොපැමිණි සිත මහත් බවට නොපැමිණි සිතයයි දන්නාහ. උසස් බවට පැමිණි සිත උසස් බවට පැමිණි සිතයයි දන්නාහ. උසස් බවට නොපැමිණි සිත උසස් බවට නොපැමිණි සිතයයි දන්නාහ. සංසිදිනු සිත සංසිදිනු සිතයයි දන්නාහ. නොසංසිදිනු සිත නොසංසිදිනු සිතයයි දන්නාහ. මිදිනු සිත මිදිනු සිතයයි දන්නාහ. නොමිදිනු සිත නොමිදිනු සිතයයි දන්නාහ.

මහා සිංහනාද සුත්‍රයේ උපුටන ලද කොටසින්  බුදු රජානන් වහන්සේගේ සෘධි බලය පිළිබදව දක්වන ලද හෙයින් එය ප්‍රකටව පෙනියෑම පිණිස කුද්ධක නිකායේ බුද්ධවංශ පාලියේ  රතනචඞකමන කාණ්ඩය මෙතැන් සිට දක්වනු ලැබෙ. 

රතනචඞකමන කාණ්ඩය යනු බුදු රජානනවහන්සේ කිඹුල්වත් පුරයට ඥාතින්ට ධර්මාවබෝ‍දය සදහ වැඩම කල අවුස්තාවෙ ශාකයයන්ගේ මාන දුරැකිරිම පි‍ණිස යමක මහා ප්‍රාතිහාර්‍යපා දසදහසක් සක්වල ආකාසය පුරා විහිදි පැතිරි සත්රැවන් සක්මනක් මවා එහි සකමන් කරමින්ම බුද්ධ වශය දේශනා කිරිමට හේතු පාදක වු සිදුවිමයි.  එහි පාලි බසින් සිංහලට පෙරළුම පදගලපා කථාවක් මෙන් පහතින් දක්වනු ලැබෙ.

රතනචඞකමන කාණ්ඩය.
ලොකයට අධිපතිවූ සහමිපතී නම බ්‍රහ්මතෙමෙ දොහොත් මුදුන් දි වදිමින්, මෙ ලෝකයෙහි නුවණ නමැති  ඇසෙහි රාගාදී ස්වල්ප කෙලෙස් රජස් ඇති සත්ත්‍වයෝ ඇත්තාහ.   මෙ ප්‍රජාවට අනුකමිපාකොට දහමි දෙසනු මැනවයි අනුත්තරවූ බුදුරදින් අයද සිටින ලදි.

අෂ්ට විද්‍යායෙන් හා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුත්,  තාදී ගුණ ඇති,  ශරීර ශෝභාව දරන්නාවූ හා නුවණ නමැති පහණක් ඇත්තාවූ අන්තිම ශරීරයක් දරණ,  තමන් වහන්සේට සමාන පුද්ගලයෙක් නැත්තාවූ තථාගතයන් වහන්සේට සියලු සත්ත්‍වයන් කෙරෙහි කරුනාව උපනි.

යමි හෙයකින් මෙ දෙවි මිනිසුන්, දෙවි මිනිස්සුන්ට උතුමිවූ මෙ බුදුරජහු කෙබදු,  ලොවට හිතවූ උන්වහන්සේගේ සෘධි බලය,  ප්‍රඥා බලය කෙබදුද,  බුද්ධ බලය කෙබදුදැයි නොදනිත්.

යමි හෙයකින් මෙ දෙවි මිනිස්සු මිනිසුන්ට උතුමවූ මෙ බුදිරජහු මෙබදුය,  ලොවට හිතවූ උන්වහන්සේගේ සෘධි බලය හා ප්‍රඥා බලය මෙබදුය,  බුද්ධ බලය මෙබදුයයි නොදනිත්ද?

එහෙයින් මම උතුමිවූ බුද්ධ බලය දක්වන්නෙමි.  අහසෙහි රුවනින් හෙබි සක්මණක් මවන්නෙමි. (යැයි සිතා අහසේ රැවන් සක්මනක් මවන ලදි)

බිම වැසි දෙවියෝද,  චාතුමිමහාරාජික නමි දෙවිලෝ වැසි දෙවියෝද,  තාවතිංස නමි දෙවිලෝ වැසි දෙවියෝද,  යාම නමි දෙවිලෝ වැසි දෙවියෝද,  තුසිත නමි දෙවිලෝ වැසි දෙවියෝද,  නිමිමානරතී නමි දෙවිලෝ වැසි දෙවියෝද,  පරනිමිමිත වසවත්ති නමි දෙවිලෝ වැසි දෙවියෝද,  නැවත යමි බඹලෝ වැසි බ්‍රහ්ම කෙනෙක් ඇද්ද,  ඔවුහුද,  මෙම රැවන් සක්මන දැක සතුටුවූවාහු මහත් ඝෝෂාවක් කළහ.

එකල්හි ලෝකාන්තරික නරකයෝද අනාවරණය වූහ.   අදුරද නැසුනේ විය. මුඵ පොළොවද බැබලවීය.  ඒ කාලයෙහි ආශ්චර්‍යවූ පෙළහර දැක බොහෝවූ දෙවියන් සහිත මිනිස්සුද,  ලෝකාන්තරික නිරයවල උපන් සත්ත්‍වයෝද සතුටුවූහ.

එකල්හි ලොක රාජයානන්වහන්සේ ඔදාත කසින සමාපත්තියටසමවැදි දසදහසක් සක්වල ආලෝක වෙවා යැයි සිතූ සේක. එසැනින් දෙවි,  ගදඹ,  මිනිස්,  රකුස් යන මොවුන් සහිත මෙ මිනිස් ලොවෙහිද,  අන් දෙවි ලෝවලද යන උභය ලෝකයන්හිද,  යටද,  උඩද,  සරසද පැතිර පැවති විශාලවූ මහත් ආලෝකයක් ඇතිවීය.

සීලාදී ගුණයෙන් සියලු සත්ත්‍වයන් විෂයෙහි උතුමිවූ,  තමන් වහන්සේට වඩා උසස් කෙනෙක් නැති,  සත්ත්‍වයන් හික්මවන ශාස්තෘතෙම දෙවි මිනිසුන් විසින් පුදන ලද්දේ විය.   මහත් ආනුභාව ඇති,  සිය පින් ලකුණෙන් යුත් බුද්ධරජතෙම ආශ්චර්‍යවූ පෙළහරක් දැක්වී.

එකල්හි මිනිසුන් අතර උතුමිවූ පසැස් ඇති ලෝහිමිවූ ඒ බුදුරජතෙම සහමිපති නමි මහබඹහු විසින් අයදනා ලද්දේ හිත කාරණය බලා එහි මනාව නිමියාවූ සියලු රණින් නිමවන ලද සක්මණක් මැවී.

සෘධි  ආදේශනා,  අනුශාසනී යන තුන් පෙළහරෙහි භාග්‍යවත් තෙම වසීවූයේ විය.   ලෝනාහිමිවූ බුදිරජතෙම මනාව නිමියාවූ,  සියලු රනින් නිමවන ලද සක්මනක් මැවී.

දස දහසක් සක්වළෙහි උතුමිවූ මහාමෙරු පර්වතයන් රුවන් සක්මනෙහි කණු මෙන් පිළිවෙලින් පෙන්වාලිය. පස්මරුන් දිනූ බුදිරජතෙම දස දහසක් සක්වළ ඉක්මවා සක්මණ මැවී.   රණින් කළ සක්මණ දෙපසෙහි බිමද රණින් කරන ලද්දේය.  ඊට අනුරූපවූ තලාද වලලු බාල්ක පරාලද,  ඒ මත රුවන් පෝරු ලෑලිද අතුරණ ලදහ.  දෙපසෙහි මවන ලද සියලු වෙදිකාවෝද,  මුලුල්ලද,  රුවන්මුවා වෙති. මිණිමුතු වැල්ලෙන් ගැවසුණු මවන ලද රුවන් මුවා සක්මණ හිරු මෙන් සියලු දිගුන් හොබවයි.

නුවණැති දෙතිස් මහා පුරිස් ලකුණෙන් යුත් පස්මරුන් දිනූ සමිබුදිරජතෙම ඒ සක්මණෙහි සක්මන් කිරීමෙදී බබළමින් සක්මන් කළ සේක.

එහි රැස්වු සියලු දෙවියෝ දෙවිලොව හටගත් මදාරා මල්ද,  පියුමිද,  පරසතු මල්ද සක්මණෙහි විසුරුවත්.

දස දහසක් සක්වළ දෙවියෝ සතුටු සිත් ඇත්තාහු උන්වහන්සේ බලත්.   ඒ දෙවියෝ: වදිමින් සතුටු වූවාහු විශෙෂයෙන් සතුටුවූවාහු,  ප්‍රමුදිතවූවාහු රැස්වෙති.

තාවතිංස නමි දෙවි ලෝ වැසි දෙවියෝද,  යාම නමි දෙවිලෝ වැසි දෙවියෝද,  තුසිත නමි දෙවිලෝ වැසි දෙවියෝද,  නිමිමානරතී නමි දෙවිලෝ වැසි දෙවියෝද,  පරනිමිමිත වසවත්ති නමි දෙවිලෝ වැසි දෙවියෝද,  යමි දෙවි කෙනෙක් ඇද්ද,  ඔවුහුද ඔදවැඩි සිත් ඇත්තාහු,  සතුටු සිත් ඇත්තාහු,  ලෝනාහිමිදුන් දකිත්.

දෙවි, ගදඹ,  මිනිස්,  යක්, යන මොවුන් සහිත නාග,  ගුරුඵ යන මොහුද වෙත්.   රකුසෝද සත්ත්‍ව ලෝකයාහට හිතානුකමිපා ඇති උන්වහන්සේ අහසෙහි උදාවූ සද මඩල මෙන් දකිත්.

ආභස්සර නමි බඹලොව වැසි බඹහුද,  සුභකිණ්ණ නමි බඹලොව වැසි බඹහුද,  වෙහජඵල නමි බඹලොව වැසි බඹහුද,  අකණිටා නමි බඹලොව වැසි බඹහුද,  ඉතා පිරිසිදි සුදු වත් හැන්දාහු,  හිස මත දෙ අත් තබා වදින ලද්දාහු සිටිත්.

පුදුමයකි.   ජිනරාජයන් වහන්සේ ලෝකයාට හිතානුකමිපා ඇතිසේකැයි ඒ පෙළහරපානා කාලයෙහි සදුන් සුණු මුසු මදාරා මල්ද,  පස්වනක් මල්ද දමත්.   අහසෙහි වස්ත්‍රයන්ද කරකවත්.

නුඹවහන්සේ සත්ත්‍වයන්ට ශාස්තෘ අනුශාසක වන සේක.  කොඩියක් මෙන්ද වන සේක.   ධජයක් මෙන්ද වන සේක.   යාග ටැඹක් මෙන්ද වන සේක.   පිහිටක් වන සේක.   පිහිටීමක් වන සේක.  පහනක් මෙන්ද වන සේක.   දෙපා ඇත්තවුන්ට උතුමි ද වන සේක.  දසදහස් ලෝදාහි මහත් සෘධි ඇති දෙවියෝ සතුටුවූවාහු,  විශේෂයෙන් සතුටුවූවාහු,  ප්‍රමුදිතවූවාහු,  පිරිවරා සිට නමස්කාර කරත්.

පැහැදුනු තුටු සිත් ඇති දෙවියෝද,  දෙවගනෝද,  පස්වනක් මලින් නරදෙටුවන් වහන්සේ පුදත්.  පැහැදිණු තුටු සිත් ඇති දෙවි සමූහයෝ ඒ නරදෙටුවන් වහන්සේ දකිත්.   පස්වනක් මලින් පුදත්.

ලෝකයෙහි අහෝ  පුදිමයකි.   පෙර නොවූවෙකි.   ලොමු දැහැගැන්මකි. මා  විසින් මෙබදු පුදුමයක් ලොමු දැහැගැන්මක් පෙර නොදක්නා ලද්දේයයි,  ඒ දෙවියෝ තම තමන්ගේ විමානවල හිද අහසෙහි පුදුමවු පෙළහර දැක මහ සිනහවෙන් සිනහසෙත්.  අහසෙහි පිහිටි විමානවල වසන්නාවූද,  බිම පිහිටි විමානවල වසන්නාවූද,  තණග පිහිටි විමානවල වසන්නාවූද,  මග පිහිටි විමානවල වසන්නාවූද දෙවියෝ සතුටුවූවාහු,   විශේෂයෙන් සතුටුවූවාහු,  ප්‍රමුදිතවූවාහු,  වැදගෙන නමස්කාර කරත්. බොහෝ ආයුෂ ඇති,  පින්වත්,  මහත් සෘධි ඇති යමි නාග කෙනෙක් වෙද්ද ඔවුහුද සතුටු සිත් ඇත්තාහු,  නරෝත්තමයන් නමස්කාර කරත්.   පුදත්. අහසෙහි පුදුමය පෙළහර දැක,  පවන් මගවූ අහසෙහි දේවනාටක සංගීතීන් පවත්වත්. දිව බෙර වාදනය කරත්.

දෙවියෝ අහසෙහි පුදුමය දැක සක්ද,  පණාබෙරද තවත් බොහෝ දෙණ්ඩි නමි බෙර විශේෂයන්ද නොහොත් උඩැක්කිද අහසෙහි වාදනය කරත්.

ඒකාන්තයෙන් අපට අද වෙනදා නොවූවක්ද ලොමු දැහැගැනීමක්ද උපනි.  එහෙයින් නොවරදවා වැඩ සිදුවීම ලබමු.    අප විසින් යහපත් කාලයක් ලබන ලද්දේය. (බුදුරජානන්වහන්සේ යමා මහ පෙළහර පානා ලදි)

එකෙනෙහි බුද්ධ යන වචනය අසා ඒ දෙවියන්ට ප්‍රීතිය උපනි.   බුද්ධය, බුද්ධය යි කියන්නාහු,  හිස මත දෙ අත් තබා වැදගෙන සිටිත්.

දේවාදී ප්‍රජාවෝ හී හී යන අනුකරණ ශබිදයද,  සාධුකාර ශබිදයද,  ඔල්වර හඩද,  පැහැදීමෙ ලකුණුද වැදගෙන නොයෙක් ආකාරයෙන් අහසෙහි පවත්වත්.  බුදිගුණ ගී ගයත්.   මුඛයෙන් සිරු හඩ නගත්.   වාදනය කරත්.  අත්පොළසන් දෙත්.   නටත්.   පස්වණක් මල්ද,  සදුන් සුණුමුසු මදාරා මල්ද දමත්.

මහාවීරය,  නුඹවහන්සේගේ පාදයන්හි සක් ලකුණුය,  ධජය,  වජිරය,  පතාකාය,  වඩඪමානය,  අංකුසය යන ලක්‍ෂණයන් යමිසේ පිරිවරන ලදද,
එසේම රූපයෙන්ද,  සීලයෙන්ද,  සමාධියෙන්ද,  ප්‍රඥායෙන්ද අනුන් හා අසමානය. දමිසක් පැවැත්මෙන්ද,  ඵල විමුක්තියෙන්ද,  අසමයයි කියන ලද ඉකුත් බුදුවරයන් හා සමානය.

නුඹ වහන්සේගේ ශරීරයෙහි ඇතුන් දස දෙනෙකුගේ ශක්තියයි කියන ලද දස නාග බලය,  පියවි බලයයි.   දමිසක් පැවැත්මෙන්ද,  සෘධි බලයෙන්ද අසමානය.

මෙසේ  ලොවිතුරා ගුණයෙනුත්,  සියලු බුද්ධාංගයෙන් සැදුනු මහාමුණිවූ,  කරුණා ඇති,  ලෝකස්වාමීවූ බුදිරජුන් විදිමි.

අභිවාදනයටද,  අනුන් හමුවෙහි ගුණ කීමටද,  වැදීමටද,  ඉදිරියෙහි පැසසීමටද,  කයින් හෝ සිතින් නමස්කාර කිරීමටද,   පිදීමටද යන සියල්ලට නුඹ වහන්සේ සුදුසු සේක.

ලෝකයෙහි වැදීමට සුදුසුවූ යමකිසි කෙනෙක් ඇද්ද,  යමි කෙනෙක් වැදීමට සුදිසුසෝ වෙත්ද,  මහාවීරය,  නුඹ වහන්සේ ඒ සියල්ලන්ට උතුමිය.   නුඹ වහන්සේ හා සමානයෙක් නැත.

සොළොස් වැදෑරුමි මහා නුවණ ඇති,  සමාධි ධ්‍යානයන්හි දක්‍ෂවූ,  අගසවි සැරියුත් තෙර,  ගිජුකළු පවිවෙහි  සිටියේම ලෝකනායකවූ බුදිරදුන් දකී.

හොදින් මල් පිපීගිය මහ සල් ගසක් මෙන්ද,  අහසෙහි සද මෙන්ද,  මධ්‍යාහ්නයෙහි හිරු මෙන්ද,  නරෝත්තමයන් වහන්සේ බබලයි.

දැල්වෙන පහන් රුකක් මෙන්ද,  උදාවූ හිරු මෙන්ද,  බඹයක් පමණ තැන පැතිර පවතින ආලෝකයෙන් යුත් නුවණ ඇත්තාවූ ලෝකනායකවූ බුදුරදින් දකී.

එකල සිවුමග ඵලයන් පිළිබද සොළොස් කිස කළ,  තාදී ගුණ ඇති,  ආසවයන් පහකළාවූ,  රාගාදී කෙළෙස් කිලුටු නැති කර දැමූ,  පන්සියයක් භික්‍ෂූන් සැරියුත් තෙර ඇසිල්ලකින් රැස්කරවී.  එසේ කරවා,

භාග්‍යවතුන් වහන්සේ: ලෝකප්පසාදක නමි පෙළහරක් දැක්වූ සේක.  අපිදි එහි යන්නෙමු.   අපි පස්මරුන් දිනූ බුදිරදින් වදින්නෙමු.

එව   අපි සිවි දෙනා එකතුවී ගොස් ලෝනා හිමි ජිනරාජයන් වහන්සේ බලා විචාරන්නෙමු.   සැකය සංසිදවන්නෙමු යි කීය.

නුවණ ඇත්තාවූ,  සංවර කළ ඉදුරන් ඇති ඒ භික්‍ෂූහු,  "යහපතැ" යි සැරියුත් තෙරුන්ට පිළිවදන් දී,  පා සිවුරු ගෙණ ඉක්මණින් එළඹියාහුය.  මහ නුවණැති සැරියුත් තෙර උතුමි දමනයෙන් දැමුණු,  රාගාදී කිලුටු නැති රහතුන් සමග සෘධියෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹී.  මහ පිරිස් ඇති සැරියුත් තෙර ඒ රහත් භික්‍ෂූන් විසින් පිරිවරණ ලදිව,  අහස්හි බබලන දෙවියකු මෙන් සෘධියෙන් එළඹී. උන්වහන්සේලා කහින හඩක්ද,  කිවිසින හඩක්ද නොකොට,  මනා පැවතුම් ඇත්තාහු,  ගෞරව සහිත වූවාහු,  යටහත් පැවතුමි ඇත්තාහු,  සමිබුදුන් කරා එළඹියහ.

අන් උපදෙස් රහිතව සිවිසස් අවබෝධ කළ ලෝනාහිමිවූ,  ධීර ගුණයෙන් යුත්,  අහසෙහි නැගී සිටි සවෟඥයන් වහන්සේ වෙත එළඹ භික්‍ෂූහු උන්වහන්සේ දකිත්.

බබලන පහන් රුකක් වැනිවූද,  අහසෙහි විදුලිය වැනිවූද,  දින මැද හිරු මඩල වැනිවූද,  ලෝනා හිමිවූ බුදිරදින් දකිත්.

සියලු පන්සියයක් භික්‍ෂූහු හොදින් පෑදිනු ජලාසයක් වැනි,  හොදින් පිපුණු පියුමක් වැනි,  ලෝනා හිමිවූ බුදිරදින් දකිත්. ඒ භික්‍ෂූහු සතුටුවූවාහු,  විශෙෂයෙන් සතුටුවූවාහු,  ප්‍රමුදිතවූවාහු,  ශාස්තෘන් වහන්සේගේ සක් ලකුණෙන් යුත් සිරිපාදයන් ඇදිලි බැද වදිමින් වැද වැටෙත්.

මහ නුවණ ඇති,  කටුකරඩු මලක් හා සමාන ශරීර ශෝභාවක් ඇති,  සමාධි ධ්‍යානයන්හි දක්‍ෂවූ සැරියුත් තෙර ලොකනායකවූ බුදිරදින් වදී. ගර්ජනා කරන කලු වැහි වළාකුළක් වැනිවූද,  නිල් උපුල් මානෙල් මලක් හා සමවද,  ශරීර ශෝභාවක් ඇති,  සෘධි බලයෙන් අසමවූ,  මහත් සෘධි ඇති මුගලන් තෙරද,  උදිනෙහි කෝවයෙහි ලා උණුකොට පිරිසිදි කළ රන් හා සමාන ශරීර වර්ණ ඇති,  ධුත ගුණයෙහි අග නැත්පත්, දෙවි මිනිසුන් විසින් ප්‍රශංසා කරන ලද,  ශාස්තෲන් වහන්සේ විසින්ද වර්ණනා කළ මහ කසුප් තෙරද බුදුරදින් වදී.

යමෙක් දිවැස් ඇත්තවුන් අතුරෙහි අගතැන් පැමිණියේද,  මහ පිරිස් ඇති භාග්‍යවතුන් වහන්සේගේ ඥාති ශේෂ්ඨවූද,  ඒ අනුරුද්ධ තෙරද නුදුරු තැනෙක්හිම සිටියි. ආපත්තිඅනාපත්තියෙහිද,  පිළියමි කළ හැකි කර්ම,  පිළියමි නොකළ හැකි කර්මයෙහිද සමත්වූ,  විනය දැනීමෙහි අග තැන තැබූ ශාස්තෲන් වහන්සේ විසින් වර්ණනා කරන ලද උපාලි තෙරද නුදිරෙහි සිටියි.

සියුමි තියුණු අර්ථයන් අවබෝධ කළ,  දමි දෙසන්නවුන් අතර උතුමිවූ,  පිරිස් ඇති කුසල් දමි සෙවි බැවින්  ඉසිවූ,  මන්නානි නමි බැමිණියගේ පුත් ඉතා ප්‍රසිද්ධ පුණ්ණ නමි තෙරද නුදුරෙහි සිටියි.

උපමාවෙහි දක්‍ෂවූ,  සැක නැති කර දමන,  මහා වීර්‍ය ඇති,  මුනීන්ද්‍රයන් වහන්සේ,  මෙ රහතුන්ගේ සිතිවිලි දැන,  තමාගේ ගුණ හෙවත් බුදිගුණ වදාළ සේක.

යමි ගමනක අවසානයක් නොපෙනේද,  ඒ අසංඛයෝ සතරෙකි.   සත්ත්‍ව සමූහයාද,  අහසද,  සක්වළවල්ද අපමණයහ.   එමෙන් බුද්ධ ඥානයද ප්‍රමාණ කළ නොහැක.   මොවුහු මෙපමණයයි  දැනගන්ට නොහැක්කාහ.

ලෝකයෙහි මාගේ යමි වික්‍රවර්ණසෘධියක් වීද,  එය කවර පුදුමයක්ද,  පෙර නොවූ,   ලොමු දැහැගන්නා අනික් බොහෝ පුදුමයෝ ඇත්තාහ.

යමි කලෙක මම තුසිත දෙවලොව දෙවියන් අතර සන්තුසිත නමි දෙවි රජෙක් වීද,  ඒ කාලයෙහි දසදහසක් සක්වළ දෙවියෝ මා කරා පැමිණ,  වැදගෙන යාඥා කරත්.

කෙසේද?   මහත් විර්‍ය ඇති දේවය,  ඔබට බුදුවීමට මෙ කාලයයි.   මිනිස් ලොවෙහි මවි කුස පිළිසිදගණු මැනව.   දෙවියන් සහිත ලෝකයා සසර සයුරෙන් එතර කරමින් නිවන් අවබෝධ කරණු මැන.

යමි කාලයෙක තුසිත දෙවියන් අතරින් චුතව මවි කුසෙහි පිළිසිද ගත්තෙමිද,  ඒ කාලයෙහි දසදහසක් සක්වළෙහි පොළොව කමිපා විය.

යමි කාලයෙක මම මවි කුසින් සිහි ඇතිව බිහිවූයෙමිද, ඒ කාලයෙහි දසදහසක් සක්වළ සාධු නාද පවත්වමින් කමිපා විය.

මවි කුස පිළිසිද ගැනීමෙහිද,  මවි කුසින් බිහිවීමෙහිද,  මා හා සමානවූවෙක් නැත.   බුදුබව ලැබීමෙහිද,  සිවිසස් අවබෝධ කිරීමෙහිද,  දමිසක් පැවැත්විමෙහිද මම උසස් වූයෙමි.

ලෝකයෙහි බුදුවරයන්ගේ ගුණ මහත් බව විෂ්මයයි.   පුදුමයි.   දසදහස් ලෝක ධාතුව සය ආකාරයකින් කමිපා විය.

මහා ආලෝකයක්ද,  පුදුමයක්ද,  ලොමුදැහැගැණුමක්ද වී.   ඒ වෙලාවෙහි ලොවෙහි දෙටුවූ,  මිනිසුන්ට උතුමිවූ,  පස්මරුන් දිනූ භාග්‍යවතුන් වහන්සේද දෙවියන් සහිත ලෝකයාහට පෙළහර දක්වමින් සෘධියෙන් යුක්තව සක්මන් කළ සේක.   ලෝක නායකයන් වහන්සේ රුවන් සක්මනෙහි සක්මන් කරමින්ම දහමි දෙසූ සේක.   සතර රියන් සක්මනෙහි යමිසේ අතර නොනැවතුණු සේක.

මහා නුවණ ඇති,  සමාධියෙහි හා ධ්‍යානයෙහි සමත්වූද,  ස්‍රාවක පාරමී ඤාණයාගේ පරතෙරට පැමිණියාවූද,  සැරියුත් තෙර,  ලෝකනායකවූ බුදුරදුන් වෙතින් මෙසේ විචාරයි.

මහාවීරවූ නරෝත්තමයාණෙනි,  නුඹවහන්සේගේ අභිනීභාරය පැතිම කෙබදුද?    ධීරයන් වහන්ස,  නුඹ වහන්සේ විසින් කවර කාලයක උතුමි සමිබෝධිය පතන ලද සේක්ද?

දාන පාරමිතාවද,  සීල පාරමිතාවද,  ප්‍රඤ්ඤා පාරමිතාවද,  විරිය පාරමිතාවද,  කෙබදුද?  ඛන්ති පාරමිතාවද,  සචිච පාරමිතාවද,  අදිටිඨාන පාරමිතාවද,  මෙත්තා පාරමිතාවද,  උපෙක්ඛා පාරමිතාවද කෙබදුද?

වීය්‍යෟය ඇත්තාවූ ලෝහිමියාණෙනි,  නුඹවහන්සේ විසින් කෙසේ දස පාරමිතාවෝද,  කෙසේ උප පාරමිතාවෝද,  කෙසේ පරමත්‍ථ පාරමිතාවෝද පුරණ ලද්දෝද?

මෙසේ ඒ සැරියුත් තෙරුන් විසින් විචාරන ලද්දෝ කුරවි කෙවිල්ලන්ගේ මෙන් මිහිරි නාද ඇති බුදුරජහු දෙවි මිනිසුන්ගේ සිත් නිවමින් දෙවියන් සහිත ලෝකයා සතුටු කරවමින් මෙ බුධවංශය ප්‍රකාශ කළ සේක.

පස්මරුන් දිනූ දීපංකර ආදී ඉකුත් බුදුවරයන් විසින් දේශනා කරන ලද, කප්ප , ජාති , ගොත්ත , ආයු , බෝධි , සාවක ,සාවිකා ආදී පිළිවෙල සහිතවූ බුද්ධ පරමි පරාවෙන් පැවත ආ,  ලොවට හිතවූ පුබිබෙනිවාසානුස්සතිය අනුව ගිය නුවණින් දෙවියන් සහිත ලෝකයා ‍කෙරෙහි ප්‍රකාශ කළ සේක.

සතුට හා සිතේ පැහැදීම උපදවන,  සෝක නමැති උළ උදිරා දමන්නාවූ,  සියලු සැප ලැබීමට හේතුවන මා විසින් දේශනා කරන ලද බුද්ධ වංශය ගරුකොට අසවි.

ජාතිමද ආදිය නැතිකරන,  ශෝකය පහකරන,  සසර දුකින් මුදවන,  සියලු දුක් නැතිකරන මාර්ගයට සකස්ව පිළිපදීවා.
 රුවන් සක්මණ කාණ්ඩය නිමි.

කලින් ලිපි දෙකෙහිම බුදුරජානන් වහන්සේගේ සෘධි ප්‍රාථිහාර්‍ය ඥානය පිළිබදව කරැණු ඉදිරිපත් කලා ඔබට මතක ඇති. අද ලිපියෙන් කරැ‍ණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ යමා මහා පෙලහර පි‍ලිබදවයි. යමා  මහ පෙළහර එසේත් නැත්තමි යමක ප්‍රාතිහාර්‍ය යනු ලොවිතුරා බුදුවරයානන් වහන්සේ කෙනෙකුට පමනක් පැමෙ හැකියාව ඇති  එක් විශේෂිත වු සෘධියක්.

තථාගත බුදු පියානන් වහන්සේ බුද්ධත්වයෙන් පළමුවන සතියේ ලොව බුද්ධ රත්නය පහල වු බව දක්වමින් යමා මහ පෙළහර පෑ බව සදහන්, කිඹුල්වත් පුර සිය ඥාතින්ට ධර්මයෙන් සංග්‍රහ කිරිමෙදී ශාක්‍යයන්ගේ මානය දුරැ කිරිම සදහා ඉහත රතනචක්ඛමන කාණ්ඩයේ දක්වන ලද සෘධි ප්‍රාතිහාර්‍ය කරමින්ම යමාමහ පෙලහර පානා ලදි. මෙ ආකාරයට බුදු වරයානන් වහන්සේලා යමා මහා පෙලහර පානුයේ, එය බුද්ධත්වය පිළිබද අනන්‍ය  සලකුණක් වන බැවිනි. මෙ ආකාරයට බුදු රජානන්වහන්සේගේ පන්සාලිස් වසරක බුද්ධත්ව කාලය තුල නොයෙක් සුවිශේෂ අවස්ථා රැසකදී යමක මහා ප්‍රාතිහාර්‍ය පානු ලැබු සේක. බුද්ධත්වයෙන් පළමු සතිය, කිඹුල්වතට වැඩම විම, තිර්ථකයන් දමනය කිරිම ආදිය මින් ප්‍රසිද්ධ අවස්ථාවන් වෙ.

බුදු රජාන්වහන්සේ ගේ ප්‍රාතිහාර්‍ය යනු  ඇස් බැදුමි නොව සත්‍ය වශයෙන්ම සිදුවනු ලබන සංසිද්ධියකි. මෙය ඇස් බැන්දුම කින් වෙනස් හදුනාගත යුතුය. ඇස් බැන්දුමි යනු සත්‍ය වශයෙන් නැති නමුත් එසේ ඇත්තා මෙන් මිනිස් ඇසේ දුර්වල බව නිසා පෙනෙන්නාවු සන්සිද්ධියකි. හරියට ලිදක පතුල දිහා බැලුවිට එයින් නියම ගැඹුර නොපෙනි අඩු ගැඹුරක් පෙනනේනාක් මෙන් ඇ‍සේ දෝශයකින් සිදුවන සංසිද්ධියකි. නමුත් බුදු සමසේ ප්‍රාතිහාර්‍ය මෙසේ ඇස් බැන්දුමි නොව සත්‍ය වශයෙන්ම පවතින ආශ්චර්‍යමත් සංසිද්ධියක් වෙ. මෙ පිළිබදව වැඩි දුර විස්තර දිඝ නිකාය කේවටිට සුත්‍රයේ අන්තර් ගතයි. එය මතුවට ඉදිරිපත් කරනු ලැබෙ.

නමුත් අද මාතෘකාව යමා මහ පෙළහර බැවින් ඒ පිළිබද විස්තර අනාගත වංශයේ සදහන් කර ඇති ආකාරයෙන් සරල බසින් පහතින් දක්වනු ලැබෙ. අනාගත වංශය හෙවත් මෙතේ බුදු සිරිතද, බුද්ධ වංශය අවසානයේ කරණ ලද දේශනාවක් වශයෙන්ම සැලකෙනු ලබයි, මෙහි යමක පාතිහාර්‍ය පෑම රැවන් සක්මනේ සිටම තථාගතයානන් වහන්සේ සිදු කරණ ලදි.

 එය මෙසේය,
ඌර්ධව ශරිරයෙන් ගිනි කදක් පවතින්නේය, අධඃ ශරිරයෙන් දියකදක් පවතින්නේය, අධඃ ශරිරයෙන් ගිනිකදක් පවතින්නේය, ඌර්ධව ශරිරයෙන් දියකදක් පවතින්නේය. පුර්ව ශරිරයෙන් ගිනි කදක් පවතින්නේය, පස්චිම දියකදක් පවතින්නේය,පස්චිම ගිනිකදක් පවතින්නේය, පුර්ව ශරිරයෙන් දියකදක් පවතින්නේය. දකුනැසින් ගිනි කදක් පවතින්නේය, වමැසින් දියකදක් පවතින්නේය,වමැසින් ගිනිකදක් පවතින්නේය, දකුණැසින් දියකදක් පවතින්නේය. වමි කන් සිදුරෙන් ගිනි කදක් පවතින්නේය, දකුණුකන් සිදුරෙන් පවතින්නේය,දකුණුකන් සිදුරෙන් ගිනිකදක් පවතින්නේය, වමි කන් සිදුරෙන් දියකදක් පවතින්නේය. වමි නාසිදුරෙන් ගිනි කදක් පවතින්නේය, දකුණුනා සිදුරෙන් දියකදක් පවතින්නේය,දකුණුනාසිදුරෙන්ගිනිකදක් පවතින්නේය, වමි නා සිදුරෙන් දියකදක් පවතින්නේය. දකුණු දසරැවෙන් ගිනි කදක් පවතින්නේය, වමි දසරැවෙන් දියකදක් පවතින්නේය,වමි දසරැවෙන් ගිනිකදක් පවතින්නේය, දකුණු දසරැවෙන් දියකදක් පවතින්නේය. දක්‍ෂිණ හස්තයෙන් ගිනි කදක් පවතින්නේය, වාමහස්ථයෙන් දියකදක් පවතින්නේය, වාමහස්ථයෙන්ගිනිකදක් පවතින්නේය, දක්ෂිණ හස්ථයෙන් දියකදක් පවතින්නේය. දකුණැලයෙන් ගිනි කදක් පවතින්නේය, වමැලයෙන් දියකදක් පවතින්නේය,වමැලයෙන් ගිනිකදක් පවතින්නේය, දකුනැලයෙන් දියකදක් පවතින්නේය. දකු‍ණු පයින් ගිනි කදක් පවතින්නේය, වමි පයින් දියකදක් පවතින්නේය,වමි පයින් ගිනිකදක් පවතින්නේය, දකුණු පයින් දියකදක් පවතින්නේය. ඇගිල්ලක් ඇගිල්ලක්  පාසා ගිනි කදක් පවතින්නේය, ඇගිලි අස්සක් ඇගිලි අස්සක් පාසා දියකදක් පවතින්නේය,ඇගිල්ලක් ඇගිල්ලක් පාසා ගිනිකදක් පවතින්නේය, ඇගිලි අස්සක් ඇගිලි අස්සක් පාසා දියකදක් පවතින්නේය. රෝමයක් රෝමයක් පාසා ගිනි කදක් පවතින්නේය, රෝම කුපයක් රෝමකූපයක් දියකදක් පවතින්නේය,රෝම කූපයක් රෝම කූපයක් ගිනිකදක් පවතින්නේය, රෝමයක් රෝමයක් පාසා දියකදක් පවතින්නේය. බුදු රජානන්වහන්සේ වැඩහිටිනා සෙක්නමි නිර්මිත බුදුරජානන්වහන්සේ සක්මන් කරණසේක. නැතහොත් සැතපෙත සේක නැතහෝත්, සිටිනා සේක. බුදු රජානන්වහන්සේ සැතපෙන සේක්නමි, නිර්මිත බුදුරජාණ්න්වහන්සේ සක්මන් කරන සේක නැතහොත්, වැඩ සිටින සේක නැතහොත සක්මන් කරන සේක, නැතහොත් සිටින සේක.

තේජෝ කසින සමාපත්තියට සමවැදිමෙන් ඌර්ධව ශරිරයෙන් ගිනි කදක් පවතින්නේය, අපෝ කසින සමාපත්තියට සමවැදිමෙන් අධඃ ශරිරයෙන් දියකදක් පවතින්නේය,තේජෝ කසින සමාපත්තියට සමවැදිමෙන් අධඃ ශරිරයෙන් ගිනිකදක් පවතින්නේය, ඌර්ධව ශරිරයෙන් දියකදක් පවතින්නේය. මෙහිදි ගිනි කද හා දිය කද මිශ්‍ර නොවන්නේය ෂඩිවර්ණ ඝණ බුද්ධ රශ්මින් අතරින් දෙවනු දෙවනුව ඇතිවන රෂ්මින් ප‍ළමු පළමුව ඇතිවන රෂ්මින් හා යුවල යවල වුවාක් මෙන් අතරක් නොමැතිව පවතින්නේය. දෙසිතක් එක විට උපදින්නේ නැත. එය එසේමය. එසේ වුවද, තථාගතයානන් වහන්සේගේ භවාංග චිත්තයේ පරිවර්ථනය කෙටි බැවින් හා පස් ආකාරයකින් පුරැදු කරන ලද්දාවු සිත් ඇති බැවින් සවණක් රැස් එක් ෂණයකදිම පවතින්නේය. ඒ ඒ එක් එක් රශ්මිය සදහා ආවර්ජන, පරිකමිමය, අධිශ්ඨානය යන සියල්ලද වෙන වෙනම වන්නේය. භාග‍්‍යවත් වු සර්වඥයන්වහන්සේ නිල ර‍ෂ්මිය සදහා නිල කසින් සමාපත්තියට සමවදිනා සේක. රන්වන් රැස් සදහා පිත කසින සමාපත්තියට සමවදිනා සේක. රක්ත වර්ණ වු රැස් විහිදුවිම සදහා ලොහිත කසින සමාපත්තියට සමවදිනා සේක. සුදු රැස් විහිදවනු සදහා  ඔදාත කසින සමාපත්තියට සමවදිනා සේක.මෙසේ තථාගතයානන්වහන්සේ යමාමහ පෙළහර පානා විට දී දස දහසක්සක්වල නොයෙක් සරසිමෙන් සරසන්නාක් මෙන් විචිත්‍ර විය.

මෙ තථාගතයානන්වහන්සේගේ යමා මහ පෙළහර විසිතුරැ බව විස්තර කර ඇති ආකාරයකි. මාගේ සිතුවිල්ලේ ආකාරයට මෙම ආශ්චර්‍යමත් සිදුවිම විස්තර කිරිමට ලොව කිසිදු භාෂාවක වචන වදන් නැතිවා විය යුතුය. කෙසේ වුවද යමි අදහසක් ලබා ගැනිමට මෙය ප්‍රමාණවත් වනු ඇත.මෙම මවනු ලබන්නාවු ගිනි හා දිය යන සියල්ල සත‍්‍ය වශයෙන්ම  පවතීම මෙහි ඇති විහේෂත්වයයි. එනමි කලින් කියු පරිදි මෙය ඇස් බැන්දුමක් නොවෙ.

කසිනාදි සමථ භාවනාවන් පුරැදු පුහුනු කර සමාපත්තින්ට සමවැදිමට හැකි අයවළුන්ට මෙම මැවිමි කල හැක.  තථාගථයානන්වහන්‍සේ මෙහි අන් කිසිවෙකුට උත්කෘෂ්ඨ ප්‍රවිණතාවයක් නැත. තථාගතයන් වහන්සේට දෙවනි වුවත්  බුදු සසුන තුල සෘධි ලාබින් අතර අගතැන් පත්වු මුගලන් මහ රහතානන්වහන්සේ විසින් පානා ලද විශ්මයන් රැසක් ත්‍රිපිටකයෙන් සොයගෙත හැක.

අමතර කරැණක් විවෙචනයක් නොවෙ. කිතුනුවන් ක්‍රිස්තුස්වහන්සේ ජලය මිදියුශ බවට පත්කිරිමෙ ප්‍රාතිහාර්‍ය පැවා යැයියි ද ගොළ මුහුද මත ඇවිද්දා යැයිද එය මහත් උසස් කොට සලකයි. ඔවුන් එය බැතියෙන් විශ්වාස කරයි. තථාගතයාන්වහන්සේගේ යමක ප්‍රාතිහාර්‍ය ඥානය හා සන්සන්දනය කිරිමෙදි බෞද්ධයන්ට කෙතරමි බුද්ධාලමිබන ප්‍රිතියක් ඇතිවිය යුතු දැයි මෙතනදි මුතුවෙන් කිවයුතු වන්නේ නැත. ඒ අමතර කරැණක්.

කසිණ පිළිබදව මෙහි සදහන් වු නිසා විශුද්ධි මාර්ගයේ දක්වා ඇති පරිදි කසිණ ඵල දැන ගැනිම පිනිස මෙහි දක්වනු ලැබෙ. කසිණ ඵල යනු කසිණ භාවනා කිරිමෙන් පස් ආකාරයෙන් පුරැදු පුහුණු කිරිම තුලිනුත් සමාපත්තින්ට සම වැදිමෙන් කල හැකි වන්නාවු  ප්‍රාතිහාර්‍යන් වෙ.

කසින භාවනා 10 ක් බුදු සමයේ ඇත.

01)පථවි කසිනය
එක් අයෙක් බොහො දෙනුකු විම. අහසෙහි හෝ ජලයෙහි පොළොව මවා එහි පයින් යෑම, ඉදිම සිටිම ඉරියවි පැවැත්විම, අප්‍රමාණ වශයෙන් අභිභායතනය ලැබිම.

02)ආපෝ කසිණය

පොලවෙන් මතුවිම, පොලවෙ කිමිදීම, ජලය හා වැස්ස උපදවීම, ගංගා හා මුහුදු මැවිම, පෘථිවි, පර්වත ප්‍රාසාද ආදිය සෙලවිම.

03)තේජෝ කිසිණය
දුමි ඇතිකිරීම, දිලිසිම, අගුරැ වැසි ඇති කිරිම, තමාගේ තේජසින් අන්‍යාගේ තේජස ක්ෂය කිරිම, කපු පුළුන් දර ආදිය ඇති විට කැමති දේ දැකිවිමට සමත් විම (මෙය කැමති පරිදි ගිනි ඇති කිරිම විය යුතුයි) දිවැසින් රැප දකිණු පිනිස ආලෝකය ඇති කිරිම, පරිනිවන් සමයේ ත්ජෝ ධාතුවෙන් ශරිරය දවාලිමට හැකි විම.

04)වායෝ කසිණ.
වාතයක් මෙන් සිඝ්‍රයෙන් ගමන් කිරිම, වායු වැසි උපදවිම.

05)නිල කසිණ

නිල් රැප මැවිම, අන්ධකාරය ඇති කිරිම, සුවර්ණ-දුර්වර්ණ වශයෙන් අභිභායතනය ලැබිම.

06)පිත කසිණ
රන්වන් රැ මැවිම, රන් පැහැය ඇති කිරිම, සුභ විමොක්ෂය, සුවර්ණ-දුර්වර්ණ වශයෙන් අභිභායතනය

07)ලෝහිත කසිණ

රතු රෑප මැවිම,සුභ විමොක්ෂය, සුවර්ණ-දුර්වර්ණ වශයෙන් අභිභායතනය

08)ඔදාත කසිණය
සුදු වන් රැප මැවිම, ථින මිද්ධය දුරැ කිරිම, අන්ධකාරය දුරැ කිරිම, දිවැසින් රැ දැකිමට ආලොකය මැවිම.

09)ආලෝක කසිණය

ආලෝකමත් රැප මැවිම, ථින මිද්ධය දුරැ කිරිම, අන්ධකාරය දුරැ කිරිම, දිවැසින් රැ දැකිමට ආලොකය මැවිම.

10)ආකාස කසිණය

ආවරණය වු වස්තු නිරාවරනය කිරිම, ප්‍රථිවි පර්වත ආදිය ආදියේ ආකාසය මවා එහි ඉරියවි පැවැත්විම, බිත්ති ආදිය හරහා ගමන් කිරිම.

මෙ දක්වනු ලැබුවෙ විශුද්‍‍ධි මාර්ගයේ කසින ඵල දක්වා ඇති ආකාරයයි. සමාජය දෙස මදක් විපරමි කල බැලුව හොත් අදද අභිඥා ලාභින්, අභිභායතන ලාභින් හා සෘධි ලාබින් ඇති බව ඔබට පෙනි යනු ඇත. එවිට සැකයක් ඇතහොත් එය දුරැකර ගනු හැකි වනු ඇත.

මින් පෙර ලිපි 03 හිම කරැණු ඉදිරිපත් තථාගතයානන්වහන්සේගේ සෘධි ප්‍රාහිහාර්‍ය ඥානය පිළිබදවයි. මෙම ලිපියෙන් කරැණු ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන්නේ තථාගතයානන්වහන්සේ විසින් සෘධි ප්‍රාතිහාර්‍ය සමිබන්ධයෙන් දක්වන ලද ආකල්පය පිලිබදවයි. මෙ පි‍ලිබදව තොරතුරැ අන්තර්ගත වන්නේ දිඝ නිකායේ 11 වෙනි කේවටිට සුත්‍රයෙය්. දීඝ නිකායේ සුත්‍ර, වචනාර්ථයෙන්ම දිර්ඝ වන බැවින් මෙහි එම සුත්‍රයේ සාරංශය පමණක් ඉදිරිපත් කරමි.

දිනක් කේවටිට නමි ගෘහපති තෙමෙ තථාගත බු පියානන් වෙත පැමිණ,

"ස්වාමීනි, මෙ නාලන්දා නුවර පොහොසත්ය, දියුණුය. බොහෝ ජනයා ඇත්තේය.  මිනිසුන්ගෙන් ගැවසී ගත්තේය. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් පැහැදුනාහුය.  ස්වාමිනි, යමෙක් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි ප්‍රාතිහාර්ය කරන්නේද, එවැනි එක් භික්‍ෂුවක් ප්‍රාතිහාර්ය කිරීමට නියම කරන සේක්වා.  මෙසේ සෘද්ධි ප්‍රාතිහාර්ය පැවැත්වූ කල්හි මෙ නාලන්දා නුවර වාසය කරන ජනයා බොහෝ සෙයින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් පහදින්නේය".

මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කේවටිට ගෘහපති පුත්‍රයාට මෙ කාරණය කී සේක.

"කෙවටිටය, මම මෙසේ භික්‍ෂුන්ට ධර්ම දේශනා නොකරමි.
මහණෙනි, එව. ඔබ, සුදු වස්ත්‍ර අදින්නාවූ ගිහියන්ට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘධි  ප්‍රාතිහාර්ය කරව" යි කියාය.

දෙවනුවද, තෙවනුවද කේවටිට ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙ කාරණය ඉහතින් මෙන් කීයේය.

එවිට තථාගත බුදුපියානන්වහන්සේ විසින් කේවටිට ගෘහපති තෙම වෙත කරණ ලද දේශනයේ සාරංශය  පහතින් දක්වනු ලැබෙ.

"කේවටිටය, මා විසින් විශේෂ ඥානයෙන් දැන අවබෝධ කොට ප්‍රකාශ කරන ලද මෙ ප්‍රාතිහාර්යයෝ තුන් දෙනෙක් වෙත්. එනමි 

01)නොයෙක් මැවීමි ආදිය කිරීමෙ සෘධි ප්‍රාතිහාර්යය,
02)අනුන්ගේ සිත් දැක්වීමෙ ආදේශනා ප්‍රාතිහාර්යය,
03)අනුශාසනා කිරීමෙ අනුශාසනා  ප්‍රාතිහාර්යය යන තුනයි.

සෘධි ප්‍රාතිහාර්යය
"කේවටිටය, මෙ ශාසනයෙහි භික්‍ෂු තෙම නොයෙක් අයුරු ඇති සෘධි විධි වෙන් වෙන් කොට දක්වයි.  එකෙක්ව බොහෝ සේ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වතය හරහට නොහැපිමෙන් යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීමි, මතුවීමි කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිදගෙන්ම යයි. මෙ මහත් සෘද්ධි ඇති, මහත් ආනුභාව ඇති සද හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹලොව තෙක් ශරීරයෙන් වසග බව පවත්වයි."

ආදේශනා ප්‍රාතිහාර්යය
"කේවටිට, මෙ ශාසනයෙහි භික්‍ෂු තෙම අනුන්ගේ සිත දැන කියයි.  සිතේ හටගත් සතුට හෝ අසතුට දැන කියයි. කල්පනා කරන ලද කරුණු දැන කියයි. විමසා බලන ලද කරුණු දැන කියයි. ඔබෙ සිතේ මෙසේ කාම සිතිවිලි වලින් යුක්තවූයේ වෙයි. ඔබෙ සිත මෙ ආකාරද වෙයි. ඔබෙ සිත මෙ මෙ දෙයක් සිතමින් පවතී යයි කියයි.

මෙ දක්වනු ලැබුයේ මෙ ශාසනයේ භික්ෂුන් විසින් දක්වනු ලබන්නාවු ප්‍රතිහාර්‍යයන් වෙ. මෙලෙස භික්ෂුන් විසින් ප්‍රතිහාර්‍ය දක්වන විට දී එම භික්ෂුන් කෙර් පැහැදුනා වු සැදැහැති ජනයා එම ප්‍රාතිහාර්‍ය ගැන ශ්‍රද්ධාව නොමැත්තාවුත්  බුද්ධ ශාසනයේ පැහැදිමක් නැත්තාවුත් ජනයා වෙත මෙම කරැණු කියයි.

එහිදි ත‍ථාගතයානන්වහන්සේ,
ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ අය, ඒ ශ්‍රද්ධා ඇත්තාවූ පැහැදුන අයට මෙසේ කියන්නේය.
"පින්වත, ගන්ධාරී නමි විද්‍යාවක් ඇත්තේය. ගන්ධාර රට බොහෝ සෘෂිහු වාසය කළෝය. ඔවුන් අතරෙහි එකෙක් විසින් කරන ලද විද්‍යාවක් ගන්ධාරී නමි  විය.  ඒ විද්‍යාවෙන් භික්‍ෂු තෙමෙ නොයෙක් අයුරු ඇති සෘද්ධි වෙන් වෙන් කොට දක්වයි" 

"කේවටිටය, මම සෘධි ප්‍රාතිහාර්යයෙහි මෙ දෝෂ හොදින් දන්නෙමි.  සෘධි ප්‍රාතිහාර්යයෙන් ලජ්ජා වෙමි. අසූචි මෙන් පිළිකුල් කරමි" යි වදාළේය.

ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ තැනැත්තා, මෙසේ කියන්නේය. "පින්වත, චින්තාමණී නමි විද්‍යාවක් ඇත්තේය.  ඒ විද්‍යාවෙන් භික්‍ෂු තෙමෙ අනුන්ගේ සිත දැන කියයි. ඔබෙ සිත මෙසේ මෙ මෙ දෙයක් සිතමින් පවතීයයි කියයි."

"කේවටිටය, මම ආදේශනා ප්‍රාතිහාර්යයෙහි මෙ දෝෂ හොදින් දන්නෙමි.
 ආදේශනා ප්‍රාතිහාර්යයෙන් ලජ්ජා වෙමි. අසූචි මෙන් පිළිකුල් කරමි" යි වදාළේය.

මෙයින් කියවෙන්නේ උන්වහන්සේගේම වදනින් තථාගතයානන්වහන්සේ සෘධි ප්‍රාතිහාර්‍ය හා ‍ආදේශනා ප්‍රාතිහාර්‍ය අසුචි මෙන් පිළිකුල් කල බවයි.

එසේනමි තථාගතයානන්වහන්සේ විසින් අනුමත කරන ලද ප්‍රාතිහාර්‍ය කුමක්ද?

එය අනුශාසනා කිරීමෙ අනුශාසනා  ප්‍රාතිහාර්යය ලෙස හදුන්වනු ලැබෙ.

"කේවටිටය, අනුශාසනා ප්‍රාතිහාර්යය කවරේද?
"කේවටිටය, භික්‍ෂු තෙම මෙසේ අනුශාසනා කෙරෙයි. "මෙසේ කල්පනා කරවු, මෙසේ කල්පනා නොකරවු, මෙසේ මෙනෙහි කරවු, මෙසේ මෙනෙහි නොකරවු, මෙය දුරු කරවු, මීට පැමිණ වාසය කරවි" කියාය. මෙයට කේවටිටය, අනුශාසනා කිරීමෙ ප්‍රාතිහාර්යයි කියනු ලැබෙ"

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාල සේක. "කේවටිටය,
අර්හත්වූ, සම්‍යක් සමිබුද්ධවූ, විදර්ශනා ඥානය ආදී විද්‍යා අට, සීල සංවරය ආදී හසුරුවන ධර්ම පහළොව අෂ්ඨ විද්‍යා පසළොස් චරණ ධර්මයන් ගෙන් යුක්තවූ,  යහපත් ගති ඇත්තාවූ, සියඵ ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මවිය යුතු පුර්ෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, සත්‍යවූ උතුමි ධර්ම හතර චතුරාර්‍ය සත්‍ය:  අවබෝධ කළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමෙ දෙවියන් සහිතවූ,  බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් සහ මිනිසුන් සහිතවූ සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැක පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ථ සහිතවූ, සියඵ ලෙසින් සමිපූර්ණවූ, පිරිසිදුවූ සියඵ ශාසන මාර්ග බ්‍රහ්මචර්යාව ගෙන හැර දක්වති".

"ධර්මය ඇසූ අය ඒ දහම අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කෙරෙයි.  ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසෙ සලකන්නේය. "ගෘහ වාසය පීඩා සහිතය. රාගාදී කෙලෙස් සහිත මාර්ගයකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහි ගෙය වහන්නහු විසින් සියලු ආකාරයෙන් සමිපූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ ලියවූ හක් ගෙඩියක් මෙන් මෙම බ්‍රහ්ම චරියාවෙහි හැසිරෙන්නට නොහැක්කේය. මම කෙස් දැලි රැවුලු කපා දමා සිවුරැ හැද ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වෙන්නෙමි නමි ඉතා යහපතැයි" කියාය.

මෙ දක්වනු ලැබුයේ තථාගතයානන්වහන්සේගේ අනුශාෂනා ප්‍රාතිහාර්‍යයයි. තිලොක රාජ වු බුදුපියානන්වහන්සේ ජිවමානව වැඩසිටි සමයෙත් උන්වහන්සේගේ මහා පරිනිර්වානයෙන් පසුවත් යමෙක් තථාගතයානන්වහන්සේගේ සසුනේ පැවිදි වන්නේ නමි පැවදි වන්නේ උන්වහන්සේගේ අනුසාෂනා ප්‍රාතිහාර්‍යය නිසාය. සිත පහදවා ගන්නේ නමි සිත පහදවා ගන්නේ උන්වහන්සේගේ අනුශාෂනා ප්‍රාතිහාර්‍යය නිසාය. තිසරණ සරණ යන්නේ නමි තිසරණ සරණ යන්නේ උන්වහන්සේගේ උන්වහන්සේගේ අනුශාෂනා ප්‍රාතිහාර්‍යය නිසාය.

ත‍ථාගතයානන් වහන්සේ සංඝරත්නය විසින් මෙසේ කල යුතුය මෙසේ නොකල යුතුයැයි දේ‍ශනා කරනුයේද තථාගතයානන්වහන්සේ කරණ ලද දේශනාවමය. ධර්මය වනාහි තථාගතයානන්වහන්සේ විසින් උන්වහන්සේ විශිෂ්ඨ ඥානයෙන් පසක් කර දුන් පසු. එම ධර්මයට අනුව භික්ෂුන් වහන්සේ හා අන් සැම බෞද්ධයෙකුම කරනු ලබන දේශනා අනුශාෂනා ප්‍රාතිහාර්‍යම වන්නේය.

මෙසේ තතථාගතයානන්වහන්සේගේ ධර්මයේ පැහැදුනාවු සැදැහැති කුලපුත්‍රයන් විසින් උන්වහන්සේ විසින් දේශනා කර වදාල ශිල ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේය. එකි ශිලයේ පිහිටා. විවෙකී සුවයෙන් නිර්වානය අරමුනු කර භාවනාවට සිත යොමන්නේය පංච නිවරණ දුරැ කරන්නේය. මෙසේ භාවනා කොට ප්‍රථම ධ්‍යානයට,දෙවන ධ්‍යානයට,තෙවන ධ්‍යානයට,සිවිවන ධ්‍යානයට සිත පත් කරන්නේය, පංචස් කන්ධයේ දොස් දකිමින් නේවසංඤානාසංඤායතන ආදියට සිත පත්කරන්නේය.

ක්‍රමයෙන කලින් කි පරිදි සෘධි ප්‍රාතිහාර්‍ය ඥාන, ආදේශන ප්‍රාතිහාර්‍ය ඥාන, අභිඥා ඥාන උපද වන්නේය. අභිඥා ඥාන උපදවා

"ඔහු සත්ත්වයන්ගේ මරණින් පසු උත්පත්තිය දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි,  ඉදිරිපත් කොට නමයි. හේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී.  ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ, නපුරුවූ, දුක්වූ, නිරයට පැමිනෙත්,  නැතහොත් යහපත් පැමිණීමවූ ස්වර්ග ලොකයට පැමිණියෝයැයි දකියි. මෙයින් විචිකිචිචාව දුරැ කොට

"ඔහු සිතේ පැසවන කෙලෙස් පහකිරීමෙ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි,  ඉදිරිපත් කොට නමයි. ඔහු මෙ දුකයයි තතු ලෙස දැනගණී මෙ දුක් ඉපදීමෙ හේතුවයයි තතු ලෙස දැනගණී,  මෙ දුක් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මෙ දුක් නැති කිරීමෙ මාර්ගයයි තතු ලෙස දැනගණී, මෙ පැසවන කෙලෙස්යයි තතු ලෙස දැනගනී. මෙ පැසවන ක්ලේශයන්ගේ හේතුයයි තතු ලෙස දැනගනී,

මෙසේ දැක සිත සිත නිවන කරා යොමු කරයි.

ඉන් අනතුරැව මෙම සුත්‍රයේ සදහන් වන්නේ තතාගතයානන්වහන්සේ විසින් විසින් දේශිත පෙරවු එක්තරා සිද්ධියකි.

කේවටිටය. පෙර වූ දෙයක් කියමි. මෙ භික්‍ෂු සංඝයා අතුරෙහිමවූ එක්තරා භික්‍ෂුවක් හට  මෙවැනි අදහසක් පහළ වූයේය.
"පඨවිධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායෝධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනෙක්හි කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදීන පරිදි විනාශ වන්නාහූදැ" යි කියාය.

එනමි මෙ භික්ෂුවට හටගත්තාවු ගැටලුව වුයේ මෙ සසර පිළිබද ගැටලුවයි. නැතහොත් සංස්කාර පි‍ළිබද ගැටලුවයි.

මෙම භික්ෂුව භාවනා කොට දිව්‍ය ‍ලොවට යා හැකි වනනාවු සෘධියක් උපදවන ලදි. ක්‍රමයෙන් සදෙවි ලොවි සිවිවරමි දෙවිවරැන්, ආදින්ගෙන් මෙම ගැටලුවට පිළිබද විමසා පිළිතුරක් නොලැබු කල, මහා භ්‍රහ්මයා වෙත පැමිණ මෙම ගැටලුව විමසා සිටින ලදි. එහි දී සංවාදය,

"මහණ, යමි හේතුවකින් නුඹ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා මෙ ප්‍රශ්නය විසදීම පිණිස  බඹලොව දක්වා පිටත සෙවීමට පැමිණියෙහිද, මහණ, එබැවින් නුඹවහන්සේ විසින් මෙ කරණය වරදවා  කරන ලද්දේය, අපරාධයක් කරන ලද්දේය.මහණ, නුඹවහන්සේ වැඩිය මැනව. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණ මෙ ප්‍රශ්නය ඇසුව මැනව. යමි ආකාරයකින් භාග්‍යවතුන් වහන්සේ නුඹවහන්සේට ප්‍රකාශ කරන සේක්ද එපරිද්දෙන් එය පිළිගත මැනවයි"  මහාබ්‍රහ්මතෙම කීයේය.

"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම ශක්තිමත් පුරුෂයෙක් හකුළාගත් අතක් දිගුකරන්නේ හෝ යමිසේද, දිගුකළ අතක් හකුළන්නේ යමිසේද, ඒ ආකාරයෙන් බ්‍රහ්ම ලෝකයෙන් නොපෙනී ගොස් මාගේ ඉදිරියේ පහළවූයේය. කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම වැද එක් පැත්තක උන්නේය. ඒ භික්‍ෂුතෙම මා මෙසේ ප්‍රශ්න කළේය."

"ස්වාමීනි, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි  නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුදැයි" කියාය.

"කේවටිටය, මෙසේ ඇසූ කල මම ඒ භික්‍ෂුවට මෙ කරණය කීවෙමි. "මහණ,  පෙර පැවති කරුණක් කියමි. මුහුදෙහි යාත්‍ර කරන්නාවූ වෙළෙන්දෝ වෙරළ දකින ගති ඇති කවුඩු,  උකුසු යන මොවුන් අතුරෙන් කුරුල්ලෙකු ගෙන නැවෙන් මුහුදට බැසගනිත්ද,  ඔවුහු වෙරළ නොදක්නාවූ බැවින් වෙරළ දකින ගති ඇති කුරුල්ලා මුදත්. ඉදින් ඒ කුරුල්ලා හාත්පස වෙරළ දක්නේද ඒ වෙරළ දෙසට යන්නේය.  ඉදින් ඒ කුරුල්ලා හාත්පස වෙරළ නොදක්නේ නමි ඒ නැවටම ආපසු එයි. මහණ, එපරිද්දෙන්ම ඔබ යමි හේතුවකින් බ්‍රහ්ම ලෝකය දක්වා සොයන්නේ මෙ ප්‍රශ්නය විසදන්නෙකු වෙතට නොපැමිණියෙහිද එහෙයින් නැවත මාගේ සමීපයටම හැරී ආයේහිය. 

මහණ, ඒ ප්‍රශ්නය මෙසේ නොඇසිය යුතුයි. කෙසේද?
 
"ස්වාමීනි, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුදැයි"  කියාය. මහණ, මෙ ප්‍රශ්නය ඇසිය යුත්තේ මෙසේය.

"කුමකට පැමිණ කුමක් හේතුකොට ගෙන පස්, දිය,  ගිනි, වායු යන සතර මහා භුතයෝ නොපිහිටත්ද හෙවත් පිහිටීම නොලබත්ද? කවර තැනෙක්හි දීර්ඝවූ හෝ කොටවූ හෝ සියුමිවූ හෝ මහත්වූ හෝ ප්‍රියවූ හෝ අප්‍රියවූ හෝ උපාදාය රූප රැස  මහා භුතයන් නිසා පවත්නා කුඩා රූපධාතු සමූහය නොපිහිටාද හෙවත් පිහිටුම නොලබාද? කවර තැනෙක කුමකට පැමිණ, නාමයත් රූපයත් ෆසිතත් කයත්: ඉතිරි නොවී නිරුද්ධවෙද?" කියාය.

එහි විවරණය මෙසේ වෙයි.

"නුවණින් දැනගත යුතුවූ ඇසින් නොදැක්ක හැකිවූ ඉපදීමි, නැතිවීමි කොන් නැති හැම පැත්තෙන්ම පැමිණිය හැකි තොටවල් ඇති මෙ නිර්වාණ ධාතුවට පැමිණ, පස්, දිය, ගිනි,  වායු යන සතර මහා භුතයෝ පිහිටීම නොලබත්. මහා භුතයන් නිසා පවත්නා කුඩා රූපයෝ නොපිහිටත්.මෙහි නාම රූප දෙක ඉතිරි නොවී නිරූද්ධ වෙයි. විඤ්ඤාණ සිත නිරෝධයෙන් මෙ නාම රූප රාශිය මෙ නිර්වාණයට පැමිණ ඉතිරි නොවී නැවත නූපදින  පරිදි නිරුද්ධ වෙයි".

මෙම කථාවෙන් තතාගතයානන් වහන්සේ දේශනාකර සිටින්නේ කුමක්ද? දෙවියන් බ්‍රහ්මයන් සහිත ලොකයේ සංසාරය නැමති ගැටලුවට පිළිතුරැ දිය හැකි එකම තැනැත්තන් වහන්සේ උන්වහන්සේ වන බවය. උන්වහන්සේ දේශනා කලධර්මය පිළිපැදිමෙන්ම මෙම ගැටලුවට පිළිතුරැ ලැබෙන බවය. භික්ෂුව විසින් උපදවන ලද ප්‍රාතිහාර්‍ය ඥානයෙන් ඔහුට ඵලක් නොවිය. එබැවින් එම විශිෂ්ඨ ඥානයන් යොදාගත යුත්තේ නිර්වාණය අරමුණු කරමින් පමණක් වන බවය. නිවනට මාවත තනාගැනිමට පමණක් වන බවය.

එබැවින් මෙම නොයෙක් මැවීමි ආදිය කිරීමෙ සෘධි ප්‍රාතිහාර්යය, අනුන්ගේ සිත් දැක්වීමෙ ආදේශනා ප්‍රාතිහාර්යය ආදියට බුදු සසුනේ ලැබෙනුයේ අසුචි  පිඩක වටිනා කමක් පමණි. මක්නිසාද යත් ඒවායින් සංසාර දුක්ඛයට පිලිතුරක් නොලැබෙන බැවිනි.

බුදු රජානන්වහන්සේ ගේ සෘධි ප්‍රාතිහාර්‍ය ඥානය 04

දීඝ නිකාය
11. කේවටිට සුත්‍රය

මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවර සමීපයෙහිවූ පාවාරිකා සිටාණන්ගේ අඹ වනයේ වාසය කරන සේක. එවිට කේවටිට තෙමෙ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැද එකත්පස්ව උන්නේය. ගෘහපති පුත්‍ර කේවටිට භාග්‍යවතුන් වහන්සේට මෙ කාරණය කීවෙය.

"ස්වාමීනි, මෙ නාලන්දා නුවර පොහොසත්ය, දියුණුය. බොහෝ ජනයා ඇත්තේය. මිනිසුන්ගෙන් ගැවසී ගත්තේය. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් පැහැදුනාහුය. ස්වාමිනි, යමෙක් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි ප්‍රාතිහාර්ය කරන්නේද, එවැනි එක් භික්‍ෂුවක් ප්‍රාතිහාර්ය කිරීමට නියම කරන සේක්වා. මෙසේ සෘද්ධි ප්‍රාතිහාර්ය පැවැත්වූ කල්හි මෙ නාලන්දා නුවර වාසය කරන ජනයා බොහෝ සෙයින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් පහදින්නේය".

මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කේවටිට ගෘහපති පුත්‍රයාට මෙ කාරණය කී සේක.

"කෙවටිටය, මම මෙසේ භික්‍ෂුන්ට ධර්ම දේශනා නොකරමි. මහණෙනි, එව. ඔබ, සුදු වස්ත්‍ර අදින්නාවූ ගිහියන්ට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘධි ප්‍රාතිහාර්ය කරව" යි කියාය.

දෙවනුවද, තෙවනුවද කේවටිට ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙ කාරණය ඉහතින් මෙන් කීයේය.

"කේවටිටය, මා විසින් විශේෂ ඥානයෙන් දැන අවබෝධ කොට ප්‍රකාශ කරන ලද මෙ ප්‍රාතිහාර්යයෝ තුන් දෙනෙක් වෙත්. එනමි නොයෙක් මැවීමි ආදිය කිරීමෙ සෘධි: ප්‍රාතිහාර්යය, අනුන්ගේ සිත් දැක්වීමෙ ආදේශනා ප්‍රාතිහාර්යය, අනුශාසනා කිරීමෙ අනුශාසනා ප්‍රාතිහාර්යය යන තුනයි. කේවටිටය, එයින් සෘද්ධි ප්‍රාතිහාර්ය කවරේද?

"කේවටිටය, මෙ ශාසනයෙහි භික්‍ෂු තෙම නොයෙක් අයුරු ඇති සෘධි විධි වෙන් වෙන් කොට දක්වයි. එකෙක්ව බොහෝ සේ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වතය හරහට නොහැපිමෙන් යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීමි, මතුවීමි කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිදගෙන්ම යයි. මෙ මහත් සෘද්ධි ඇති, මහත් ආනුභාව ඇති සද හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹලොව තෙක් ශරීරයෙන් වසග බව පවත්වයි."

"මෙසේ නොයෙක් සෘධි විධි වෙන් වෙන් කොට දක්වන්නාවූ, ඒ සෘද්ධිමත් භික්‍ෂුව පැහැදුනාවූ එක්තරා ශ්‍රද්ධාවන්තයෙක් දකීද, ඒ පැහැදුනාවූ ශ්‍රද්ධාවන්තයා ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ එක්තරා එකකුට භික්‍ෂුවගේ මහත් සෘද්ධි ඇති බවද, මහා ආනුභාව ඇති බවද, "පින්වත, ඇත්තෙන්ම පුදුමය, පින්වත, ඇත්තෙන්ම ඉතා පුදුමය" යි කියන්නේද,

ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ අය, ඒ ශ්‍රද්ධා ඇත්තාවූ පැහැදුන අයට මෙසේ කියන්නේය. "පින්වත, ගන්ධාරී නමි විද්‍යාවක් ඇත්තේය. ගන්ධාර රට බොහෝ සෘෂිහු වාසය කළෝය. ඔවුන් අතරෙහි එකෙක් විසින් කරන ලද විද්‍යාවක් ගන්ධාරී නමි විය. ඒ විද්‍යාවෙන් භික්‍ෂු තෙමෙ නොයෙක් අයුරු ඇති සෘද්ධි වෙන් වෙන් කොට දක්වයි" කියාය.

කේවටිටය, ඒ කුමකැයි සිතන්නෙහිද? ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ තැනැත්තේ, ඒ ශ්‍රද්ධා ඇත්තාවූ පැහැදුන තැනැත්තාට මෙසේ කියන්නේදැ"යි ඇසූ සේක. "ස්වාමිනි, කියන්නේය" යි කීයේය.

"කේවටිටය, මම සෘද්ධි ප්‍රාතිහාර්යයෙහි මෙ දෝෂ හොදින් දන්නෙමි. සෘද්ධි ප්‍රාතිහාර්යයෙන් ලජ්ජා වෙමි. අසූචි මෙන් පිළිකුල් කරමි" යි වදාළේය.

"කේවටිටය, ආදේශනා ප්‍රාතිහාර්යය කවරේද?

"කේවටිට, මෙ ශාසනයෙහි භික්‍ෂු තෙම අනුන්ගේ සිත දැන කියයි. සිතේ හටගත් සතුට හෝ අසතුට දැන කියයි. කල්පනා කරන ලද කරුණු දැන කියයි. විමසා බලන ලද කරුණු දැන කියයි. ඔබෙ සිතේ මෙසේ කාම සිතිවිලි වලින් යුක්තවූයේ වෙයි. ඔබෙ සිත මෙ ආකාරද වෙයි. ඔබෙ සිත මෙ මෙ දෙයක් සිතමින් පවතී යයි කියයි. ඒ භික්‍ෂුතෙම ප්‍රසන්නවූ එක්තරා ශ්‍රද්ධාවන්තයෙක් දකීද, "මෙබදු භික්‍ෂුවක් මම දුටුවෙමි" යි ඒ ශ්‍රද්ධාවන්තවූ ප්‍රසන්න තැනැත්තා ශ්‍රදධා නැත්තාවූ, අප්‍රසන්නවූ යමි කෙනෙකුට භික්‍ෂුහුගේ මහත් සෘද්ධි ඇති බවද, මහා ආනුභාව ඇති බවද, ඇත්තෙන්ම ඉතා පුදුමයකැයි කියන්නේද,

ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ තැනැත්තා, මෙසේ කියන්නේය. "පින්වත, චින්තාමණී නමි විද්‍යාවක් ඇත්තේය. ඒ විද්‍යාවෙන් භික්‍ෂු තෙමෙ අනුන්ගේ සිත දැන කියයි. ඔබෙ සිත මෙසේ මෙ මෙ දෙයක් සිතමින් පවතීයයි කියයි."

"කේවටිටය, ඒ කුමකැයි සිතන්නෙහිද? ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ තැනැත්තේ, ඒ ශ්‍රද්ධා ඇත්තාවූ පැහැදුන තැනැත්තාට මෙසේ කියන්නේදැ" යි ඇසූ සේක. "ස්වාමිනි, කියන්නේය" යි කීයේය.

"කේවටිටය, මම ආදේශනා ප්‍රාතිහාර්යයෙහි මෙ දෝෂ හොදින් දන්නෙමි. ආදේශනා ප්‍රාතිහාර්යයෙන් ලජ්ජා වෙමි. අසූචි මෙන් පිළිකුල් කරමි" යි වදාළේය.

"කේවටිටය, අනුශාසනා ප්‍රාතිහාර්යය කවරේද?

"කේවටිටය, භික්‍ෂු තෙම මෙසේ අනුශාසනා කෙරෙයි. "මෙසේ කල්පනා කරවු, මෙසේ කල්පනා නොකරවු, මෙසේ මෙනෙහි කරවු, මෙසේ මෙනෙහි නොකරවු, මෙය දුරු කරවු, මීට පැමිණ වාසය කරයි" කියාය. මෙයද කේවටිටය, අනුශාසනා කිරීමෙ ප්‍රාතිහාර්යයි කියනු ලැබෙ"

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාල සේක. "කේවටිටය, අර්හත්වූ, සම්‍යක් සමිබුද්ධවූ, විදර්ශනා ඥානය ආදී විද්‍යා අට, සීල සංවරය ආදී හසුරුවන ධර්ම පහළොව අෂ්ඨ විද්‍යා පසළොස් චරණ ධර්මයන් ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියඵ ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මවිය යුතු පුර්ෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, සත්‍යවූ උතුමි ධර්ම හතර චතුරාර්‍ය සත්‍ය: අවබෝධ කළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමෙ දෙවියන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් සහ මිනිසුන් සහිතවූ සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැක පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ථ සහිතවූ, සියඵ ලෙසින් සමිපූර්ණවූ, පිරිසිදුවූ සියඵ ශාසන මාර්ග බ්‍රහ්මචර්යාව ගෙන හැර දක්වති".

"ධර්මය ඇසූ අය ඒ දහම අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කෙරෙයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසෙ සලකන්නේය. "ගෘහ වාසය පීඩා සහිතය. රාගාදී කෙලෙස් සහිත මාර්ගයකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහි ගෙය වහන්නහු විසින් සියලු ආකාරයෙන් සමිපූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ ලියවූ හක් ගෙඩියක් මෙන් මෙම බ්‍රහ්ම චරියාවෙහි හැසිරෙන්නට නොහැක්කේය. මම කෙස් දැලි රැවුලු කපා දමා සිවුරැ හැද ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වෙන්නෙමි නමි ඉතා යහපතැයි" කියායි.

"ඔහු පසු කාලයක සමිපත් රාශියක් හැර, නෑ පිරිස් හැර කෙස් දැලි රැවුලු කපා දමා සිවුරැ හැද ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වෙ. ඔහු ප්‍රධාන සංවර ශීලයෙන් යුක්තවූයේ, යහපත් හැසිරීමෙන් හා වරද නැති පැවැත්මෙන් යුක්ත වූයේ ස්වල්ප වූත් අකුසලයන්හි විශේෂයෙන් භය දක්නා ගති ඇත්තෙක් වූයේ, යහපත්වූ ශරීරයෙන්, වචනයෙන්, ක්‍රියාවෙන් යුක්තවූයේ, ශික්ෂාපද සමාදන්ව එහි මොනවට හික්මෙයි. පිරිසිදුවූ ජීවිත පැවතුමි ඇත්තේ වෙයි. ශීලයෙන් යුක්ත වූයේ වෙයි. ඉන්ද්‍රිය විෂයෙහි වැසූ දොරටු ඇත්තේ වෙයි. ආහාරයෙහි පමණ දන්නේ වෙයි. මනා සිහියෙන් හා හරි ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. සන්තෝෂයෙන් යුක්ත වෙයි".

"කේවටිටය, භික්‍ෂු නමක් කෙසේ නමි සීල සමිපන්න වෙද? කේවටිටය, මෙ සස්නෙහිවූ භික්‍ෂු නමක් ප්‍රාණ වධය හැර, ඉන් සමිපූර්ණයෙන් වැළැක්කේය. බහා තබන ලද දඩු ඇත්තේ මහා තබන ලද ආයුධ ඇත්තේ, පවි කිරීමෙහි ලජ්ජා ඇත්තේ කරුණාවන්ත වූයේ, සියඵ ප්‍රාණීන් කෙරෙහි හිත අනුකමිපාව ඇතුව වාසය කෙරෙයි."

"නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සමිපුර්ණයෙන් වැළැක්කේ දුන් දෙයම ගන්නේ, දුන් දෙයම කැමතිවන්නේ සොර නොවූ පිරිසිදුවූ සිතින් යුතුව වාසය කෙරෙ"

"අබ්‍රහ්මචර්යාව හැර උතුමි පැවතුමි ඇත්තේ ස්ත්‍රිපුරුෂ සංසර්ගය නමිවූ ග්‍රාම ධර්මයෙන් වෙන් වූයේ බ්‍රහ්බචාරී වෙයි."

"බොරු කීමෙන් දුරුව, ඉන් සමිපූර්ණයෙන් වැළැක්කේ සැබෑ තෙපුල් කියන්නේ, සැබැවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිර කතා ඇත්තේ ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්ධ කතා ඇති නොකෙරේ"

"පිසිණු බස් හැර ඉන් සමිපූර්ණයෙන් වැළැක්කේ මෙතනින් අසා මොවුන් බිදවීම පිණිස මෙතැනින් නොකියන ගති ඇත්තේද, මෙසේ භෙදවූවන් ගළපන්නේ, සමගිවූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ සමගියෙන් ඇලුමි බහුල කොට ඇත්තේ සමගි කමිහි ඇලුනේ සමගිකමිහි සතුටුවන ගති ඇත්තේ සමගිය ඇති කරන තෙපුල් කියන්නේය."

"පරුෂ වචනය, හැර සමිපූර්ණයෙන් වැළැක්කේ, යමි වචනයක් නිදොස් වෙද, කණට සැපද, ප්‍රේමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ සිත් ප්‍රිය කරන්නේද, එබදු වචනම කියන්නේවෙ"

"හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සමිපූර්ණයෙන් වැළැක්කේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ තෙපුල්ම කියන්නේ, අර්ථයෙන් යුක්තවූ ධර්මයෙන් යුක්තවූ විනය සමිබන්ධවූ තෙපුල් කියන්නේ, සුදුසු කල්හි, උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වෙ. මෙසේ ඒ හිස් වචනයෙන් වැළැක්මද, දියුණුවට හේතුවන වචන කීමද මෙ ඔහුගේ සීලය වෙ"

"තණ ගස්, වැල් සිදීම, බිදීම ආදියෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ, එක් වෙලේ වළදන කෑම ඇත්තේ, රාත්‍රි කෑමෙන් හා අවෙලෙහි කෑමෙන් සමිපූර්ණයෙන් වැළැක්කේය."

"මල්, ගද විලවුන් පැළදීම, ඉන් සැරසීම, අඩුතැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් සමිපූර්ණයෙන් වැළැක්කේය."

"උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළැක්කේය."

"රන්රිදී මසුරන් පිළිගැන්මෙන් සමිපූර්ණයෙන් වැළැක්කේය."

"අමුවූ ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් සමිපූර්ණයෙන් තොර වූයේය."

"අමුමස් පිළිගැන්මෙන් සමිපූර්ණයෙන් තොරවූයේද, ස්ත්‍රින් හා ගැහැනු ළමයින් පිළිගැන්මෙන් සමිපූර්ණයෙන් තොර වූයේද වෙ. වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් සමිපූර්ණයෙන් තොර වූයේ කුකුළන්, හූරන්, ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන්, කෙත්, වත් යන මෙ පිළිගැන්මෙන්ද සමිපූර්ණයෙන් තොර වූයේය".

"ගිහියන්ගේ දූත මෙහෙවරය, ගෙන් ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් සමිපූර්ණයෙන් තොර වූයේ වැළැක්කේය."

"ගනුදෙනු කිරීමය, තරාදි ආදියෙන් වංචා කිරීමය, රන් හා නොරන් මිශ්‍ර වංචා කිරීමය, වී ආදිය මැනීමෙන් වංචා කිරීමය, හිමියන් අහිමි කිරීම ආදිය සදහා අල්ලස් ගැනීමය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලෝහ රන් රිදීයයි අගවා වංචා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයෝගය යන මෙයින් සමිපූර්ණයෙන් වැළැක්කේය."

"කැපීමය, මැරීමය, බැදීමය, සැගවී සිට වස්ත්‍ර පැහැර ගැනීමය, ගමි නියමිගමි ආදිය පැහැරීමය, බලහත්කාර කමින් වස්ත්‍ර පැහැර ගැනීමය යන මෙයින්ද සමිපූර්ණයෙන් වැළැක්කේය, මෙ ඔහුගේ සීල වෙ"

සුලු සීලය නිමියේය

"සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ගස් ආදිය වැවීමෙහි යෙදී වාසය කරත්.මෙබදුවූ බීජ ගාම භුත ගාමයන් සිදීමි, බිදීමි ආදියෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ වෙ නම
මෙයද ඔහුගේ එක් සීලයක් වෙ"

"එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙනලද කෑම කා ආහාර වර්ග බීම වර්ග දෙවෙනි දිනටතබා ප්‍රයෝජන ගැන්මය, අයිතියට නොගත් සිවුරු ආදිය යාන නමි වහන් දෙකකින් වැඩි සයන, සුගන්ධයන්, තල සහල් ආදිය තැන්පත් කොට තබා ප්‍රයෝජන ගැන්මයයි කියන ලද පසුවට තබා ප්‍රයෝජන ගැන්මෙහි යෙදීවාසය කරත්. මෙබදුවූ සන්නිධිකාර පරිභෝගයන් වැළකී වෙසේ නමි එසේම මන්ත්‍රපිරවීමෙන් නෘත්‍ය ආදී විසුඵ දැක්මෙන් සමිපූර්ණයෙන් වැළකේ නමි මෙයද ඔහුගේ සීලයක් වෙ. එසේම දූ කෙළියෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි. උස් අසුන් මහ අසුන්හි හිදීමි ආදියෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි. සැරසීමි අලංකාර කිරීමි ආදියෙහි යෙදීමෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි. පහත් කථාවෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි.දෝෂාරෝපන කථාවෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි. දූත භාවය,හසුන් ගෙනයාම යන මෙයින් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි. කුහක වංචා ප්‍රයෝග ආදියෙන් වැළැක්මක් වෙ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි."

මැදුමි සිල් නිමියේය

"සමහර මහණ බමුණෝ මෙන් යාග හෝම ආදී හේතුවෙන් සාමුදුකා ශාස්ත්‍රය, නිමිති ශාස්ත්‍රය හේතුවෙන්කරන ලාමක ජීවිකාවෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ වෙද මෙයද ඔහුගේ එක් සීලයෙකි."

"සමහර මහණ බමුණෝ මෙන් ලක්‍ෂණ බැලීමෙන් කරන පහත් විද්‍යාවන් නිසා කරන වැරදි ජීවිකාවෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි."

"සමහර පහත් බමුණෝ මෙන් රජුන්ගේ බැහැර යෑම ඒම ජය පරාජය ආදී පහත් විද්‍යා හේතුවෙන් කරනවැරදි ජීවිකාවෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි."

"සමහර මහණ බමුණෝ මෙන් චන්‍ද්‍රග්‍රහණ, සූර්‍යග්‍රහණ යනාදියේ විපාක කීමෙ පහත් විද්‍යාවන් හේතුකොට ගෙන කරන ලාමක ජීවිකාවෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි."

"සමහර මහණ බමුණෝ මනා වැසි දැති වන්නේය, මනා වැසි නැති වන්නේය ආදී ලෝකයට සිදුවන දේ
ගැන ශාස්ත්‍ර ඉගෙනීමයයි මෙසේ පහත් විද්‍යාවන් කරණ කොට වැරදි ජීවිකා කෙරෙත්.මෙසේවූ පහත් විද්‍යා හේතුවෙන් වන වැරදි ජීවිකාවෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි."

"සමහර මහණ බමුණෝ ආවාහ කරවීමය, විවාහ කරවීමය, නූල් බැදීමය, මන්ත්‍ර ජප කිරීමය, කැඩපත්හි දේවතාරෝපණය කොට ප්‍රශ්න ඇසීමය, ගැහැනු දරුවන්ගේ ශරීරයෙහි දේවතාරෝපණය කොට ප්‍රශ්න
ඇසීමය, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රී දේවිය කැදවීම ආදී පහත් ක්‍රියාවෙන් වැරදි ජීවිකා කෙරෙත්. මෙබදුවූ පහත් විජ්ජාවන් කරන වැරදි ජීවිකාවෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි."

"සමහර පින්වත් මහණ බමුණෝ ශාන්ති කිරීම, මන්ත්‍ර කිරීමය, භුරි කර්මය, පණ්ඩකයා පුරුෂයෙකු කිරීමය, පුරුෂයා පණ්ඩක කිරීමය ආදී මෙබදු පහත් විද්‍යා කරණ කොට වැරදි ජීවත් වීමෙන් ජීවිකා කෙරෙත්. මෙබදුවූ වැරදි ජීවිකාවෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි."

කේවටිටය, මෙසේ ශීල සමිපන්නවූ භික්‍ෂුහට භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ඔහුගේ ශීල සංවරය හේතුකොට ගෙන කිසිතැනකදී නොඋපදින්නේ කුමක් මෙන්ද යත් කේවටිටය, ක්‍ෂත්‍රියාභිෂෙකයෙන් මුදුනෙහි අභිෂේක ලද්දාවූ, සතුරන් නැති කළාවූ ක්‍ෂත්‍රිය රජෙක් කිසියමි සතුරෙක්ගෙන් කිසි භයක් නොදක්නේද, එපරිද්දෙන්ම, මහරජ, ශීල සමිපන්නවූ භික්‍ෂු තෙමෙ භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ශීලසංවරය
හේතුකොට කිසි තැනකදී නොදක්නේය. ආර්‍යවූ මෙ ශීල රාශියෙන් යුක්තවු ඒ භික්‍ෂු තෙම, තමන් තුල පිරිසිදුවූ කායික චෛතසික සැපය විදියි. කේවටිටය, මෙසේ දැක්වූ ශීලයෙන් යුක්තවූ භික්‍ෂුව ශීලසමිපන්න නමි වෙ"

මහ සිල් නිමියේය

"කේවටිටය, භික්‍ෂුව කෙසේ නමි ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේද? මහරජ, මෙ සස්නෙහි භික්‍ෂු තෙමෙ,
ඇසින් රූපයක් දැක එහි නොඇලේ, එහි නොපෙළඹෙන්නේය. ඇස් ඉන්ද්‍රයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ සිතට ඇතුල් වන්නාහුද, එබදු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ ඇස් ඉන්ද්‍රිය රකී, ඇස් ඉන්ද්‍රියෙහි සංවරයට පැමිණේ. එසේම කන් ඉන්ද්‍රියෙහිද, නාස් ඉන්ද්‍රියෙහිද,දිවි ඉන්ද්‍රියෙහිද, සිත් ඉන්ද්‍රියෙහිද සංවරයට පැමිණේ. එබදුවූ භික්‍ෂුව උතුමිවූ ශීල රාශියෙන් යුක්තවූයේ අභ්‍යන්තරයෙහි පිරිසිදුවූ අධි විත්ත සැපය විදියි. මහරජ, මෙසේ වූ භික්‍ෂු තෙමෙ ඉන්ද්‍රියන්හි වසන ලද දොරටු ඇත්තේ වෙයි."

කේවටිටය, භික්‍ෂුව කෙසේ නමි සිහියෙන් හා මනා ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙද?

මහරජ, මෙ සස්නෙහි භික්‍ෂු තෙම ඉදිරියට යෑමෙහිද, ආපසු යෑමෙහිද, ඉදිරි බැලීමෙහිද, වටපිට බැලීමෙහිද,
අත් පා හැකිලීමෙහිද, දිගු කිරීමෙහිද, දෙපට සිවුරය, පාත්‍රය, සිවුරය යන මෙ දේ දැරීමෙහිදී අනුභව කිරීමය,
පානය කිරීමය, වැළදීමය, රස විදීමය යන මෙහිද මළ මුත්‍රා පහකිරීමිද, නුවණින් ආදීනව සලකා කරන්නේය.
යෑමි, සිටීමි, හිදීමි, සැතපීමි, නිදි තොරකිරීමි, කථා කිරීමි, නිශ්ශබිදව සිටීමි යන මෙ දේ මනා නුවණින් දැන කරන්නේය. කේවටිටය, මෙසේ කරන්නාවූ භික්‍ෂු තෙමෙ සිහියෙන් යුක්තවූයේ යහපත් නුවණින් යුක්ත වූයේ වෙයි."

කේවටිටය, භික්‍ෂු තෙමෙ කෙසේ සතුටු වූයේ වෙද?

කේවටිටය, භික්‍ෂු තෙමෙ යන්තමි කය වැසීමට තරමිවූ සිවිරෙන්ද, ආරක්‍ෂාව ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද, සතුටු සිත් ඇත්තේ වෙ. ඔහු යමි යමි තැනකට යේ නමි අට පිරිකරය පිළිබද වූදේ පමනක් ගෙනයයි. මෙසේ වූ භික්‍ෂු තෙමෙ සන්තෝෂයෙන් යුක්ත වෙ.

ඒ භික්‍ෂු තෙමෙ කැලයද, ගහක් මුලද, සොහොන්ද ඉතා දුරවූ කැලෑ වාසස්ථානද, බොහෝ ඉඩකඩ ඇති තැන් සහ තණගුහාද යන මෙ ස්ථාන ආශ්‍රය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළැක්කේ,
පර්‍යංඞකය බැද කකුල් අකුලුවා හිද ශරීරයේ උඩු කොටස කෙලින් තබා නිවණෙහිම සිත එලවා, ඒ නිවණම අරමුණු වශයෙන් සිත ඉදිරියෙහි පිහිටුවාගෙණ හිදී.

"ඔහු ලෝකයෙහි ලෝභය පහකොට ලොභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලොභ සිත වෙන් කොට පිරිසිදු කෙරේ. සිත කෙලෙසන්නාවූ ක්‍රෝධය පහකොට ක්‍රෝධයෙන් දුරුවූ සිත් ඇතිව පණ ඇති සියලු සතුන් කෙරෙහි හිතානුකමිපා ඇත්තේව වාසය කරයි. ක්‍රෝ දොෂයෙන් වෙන්ව සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරු කොට කය සිත පිලිබද පහවූ අලස බව ඇත්තේ පිරිසිදු හැගීමි ඇත්තේ, සිහි ඇත්තේ යහපත් ප්‍රඥා ඇත්තෙක්ව වෙසේ. අලස බව දුරු කොට සිත පිරිසිදු කෙරේ. උඩුගුබව හා කුකුස දුරුකොට සංසිදුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුලත සංසිදුනු සිත් ඇත්තේ, සිතඋඩගු බව හා කුකුසෙන් පිරිසිදු කෙරේ. විචිකිචිජාව සැකය දුරුකොට පහකළ විචිකිචිජා ඇත්තේ කුශල ධර්ම විෂයෙහි සැක නැතිව වෙසේ. විචිකිචිජාවෙන් සිත පිරිසිදු කෙරේ.

"කේවටිටය, යමිසේ පුරුෂයෙක් ණය ගෙණ කර්මාන්තයන්හි යොදන්නේද, ඔහුගේ ඒ කර්මාන්තයෝ දියුණුවන්නාහු නමි ඒ ණය නැති බව මුල්කොට ගෙණ බලවත් සතුටක් ලබන්නේය.

කේවටිටය, යමිසේ රෝගයෙන් පෙළෙන දුක් ඇත්තාවූ, දැඩිගිලන් බව ඇති පුරුෂයෙක් වන්නේද ඒ
පුරුෂයා පසු කාලයක ඒ ආබාධයෙන් මිදෙන්නේ නමි, ඔහු ඒ කාරණය මුල්කොට බලවත් සතුටක් ලබන්නේය.

කේවටිටය, යමිසේ පුරුෂයෙක් සිරගෙයි බැදුනේ වෙද, ඔහු පසු කලක පීඩා නැතුව සැපසේ ඒ සිරගෙයින් මිදෙන්නේය.

ඔහු සිරගෙයින් මිදීම නිමිති කොට බලවත් සතුටක් ලබන්නේය.

"කේවටිටය, යමිසේ සිය කැමැත්තෙන් යමක් කරන්නට නොහැකි අනුන්ට යටත්වූ තමා කැමති ගමනක් ඒ වූ පරිදි යා නොහැකි, වැඩ කරුවෙක් වන්නේද, ඔහු පසු කලක ඒ දාස භාවයෙන් මිදෙන්නේ, තමාම අධිපති කොට ඇත්තේ අනුන්ට යටත් නොව තමාගෙන්ම යැපෙන්නේ, ඔහු ඒ දාසභාවයෙන් මිදීම හේතුකොට බලවත් සතුටක් ලබන්නේය.

"කේවටිටය, යමිසේ ධනවත්වූ භොග සමිපත් ඇති පුරුෂයෙක් ආහාර දුර්ලභවූ භය සහිතවූ, දීර්ඝ වූ, කාන්තාර මාර්ගයකට පැමිණෙන්නේද ඔහු මද කලකින් ඒ කාන්තාර මාර්ගය ඉක්මවා යන්නේ සොර සතුරන්නේ පීඩා නැති ගමිමානයකට සැපසේ ක්‍රමයෙන් පැමිණෙන්නේද, ඒ පුරුෂයා ඒ කාන්තාර මාර්ගය එතර කිරීම නිමිතිකොට බලවත් සතුටක් ලබන්නේය.

"කේවටිටය, ණය යමිසේද, රෝගය යමිසේද, හිරගේ යමිසේද, දාසභාවය යමිසේද,දීර්ඝ කාන්තාර මාර්ගය යමිසේද එපරිද්දෙන් භික්‍ෂු තෙමෙ පහ නොකළ පඤ් චනීවරණ කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි ලා නුවණින් දකී තමන් තුළ ලා දක්නේය.

"පහකළාවූ මෙ කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි නැතැයි නුවණින් දක්නාවූ ඒ භික්‍ෂුහට සතුටු ආකාරය උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රිතිසහගත සිත් ඇත්තහුගේ නාම කය වෙදනාදී ස්කන්ධ හතර සංසිදෙයි. සංසිදුනුකය ඇති තැනැත්තේ කායික චෛතසික සැපය විදියි. සැප ඇත්තහුගේ සිත සමාධියට එකග බවට පැමිණෙයි.  "ඒ භික්‍ෂු තෙමෙ වස්තුකාම ක්ලේශ කාමයන්ගේන් වෙන්වූයේම, අකුශල ධර්මයන් කෙරෙන්ද වෙන්වූයේම අරමුණෙහි සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම සහිතවූ, සිතෙහි විවෙකයෙන් උපන් ප්‍රීතියම සැපකොට ඇති, පළමුවෙනි ධ්‍යාන කුසල චිත්තය තමා තුළ ඉපදවීමි වශයෙන් ඊට පැමිණ එම ධ්‍යානයෙහි වාසය කෙරේ. ඔහු විවෙකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් මෙ සකල ශරීරයම සැපවත් කෙරෙයි. සමිපූර්ණ්යෙන් පුරවයි. සැම තන්හි පතුරවයි. ඒ ඔහුගේ පළමුවනි විවෙකයෙන් උපන් ප්‍රීති සැපයෙන් සකල ශරීරයෙහිම පළමුවනි ධ්‍යානයෙන් යුත් සැපය පැතිරෙයි. "කේචටිටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබෙ. දෙවැනි ධ්‍යානයටද තුන්වැනි ධ්‍යානයටද හතරවැනි ධ්‍යානයටද පැමිණ වාසය කෙරේද, කේවටිටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබෙ".

"නැවතද, කේවටිටිය ඒ භික්‍ෂු තෙමෙ මෙසේ සිත එකගවූ කල්හි, දීප්තිමත්වූ කල්හි කෙලෙස් රහිතවූ කල්හි, ක්ලේශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි කටයුත්තට සුදුසුව සිටි කල්හි, කමිපා නොවන බවට පැමිණි කල්හි විදර්ශනාඥානය ඉපදවීම පිණිස සිත එලවා තබයි. මාගේ මෙ ශරීරය වනාහි රූපයෙන් යුක්තය සතර මහා භුතයන්ගේ හේතුවෙන් හටගත්තේය. මවිපියන් නිසා හටගත්තේ ආහාරයෙන් වඩනා ලද්දේය. අනිත්‍ය බවය ඇග, ඉලීමය, පිරිමැදීමය, බිදීමය, විනාශය, යන මෙ දේ ස්වභාව කොට ඇත්තේය. මාගේ මෙ විඤ් ඤාණය ශරීරය ආශ්‍රය කෙලේ වෙයි. මෙහිම බැදී සිටියේය.

"කේවටිටිය, මෙ ඵලයද, දැක්ක යුතු විපාක ඵලයන්ට වඩා බොහෝසේ මනොඥය, බොහෝසේ ශ්‍රේෂ්ඨද වෙයි.

"ඔහු මෙසේ ධ්‍යානයෙන් සිත එකගවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් නැතිවූ කල්හි, ක්ලේශ පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, නොසැලෙන බවට පැමිණි කල්හි, මනොමයවූ රූපයක් මනා කොට නිපදවීම පිණිස සිත එලවා තබයි. වෙසෙසින් නමයි. ඔහු ආකාරවත්වූ මනොමයවූ ධ්‍යාන සිතින් නිපදවනලද ශරීරය හා අතපය ආදී අවයව ඇති විකල නොවූ ඉදුරන් ඇති මෙ ශරීරයෙන් අන්‍යවූ ශරීරයක් හොද ලෙස සාදයි.

කේවටිටය, එසේම භික්‍ෂුතෙමෙ මෙසේ සිත සමාධිගතවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලේශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කමිපා නොවන භාවයට පැමිණි කල්හි, සිතින් උපදවන කය මැවීම පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට ඊට නමයි. ඔහු මෙ කයින් රූ ඇති සිතින් මවන ලද, සියලු ශරීරය හා අතපය ආදී අවයව ඇති, නොපිරිහුනු ඉන්ද්‍රිය ඇති වෙන කයක් මවයි. කේවටිටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබෙ.

"ඔහු ඊට පසු සෘඩිවිධි පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඔහු නොයෙක් අයුරු ඇති සෘඩිවිධි වෙන් වෙන් කොට අනුභව කෙරෙයි. එකෙක්ව බොහෝ සේ වෙයි. බොහෝ සේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වතය හරහට, නොහැපෙමින් යයි. දියෙහි මෙන් කිමිදීම මතුවීම කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්‍ෂියෙකු මෙන් අහසෙහිද පරියංකයෙන් හිද ගෙනම යයි. මෙ මහත් සෘඩි ඇති, මහත් ආනුභාව ඇති සද හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹ ලොව තෙක් ශරීරයෙන් වසග බව පවත්වයි. "කේවටිටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබෙ

"ඔහු ඊට පසු දිව්‍ය කණ සමිබන්ධ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඒ භික්‍ෂුව පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිව්‍ය කණ සමිබන්ධ ඥානයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරෙහිවූද, සමීපයෙහිවූද, දෙයාකාර ශබ‘ධයන් අසයි. ඔහු මෙසේ මිනිස් කණ ඉක්මවූ දිව්‍ය කණ සමිබන්ධ ඥානයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරෙහිවූද, සමීපයෙහිවූද, දෙයාකාර ශබිධයන් අසයි. "කේවටිටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබෙ.

"ඔහු පර සිත් දැනගන්නා ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඔහු අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිද දනියි. ලෙඃකික හිත් අතුරින් උසස් වූ සිත අනුත්තර සිත යයි දනියි. සමාධිගත වූ සිත සමාධිගත යයි දනියි. සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිත යයි දනියි. ක්ලේෂයෙන් මිදුනු සිත, මිදුනු සිත යයි දනියි. නොමිදුනු සිත නොමිදුන සිත යයි දනියි.කේවටිටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබෙ 

හේ තෙමෙ නොයෙක් විදියේ පෙර විසීම සිහිකෙරෙයි. එක් ජාතියක්ද, දෙජාතියක්ද ආදී වශයෙන් නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශ වන හෝ හැදෙන කල්පයන්ද, මෙසේ ආකාර සහිතව, දැක්වීමි සහිතව නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කෙරෙයි. කේවටිටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබෙ

"ඔහු සත්ත්වයන්ගේ මරණින් පසු උත්පත්තිය දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ, නපුරුවූ, දුක්වූ, නිරයට පැමිනෙත්, නැතහොත් යහපත් පැමිණීමවූ ස්වර්ග ලොකයට පැමිණියෝය. "කේවටිටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබෙ.

"ඔහු සිතේ පැසවන කෙලෙස් පහකිරීමෙ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු මෙ දුකයයි තතු ලෙස දැනගණී මෙ දුක් ඉපදීමෙ හේතුවයයි තතු ලෙස දැනගණී, මෙ දුක් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මෙ දුක් නැති කිරීමෙ මාර්ගයයි තතු ලෙස දැනගණී, මෙ පැසවන කෙලෙස්යයි තතු ලෙස දැනගනී. මෙ පැසවන ක්ලේශයන්ගේ හේතුයයි තතු ලෙස දැනගනී,

"මෙ ප්‍රාතිහාර්ය තුන මා විසින් තමන්ගේ විශේෂ ඥානයෙන් දැන අවබෝධ කොට ප්‍රකාශ කරන ලද්දාහුය".

"කේවටටය, පෙර වූ දෙයක් කියමි. මෙ භික්‍ෂු සංඝයා අතුරෙහිමවූ එක්තරා භික්‍ෂුවක් හට මෙවැනි අදහසක් පහළ වූයේය. "පඨවිධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායෝධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනෙක්හි කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදීන පරිදි විනාශ වන්නාහූදැ" යි කියාය.

"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම යමි ආකාරයකින් සිත එකගවූ කල දිව්‍ය ලෝකයට යන මාර්ගයයි කියන ලද සෘධිවිධඥානය පහළ වන්නේද, එවැනි සමාධියකට සමවැදුනේය. කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම චාතුර්මහාරාජික දෙවියෝ වෙත පැමිණ ඒ දෙවියන්ගෙන් මෙ කාරණය ඇසුයේය. "ඇවැත්නි, පඨවිධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායෝධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනක කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නොපවතින පරිදි විනාශ වන්නාහූදැ" යි කියාය. කේවටිටය, මෙසේ කී කල චාතුර්මහාරාජික දෙවියෝ ඒ භික්‍ෂුවට මෙ වචන කීවෝය. "මහණ, මෙ කාරණය අපිද නොදනිමු. අපට වඩා රූප සමිපත්තියෙන් හා ප්‍රඥා ආදී ගුණවලින් යුක්තවූද, ශරීර වර්ණය, පිරිවර ආදියෙන් ඉතා උතුමිවූ සතරවරමි රජ කෙනෙක් ඇත්තාහුය. මෙ කාරණය, ඒ සතරවරමි මහ රජහූ දන්නාහුය". කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම සතරවරමි රජුහු වෙත පැමිණ ඒ සතරවරමි රජුගෙන්ද මෙ කාරණය ඇසුවෙය. කේවටිටය, මෙසේ ඇසූ කල සතරවරමි රජහූ ඒ භික්‍ෂුවට මෙ වචන කීවෝය. "මෙ කාරණය අපිද නොදනිමු. අපට වඩා රූප සමිපත්තියෙන් හා ප්‍රඥා ආදී ගුණවලින් යුක්තවූද, ශරීර වර්ණය, පිරිවර ආදියෙන් ඉතා උතුමිවූ තාවතිංස නමි දෙවිකෙනෙක් ඇත්තාහුය. මෙ කාරණය, ඒ තාවතිංස මහ රජහූ දන්නාහුය".

කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම තවිතිසා වැසි දෙවියෝ වෙත පැමිණ ඒ දෙවියන්ගෙන් මෙ කාරණය ඇසුවෙය. මෙසේ ඇසූ කල තවිතිසා වැසි දෙවියෝ ඒ භික්‍ෂුවට "මෙ කාරණය අපිද නොදනිමු. මහණ, අපට වඩා රූප සමිපත්තියෙන් හා ප්‍රඥා ආදී ගුණවලින් යුක්තවූද, ශරීර වර්ණය, පිරිවර ආදියෙන් ඉතා උතුමිවූද, දෙවියන්ට ප්‍රධානවූ ශක්‍ර නමි දෙවිකෙනෙක් ඇත්තේය. මෙ කාරණය, දෙවියනට ප්‍රධානවූ ඒ ශක්‍ර නමි දෙවියා දන්නේය".

"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම ශක්‍රදෙවි තෙම වෙත පැමිණ ඒ දෙවියන්ගෙන් මෙ කාරණය ඇසුවෙය. මෙසේ ඇසූ කල ශක්‍ර දෙවියා ඒ භික්‍ෂුවට "මෙ කාරණය මමද නොදනිමි. මහණ, අපට වඩා රූප සමිපත්තියෙන් යුක්තවූද, ශරීර වර්ණය, පිරිවර ආදියෙන් ඉතා උතුමිවූද යාම නමි දෙවිකෙනෙක් ඇත්තාහුය. මෙ කාරණය, ඒ යාමදෙවියෝ දන්නාහුය". කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම යාම දෙවියෝ වෙත පැමිණ යාම දෙවියන්ගෙන් මෙ කාරණය ඇසුවෙය. මෙසේ ඇසූ කල තවිතිසා වැසි දෙවියෝ ඒ භික්‍ෂුවට "මෙ කාරණය අපිද නොදනිමු. මහණ, අපට වඩා රූප සම‘පත්තියෙන් යුක්තවූද වර්ණය සම‘පත් ආදියෙන් ඉතා උතුමිවූද සුයාම නමි දිව්‍යපුත්‍රයෙක් ඇත්තේය. ඒ දිව්‍යපුත්‍රයා මෙ කාරණය දන්නේය".

"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම සුයාම නමි දිව්‍යපුත්‍රතෙම වෙත පැමිණ සුයාම දිව්‍යපුත්‍රයාගෙන් මෙ කාරණය ඇසුවෙය. සුයාම දිව්‍යපුත්‍රයා මෙ වචන කීයේය. "මෙ කාරණය මම නොදනිමි. මහණ, අපට වඩා රූප සමිපත්තියෙන් යුක්තවූද, වර්ණ සමිපත් ආදියෙන් උතුමවූද තුසිත නමි දෙවි කෙනෙක් ඇත්තාහ. ඒ තුසිත දෙවියෝ මෙ කාරණය දන්නාහුය". කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම තුසිත දෙවියෝ වෙත පැමිණ තුසිත දෙවියන්ගෙන් මෙ කාරණය ඇසුවෙය. මෙ ඇසූ කල තුසිත දෙවියෝ ඒ භික්‍ෂුවට මෙ වචන කීවෝය. "මහණ, මෙ කාරණය අපිද නොදනිමු. මහණ, අපට වඩා රූප සි‘පත්තියෙන් යුක්තවූද වර්ණය සිමිපත් ආදියෙන් ඉතා උතුමිවූද සන්තුෂිත නමි දිව්‍යපුත්‍රයෙක් ඇත්තේය. ඒ සන්තුෂිත දිව්‍යපුත්‍රයා මෙ කාරණය දන්නේය".

"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම සන්තුෂිතදිව්‍යපුත්‍රයා වෙත පැමිණ, සන්තුෂිත දිව්‍යපුත්‍රයාගෙන් මෙ කාරණය ඇසුවෙය. මෙසේ ඇසූ කල සන්තුෂිත දිව්‍යපුත්‍රයා ඒ භික්‍ෂුවට මෙ වචන කීයේය. "මෙ කාරණය මම නොදනිමි. මහණ, අපට වඩා ඉතා රූප සමිපත් ආදියෙන් යුක්තවූද, වර්ණ සමිපත් ආදියෙන් උතුම්වූද නිමිමානරති නමි දෙවි කෙනෙක් ඇත්තාහ. මෙ කාරණය ඒ දෙවියෝ දන්නාහුය".

"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම නිමිමානරති දෙවියන් වෙත පැමිණ, නිමිමානරති දෙවියන්ගෙන් මෙ කාරණය ඇසුවෙය. ඒ දෙවියෝ ඒ භික්‍ෂුවට මෙ වචන කීවෝය. "මහණ, අපිද නොදනිමු. මහණ, අපට වඩා රූප සමිපත්ති ආදියෙන් යුක්තවූද, වර්ණ සි‘පත් ආදියෙන් උතුමිවූද සුනිමිමිත නමි දිව්‍යපුත්‍රයෙක් ඇත්තේය. මෙ කාරණය ඒ දිව්‍යපුත්‍රයා දන්නේය".

"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම සුනිමිමිත නමි දිව්‍යපුත්‍රයා වෙත පැමිණ, සුනිමිමිත දිව්‍යපුත්‍රයාගෙන් මෙ කාරණය ඇසුවෙය. මෙසේ ඇසූ කල සුනිමිමිත දිව්‍යපුත්‍රයා, "මෙ කාරණය මමද නොදනිමි. මහණ, අපට වඩා රූප සමිපත්ති ආදියෙන් යුක්තවූද, වර්ණ සමිපත්තියෙන් උතුමිවූද පරනිමිමිත වසවත්ති නමි දෙවි කෙනෙක් ඇත්තාහුය. මෙ කාරණය ඒ දෙවියෝ දන්නාහුය".

"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම පරනිමිමිත වසවත්ති නමි දෙවියන් වෙත පැමිණ, පරනිමිමිත වසවත්ති නමි දෙවියන්ගෙන් මෙ කාරණය ඇසුවෙය. කේවටිටය, මෙසේ ඇසූ කල ඒ පරනිමිමිත වසවත්ති දෙවියෝ, "මහණ, මෙ කාරණය අපිද නොදනිමු. මහණ, අපට වඩා රූප සමිපත්ති ආදියෙන්ද, වර්ණ සමිපත් ආදියෙන්ද උතුමිවූ වසවත්ති නමි දිව්‍යපුත්‍රයෙක් ඇත්තේය. මෙ කාරණය ඒ දිව්‍යපුත්‍රයා දන්නේය".

"කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම වසවත්ති නමි දිව්‍යපුත්‍රයා වෙත පැමිණ, වසවත්ති නමි දිව්‍යපුත්‍රයාගෙන් මෙ කාරණය ඇසුවෙය. මෙසේ ඇසූ කල ඒ වසවත්ති දිව්‍යපුත්‍රයා ඒ භික්‍ෂුවට, "මහණ, මෙ කාරණය මමද නොදනිමි. මහණ, අපට වඩා රූප සමිපත්ති ආදියෙන් යුක්තවූද, වර්ණ සමිපත්තියෙන් උතුමිවූද බ්‍රහ්මකායික නමි දෙවි කෙනෙක් ඇත්තාහුය. මෙ කාරණය ඒ දෙවියෝ දන්නාහුය".

"කේවටිටය, එවිට ඒ භික්‍ෂු තෙම යමිසේ සිත එකග වූ කල්හි බඹලොව යන මාර්ගය පහළ වූයේද, එබදූවූ සමාධියට සමවැදුනේය. කේවටිටය, ඉක්බිති ඒ භික්‍ෂු තෙම බ්‍රහ්ම කායික නමි දෙවියන් වෙත පැමිණ, ඒ බ්‍රහ්ම කායික දෙවියන්ගෙන් මෙ කාරණය ඇසුවෙය. "මෙ කාරණය අපිද නොදනිමු, මහණ, අපට වඩා ඉතා රූප සමපත් ආදියෙන් යුක්තවූද, යස ඉසුරු ආදියෙන් උතුමිවූද, සියල්ලන් මැඩපවත්වා සිටියාවූද, අන්‍යයන් විසින් මැඩපැවැත්විය නොහැක්කාවූද, ඒකාන්තයෙන් සියල්ල දන්නාවූ සියලු ජනයා තමා යටතෙහි පවත්වන්නාවූ

ලෝකයට අධිපතිවූ, ලෝකය සාදන්නාවූ, ලෝකය මවන්නාවූ, සත්වයන් කොටස් වලට බෙදන්නාවූ පුරුදු කරන ලද ධ්‍යාන ඇත්තාවූ, උපන්නාවූද උපදින්නාවූද සියලු සත්වයන් හට පියවූ මහාබ්‍රහ්මවූ බ්‍රහ්මයෙක් ඇත්තේය. මෙ කාරණය ඔහු දන්නේය". "ඇවැත්නි, ඒ මහාබ්‍රහ්ම තෙම දැන් කොතනදැයි" ඇසුවෙය. "මහණ, බ්‍රහ්මතෙම යමි තනෙකදැයි කියා හෝ බ්‍රහ්මතෙම යමි ස්ථානයකදැයි කියා හෝ අපි නොදනිමු. මහණ, එසේ වුවත් යමිසේ නිමිති ලකුණු දකින්ට ලැබෙත්ද, එලියක් හටගනීද, බැබලීමක් පහළවෙද යන මෙ එක පූර්ව ලකුණක් මහාබ්‍රහ්මයාගේ පහළවීම ගැන ඇත්තේය".

"කේවටිටය, එවිට ඒ බ්‍රහ්මතෙම ටික වෙලාවකින්ම පහළවූයේය. එවිට ඒ භික්‍ෂුතෙම, ඒ මහාබ්‍රහ්මයා වෙත පැමිණ බ්‍රහ්මයාගෙන් මෙ කාරණය ඇසුවෙය."

"කේවටිටය, මෙසේ ඇසූ කල ඒ මහාබ්‍රහ්ම තෙම ඒ භික්‍ෂුවට මෙසේ කීයේය. මහණ, මම බ්‍රහ්ම වෙමි, මහාබ්‍රහ්ම වෙමි. සියල්ලන් මැඩපවත්වා සිටින්නාවූ ප්‍රධානියා වෙමි. අනුන් විසින් මැඩපැවැත්විය නොහැක්කෙක් වෙමි. ඒකාන්තයෙන් සියල්ල දක්නෙමි. සියලු ජනයා වසගයෙහි පවත්වමි. ලොවට ප්‍රධාන දෙවියා වෙමි. ලෝකයට කර්තෘ වෙමි. ලෝකය මවන්නෙක් වෙමි. ලෝකයට උත්තම වෙමි. සත්වයන් කොටිඨාශ වලට බෙදන්නෙක් වෙමි. පුරුදු කරන ලද ධ්‍යාන ඇත්තෙමි. උපන්නාවුද, උපදින්නාවූද සියලු සත්වයන්ට පියා වෙමි".

"කේවටිටය, දෙවනුවද ඒ භික්‍ෂුතෙම ඒ මහාබ්‍රහ්මයාට මෙ කාරණය කීයේය.

"ඇවැත්නි, මම ඔබගෙන් මෙසේ අසමි. ඇවැත්නි, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුදැයි" කියාය.

"කේවටිටය, දෙවනුවද ඒ මහාබ්‍රහ්මතෙම ඉහතින් මෙන් ඔහු ගැනම කීවෙය".

"කේවටිටය, තෙවනුවද ඒ භික්‍ෂුතෙම ඒ මහාබ්‍රහ්මයාට මෙ කාරණය කීයේය.

"ඇවැත්නි, මම ඔබගෙන් මෙසේ නොඅසමි. ඔබ බ්‍රහ්මයෙක් වූවෙහිද, මහාබ්‍රහ්මයෙක් වූවෙහිද, ලොවට ප්‍රධාන දෙවියා වූවෙහිද, ලෝකයට කර්තෘ වූවෙහිද, ලෝකයට උත්තම වූවෙහිද, සත්වයන් කොටස් වලට බෙදන්නෙක් වූවෙහිද, පුරුදු කරන ලද ධ්‍යාන ඇත්තෙක් වූවෙහිද, උපන්නාවුද උපදින්නාවූද සියලු සත්වයන්ට පියා වූවෙහිදැයි" කියාය.

"ඇවැත්නි, මම ඔබගෙන් මෙසේ අසමි. ඇවැත්නි, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුදැයි" කියාය.

"කේවටිටය, එවිට ඒ මහාබ්‍රහ්මතෙම ඒ භික්‍ෂුව අතින් අල්වාගෙන එක් පැත්තකට පමුණුවා, ඒ භික්‍ෂුවට මෙ කාරණය කීයේය. "මහණ, මෙ බ්‍රහ්ම කායික දෙවියෝ මා මෙසේ දනිත් මහාබ්‍රහ්මයා විසින් නොදක්නාලද කිසිවක් නැත්තේය, මහාබ්‍රහ්මයා විසින් අවබෝධ නොකරනලද කිසිවකුත් නැත්තේයයි කියාය. එහෙයින් මම ඔවුන් ඉදිරියෙහි මෙ කාරණය නොදන්නා බව ප්‍රකාශ නොකෙළෙමි. මහණ, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මෙ සතර මහා භුතයෝ යමි තැනෙක ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුද යන මෙ කාරණය මමද නොදනිමි" කියාය.

"මහණ, යමි හේතුවකින් නුඹ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා මෙ ප්‍රශ්නය විසදීම පිණිස බඹලොව දක්වා පිටත සෙවීමට පැමිණියෙහිද, මහණ, එබැවින් නුඹවහන්සේ විසින් මෙ කරණය වරදවා කරන ලද්දේය, අපරාධයක් කරන ලද්දේය.මහණ, නුඹවහන්සේ වැඩිය මැනව. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණ මෙ ප්‍රශ්නය ඇසුව මැනව. යමි ආකාරයකින් භාග්‍යවතුන් වහන්සේ නුඹවහන්සේට ප්‍රකාශ කරන සේක්ද එපරිද්දෙන් එය පිළිගත මැනවයි" මහාබ්‍රහ්මතෙම කීයේය.

"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම ශක්තිමත් පුරුෂයෙක් හකුළාගත් අතක් දිගුකරන්නේ හෝ යමිසේද, දිගුකළ අතක් හකුළන්නේ යමිසේද, ඒ ආකාරයෙන් බ්‍රහ්ම ලෝකයෙන් නොපෙනී ගොස් මාගේ ඉදිරියේ පහළවූයේය. කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම වැද එක් පැත්තක උන්නේය. ඒ භික්‍ෂුතෙම මා මෙසේ ප්‍රශ්න කළේය."

"ස්වාමීනි, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුදැයි" කියාය.

"කේවටිටය, මෙසේ ඇසූ කල මම ඒ භික්‍ෂුවට මෙ කරණය කීවෙමි. "මහණ, පෙර පැවති කරුණක් කියමි. මුහුදෙහි යාත්‍ර කරන්නාවූ වෙළෙන්දෝ වෙරළ දකින ගති ඇති කවුඩු, උකුසු යන මොවුන් අතුරෙන් කුරුල්ලෙකු ගෙන නැවෙන් මුහුදට බැසගනිත්ද, ඔවුහු වෙරළ නොදක්නාවූ බැවින් වෙරළ දකින ගති ඇති කුරුල්ලා මුදත්. ඉදින් ඒ කුරුල්ලා හාත්පස වෙරළ දක්නේද ඒ වෙරළ දෙසට යන්නේය. ඉදින් ඒ කුරුල්ලා හාත්පස වෙරළ නොදක්නේ නමි ඒ නැවටම ආපසු එයි. මහණ, එපරිද්දෙන්ම ඔබ යමි හේතුවකින් බ්‍රහ්ම ලෝකය දක්වා සොයන්නේ මෙ ප්‍රශ්නය විසදන්නෙකු වෙතට නොපැමිණියෙහිද එහෙයින් නැවත මාගේ සමීපයටම හැරී ආයේහිය. මහණ, ඒ ප්‍රශ්නය මෙසේ නොඇසිය යුතුයි. කෙසේද? "ස්වාමීනි, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුදැයි" කියාය. මහණ, මෙ ප්‍රශ්නය ඇසිය යුත්තේ මෙසේය.

"කුමකට පැමිණ කුමක් හේතුකොට ගෙන පස්, දිය, ගිනි, වායු යන සතර මහා භුතයෝ නොපිහිටත්ද හෙවත් පිහිටීම නොලබත්ද? කවර තැනෙක්හි දීර්ඝවූ හෝ කොටවූ හෝ සියුමිවූ හෝ මහත්වූ හෝ ප්‍රියවූ හෝ අප්‍රියවූ හෝ උපාදාය රූප රැස: මහා භුතයන් නිසා පවත්නා කුඩා රූපධාතු සමූහය නොපිහිටාද හෙවත් පිහිටුම නොලබාද? කවර තැනෙක කුමකට පැමිණ, නාමයත් රූපයත් ෆසිතත් කයත්: ඉතිරි නොවී නිරුද්ධවෙද?" කියාය.

එහි විවරණය මෙසේ වෙයි.

"නුවණින් දැනගත යුතුවූ ඇසින් නොදැක්ක හැකිවූ ඉපදීමි, නැතිවීමි කොන් නැති හැම පැත්තෙන්ම පැමිණිය හැකි තොටවල් ඇති මෙ නිර්වාණ ධාතුවට පැමිණ, පස්, දිය, ගිනි, වායු යන සතර මහා භුතයෝ පිහිටීම නොලබත්. මහා භුතයන් නිසා පවත්නා කුඩා රූපයෝ නොපිහිටත්. මෙහි නාම රූප දෙක ඉතිරි නොවී නිරූද්ධ වෙයි. විඤ්ඤාණ සිත නිරෝධයෙන් මෙ නාම රූප රාශිය මෙ නිර්වාණයට පැමිණ ඉතිරි නොවී නැවත නූපදින පරිදි නිරුද්ධ වෙයි".

භාග්‍යවතුන් වහන්සේ මෙ ධර්මය වදාළ සේක. සතුටු සිත් ඇති කේවටිට නමි ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව සතුටින් පිළිගත්තේය.

කේවටිට සූත්‍රය නිමි.
Free HTML Blog 4u